The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු?

T

The Leader Desk

April 21, 2021 • 4:34 AM

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාරයට අද දිනට දෙවසරකි. මෙතෙක් පරීක්ෂණවලින් ප්‍රහාරයේ ඊනියා ‘මහමොළකරුවකු’ සොයාගෙන නැත.
  • මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය.
  •    පාස්කු ප්‍රහාරය ගැන නිගමන දෙකකට පහසුවෙන් එළැඹිය හැකිය.    එක්කෝ සහරාන් හෂීම් ඇතුළු පිරිස ස්වයංව සංවිධානය වී තමන්ම එම ප්‍රහාර මාලාව මෙහෙයවූහ.
  •       පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන වාසි ලබාගත් මෙරට දේශපාලන බලවේගය නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසන පරිදි මහමොළකරු නව්ෆර් මව්ලවි නමැත්තෙකි. එහෙත්, අපට ඒ මොළය මදිය. නීතීඥ හිජාස් හිස්බුල්ලා වැනි කෙනෙකු පවා මදිය. අපට ලොකු මහමොළයක් අවශ්‍යය.
 
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් නම් ආගමික දේශපාලන නායකයා නම් දිනපතා වාගේ එක එක මහමොළකරුවන් සොයාගනිමින් සිටියි. 
 
''ප්‍රහාර මාලාව අන්තවාදීන් විසින් සෘජුවම සැලසුම් කරන ලද්දක් නොවන බවත්, අන්තවාදීන් ඒ සඳහා නැඹුරු කරමින් යම් කණ්ඩායමක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම සඳහා සිදුකරවන ලද්දක් බවත් අගරදගුරු පසුගිය දිනක පැවසීය.
 
“එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි. එය (සිදු කළේ) ආගමික අන්තවාදය පාවිච්චි කරමින්, එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක්. මෙම සිදුවීම තුළ අප දකින්නේ ආගමික උන්මාදයක් හෝ ආගමට ඇති ආදරයක් නොවෙයි, තමන්ගේ බලය තහවුරු කරගන්නට යම් යම් කණ්ඩායම් දරන උත්සාහයේ ප්‍රතිඵලයක්,” යි කාදිනල් රංජිත් හිමි පැවසීය.
 

 
 
ඊට පසුදින තම වචනය වෙනස් කරමින් ඔහු කීවේ, “දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි කිව්වේ. ජාත්‍යන්තර වහබ්වාදය ගැන අදහසින් අන්තර්ජාතික දේශපාලනික බලවේග ගැන කිව්වේ. මේ රටේ දේශපාලන පක්ෂ ගැන කිව්වේ නැහැ,” කියාය.
 
 da3c1e
සමාජ මධ්‍යයේ සංසරණය වන පොස්ටුවක්
 
 
අගරදගුරුවරයකු ලෙස ඔහු විසින් කරන ලද දෙවන ප්‍රකාශය ද ඉතා වැදගත්ය. 
 
මුලින් “එදා අපේ සොහොයුරන්ට පහරදුන්නේ ආගමික අන්තවාදය නොවෙයි,” යි කියූ ඔහු දෙවනුව ජාත්‍යන්තර වහබ්වාදයක් ගැන කියයි. 
 
වහබ්වාදය ආගමික අන්තවාදයක් නොවේද? “එය අතකොලුවක් කරගනිමින්, තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිස” ඔහු කියන පරිදි අන්තර්ජාතික දේශපාලනික බලවේගයකි. 
 
ඔච්චර දන්නවා නම් ඒ බලවේගය මොකක්දැයි ඔහු නොකියන්නේ ඇයි? ඒ ඇමරිකාවද? ඉන්දියාවද? චීනයද? වෙනත් රටක්ද? නැතිනම් යුරෝපා සංගමයද? මොකක්ද? කියන්න අගරදගුරුතුමනි.
  
පාස්කු ප්‍රහාරය ගැන නිගමන දෙකකට පහසුවෙන් එළැඹිය හැකිය. 
 
එක්කෝ සහරාන් හෂීම් ඇතුළු පිරිස ස්වයංව සංවිධානය වී තමන්ම එම ප්‍රහාර මාලාව මෙහෙයවූහ. නැතිනම් වෙනත් පිරිසක් ඔවුන් මෙහෙයවා එම ප්‍රහාරය සිදු කළහ.
 
 72465870 2671862989525066 8214521774218412032 n
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැඩිම දේශපාලන වාසි ලබාගත් මෙරට දේශපාලන බලවේගය නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිසයි. ජාත්‍යන්තර වශයෙන් නම් එයින් වැඩිම වාසිය ලැබී තිබෙන්නේ චීනයටයි. කාදිනල්වරයා කියන්නේ කවුරු ගැනදැයි ඔහු පැහැදිලි කළ යුතුය.
  
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්වරයාගේ මුල්ම ප්‍රහාරයට ලක්වූයේ එවකට බලයේ සිටි යහපාලන රජයයි.
 
 එහි ආරක්ෂක ඇමති ධුරය දැරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික්‍රමසිංහගේ සිට විශාල පිරිසක් නොසැලකිල්ල සම්බන්ධයෙන් දණ්ඩනයට ලක්වීම සාධරණය. 
 
එහෙත්, එක් කරුණක් පැහැදිලිය. ප්‍රහාරයක් එල්ල වේ යයි තොරතුරු තිබුණද, එම ප්‍රහාරය මෙතරම් එකක් වේ යයි රජයට තොරතුරු තිබුණ බවක් නොපෙනේ. ඒ පිළිබඳ හරියටම තොරතුරු තිබුණු යමෙකු වේද, එම පුද්ගලයන් කිසියම් ආකාරයකින් මෙම ප්‍රහාර සමග සම්බන්ධ විය යුතුය.
 
පාස්කු ප්‍රහාර විමර්ශනය එදා සිට අද දක්වාම සිදුවන්නේ දේශපාලන සතුරන් ඉලක්ක කරගෙනයි. එමගින් මෙහි මහමොළකරුවකු හෝ මහමොළකරුවන් සිටී නම් කිසිදාක ඔවුන් හෙළිදරව් වන්නේ නැත. තුවක්කුව බැන්දත්, නොබැන්දත්, දඩයම කර තියාගෙන යන අය පසුපස මෙම අපවාදය කටකතා ස්වරූපයෙන් හොල්මන් කරනු ඇත.
  
 

 

 

 


 

THE LEADER TV 
 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

 

රටම අවධානමේ : කොරෝනා කිට් හිඟයක් : තුන් වැනි රැල්ලක් ආවොත් සුනාමි !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු? | The Leader