The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'වහාම ඔබත් ඔබේ පවුලත් ලොක්ඩවුන් වෙන්න' !

T

The Leader Desk

May 2, 2021 • 1:09 PM

'වහාම ඔබත් ඔබේ පවුලත් ලොක්ඩවුන් වෙන්න' !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න ගෙන් ආයාචනයකි.)
  •   මේ වෙනකොට ඉස්පිරිතාල වල ඉන්න කෝවිඩ් ලෙඩ්ඩු 11,000 පන්නල.
  • අලුත් ලෙඩ්ඩු ඇතිවෙන්නෙ නැහැ කියන්නේ වසංගතේ අඩුවෙනවා.
  •   මම ආයෙත් කියන්නේ වයිරස් එක ඉන්දියානු ප්‍රභේදය ද, UK ප්‍රභේදය ද, වාතය මඟින් බෝ වෙනවද කියන ඒවා අදාළ නැහැ.    ඒ මොනවා උනත් covid-19 පාලනය කරන්න ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ඵලදායිම පියවර තමා ගෙදර ඉඳීම.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
දවස ගානෙම අපේ රටේ වාර්තාවෙන දහස් ගානක් කොව්ඩ්19 ලෙඩ්ඩු හින්දත්, ඒ එක්කම ටීවී එකේ, පත්තරේ, සෝෂල් මීඩියා වල පෙන්නන ඉන්දියාවේ ශෝකාලාපය හින්දත්, අපි ඔක්කොම තැති අරන් ඉන්නේ.
 
කෝවිඩ් ලෙඩ්ඩුන්ට ඔක්සිජන් නැති වෙයිද... ඇඳන් මදි වෙයිද... අපේ කාට හරි හැදුනොත් මොන දෙයියන්ට කියන්නද... දහසකුත් එකක් වික්ෂිප්ත සිතුවිලි අතරේ මේකෙන් ගැලවෙන්න 'මම' මොකද කරන්න ඕන කියන එක බොහෝ දෙනාගේ ඇඟට ඇවිල්ලා නැහැ කියලයි මට හිතෙන්නේ.
 
කෝවිඩ් ලෙඩ්ඩු වැඩි වෙන එකට හැමෝටම බැන බැන ඉන්නෙ නැතුව, මේ වසංගතෙන් ගොඩ එන්න, අපේ පවුල බේරගන්න, අපේ රට බේරගන්න, අපි මොකද්ද කරන්න ඕන කියල මොලේටයි, හදවතටයි තට්ටු කරලා හිතුවනම්.. කලානං... අපි හැමෝටම මේ වසංගතය අඩු කරන්න ලොකු දෙයක් කරන්න පුළුවන්.
 
මේ වෙනකොට ඉස්පිරිතාල වල ඉන්න කෝවිඩ් ලෙඩ්ඩු 11,000 පන්නල. මේ සංඛ්‍යාව මෙතනින් නතර කර ගත්තොත් වසංගතේ ඉවරයි.
 
 ඊළඟ කෝවිඩ් ලෙඩා ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක් වෙන එක වළක්වන්න පුළුවන් ඔබටම විතරයි.
 

Stay Home

  
ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත්, එක එක පුද්ගලයා හෝ කට්ටියක් වශයෙන් වගකීමක් ඇතිව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිලිපද්දොත් වයිරස් එක මොකක් උනත්, රටක කෝවිඩ් වසංගතයක් පාලනය කරන්න පුළුවන්. 
 
ඒක තමයි මේ වසංගත පාලනයේදී තියෙන ප්‍රධානතම අවිය. 
 
ඔබට ලෙඩේ හැදෙන්නේ ඔබ ලෙඩේ තියන තැන් වලට ගියොත්. ගෙදර ඉන්න. Stay Home...!. ගෙදර ඉඳලා ඔබ ඊළඟ කොවිඩ් ලෙඩා නොවී ඉන්න. 
 
අපි ඔක්කොම එහෙම කළොත් අලුත් ලෙඩ්ඩු නැති වේවි. අලුත් ලෙඩ්ඩු ඇතිවෙන්නෙ නැහැ කියන්නේ වසංගතේ අඩුවෙනවා.
 
මම ආයෙත් කියන්නේ වයිරස් එක ඉන්දියානු ප්‍රභේදය ද, UK ප්‍රභේදය ද, වාතය මඟින් බෝ වෙනවද කියන ඒවා අදාළ නැහැ. 
 
ඒ මොනවා උනත් covid-19 පාලනය කරන්න ප්‍රජා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ඵලදායිම පියවර තමා ගෙදර ඉඳීම. ඉතිං ගෙදර ඉන්න. 
 
අවුරුදු කාලේ එළියට ගිහින් අපි කරගත්ත හරිය හොඳටම ඇති. රට ලොක්ඩවුන් කරන්න ඉස්සෙල්ලා, ඔබත් ඔබේ පවුලත් ලොක්ඩවුන් වෙන්න.
 
අත්‍යවශ්‍ය දේකට විතරක් එළියට යන්න. ඕනම කට්ටිය විතරක් යන්න.
 
 Piliyandala market June 2017
 
 
# හරි මාස්ක් එකක් හරියට දාන්න. නහය වැහෙන්න දාන්න. මාස්ක් එක විටින් විට පිරිසිදු කරන්න. අලුත් එකක් දාන්න.
 
# හැම වෙලාවෙම අනිත් අයට ඈතින් ඉන්න. මීටර දෙකක්වත් දුරින් ඉන්න.
 
# සෙනග වැඩි තැන් මගාරින්න. කොටු වෙච්ච, වැහුණු, වාතාශ්‍රය අඩු තැන් වල අඩුම වෙලාවක් ඉන්න.
 
# කැස්සක් එනවනං, කිඹුහුම් යනවනං, වැලමිට තියාගන්න.
 
# නිතරම දෑත් සෝදන්න.
 
# උණ, කැස්ස, උගුරේ රිදිල්ල වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍ය සේවා ලබාගන්න.
 
 
මේ සේරම සරල ක්‍රියාමාර්ග. අපි හැමෝටම කරන්න පුළුවන්. ඊළඟ කොවිඩ් ලෙඩා අපි නොවී සිටිමු.
 
රට ලොක්ඩවුන් කරන්න ඉස්සෙල්ලා, අපි ලොක්ඩවුන් වෙමු. අපේ යුතුකම ඉටු කරමු.
 
ගෙදර ඉඳිමු...!
 
 
 
Dr. Kapila JayaratneDr. Kapila Jayaratne
MBBS, MSc, DCH, MD (Com Med)
Consultant Community Physician
 

 

 


 

THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...