The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 9, 2021 • 2:59 PM

එන්නත් අධිරාජ්‍යවාදය හා හිඟන්නන්ගේ ජාතිවාදය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෝවිඩ්-19 ගෝලීය වසංගතයකි. එයට ජාතික මට්ටමේ විසඳුම් නැති තරම්ය.
  •   මේ බව අවබෝධ කරගත් එක්සත් ජනපදය කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් තම පේටන්ට් හිමිකම් අත්හැරීමටත්, එන්නත නිෂ්පාදනයේ හිමිකම විවෘත කිරීමටත් තීරණය කර තිබේ.
  • එක්සත් රාජධානිය වැනි තවත් ධනේශ්වර රටවල් මෙම පියවර අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  •   ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන කෝවිඩ්-19 අර්බුදය රාජ්‍ය කළමනාකරණයේ ගැටලුවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ලොව සියලුදෙනා ආරක්ෂිත වනතෙක් කිසිවෙක් ආරක්ෂිත නැති බව අවබෝධ කරගැනීම ඉතා වැදගත්ය. එය ශ්‍රී ලංකාව වැනි හිඟන ජාතිවාදී රාජ්‍යවලට මෙන්ම එක්සත් ජනපදය වැනි ධනවත් ජාතික රාජ්‍යවලට ද අදාළය.
 
මේ බව අවබෝධ කරගත් එක්සත් ජනපදය කෝවිඩ්-19 එන්නත් සම්බන්ධයෙන් තම පේටන්ට් හිමිකම් අත්හැරීමටත්, එන්නත නිෂ්පාදනයේ හිමිකම විවෘත කිරීමටත් තීරණය කර තිබේ. එක්සත් රාජධානිය වැනි තවත් ධනේශ්වර රටවල් මෙම පියවර අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
 
එහෙත්, සමාජවාදී චීනය තවමත් මෙම පේටන්ට් අයිතිය සම්බන්ධයෙන් නිහඬය. ඔවුන් අනිවාර්යයෙන්ම එන්නත්වල පේටන්ට් අයිතිය අත්හැර ලෝකයට එන්නත් නිෂ්පාදනය විවෘත කළ යුතුය. සමාජවාදය නම් එයයි.
  
ලෝකයේ ධනවත් රාජ්‍ය මේ වන විට තම ජනගහනයට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කෝවිඩ්-19 එන්නත් ප්‍රමාණයක් මිලදීගෙන ගබඩා කරගැනීමට සැලසුම් කර ඇති බව සැලවේ. 
 
ශ්‍රී ලංකාව වැනි අසාර්ථක රාජ්‍ය එන්නත් නොමැතිකම නිසා කෝවිඩ්-19 පැතිරීමේ අවදානමට ගොදුරු වී තිබෙන්නේ ඒ අතරතුරය.
 
ශ්‍රී ලංකාව වැනි එන්නත නොමැතිකම නිසා අර්බුදයට ලක්වී තිබෙන රටවල් එන්නත් නිෂ්පාදනය කරගැනීම සඳහා හැකි හැම උත්සාහයක්ම දැරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය උපකාර කළ යුතුය. එක්සත් ජනපදය වැනි රටවල උපකාර ඒ සඳහා ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාව පාවිච්චි කළ යුතුය.
 
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන කෝවිඩ්-19 අර්බුදය රාජ්‍ය කළමනාකරණයේ ගැටලුවකි. ශ්‍රී ලංකාව රජය එන්නත ලබාගැනීමට අසමත් වූ බව පිළිගත යුතුය.
  pavithra
එන්නත් සාධාරණ ලෙස බෙදී නොයාමේ ගෝලීය ගැටලුවකුත් තිබේ. එහෙත්, එය ශ්‍රී ලංකාව වැනි හිඟන රටවලට ජාතිවාදයෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවේ. හිඟන ජාතිවාදයට කළ හැක්කේ ධම්මික පැණිය හා කරාපිටියේ හොර දොස්තර පැණිය වැනි ජනතාව රවටන තාවකාලික වංචාකාරී ජාවාරම් පමණක් බව මේ වන විට ඔප්පු කර හමාරය.
  
මේ අතර, දියුණු ජාතීන් නම් කෙසේ හෝ තමන්ගේ එන්නත් පංගුව ලබාගෙන මේ වන විට රෝගය පාලනය කරගැනීම ආරම්භ කර තිබේ. 
 
ජාතිවාදය හිස් මුදුනින් ගත් රාජපක්ෂවාදී ශ්‍රී ලංකාව වැනි රටවලට එන්නත් දරිද්‍රතාව බරපතල ප්‍රශ්නයක් වී තිබේ. 
 
ධනවත් ජාතික රාජ්‍ය ජාත්‍යන්තරවාදී පියවර යෝජනා කරන විට හැමවිටම ජාතිවාදී පසුගාමී රාජ්‍ය ඒවාට විරුද්ධ වේ. එහෙත්, ජාතිවාදයෙන් කළ හැකි කැකිරි ගෙඩියක් නැති බව දැන් ඔප්පු වී හමාරය.
 
 
ශ්‍රී ලංකාවත් චීනයත් අතර තිබෙන ලව් එක ???
 
දැන් ධනවත් ජාතික රාජ්‍ය සමහරක් හෝ විසින් පේටන්ට් හිමිකම නිදහස් කර තිබේ. ශ්‍රී ලංකාව වැනි ජාතිවාදී රාජ්‍යවලට දැන් එන්නත නිෂ්පාදනය කරගැනීමට උත්සාහ කළ හැකිය. පටු, හිඟන ජාතිවාදයට යට නොවී එක්සත් ජාතීන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජනපදය වැනි රටවල උපකාර ඒ වෙනුවෙන් ලබාගැනීමේ අවස්ථාව දැන් විවර වී තිබේ. චීනය අඩු තරමේ ශ්‍රී ලංකාවවත් එන්නත් නිෂ්පාදනයේ පේටන්ට් අයිතිය ලබාදිය යුතුය. නැතිනම්, ශ්‍රී ලංකාවත් චීනයත් අතර තිබෙන ලව් එක බොරුවකි.
 
 
ජාතිවාදයෙන් විතරක් වැඩක් නැත. ජාතික රාජ්‍ය දියුණුවෙන්නත් අවශ්‍යය. හිඟන ජාතිවාදී රාජ්‍යවල ජාතිවාදයෙන් ඇති මෙලෝ ප්‍රයෝජනයක් නැති බව කෝවිඩ්-19 ගෝලීය වසංගතය විසින් ඔප්පු කර හමාරය.
 
අඩු තරමේ ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාරවත් දැන් හෝ ජාතිවාදය අත්හැර සිංහල, දෙමළ, මුස්ලිම් වැනි ජාතිවාදයෙන් ඔබ්බට තම චින්තනය පුළුල් කරගත යුතුය.
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
 

 

 


 

 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...