The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

May 12, 2021 • 4:28 PM

නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 මැයි 12දා ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 23 වාර්තා විය. ඒ අතරින් 18ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි.
  •   එහෙත්, තම රට තුළ කොවිඩ්-19 සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ නැත.
  • එසේම, කොවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාලේඛන ද ඒ අන්දමින්ම විශ්වාස කළ නොහැකි තත්වයක තිබේ.
  •   මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ එන්නත ලබාදෙන්නේ වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයටයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 දිගින් දිගටම සිදුවන කොවිඩ් මරණ විශ්ලේෂණය කර බැලූ විට පැහැදිලිව දැකිය හැකි කාරණය වන්නේ මියයන්නේ මහලු පුද්ගලයන් බවයි.
 
අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව අනුමත කරන ලද “COVID-19 ජාතික එන්නත්කරණ සැලැස්ම-2021″ අනුව ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලිසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා/ආයතනවල ඉහළ අවදානම් කණ්ඩායම් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ උපුටා දක්වමින් Media.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.
 
සමාජ සම්ප්‍රේෂණයක් රටතුළ පවතින අවස්ථාවක එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන මාර්ගෝපදේශ අනුව වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින් හට එන්නත ලබාදීමෙන් පසු එම රට විසින් තීරණය කරනු ලබන වයස් කාණ්ඩ අනුව වැඩි අවදානමක් සහිත වැඩිහිටියන්ට එන්නත ලබාදිය යුතුය.
 
එහෙත්, තම රට තුළ කොවිඩ්-19 සමාජ සම්ප්‍රේෂණයක් සිදුවී ඇති බව නිල වශයෙන් පිළිගන්නේ නැත. එසේම, කොවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලබන සංඛ්‍යාලේඛන ද ඒ අන්දමින්ම විශ්වාස කළ නොහැකි තත්වයක තිබේ.
 
මේ වන විට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ එන්නත ලබාදෙන්නේ වයස අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයටයි. හැටට වැඩි පිරිස්වලට එන්නත ලබාදෙන්නේ නැත. එසේම, එන්නත ලබාදීමේ කිසිදු විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැත.
  
ඊයේ හා පෙරේදා දිනවල මතුගම ශ්‍රවණාගාරයේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අවිධිමත් ආකාරය පිළිබඳ කරන ලද නිරීක්ෂණවලින් පැහැදිලි වූයේ එය අධික ලෙස දේශපාලනීකරණය හා නිලධාරිකරණය වී තිබෙන බවයි. 
 
දේශපාලකයන්ටත්, නිලධාරීන්ටත් ඉතා පැහැදිලිව හොර පාරෙන් එන්නත ලබාගත හැකිය. 
 
වෙනත් ඇති හැකි අයට ද පෝලිම පැන එන්නත ලබාගැනීමේ හැකියාව තිබේ. 
 
පෝලිමේ එන්නත ලබාදෙන්නේ කුමන පදනමින්දැයි පැහැදිලි නැත. 
 
ඇතැම් ග්‍රාමසේවා වසම්වලට එන්නත ලබාදෙන බවක් කියැවේ. එහෙත්, ඒ ග්‍රාමසේවා වසම්වල ජනතාවට ඒ බව සන්නිවේදනය කිරීමේ ක්‍රමයක් නැත. 
 
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමසේවා නිලධාරීන් මගින් මෙම එන්නත්කරන වැඩසටහන මැනැවින් කළමනාකරණය කළ හැකි වුව ද එවැන්නක් ක්‍රියාත්මක වන්නේ නැත. 
 
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට එන්නත ලබාදිය හැකි වුවත්, ඔවුන්ට එය ලබාදෙන ආකාරය පරිපාලනය කිරීමේ හැකියාවක් නැත.
 
 vaccine2
 
මේ අනුව, සිදුවී තිබෙන්නේ එන්නත ලබාදෙන හැම තැනකම ඉතාම අවදානම් තත්වයක් නිර්මාණය වීමයි.
 
 එන්නත ලබාගැනීම වෙනුවෙන් ඇතැම් තැන්වල ජනතාව පෝලිම්වලට එකතු වී තිබෙන්නේ පාන්දර දෙක-තුන වැනි වේලාවන්ටයි. 
 
එන්නත ලබාදෙන තැන්වල කිසිදු නිරෝධායන නීතියක් ක්‍රියාත්මක වන්නේ නැත.
 
 සමාජ පරතරයන් නම් ඇත්තේම නැත.
 
 ආරක්ෂක අංශවලට කළ හැකි කිසිවක් නැත. 
 
මෙමගින් එන්නත ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වේ.
 
Health Media 
 
මේ වන විට ශ්‍රී ලංකාවේ තිබෙන අරාජිකත්වය උපරිමයෙන් ප්‍රදර්ශනය වන අවස්ථාවක් වන්නේ කොවිඩ්-19 එන්නත්කරණයයි. රෝගය සමාජ සම්ප්‍රේෂණයක් වී තිබියදී ඒ බව පිළිනොගන්නා ශ්‍රී ලංකා රජය මේ වන විට මහල්ලන්ට මැරෙන්නට හැර තිබේ.
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(උපුටා ගැනීම - praja.lk)
 
 
 

 

 

 ‘‘ෆයිසර්‘‘ එන්නත් මාත්‍රා ලැබුණු පසු 60ට ඉහළ අයට දෙනවා‘‘

 
sudath samaraweera
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර
 
 
මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ, ස්පුට්නික් හා සයිනෝ‍ෆාම් කොවිඩ් මර්දන එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට ලබාදීමට නිර්දේශ නොමැති වුවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකි බවයි.
 
ස්පුට්නික් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ නොමැති අතර සයිනොෆාම් එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ කර ඇත්තේ අධීක්ෂණ තත්ව යටතේ බව ද වෛද්‍යවරයා සඳහන් ක‍ළේය.
 
එම කරුණු සළකා අදාළ එන්නත් මෙරට අවුරුදු 60ට වැඩි අයට ලබානොදෙන බවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලැබුණු පසු ඔවුන්ට ලබාදීමට හැකිවන බවත් හෙතෙම කීවේය.
 
ෆයිසර් එන්නත වැඩිහිටියන්ට ඉතා ආරක්‍ෂිත බව ද ඔහු සඳහන් කළේය.
 
 
සබැඳි පුවත් :
 

 


 

THE LEADER TV 

 
 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...