ජෝ බයිඩන්ගෙන් කොවිඩ් එන්නත ගැන විශිෂ්ඨ තීන්දුවක් -විජයානන්ද ජයවීර
T
The Leader Desk
May 6, 2021 • 3:37 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කෝවිඩ්-19 වැක්සින් සඳහා ඇති පේටන්ට් බලපත්‍ර අත්හිටුවීමේ යෝජනාවට සහයෝගය දැක්වීමට ජනාධිපති බයිඩන්ගේ රජය ඊයේ තීරණය කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඊයේ (05) වාර්තා කළේය.
- ඉන් අදහස් වන්නේ ඕනෑම රටකට ඇමෙරිකාවෙහි සොයා ගන්න ලද කොව්ඩ් වැක්සීන් නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.
- මෙය ඉති වැදගත් තීරණයක් වන අතර යුරෝපය සහ බ්‍රිතාන්‍යද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙය බලාපොරොත්තු දල්වන තීරණයකි. මන්ද ඒ අනුව වැක්සිනයේ රසායනික සංයෝගය පිටපත්කොට රාජ්‍ය ඖෂධ සංස්වථාව වැනි ආයතනයකට හෝ පෞද්ගලික අංශයට රටට අවශ්‍ය වැක්සින් ප්‍රමාණය නිපදවා ගැනීමට හැකියාවක් ලැබීමට ඉඩ ඇති බැවිනි.
අපට ඒ සඳහා පෙර සූදානමක් දැන් සිටම තිබිය යුතුය.
ඒ හැර චීනයට සහ රුසියාවටද සිය වැක්සින් වල පේටන්ට් බලපත්‍ර කිසියම් කාලයකට අත්හිටුවන ලෙස බල කළ යුතුය.
අන් වැක්සින මෙන් ඒවා නිපදවා ඇත්තේ පෞද්ගලික සමාගම් මගින් නොව රාජ්‍ය ආයතන මගින් නිසා පේටන්ට් අත්හිටුවා සැමට එම වැක්සින් නිපදවා ගැනීමට ඉඩදීම පහසුවෙන් ම කළ හැකිය.
බටහිර සමාගම් වලට වඩා මනුස්සකමක් චීනයට හා රුසියාවට ඇති බව පෙන්වා දීමට හොඳ අවස්තාවක් ජනාධිපති පුටින්ට සහ ජනාධිපති සීz ජින්පින්ට ලැබී තිබේ.
(Photo- The New York Times)
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මේ ඉල්ලීම සෘජුවම රුසියානු හා චීන ජනාධිපතිවරුන්ට ඉදිරිපත් කර නොමිලයේම ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍රවිය හැකිය.
කෙසේ වෙතත් පේටන්ට් අත්හිටුවීමෙන් අනාගතයේ ව්‍යවසායකයන් නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීමට මැලිවනු ඇතැයි යන තර්කය මත බිල් ගේට්ස් වැනි බලගතු ව්‍යවසායකයන් ඉදිරිපත් කළ විරෝධය නොතකා වැක්සිනය සම්බන්ධ පේටන්ට් අත්හිටුවීමේ ව්‍යාපාරයට ක්‍රියාකාරි ලෙස සහයෝගය දැක්වීමට ජනාධිපති බයිඩන් ගත් තීරණය විශිෂ්ට වන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් තුළ පේටන්ට් අත්හිටුවීමකට පොළඹවා ගැනීම ඉතා දුෂ්කරක්‍රියාවක් නිසාය.
Wijayananda Jayaweeraසංවර්ධන සන්නිවේදනය පිළිබඳ UNESCO හිටපු අධ්‍යක්ෂ
(විජයානන්ද ජයවීරගේ FB පිටුවෙන්..)
සුනන්ද දේශප්‍රියගේ සටහන :

සෞඛ්‍ය මානව හිමිකම් ක්‍රියාධරයින් දීර්ඝ කාගයක් තිස්සේ මෙම පේටන්ට් ක්‍රමය සංශෝධනය කල යුතු බවට උද්ඝෝෂනය කරමින් සිටිති. (සේයා- සුනන්ද දේශප්‍රියගේ FB පිටුවෙන්)
කෝවිඩ්-19 වැක්සින් සඳහා ඇති පේටන්ට් බලපත්‍ර අත්හිටුවීමේ යෝජනාවට සහයෝගය දැක්වීමට ජනාධිපති බයිඩන්ගේ රජය ගත් තීන්දුව සම්බන්ධයෙන්, දේශපාලන විශ්ලේෂකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් එන්නත සඳහා බුද්ධිමය දේපල අයිතිය අහෝසි කරයි. ඉන් අදහස් වන්නේ ඕනෑම රටකට ඇමෙරිකාවෙහි සොයා ගන්න ලද කොව්ඩ් වැක්සීන් නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි. මෙය ඉති වැදගත් තීරණයක් වන අතර යුරෝපය සහ බ්‍රිතාන්‍යද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය මානව හිමිකම් ක්‍රියාධරයින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම පේටන්ට් ක්‍රමය සංසෝධනය කල යුතු බවට උද්ඝෝෂනය කරමින් සිටිති.''
නිව්යෝක් ටයිම්ස් පුවත:
THE LEADER TV
චීන එන්නත අනුමත කළ හැටි රහසක්! තොරතුරු හෙළිකරන්න බෑ -NMRA
අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!


