ෆෝන් එකේ ලොක් එක ඇරගන්නේ කොහෙන්ද කියලා වට පිට බලද්දි ඔන්න පාර පැත්තට යන පොරක් සෙට් වුණා.
" මොකද කේස් එක ...? "
මෑන්ස් කිංබානට්තුමා ගෙන් ඇහුවා.
" මගෙ ෆෝන් එක ලොක් වුණානේ.."
කිංබානට්තුමා කිව්වා.
" අයියෝ සිම්පල් කේස් නෝ...! හොන්නන්තර පැත්තෙ ටොප් පොරක් ඉන්නවා ලොක් අරින්න ... යං මාත් යන්නේ ඒ පැත්තට ..."
ඔන්න ඉතින් කිංබානට්තුමා මෑන්ස් එක්ක හොන්නන්තර පැත්තට ගාටන්න ගත්තා.
" මේ මහ පාර මොකක්ද ...? "
ටික දුරක් යද්දි කිංබානට්තුමා ඇහුවා.
" මේක පිළියන්දල පාරනේ..."
" එතකොට පාරෙ අන්න අර වංගුව ළඟ හුඟක්
පටු මොකද ...? "
" අපෝ ඒ හරියේ පාර පලල් කළොත් අර ලොකු ගෙදර තාප්පේ කැඩෙනවනෙ.."
මැන්ස් විස්තර කළා.
" ඒක නෙවෙයි, පිළියන්දල පැත්තේ කේස් ෆයිල් වුණාලු නේද පහුගිය දවස්වල ...? "
කිංබානට්තුමා වෙන ප්‍රශ්නයක් දැම්මා.
" මේකනේ..., පිළියන්දල විතරක් නෙවෙයි මේ රටේම කට්ටියක් ලොක් කරපිය කියලා කැගහනවා....
තව කට්ටියක් ලොක් ඇරපිය කියලා කෑගහනවා...
ඔය එකෙක්වත් ජනතාවට ආදරෙන් නෙවෙයි ඔය කෑගහන්නේ...
උන්ගේ ජන්දවලට තියෙන ආදරේට ..."
මෑන්ස් හරි සරලව පැහැදිලි කළා.
කොහොම හරි ඩබල හොන්නන්තරට කිට්ටු කළා.
" අන්න අර ලොකු ගෙදර තමයි ලොක් අරින බුවා ඉන්නේ ..."
මෑන්ස් කිංබානට්තුමාට පෙන්නුවා.
කිංබානට්තුමා ලොකු ගෙදරට ගියා.
" හැමි.....න්න ආවද...? "
ලොකු ගෙදර බුවා කාරුණිකව ඇහුවා.
" නෑ, මේ ෆෝන් එකේ ලොක් එක ඇරගන්න කියලා ..."
කිංබානට්තුමා ෂේප් එකේ කිව්වා.
" ආපහු හැමි....නවනේ, යකෝ මං ගම්වල ලොක් ඇරියට ෆෝන්වල ලොක් අරින්නේ නෑ...! "
හැමිනවන්න කලින් කිංබානට්තුමා ෆෝන් එකත් අරන් මාරු වුණා.
( කිං බානට්)
THE LEADER TV
අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!
ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්!



