The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සහරාන්ගේ මතය ද හැඩගැස්වූ බව කියන බුද්ධි අංශ සමග සම්බන්ධ ඔහු කවුරුද?

T

The Leader Desk

April 27, 2021 • 7:09 AM

 සහරාන්ගේ මතය ද හැඩගැස්වූ බව කියන බුද්ධි අංශ සමග සම්බන්ධ ඔහු කවුරුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම වීඩියෝව බලන්න.
  •         මුජිබර් රහුමාන් පවසන මෙම පුද්ගලයා යාපනයේ මුස්ලිම් ජාතිකයෙකු බව අපට වාර්තා විය.
  •   පාස්කු ප්‍රහාරයේ මහමොළකරු යයි කියන නවුෆර් මවුලවි සමග ද සමීපව කටයුතු කළ බව කියැවේ.
  •   මෙම පුද්ගලයා හමුදා බුද්ධි අංශ සමග කටයුතු කළ බව ද මෙම කතාවේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
Ahmad's Story | Entry and Exit Points: Violent Extremism in South-East Asia
 

 
එහි තිබෙන්නේ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයෙන් අනුප්‍රාණය ලබා මැලේසියාවේ ජිහාඩ් කණ්ඩායමක් නිර්මාණය කරන්නට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්ව පුනරුත්ථාපනයෙන් පසු නිදහස් කරන ලද අහමඩ්ගේ කතාවයි. 
 
අප එය ඔබ සමග බෙදාගන්නේ ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයේ පසුබිම ද බොහෝ දුරට මෙවැනි ආකාර නිසාය.
 
දැන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කරන මෙම කතාව බලන්න.
 
 

 
 
මුජිබර් රහුමාන් පවසන මෙම පුද්ගලයා යාපනයේ මුස්ලිම් ජාතිකයෙකු බව අපට වාර්තා විය. උපදේශන සේවා පවත්වාගෙන යන මුවාවෙන් අන්තවාදී දේශන පැවැත්වූවකු වන ඔහු සහරාන්ට ද දේශන පවත්වා ඔහුගේ මතය හැඩගැස්වූ අයෙකි.
 
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු යයි කියන නවුෆර් මවුලවි සමග ද සමීපව කටයුතු කළ බව කියැවේ.
 
මෙම පුද්ගලයා හමුදා බුද්ධි අංශ සමග කටයුතු කළ බව ද මෙම කතාවේ සඳහන් වේ. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ඒ පිළිබඳ සාක්ෂි ගෙනහැර දක්වයි.
 
 
 
මෙම පුද්ගලයා හා පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධයක් නැද්ද? මෙතරම් වැදගත් පුද්ගලයකු සම්බන්ධ පරීක්ෂණ සමාප්ත කර ඔහු නිදහස් කිරීමට මෙතරම් හදිසියක් ඇයි?
 
I3384f115a009c3be693a95698b68b946 L
 
දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ බෝම්බය පුපුරුවාගත් පුද්ගලයා එම පුපුරුවාහැරීම කර මියයාමට පෙර ඔහු සොයා බුද්ධි නිලධාරියකු ගිය බවක් ද පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් වාර්තාවල කියැවිණි.
 
සහරාන්ගේ මතය හැඩගැස්වීමටත් මුල් වී තිබෙන බව කියන, හමුදා බුද්ධි අංශ සමගත් කටයුතු කළ බව කියන, වත්මන් ආණ්ඩුව යටතේ නීතිපතිවරයා විසින් ඉතා ඉක්මණින් පරීක්ෂණ සමාප්ත කර නිදහස් කරන මෙම පුද්ගලයා පිළිබඳ සැක සංකා සමාජය තුළ මතුවෙමින් තිබේ.
 
 
 
සහරාන්ගේ කල්ලියේ සාමාජිකාවක බව කියන කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මුහම්මදු හස්තුන්ගේ බිරිඳ වන සාරා ජැස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන්ගේ පළායාම ද රජය විසින් හරිහැටි විමර්ශනය නොකරන කරුණක් බව පෙනේ.
 

පාස්කු ප්‍රහාරය වත්මන් ආණ්ඩුවට බලයට පත්වීම සඳහා ඉතා වාසිදායක වාතාවරණයක් නිර්මාණය කළේය. 
 
එහෙත්, ජීවිත 250කට වඩා බිලිගත්, තවත් 500දෙනෙකුට පමණ තුවාල සිදුකළ මෙවැනි සාපරාධී ක්‍රියාවක් ඍජුව හෝ වක්‍රව හෝ වත්මන් ආණ්ඩුවට සම්බන්ධ අය විසින් මෙහෙයවූ බව විශ්වාස කිරීමට අපි අකැමැත්තෙමු.
 
එහෙත්, ආණ්ඩුව දෙසට තර්කානුකූල අන්දමින් ඇඟිල්ල දිගුකිරීමක් දැන් සිදුවෙමින් තිබේ. ඒ නිසා රජය වහා විධිමත් අන්දමින් මෙම විමර්ශනය සිදුකළ යුතුය.
 
. 
 Rishad 2021.04.27
 
විමර්ශනය යොමුවිය යුත්තේ, සැබෑ අපරාධකරුවන් සොයන්නටය. එහෙත්, දැනට නම් පෙනෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන, රිෂාඩ් බදුර්දීන්, හරින් ප්‍රනාන්දු වැනි විරුද්ධ පක්ෂ දේශපාලකයන් මෙම ප්‍රහාරයට පටලැවීම වඩා ප්‍රමුඛ වී තිබෙන බවයි. 
 
 
 
 
හිටපු ආරක්ෂක ඇමති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා පොලිස්පති වැනි අය මෙම ප්‍රහාරය වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් විය හැකිය. එහෙත්, ප්‍රහාරය මෙහෙයවු අපරාධකරුවන් ඔවුන් නොවේ.
 
ප්‍රහාරය මෙහෙයවූ අය ගැන විමර්ශනය කරන්නට මෙතරම් ප්‍රබල සාක්ෂි තිබියදී රජය ඒවා විමර්ශනය නොකරන්නේ ඇයි?
 
 
 
14468755 10154515841729326 850087604926106730 o(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 
 
 
(උපුටා ගැනීම -praja.lk)
 
 
 
(අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරක)
 
 
සබැඳි පුවත් :
 
 
 
 
##################
 
THE LEADER TV 
 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...