The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය සැලැස්මක් ? -සුජාතා ගමගේ හා ටාරා ද මෙල්

T

The Leader Desk

May 3, 2021 • 9:03 AM

වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය සැලැස්මක් ? -සුජාතා ගමගේ හා ටාරා ද මෙල් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ්-19 වසංගත තත්වය නිසා මුලින්ම ශ්‍රී ලංකාවේ පාසැල් වසන ලද්දේ 2020 මාර්තු මාසයේය.
  •     2020 මාර්තු මාසයේ පාසල් වැසීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිසුන්ගෙන් සියයට 50කගේ අධ්‍යාපනය මඟහැරුණු බව අනුමාන කර ඇත.
  • ඒවා ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම් පවතී.    දැන් ඇති අඩුපාඩුව අප සතු සම්පත් පාවිච්චි කිරීම සදහා විමධ්‍යගත සැලසුමක් නොමැති වීමය.
  • වසර ගණනාවක් තිස්සේ විෂය නිර්දේශය සීමාව ඉක්මවා පිරී ඉතිරී ගොස් ඇත්තේ අනවශ්‍ය සහ පුනරුච්ඡාරණය වන  කරුණුවලින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
2021 ජනවාරි සිට යලිත් පාසැල් විවෘත කළත් කඩින් කඩ රේඛීය අමාත්‍යංශය කොළඹ සිට නිකුත් කරන පාසැල් ඇරීමේ වැසීමේ නිවේදන නිසා ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා දෙමාපියන් අසීරුතාවට පත්ව සිටී. 
 
මෙවැනි තීරණ ගැනීමට හොඳම ක්‍රමවේදය කුමක්ද? 
 
ඒ ඒ පාසැල්  ප්‍රජාවට ප්‍රදේශයේ පාසැල් ඇරීම වැසීම තීරණය කරන්න බැරි ඇයි? 
 
එසේ තීරණ ගැනීමේදී ඒ අයගේ  වග වීම කෙසේ තහවුරු කරන්නේද යන ප්‍රශ්න ඇතුළුව පාසැල වැසුණු  විට දරුවන්ගේ අධ්‍යාපනය කෙසේ සිදු විය යුතුද යන්න ගැන අදටත් සාධනීය සැලැස්මක් නැතිවීම අප සැමගේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණු වේ.   
 
  bdfg
මෙම වසංගතය නිසා ලෝකයේ මිලියන සිය ගණන් සිසුන් හට පාසල් යෑ‌මේ අවස්ථාව අහිමි විය.
  
 2020 මාර්තු මාසයේ පාසල් වැසීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිසුන්ගෙන් සියයට 50කගේ අධ්‍යාපනය මඟහැරුණු බව අනුමාන කර ඇත. එම සංඛ්‍යාව ශ්‍රී ලංකාව වැනි රටකට පිළිගත  හැකි  තත්වයක් නොවේ. 
 
පාසල් 10,165ක් පුරා විහිද ගිය, ගුරුවරුන් 246,592කගේ සේවය ලබන අධ්‍යාපන පද්ධතියක් අප සතුය. 
 
සාමාන්‍යයක් වශයෙන් සෑම සිසුන් 16.5ක් සඳහා ගුරුවරයෙක් සිටී. 
 
පෙළපොත් නොමිලේ බෙදා හරිනු ලබයි. 
 
රටේ නිවාස සංඛ්‍යාවෙන් සියයට 96කට ජංගම දූරකථන පහසුකම් ඇත. 
 
ජාතික අධ්‍යාපන ආයතනය මෙන්ම වෙනත් රාජ්‍ය නොවන ආයතනවලින් ඉගැන්වීම වෙනුවෙන් සකස් කරනු ලැබූ ඩිජිටල් අන්තර්ගතයන් ඇත. ඒවා ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම් පවතී. 
 
දැන් ඇති අඩුපාඩුව අප සතු සම්පත් පාවිච්චි කිරීම සදහා විමධ්‍යගත සැලසුමක් නොමැති වීමය.  ලොකුම බාදාව සමානාත්මතාවයේ නාමයෙන් මධ්‍යම ආණ්ඩුව විසින් මගින් එකම රෙකුලාසි සැමට එකසේ පනවමින් ක්ෂුද්‍ර කළමනාකරණයේ යෙදීමය.  
  
එකම මිම්ම හැමෝමට ගැලපෙන්නේ නැත. උදාහරණයක් ලෙස මන්නාරම් දිස්ත්‍රික්කයේ මඩු කොට්ඨාශයේ ජනතාව වසංගතයේ බලපෑමට ලක් වන ආකාරය කොළඹ හෝ ගම්පහ ජනතාව මුහුණදෙන ආකාරයට වඩා විශාල වශයෙන් වෙනස්ය. 
 
ළමයි සියයට අඩු පාසැල් වලට බලපාන ආකාරය ළමයින් දෙදාහ, තුන්දාහ හෝ  හාරදාහ  ඇති පාසැල් හෝ මෙගා පාසැල් වලට බලපාන ආකාරය වෙනසය. 
 
හොඳම විසදුම මධ්‍යම ආණ්ඩුවෙන් සකස් කරන ලද වගවීමේ රාමුවකට යටත්ව, රේඛීය අමාත්‍යංශයෙන් ස්වාධීන වූ විමධ්‍යගතව තීන්දු ගැනීමේ බලතල පළාත් අධ්‍යාපන ලේකම් වරුන්ට පැවරීමය.
 
 
අන්තර්ගතය අධික වූ විෂය නිර්දේශ !
 
අන්තර්ගතය අධික වූ විෂය නිර්දේශ පැවතීමද ගැටලුවකි. වසර ගණනාවක් තිස්සේ විෂය නිර්දේශය සීමාව ඉක්මවා පිරී ඉතිරී ගොස් ඇත්තේ අනවශ්‍ය සහ පුනරුච්ඡාරණය වන  කරුණුවලින්ය.
 
 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා උගන්වනු ලබන විෂයන් 13ක ප්‍රමාණය ඒ සඳහා උදාහරණයකි. 
 
2023 වර්ෂයේදී විෂය නිර්දේශය ප්‍රතිසංස්කරණය කරන තුරු කල් මැරීමේ හැකියාවක් නොමැත. ඒ වන විට නිසි අධ්‍යාපනයක් අහිමිව පාසැල් දිවිය නිමා කරන සිසුන් පරම්පරා ගණනක් නිසා රටට වන පාඩුව ගණනය කළ නොහැක. 
 
විෂය නිර්දේශ සංක්ෂිප්ත කිරීම සහ සමෝධායනය  කිරීම සඳහා මාර්ගෝපදේශ දැන්ම සකස් කළ යුතුය. 
 
Mental Health Children
 
උදාහරණයක් ලෙස කොවිඩ්-19 වසංගතය නිසා භූතානය වැනි රටවල පාසල් වැසූ විගස එම රටේ මධ්‍යම රජය විසින්  සංක්ෂිප්ත විෂය නිර්දේශ බෙදාහරින ලදී. ඒ ගුරුවරුන් සහ නිවෙස්වල සිටින සිසුන් අතර සන්නිවේදනය සඳහා යෙදෙන මොබයිල් තාක්ෂණ චැනල අර පිරිමැස්මෙන් යොදා ගැනීම අවශ්‍ය නිසාය. .
 
එම තත්වයන් සැලකිල්ලට ගෙන පහත කාරණාවලට මූලික අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපි ඉල්ලා සිටින්නෙමු. 
 
01- භාෂාව හා  ගණිතය ආදී අත්‍යාවශ්‍ය විෂයන්හි නිපුණතා ආවරණය වන ආකාරයේ සංක්ෂිප්ත විෂය නිර්දේශයක් සැපයීම, සහ ගුරුවරුන්ට අනෙකුත් විෂයයන් සමෝධානය කර ඉගැන්වීම සඳහා නිදහස ලබා දීම. 
 
 
02- පස් වන ශ්‍රේණියේ සිට සෑම ඉගෙනුම් මට්ටමක් සඳහා  සිසුන්ගේ අත්‍යාවශ්‍ය නිපුණතා සාධනය පිරික්සීම සඳහා ඔන්ලයින් තක්සේරු පරීක්ෂණයන් හඳුන්වාදීම. එක් එක් ප්‍රජාවේ හැකියාව  අනුව මෙම පරීක්ෂණ ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රශ්න පත්‍ර ලෙස සිසුන්ට ලබා දෙනු ඇත. 
 
 
03- අත්‍යාවශ්‍ය නිපුනතා ආවරණය කෙරීමේ වගවීමට යටත්ව පාසල් විවෘත කිරීම හෝ වැසීම පිළිබඳ තීන්දු ගැනීම විමධ්‍යගත කිරීම සඳහා සුදුසු ලෙස ග්‍රාම නිලධාරී, කොට්ඨාස හෝ කලාප මට්ටමේ කමිටු වලට භාර දීමේ වගකීම පළාත් අධ්‍යාපන ලේකම් වරුන්ට පැවරීම. 
 
 
04- පාසල් විවෘතව ඇති විටත් ඩිජිටල් අන්තර්ගතය හා ගුරුවරයාගේ මග පෙන්වීම එක් කෙරෙන මුහුම් ඉගැන්වීම් (හෝ Blended Learning) ක්‍රමවේද භාවිතා කිරීම සඳහා පාසල් දිරිමත් කිරීම. එසේ කිරීමෙන්, හදිසි තත්වයකදී නිවෙස්වල සිට අධ්‍යාපනය ලබා දීමට සංක්‍රමණය වීම වඩා සුමටව හා සාර්ථක සිදු කළ හැක.
 
අපගේ අධ්‍යයනයන් අනුව පෙනී යන්නේ පෙළපොත් හා සමගාමීව, පෙන් ඩ්‍රයිව් එකකට ඇතුළත් කොට රූපවාහිනියෙන් නැරඹිය හැකි වීඩියෝ හා ජංගම දූරකථනවලින් කළ හැකි කණ්ඩායම් ඇමතුම් හරහා සිසුන් හා ගුරවරුන් සම්බන්ධ කිරීම වැනි ඕෆ්ලයින් විසදුම් යොදාගනිමින් අන්තර්ජාල පහසුකම් නොමැති සිසුන්ට සාධනීය ඉගෙනුමක් ලබා දිය හැකි බවයි. 
  
'ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය' විසින් උක්ත කාරණා පිළිබඳ හෝ පාසල් හදිසි තත්වයන්ට සූදානම් කිරීම පිළිබඳ අනෙකුත් කරුණු  පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා රජයට සහයෝගය ලබා දීම සඳහා කැප වී සිටී. 
 
මෙම පණිවිඩය ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම රටේ සාමාන්‍ය ජනතාව වෙත සමීප කිරීම සඳහා මාධ්‍යවල සහයෝගය අපි බලාපොරොත්තු වෙමු. 
 
eduforumLK@gmail.com ඊමේල් ලිපිනයෙන් හෝ 011-267-5212 හෝ  077-774-8470 දූරකථන අංක ඔස්සේ අප හා සම්බන්ධ විය හැක.

Dr. Tara Sujatha

සම සම්බන්ධීකාරක 
ශ්‍රී ලංකා අධ්‍යාපන සංසදය
 
 
 
 
 
 
මේ ලිපිත් කියවන්න :
 
 

 

 


 

THE LEADER TV 
 

 

නුෂාඩ් - අමිත අස්වෙයි ! සුදේව - කිංස්ලි ගැස්සෙයි ? 

 

කොවිඩ් නිල සංඛ්‍යාලේඛණ ගැන බරපතල සැකයක් ?

  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...