The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාදිනල් හිමිගේ අලුත් අඩව්ව මොකද්ද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

April 19, 2021 • 1:59 PM

කාදිනල් හිමිගේ අලුත් අඩව්ව මොකද්ද? - අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් කුප්‍රකට මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්,
  • මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය.
  •     මෙය ඉතා බරපතල ප්‍රකාශයකි.
  •   කාදිනල්වරයා වැනි ආගමික නායකයකු සාක්ෂි නොමැතිව ප්‍රකාශ නිකුත් කරනු ඇතැයි අපි නොසිතමු.    ආගමික නායකයකු වුව ද නීතිය ඉදිරියේ සමාන පුරවැසියකු වනමුත්, මේ සම්බන්ධයෙන් කාදිනල්වරයාගෙන් කටඋත්තර ලබාගත යුතු යයි අප කියන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි ඊයේ (18) පැවසීය.
 
“එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය.
 
 
මෙය ඉතා බරපතල ප්‍රකාශයකි. අන්තවාදීන් ප්‍රහාරය සඳහා නැඹුරු කළ කණ්ඩායම කුමක්ද? ඔවුන් එය සිදුකළේ කෙසේද? ඒ සඳහා අනුගමනය කරන ලද ක්‍රම මොනවාද? කාදිනල්වරයා වහා මේ සම්බන්ධ තමන් සතු සාක්ෂි පොලිසියට ඉදිරිපත් කළ යුතුය. මේ පිළිබඳ වහා විමර්ශනයක් සිදුකළ යුතුය.
 
කාදිනල්වරයා වැනි ආගමික නායකයකු සාක්ෂි නොමැතිව ප්‍රකාශ නිකුත් කරනු ඇතැයි අපි නොසිතමු. 
 
ආගමික නායකයකු වුව ද නීතිය ඉදිරියේ සමාන පුරවැසියකු වනමුත්, මේ සම්බන්ධයෙන් කාදිනල්වරයාගෙන් කටඋත්තර ලබාගත යුතු යයි අප කියන්නේ නැත. එහෙත්, කටඋත්තරයක් ලබාදීමේ වගකීම කාදිනල්වරයාට තිබේ.
 
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් ඇත්තෙන්ම බලය ශක්තිමත් කරගත්තේ කවුරුද? එවකට පැවති ආණ්ඩුවේ බලය දුර්වල වීමට මෙම ප්‍රහාරය හේතු විය. එයින් බලය ශක්තිමත් වූයේ වර්තමානයේ බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හා ඔහුගේ පිරිසගේය. ඔවුන් එම ප්‍රහාර මාලාව රටේ ආරක්ෂාව නැති බව පෙන්වාදෙමින් බලය ගොඩනගාගැනීමට පාවිච්චි කළ ආකාරය ඉතා ප්‍රසිද්ධය.
  
මෙම ප්‍රහාර දියත් කළ අන්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූයේ කවුරුද? කාදිනල්වරයා තමන් සතු තොරතුරු හෙළිදරව් කළ යුතුය.
 
2005 ජනාධිපතිවරණය ආසන්න වකවානුවේදී බැසිල් රාජපක්ෂ, ටිරාන් අලස් වැනි වත්මන් ආණ්ඩුවේ සිටින අය තම බලය ශක්තිමත් කරගැනීම සඳහා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග යම් ගනුදෙනු සිදුකළ යුතු බවට දැන් තොරතුරු තිබේ. 
 
මේ ගනුදෙනුවත් එවැනි එකක්ද? මේ පිළිබඳ වහා විමර්ශනය කළ යුතුය.
 

3495494870818323 n

 
 
මැල්කම් කාදිනල් රංජිත් යනු ආගම දේශපාලනය සඳහා යොදාගන්නා බව පෙනෙන ආගමික නායකයෙකි. 
 
පසුගිය වකවානුවේදී ඔහු පාස්කු ප්‍රහාරය භාවිතා කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ යහපාලන ආණ්ඩුවේ නායකයන්ට පහරදීමට හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසගේ බලය ශක්තිමත් කිරීමට බව පැහැදිලිව නිරීක්ෂණය කරන්නට ලැබිණි.
 
කාදිනල්වරයා ඇල්ලූ මේ අලුත් දේශපාලන අඩව්ව ගැන අවධානය යොමු විය යුතුය.
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 (උපුටා ගැනීම- praja.lk) 

 

 


 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාදිනල් හිමිගේ අලුත් අඩව්ව මොකද්ද? - අජිත් පැරකුම් ජයසිංහ | The Leader