The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ පදනම ඉවරයි: කිෂාලිගේ ඇසින් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

T

The Leader Desk

April 26, 2021 • 5:30 PM

රටේ පදනම ඉවරයි: කිෂාලිගේ ඇසින් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා.
  •   කිෂාලි මෙහෙම කියනවා:    අබේරත්න කොමිසමේ ක්‍රියා පිළිවෙළ, ඔවුන් තමන්ගෙ සොයාගැනීම් කරන විදිය, ඒ කොමිසමේ නියෝග ක්‍රියාත්මක කරන්න යන විදිය අවුරුදු සියයට වැඩි ඉතිහාසයක් ඇති අපේ රටේ අධිකරණ පද්ධතිය ඔළුවෙන් හිටවීමකට සමානයි.
  •   දූෂිතයන්ට සහ මිනීමරුවන්ට එරෙහිව තියෙන මේ චෝදනාවලින් අබේරත්න නිර්දේශ කරන විදියට නිදහස් කිරීම ජාත්‍යන්තර ලෝකය හමුවේ ලංකාවට ඇති ප්‍රතිරූපය තවත් නරක් වෙනව බව කිෂාලි කියනවා.
  • මේ පාදමට බලයට එන හැම ආණ්ඩුවක්ම එක එක හානි කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල නෑ. මේ සතියේ කිෂාලිගේ ලිපිය ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා වැකියකින්. එහි අර්ථය මෙයයි:
 
 Kishali
“2015-19 අතර කාලයේදී යම් යම් දූෂණ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කළ ගවේෂණවලදී යම් යම් පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ඒ ගවේෂණවලට මැදිහත්වීදැයි සොයා බැලීමට පත් කර ඇති අබේරත්න කොමිසම දැන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නීති විරෝධී ලෙස මැදිහත්වීම සුපිරි උත්ප්‍රාසයකි.”
 
 
අපේ රට හොරාකාපු උදවිය:
 
ඇය හඳුනා ගන්නා උත්ප්‍රාසය ඇත්තක්. මේක දැනටමත් කීපදෙනෙක් පෙන්නා දී තිබෙනවා. 
 
වේගයෙන් ජනප්‍රියත්වයෙන් ඇද වැටෙන ගෝඨා ආණ්ඩුව මීට වසරකට පෙර පෙනුණ තරම් ස්ථිර දෙයක් නෙමෙයි.
 
 ඒ නිසා තව අවුරුදු කිහිපයකින් ඔය කොමිසමේ සභාපති අබේරත්න නැමැත්තාද සුදු කමිස ඇඳ අත්වල මාංචු පැළඳ බන්ධනාගාර බස්වලට නගිනවා බලන්න පුළුවන්. 
 
මේ රට පාලනය කරන ප්‍රධාන පක්ෂ දෙකම චෞර වළල්ලක ග්‍රහණයට ලක් වෙලා කියන එක බොරු නෙමේ. 
 
සැබෑ මහජන අවදිවීමක් ඇති වූ දවසට ඔය හොරු ඔක්කොම අල්ලන්න පුළුවන්. හොරාකාපු ධනය ආපහු ගන්න පුළුවන්.
 
 
ඊනියා ලෝක බලවතුන් අපේ හොරු අල්ලගන්න අපට උදව් කරන්නෙ නෑ. 
 
සාමාන්‍යයෙන් ලෝකයේ දැනට දේවල් සිද්ධ වෙන විදියට අපේ රට හොරාකාපු උදවිය ජාත්‍යන්තර වශයෙන් අනාවරණය වෙන්න අවුරුදු විස්ස තිහ යනවා. 
 
 Augusto Finoshe Marcos
ෆිනෝෂේ, මාකෝස් එළිදරව් වෙන්න කොච්චර කල් ගියාද? 
 
 
ෆිනෝෂේ, මාකෝස් එළිදරව් වෙන්න කොච්චර කල් ගියාද? 
 
මෙහෙ ඉන්න හොරු ඔක්කොම මේක දන්නවා. 
 
ඒ නිසා හොරු ඇල්ලීමේ අර්ථයෙන් විතරක් දේශපාලනේ කරන්න අමාරුයි. 
 
ජනතාව සංවිධානය කරන්නයි ඕනෙ.
 
ශිෂ්ටත්වයටත් කැළලක්
 
අපි කිශාලිගෙ කොලමට යමු.
 
කිෂාලි මෙහෙම කියනවා: 
 
අබේරත්න කොමිසමේ ක්‍රියා පිළිවෙළ, ඔවුන් තමන්ගෙ සොයාගැනීම් කරන විදිය, ඒ කොමිසමේ නියෝග ක්‍රියාත්මක කරන්න යන විදිය අවුරුදු සියයට වැඩි ඉතිහාසයක් ඇති අපේ රටේ අධිකරණ පද්ධතිය ඔළුවෙන් හිටවීමකට සමානයි. ඒකත් ඇත්ත.
 
මේක දන්න පොහොට්ටුකාරයො පවා ඉන්නවා. 
 
දැනට බලයෙ ඉන්න දූෂිතයන්ට තියෙන නඩු, ඇතැම් මිලිටරිකාරයන් විසින් කරන ලද මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගනු ලැබීම මේ කොමිසමෙන් යෝජනා කෙරෙනවා. 
 
මේක නීතියේ ආධිපත්‍යයට විතරක් නෙමේ ශිෂ්ටත්වයටත් කැළලක්.
 
මේ කොමිසම්වල වැඩ කරන ඔය අබේරත්න වගේ අය නිදහස් අධ්‍යාපනයෙ දරුවො. 
 
හැම ආණ්ඩුවකම ඉන්න දූෂිතයන්ට ආයතනික සහාය දෙන ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙ දරුවො. 
 
 PB Upali
පීබී ජයසුන්දරලා, අබේරත්නලා එකම ගම් පලාතකින් ආපු, එකම වගේ පසුබිමක අය.
 
 
පීබී ජයසුන්දරලා, අබේරත්නලා එකම ගම් පලාතකින් ආපු, එකම වගේ පසුබිමක අය.
 
අර පංචමහා බලවේගයේ ගුරු, වෙද, ගොවි පවුල්වල දරුවො. 
 
ඒ දරුවො නිදහසින් පසු හැම ආණ්ඩුවකට දූෂිත වැඩවලට උදව් කරන පිරිසක් බවට පත්වීමේ ඛේදවාචකය අපේ අධ්‍යාපනයෙම අර්බුදයක්. 
 
අන්න ඒ නිසයි මම 43 වෙනි සේනාංකයට සම්බන්ධ වෙන අය නෛසර්ගිකවම ප්‍රගතිශීලීන් යැයි හිතන්න අකමැති. 
 
මේ රට කාලදාන්න දායක වුණු නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගෙ ගණන කෙළවරක් නෑ. 
 
අබේරත්න එක මහත්තයෙක් විතරයි.
 
දූෂිතයන්ට සහ මිනීමරුවන්ට එරෙහිව තියෙන මේ චෝදනාවලින් අබේරත්න නිර්දේශ කරන විදියට නිදහස් කිරීම ජාත්‍යන්තර ලෝකය හමුවේ ලංකාවට ඇති ප්‍රතිරූපය තවත් නරක් වෙනව බව කිෂාලි කියනවා.
  
ඒ විතරක් නෙමේ, දැන් බලයේ ඉන්න දේශපාලකයන්ගේ සහ හිටපු දේශපාලකයන්ගේ දූෂණ ආදිය පිළිබඳ නඩු නීතිවේදීන් පවා පරීක්ෂාවට ලක් කිරීමට අබේරත්න කොමිසම යෝජනා කරනවා. 
 
ඒ කියන්නෙ ඒ නීතිවේදින්ගේ ගෙවල්වලට සැරෙන් කතා කරල එන්න සුදු වෑන් යැවීමක් වෙන්නත් පුළුවන්. 
 
මේ වගේ වැඩවලට පොහොට්ටුවාදී නීතිඥයොත් කැමති ඇති. එහෙම අයට තවදුරටත් නීතිඥයන් කියන්න පුළුවන්ද?
 
ඒ නිසා කිෂාලි මෙහෙම අහනවා:
 
“ කටක් ඇර කියන්නට බැරි තරම් අපරාධ කළ, අපරාධ කළ ටිකදෙනෙකු සහ ඔවුන්ගේ හෙංචය්යන් ආරක්ෂා කර ගැනීමට සමස්ත ජාතියක්ම මේ මිල ගෙවන්නට අවශ්‍යද?”
  
ඇය කියන මිල කුමක්ද යන්න තේරෙන්නේ අපේ ජනතාවගෙන් ටික දෙනෙකුට පමණයි. 
 
නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සමානත්වය යන වටිනාකම් සහ ඒ වටිනාකම් ආරක්ෂා කරන ආයතන පද්ධතියක් නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ. 
 
ඒවා නොකෙළසෙන වටිනාකමක් විදියට ආරක්ෂා වෙන්න ඕනෙ. 
 
ඒක තමයි අපි ජීවත් වෙන සමාජ ක්‍රමය දරා සිටින මුල්ගල. 
 
ඒ මුල්ගල හෙල්ලි හෙල්ලි හරි තියෙන බව දන්න සමාජෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් විශ්වාසයක් තියාගන්න පුළුවන්.
 
කිෂාලිම කියන විදියට ඒ මූලධර්ම නිකම් ව්‍යවස්ථාවක ලියපුවා නෙමේ. ඒවා තමයි අපේ ශිෂ්ටත්වය දරා සිටින පාදම. මේ පාදමට බලයට එන හැම ආණ්ඩුවක්ම එක එක හානි කරනවා. කිෂාලි මේ සතියෙ කතා කරන්නෙ මේ දවස්වල අදාළ වන එහෙම හානි දෙකක්. එකක් අබේරත්න කොමිසම. අනික පෝට් සිටි පනත.
  
කිෂාලි කරන විශාල අනතුරු ඇඟවීමක් අද අපි බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ. නීතියේ ආධිපත්‍ය මෙලෙස කෙලසීම ගැන කියමින් ඇය මෙහෙම කියනවා: “මේ වූකලි අපේ ලංකාව විනාශ කෙරෙන ආකාරයයි, අපේ ජාතික රාජ්‍යයෙහි පදනමම අස්ථාවර කෙරෙන්නේ මෙලෙසයි.”
 
 
 
විදේශීය කුමන්ත්‍රණකරුවන් !
 
අපේ ජාතික රාජ්‍යයෙහි පදනමට ලොකු තර්ජනය ඇත්තේ “ඩොලර් කාක්කන්ගෙන්” යැයි පොහොට්ටුකාරයෝ හිතනවා. ඒත් ඇත්ත තර්ජනය එන්නේ කොතනින්ද? කිෂාලි ලස්සන ඉංග්‍රීසියෙන් එහෙම අහනවා. “ඩොලර් කාක්කන්” වෙනුවට ඇය යොදන්නේ විදේශීය කුමන්ත්‍රණකරුවන් යන යෙදුම.
 
අපේ ජනතාවට ජාතික රාජ්‍යයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ පදනම ගැන හිතන්න වෙලාවක් නෑ. වෙසක් එකට දෙන පන්දාහ ගැනයි, අලි වැටයි, වගා පාඩුවලට ලැබෙන වන්දියි ගැන එයාලට හිතන්න වෙලා තියෙනවා. ජනතාවක් එහෙම දේවල් ගැන පමණක් කරදර වෙන පිරිසක් බවට ඌනනය කර හෙවත් ක්ෂුද්‍ර කර තැබීම සංවිධානාත්මක වැඩක්.
 
ගෝලීය ධනවාදයට විතරක් නෙමේ දේශීය ජාතිකවාදියාටත් අවශ්‍ය එහෙම ජන පිරිසක්. අපිට එහෙම ජනතාවක් ඉන්නවා. අර්බුදය ඊටත් වඩා දරුණුයි. නිදහස් අධ්‍යාපනය ලැබුවායි කියන මධ්‍යම පන්තියෙනුත් විශාල පිරිසක් අයිති වෙන්නෙ ඒ ජනතාවට.
 
 
Liyanage Amarakeerthiලියනගේ අමරකීර්ති

amarakeerthi.blogspot.com


(උපුටා ගැනීම- srilankabrief.org)

 

 

 

 


 

THE LEADER TV 
 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...