The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලංකාව ඉතා ඉක්මණින්ම විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක් -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 11, 2021 • 3:47 AM

 ලංකාව ඉතා ඉක්මණින්ම විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක් -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හරහා වෙළඳ සංගමයක් විසින් ලබාගත් කෝවිඩ්-19 එන්නත් තොගයක් හොර පාරෙන් ලබාදෙන තොරතුරක් ලැබිණි. මට ද එය ඉල්ලා සිටීමට හැකියාව තිබුණමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි.
  •       කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතුය.
  • කෝවිඩ්-19 එන්නත් ලබාදීම මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී, නිලධාරිවාදයට යටවී ගොසිනි.
  • නොමිළේ දිය යුතු එන්නත රුපියල් 5,000ට 10,000ට විකුණන බව සාක්ෂි සහිතව පසුගිය සමයේදී හෙළිදරව් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
එන්නත් පළමු මාත්‍රාව ලබාදෙන විට එක් රෝහලක නිලධාරීන් තම ඥාති මිත්‍රාදීන් ගෙන්වාගෙන ඉතා අවිධිමත් ආකාරයට එන්නත ලබාදුන්හ. එම වටයේදී රෝහලේ බාහිර සේවා සනීපාරක්ෂක කම්කරුවන්ට ද එන්නත ලබාදීමට ඔවුහු නිර්ලෝභී වූහ. 
 
දෙවෙනි මාත්‍රාව පැමිණියේ අඩුවෙනි. කලින් පරිදිම ඥාති මිත්‍රාදීන්ට දෙවෙනි මාත්‍රාව ලබාදුන් මේ සෞඛ්‍ය නිලධාරීහු සනීපාරක්ෂක කම්කරුවන්ට එන්නත ලබාදුනේ නැත.
 
 
 
කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේම, එය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහාය. දැන් සිදුවන්නේ එය නොවේ. කෝවිඩ්-19 එන්නත් ලබාදීම මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී, නිලධාරිවාදයට යටවී ගොසිනි. නොමිළේ දිය යුතු එන්නත රුපියල් 5,000ට 10,000ට විකුණන බව සාක්ෂි සහිතව පසුගිය සමයේදී හෙළිදරව් කරන ලදී.
 
 
 
කෝවිඩ්-19 වෙනුවෙන් රජය වියදම් කරන හැම සතයක්ම මහජනයා වන අපගේ බදු මුදල්ය. යම් ප්‍රතිපත්තියකට අනුව, සාධාරණ අන්දමින් කෝවිඩ්-19 එන්නත් ලබාගැනීම පුරවැසියන්ගේ අයිතිවාසිකමකි.
 
එන්නත ලබාදීම දේශපාලකයන් අතට පත්වීම යනු ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින්ම වසංගතයේ අවිචාර යුගයට එළැඹෙමින් තිබෙන බවට පූර්ව අනතුරු ඇඟවීමකි.
 
 
 

 
 
 
ශ්‍රී ලංකා රජයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අකාර්යක්ෂමතාව නිසා නිර්මාණය වී තිබෙන එන්නත් දරිද්‍රතාව සමග ශ්‍රී ලංකාව ලෝකයේ වේගයෙන්ම කෝවිඩ්-19 පැතිරෙන රටක් බවට පත්වෙමින් තිබේ. 
 
ඉදිරි දිනවලදී දිනකට මරණ 100ක් පමණ දක්වා මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අනුමාන කළ හැකිය. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවිය හැකිය. 
 
මේ වන විටත් රෝගීන් සංඛ්‍යාව රෝහල්වලට හා අතරමැදි මධ්‍යස්ථානවලට දරාගැනීමට බැරි තරම්ය. දැඩි සත්කාර ඒකක පිරී ගොසිනි. ඉදිරි කාලයේදී ඔක්සිජන් ටැංකි හිඟයක් ඇතිවිය හැකිය.
 
මේ වනවිටත්, ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ප්‍රතිපත්තිය වී තිබෙන්නේ වැඩිහිටියන් මියයන්නට සැලැස්වීම බව වසංගතයෙන් මරණයට පත්වන අයගේ වයස් කාණ්ඩ විශ්ලේෂණය කර බැලූ විට පෙනේ. ලොව සෙසු රටවල මෙන් වැඩිහිටියන් රැකගැනීම සඳහා ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවේ නැත.
 
 
 
එන්නත ලබාදෙන තිරිසන් ආකාරය දෙස බැලූ විට මේ රටේ නුදුරු අනාගතයේදීම පණ අදින ලෙඩුන්ගේ ඔක්සිජන් ටැංකිය පැහැරගන්නා තත්වයක් නිර්මාණය වුව ද පුදුම විය යුතු නැත.
 
 
දේශපාලකයන් හා නිලධාරීන් යන දෙකොටසම ඉතා නින්දිත අන්දමින් කටයුතු කරන, අරාජික, අවිචාරවත් රටක දිළිඳු ජනතාව තම අහිමි වන ජීවිත අයිතිය වෙනුවෙන් මියෙම්වා, රැකෙම්වා යි සටන් කළ යුතු කාලය එළැඹ තිබේ. දිළින්දන් දිළිඳුම නැත. ධනවතුන් ළඟ මුදල් හා ආයුධ තිබේ. දිළින්දන් ළඟ වයිරස් තිබේ.
 
තවම බොහෝ දෙනා සිතාගෙන සිටින්නේ මොකක් හෝ ඇඳුනුම්කමකින් එන්නත ගහගත්තා නම් තමන් ආරක්ෂිත යයි කියාය. එහෙත්, එන්නත් දිළිඳුකමේ මේ මහා සාගරය මැද කිසිවකු සුරක්ෂිත නැත. එන්නත පවා පූර්ණ ආරක්ෂාවක් වන්නේ නැත. හේතුව එන්නත් නොලැබෙන ජනතාව අතර වයිරසය පරිණාමය වී තව තව අලුත් ප්‍රභේද බිහිවන බැවිනි.
 
 
 
අපි නම් එන්නත ගහගත්තා යයි උජාරුවෙන් පාරම්බාන දේශීය හා ජාත්‍යන්තර සියලු බලවතුන්ට හා ධනවතුන්ට තෑගි දීමට දිළින්දන් ළඟ අලුත් අලුත් වයිරස් ප්‍රභේද නිර්මාණය වනු ඇත.
 
 
සියලු දෙනා ආරක්ෂිත වනතාක් කල් කිසිවකු සුරක්ෂිත නැත. මේ වසංගතය පාලනය කරගැනීමට ඔබට අවශ්‍ය නම් සැමට සාධාරණ අන්දමින් එන්නත ලබාදීම සඳහා රජයට, ලෝක සෞඛ්‍ය සංවිධානයට, ධනවත් රටවලට බලපෑම් කරන්න.
 
 
14468755 10154515841729326 850087604926106730 o(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
( praja.lk )
 
 
 
 
###############
 
 
 
 

                                          THE LEADER TV 

 
 
ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?
 

 

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ ඉහළයාමේ අවදානමක් - වොෂින්ටයෙන් අනාවැකියක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...