The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මන්ත්‍රීවරැන්ට සුදුසුකම් නෑ කියන්නෙ කවුද? - සුන්දර නිහතමානි ද මැල්

T

The Leader Desk

April 18, 2021 • 3:04 AM

මන්ත්‍රීවරැන්ට සුදුසුකම් නෑ කියන්නෙ කවුද? - සුන්දර නිහතමානි ද මැල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •     එතැන් සිට...
  • එහෙත් මට නම් හිතෙන්නේ ඒ මෙසේ වන්නට ඇතැයි කියාය.
  •   මේ පිළිතුර ගැන කෝපාවිෂ්ට වන කර්තෘ, පත්තරේ කර්තෘ වාක්‍යයෙන් පාර්ලිමේන්තුවට ඇට්ටි හැලෙන්න දෙනු ඇතැයි කියා අපේ මිනිහාට විශ්වාසය.
  • "ඒත් මන්ත්‍රීවරැ 94ක්ම ඕ ලෙවල්  පාස් නෑ කියනවනෙ"   ඒ ඇසූ කර්තෘ සිය ස්වරය වෙනස් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පුවත්පත් කලාවේදියෙක් තොරතුරු දැනගැනීමේ පනත අනුව පාර්ලිමේන්තුවේ සිටින දෙසිය විසිපහේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා යවයි.එයට ලැබුණු පිළිතුරේ ඒ උදවියගේ අධ්‍යාපන සුදුසුකම් යනු ඔවුන්ගේ පෞද්ගලික තොරතුරක් බවත්,ඒවා හෙළිදරව් වීමෙන් උනගේ පෞද්ගලිකත්වය කෙළෙසීම විනා අන් කිසි පොදු යහපතක් සිද්ද නොවෙන බවත් සදහන් වෙයි.
 
 
එතැන් සිට...
 
පාර්ලිමේන්තුවේ පිළිතුරෙන් පසු පුවත්පත් කලාවේදියා හැසිරැණේ කෙසේදැයි මෙතෙක් වාර්තා වී නැත. එහෙත් මට නම් හිතෙන්නේ ඒ මෙසේ වන්නට ඇතැයි කියාය.
 
මේ පිළිතුර ගැන කෝපාවිෂ්ට වන කර්තෘ, පත්තරේ කර්තෘ වාක්‍යයෙන් පාර්ලිමේන්තුවට ඇට්ටි හැලෙන්න දෙනු ඇතැයි කියා අපේ මිනිහාට විශ්වාසය. ඔහු කර්තෘගේ කාමරයට යන්නේ ඒ ලිවිල්ලට අවශ්‍ය වැඩිමනත් විස්තර ලබාදෙන්නටය.
 
ඔහු දුටු වහාම කර්තෘ කෝප වෙයි.
 
"තමුසෙට පිස්සුද ඕයි මේ වගේ මෝඩ ඉල්ලීම් කරල පත්තරෙත් හෑල්ලු කරන්න" ඔහු ඇගිල්ලක් දික්කරමින් බැණ වදියි. "මන්ත්‍රීවරයෙක් වෙන්න අවශ්‍ය පිරිමියෙක් හරි ගෑනියෙක් හරි වීම විතරයි කියල තමුසෙ තාමත් දන්නෙ නැද්ද ?
 
පත්‍ර කලාවේදියා මේ කතාවෙන් අන්දමන්ද වෙයි.
 
"ඒ වුණාට සර් ආණ්ඩුවේ පියන් කෙනෙක් වෙන්නත් ඕ ලෙවල් පාස්වෙලා තියෙන්න ඕනනෙ" ඔහු කියා සිටී. "ඒත් මන්ත්‍රීවරැ 94ක්ම ඕ ලෙවල්  පාස් නෑ කියනවනෙ"
 
ඒ ඇසූ කර්තෘ සිය ස්වරය වෙනස් කරයි.
 
"හරි,හරි,අපි ඕක මෙහෙම හිතමු" කර්තෘ සන්සුන්ව කියා සිටී."තමුසෙ හිතන හැටියට අපේ රටේ මිලියන විසිදෙකක ජනගහනයෙන් කී දෙනෙක් විතර ඕ ලෙවල් පාස්⁣ වෙලා ඇද්ද?"
 
"අපොයි සර්,රටේ නූගත්තු වැඩියිනෙ" ඔහු කියා සිටී."ජනගහනයෙන් බාගයක්වත් ඕ ලෙවල් පාස් වෙලා නැතුව ඇති "
 
"එහෙම නම් අයිසෙ පාර්ලිමේන්තුවේ ඕ ලෙවල් ෆේල් ජනතාව නියෝජනය කරන්න ජනතා නියෝජිතයො 112ක් 113ක් වත් ඉන්න ඕනනෙ"ඔහු සිය පත්‍ර කලාවේදියාට පෙන්වා දෙයි. "ඒත් තමුසෙ කියන හැටියට ඕ ලෙවල් ෆේල් මන්ත්‍රීවරැ ඉන්නෙ 94යි. ඒ කියන්නෙ ඕ ලෙවල් ෆේල් ජනතාව පාර්ලිමේන්තුවේ හරියට නියෝජනය වෙන්නෙ නෑ"
 
කර්තෘගේ තර්කයෙන් අපේ මිනිහාට කේන්ති යයි.
 
"ඒ වුණාට සර් රටේ නීති හදන තැන ඉන්න ඕන ඒ ගැන තේරැමක් ඇති උගත්තු මිසක් හරිහමන් අධ්‍යාපනයක් නැති මැට්ටො නෙවෙයිනෙ"
 
"ඕව අයිසෙ අධිපතිවාදී මත. ඒව අපේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නෑ " කර්තෘ කියා සිටියි. "රටේ ඉන්න ඕ ලෙවල් ෆේල් ජනතාව නියෝජනය කරන්න ඕන ඕ ලෙවල් ෆේල් ජනතා නියෝජිතයොයි. උපාධි ගහපු එවුන්ට තේරෙනවද ඕ ලෙවල් නැති එකාගෙ දුක"
 
"හරි සර් එතකොට මට පාර්ලිමේන්තුවෙන් කියල එවපු අනිත් කාරණේ බලන්න. මන්ත්‍රීවරැන්ගෙ අධ්‍යාපන සුදුසුකම් එළි කිරීමෙන් පොදු කටයුත්තක් ඉෂ්ට වෙන්නෑ කියන්නෙ කොහොමද?" පත්‍ර කලාවේදියා පුශ්න කරයි. "පාර්ලිමේන්තුව කරන්නෙ පොදු කටයුත්තක් නෙවෙයිද?"
 
ඒ අසා කර්තෘට යළිත් වරක් හිනා යයි.
 
"තමුසෙ තාම ළාබාලයි ඕව තේරෙන්න. මන්ත්‍රීවරැ පාර්ලිමේන්තු යන්නෙ පොදු වැඩවලට කියන්නෙ අවුරැදු පනහක් විතර පරණ කතාවක්. ඒ ගොල්ලො ඒකට යන්නෙ තමන්ට යමක් කරගන්න. තව තවත් කරගන්න නම් ඊළඟ ඡන්දෙත් දිනන්න ඕන නිසා මොනව හරි පෙනුමට දේකුත් කරන්න වෙනව තමයි" කර්තෘ එක දිගට කියයි." හැබැයි ඒකත් තමන්ට දෙයක් කරගැනීමක්ම තමයි"
 
"ඉතින් සර් ඕක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයිනෙ"
 
"ඇයි නැත්තෙ? හරිහමන් සුදුසුකමක් නැතුව හොද තානාන්තරේකට ගිහින් ඒකෙනුත් තමන්ට යමක්කමක් කරගන්න හැම මිනිහම කැමතියිනෙ. ඒත් අපි හැමෝටම ඒ අවස්ථාව ලබාගන්න තරම් මේ රටේ සම්පත් නෑ. ඒ නිසා අපිම අපි අතරින් ටිකදෙනෙක් තෝරගන්නව ඒ මහගු අවස්ථාව ලබාදෙන්න"
  
මෙහිදී මුහුණ බෙරි කරගන්නා පත්‍රකලාවේදියා කාමරයෙන් පිටවෙන්න තනයි. එහෙත් කර්තෘ ඔහු නවතාගෙන වැඩිදුරටත් කරැණුකාරණා පහදා දෙයි.
 
"දැන් බලනව උගත් මිනිස්සු ටික දෙනා නියෝජනය වෙන්න උගත්ය කියන මන්ත්‍රීවරැ ටික දෙනෙකුත් ඉන්නවනෙ ඕකෙ. රටේ හොරු වැඩි නිසා එතනත් හොරු වැඩියි. මැරයො නියෝජනය වෙන්නත් අඩුවක් නැතුව මැරයොත් ඉන්නවනෙ. ඒක නිසා ගතානුගතිකව හිතල ඕකෙ ඉන්න එවුන්ට සුදුසුකම් නෑ වගේ ගොන් කතා කියන්න එපා. හොදට හිතල බැලුවම තේරෙනව අපේ රට තමයි කියල ලෝකෙ ප්‍රජාතන්ත්‍රවාදය හරියටම ක්‍රියාත්මක වෙන රට"
 
 
Sundara nihathamani(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )
 
 
 
Sin ministersබුකියේ පලවී ඇති පොස්ටුවක්...

 

 

 


 

 
THE LEADER TV 
 
 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

 

සිද්දිකා නොහොත් අවංක ගැහැණිය බේරගන්න ආ කැරොලිනා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මන්ත්‍රීවරැන්ට සුදුසුකම් නෑ කියන්නෙ කවුද? - සුන්දර නිහතමානි ද මැල් | The Leader