The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද? – කේ. සංජීව

T

The Leader Desk

May 13, 2021 • 5:46 AM

මාකඳුරේ මදුෂ්, ඌරු ජුවා, කොස්ගොඩ තාරක.. ඊළඟට කවුද? – කේ. සංජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලීසිය ආයෙත් පාතාලේ වගේ ක්‍රියාත්මක වෙන්න පටන් අරං.
  • ඒ වගේම බොහෝ දෙනෙක් පුරවැසියෝ ඒක අනුමත කරනවා.    ඇත්තටම අපිට මේ ඝාතනයන් මෙහෙම අනුමත කරන්න පුලුවන්ද?
  •        මාකඳුරේ මදුෂ් ඝාතනය කළේ කවුද?
  •     ප්‍රේමලාල් ජයසේකර      2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයකදී කහවත්තේ දී මරාදැමුණු ශාන්ත දොඩංගොඩගේ ඝාතකයා තමයි ලංකාවේ අධිකරණය සහ පොලීසිය කියන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඌරු ජුවාට පස්සේ කොස්ගොඩ තාරක ඝාතනය කරලා. ඇත්තටම මේවා ඝාතනයන්. අනික් පැත්තෙන් අධිකරණයට අපහාස කිරීම්!.
 
මේ මිනිස්සු සමාජයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමාජයට මේ මිනිස්සුන්ගේ පැවැත්ම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒකට පිළිතුර මෙහෙම ඝාතනය කිරීම නෙවෙයි. සීඅයිඩීයේ ඉඳලා සීසීඩී මාරු කරනවා කියන්නේ බඩු බනිස් කියලා ගොඩක් අය දන්නවා.
  
පුරවැසියේ සිනහවෙන් ඒක කියනවා. ඒ කියන්නේ අපි දැන් හැවෝම දන්නවා මේ මරණ්න තමයි හදන්නේ කියලා. ඒකියන්නේ මිනිස්සු පිළිගන්නවා පොලීසිය මිනී මරණවා කියලා. ඒ වගේම බොහෝ දෙනෙක් පුරවැසියෝ ඒක අනුමත කරනවා. 
 
ඇත්තටම අපිට මේ ඝාතනයන් මෙහෙම අනුමත කරන්න පුලුවන්ද?
 
පොලිස් අත්අඩංගුවේ ඉන්න මිනිහෙක් බෝම්බයකින් ගහන්න ගියා කියන එක කාටද පිළිගන්න පුළුවන් ? 
 
අධිකරණයට අපහාස කළා කියලා රංජන්ව හිරේ දාපු විනිසුරන් මෙන්න මේවා ගැන හිතලා බලන්න ඕනී. 
 
මෙහෙම ඝාතනයක් කරලා ඇවිත් පොලීසිය අධිකරණයට කියන්නේ පට්ටපල් බොරු. එතනදී අධිකරණය නොමගයැවීම කරන්නේ. අනික් පැත්තෙන් අධිකරණය හෑල්ලුවට ලක්කිරීම. කිසිම විනිසුරෙක් මේ ඝාතනයන් ගැන ප්‍රශ්න කළා කියලා පේන්න නෑ. අපිට ඇහෙන්නේ නෑ. මෙයින් පේන්නේ පොලීසියට ඕනෑනම් මිනිහෙක් මරන්න පුලුවන් ඒ සඳහා ලයිසමක් තියෙනවා කියන දේ.
  
අනික් පැත්තෙන් මෙහෙම ඝාතනයන් කරලා පාතාලය ඉවර කරන්න පුලුවන් ද? දේශපාලන ලොකු ලොක්කන් එක්ක එකතුවෙලා ඩීල් කරන පාතාලයන්ටත් මෙහෙමද පොලීසිය සකලන්නේ? මේවා තමයි ප්‍රශ්න. 
 
පාතාල සාමාජිකයෝ නීතියෙන් පැනලා යනවනම්, හිරේ ඉඳලත් කප්පම් ගන්නවා නම් ඒක නීතියේ ප්‍රශ්නයක්..
 
රාජ්‍ය ආයතනවල සහ එහි සේවය කරන සේවකයින්ගේ සේවාවන් පිළිබඳ ප්‍රශ්නයක්. 
 
ඒවා නිවැරදි කිරීම පාර්ලිමේන්තු සතු වැඩක්. රාජ්‍ය සතු කාර්‍යයක් ඒක. 
 
පොලීසියටත් පුලුවන් ඕනීනම් ඒ සඳහා යෝජනා ගෙන එන්න. ක්‍රියාත්මක වෙන්න. 
 
නමුත් ඒ කිසි දෙයක් නැතුව මෙහෙම මිනිස්සු මරා දැමීම අනුමත කරන්න බැහැ. මේ පළමු ඝාතනය නොවෙයි. ඒවගේම අවසාන ඝාතනයත් නෙවෙයි.
 
එක්නැළිගොඩ මරලා අතුරුදන් කරපු හමුදා සාමාජිකයන්, නාවික හමුදාවේ කරණ්නාගොඩ ප්‍රමුඛ ඝාතන කල්ලිය, ඔවුනුත් මෙහෙම ආයුද පෙන්වන්න අරගෙන යන්න පොලීසිය කල්පනා කරනවද? 
 
එක පැත්තකින් ඝාතකටන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. අනෙක් පැත්තෙන් ඝාතකයෝ අනීතිකව ඝාතනය කරනවා. මේ දෙකම සහාසික අපරාද කියලා තමයි කියන්න වෙන්නේ. රටක් මේ අන්ත දෙක අතර දෝලනය වෙනවා කියන්නේ ඒ රට පාතාල රාජ්‍යයක් කියන එක.
  

Madush

 
 
මාකඳුරේ මදුෂ් ඝාතනය කළේ කවුද? ඒ ඝාතකයෝ අදටත් හොයාගන්න නැහැ. ඒකෙන් පේන්නේ ඒ ඝාතනයත් පොලීසියේ සංවිධානාත්මක අපරාදයක් කියනඑක නෙවෙයිද? මාකඳුරේ මදුෂ් සීඅයිඩීයේ ඉන්නකොට මොනවද පාපොච්චාරණය කළේ? ඒවා අධිකරණයට වාර්තා කරලා තියෙනවද? ඒ ඔස්සේ පාතාලයන් ගැන පාතාල ක්‍රියාකාරකම් ගැන කුඩු ජාවාරම් ගැන හොයලා බැලුවද? හොයලා බැලුවනම් පරීක්ෂණ කළානම් ඒ මොනාද? මම හිතන්නේ නැහැ මේවට දෙන්න උත්තර පොලීසියට තිබෙනවා කියලා.
  
අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැතිනම් සීඅයිඩීය විතරයි තවම මෙහෙම අනීතික ඝාතනයන්වලට යොමුනොවී සිටින්නේ. 
 
මේ ආයතනයත් ඉදිරියේදී මේ විදිහටම හැසිරෙන්න උනොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට, නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට මොකද වෙන්නේ? 
 
පාස්කු පරීක්ෂණ මෙහෙයවපු නිළධාරීන් බොහෝ ප්‍රමානයක් සීඅයිඩීයෙන් වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර යැවීමේ පසුබිම තුළ අනාගතයේ සීඅයිඩීයටත් මේ උණ වැළඳෙන්න පුලුවන්.
 
 choka
ප්‍රේමලාල් ජයසේකර
 
  
2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයකදී කහවත්තේ දී මරාදැමුණු ශාන්ත දොඩංගොඩගේ ඝාතකයා තමයි ලංකාවේ අධිකරණය සහ පොලීසිය කියන විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර. ඔහු අද පාර්ලිමේන්තුවේ ඉඳලා කියනවා ඒක දේශපාලන පළිගැනීමක් කියලා. 
 
එතකොට බඩවැල් එළියට එන්න ශාන්තට වෙඩි තිබ්බේ කවුද? නැත්තං ඔහු ජපන් ක්‍රමයට බඩ කපාගත්තද? 
 
භාරත ලක්ෂ්මන් ඝාතනයට වඟකිව යුතුයි කියලා අධිකරණය මරණ දඬුවම දුන්න දුමින්ද සිල්වාට ඒ මරණ දඬුවම දුන්නේ දේශපාලනිකව පළිගන්න කියලා තමයි දැන් මේ ආණ්ඩුව සහ එහි ලොක්කෝ කියන්නේ.
 
පුද්ගලයෝ 11 දෙනෙක් පැහැරගෙන ගිහිං සහාසික විදිහට ඝාතනය කරපු වසන්ත කරන්නාගොඩ, දසනායක, හෙට්ටිආරච්චි ප්‍රමුඛ නාවික හමුදා ඝාතක කල්ලිය අද කියන්නේ මේ චෝදනා දේශපාලන පළිගැනීම් කියලා. 
 
එතකොට බඩකපලා මූදට වීසිකළා කියන මේ පුද්ගලයෝ 11 දෙනාට ඇත්තටම මොකද වුණේ? ඔවුන්ම බඩවල් කපාගෙන මුහුදට පැන්නාවත් ද? 
 
මේක තමයි ලංකාවේ නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමය. නීතිය සැමට සාධාරණයි කිව්වට ආණ්ඩුවේ ලොක්කන්ට හිතවතුන්ට ගජමිතුරන්ට අතිශය සාධාරණයි කියලා තමයි මටනම් හිතෙන්නේ.
 
එනිසා නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වෙන්න ඕනෑ කියලා හිතන පුරවැසියෝ ඉන්නවානම්, ඔවුන් මේ අපරාද රාජ්‍යය ක්‍රියාත්මක වෙන මුලු ක්‍රමයටම විරුද්ධ වියයුතුයි. මේකට විරුද්ධව තමන්ගේ හඬ අවධිකළ යුතුයි. කොස්ගොඩ තාරක, ඌරු ජුවා මේ මිනිස්සු නරක මිනිස්සු වෙන්න පුළුවන් හැබැයි කිසිම මිනිසෙකුගේ ජීවත්වීමේ අයිතිය උදුර ගන්න කාටවත් බෑ.
 
යම්කිසි වැරැද්දකට දඬුවම මොකද්ද ඒක දෙන්නේ කොහොමද කියන එක අධිකරණය තීරණය කළ යුතු දෙයක් මිස ඒක පොලීසියේ තුවක්කු උණ්ඩයකට භාරකරන්න නීතිගරුක රටකටනම් බැහැ.
 
 
කේ.සංජීව
මාධ්‍යවේදී 
(srilankabrief.org - කේ.සංජීවගේ මුහුණු පොතිනි)
 
 
  
 
බලාගෙන නොදැක්කා වගේ ඉන්න පුදුම රටක් !!
 
 dghdf
 
 
 
  
අම්මා පහුගිය දවස්වල ස වෙනුවෙන් නැහිච්ච කෙනෙක්.
 

tharaka

 
 
ඝාතන තැත දැනුවත්කරත් විපක්ෂයත් නිදි !
 
 

WhatsApp Image 2021 05 13 at 10.05.02 AM                                                   සමාජ මාධ්‍යයේ ඊයේ පලව තිබු පොස්ටුවක් 

 
කොස්ගොඩ තාරක නමින් හැදින්වේන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර යන සිය පුත්‍රයා කොළඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය රැක දෙන ලෙස ඔහුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා, නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග වෙබ් අඩවි කිහිපයක් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුම 'කොස්ගොඩ තාරක' ඝාතනය කිරීමේ අනතුර අවධාරණය කර තිබිණ.
 
දේශපාලන විශ්ලේෂකයකු මෙන්ම ප්‍රවීන මාධ්‍යවේදියකු වන සුනන්ද දේශප්‍රිය ඊයේ (12) සවස සිය ෆේස්බුක් පිටුවේ  මෙවැනි සටහනක් පළකර තිබිණ.
 
sfsd 
 
 tharaka 1
 
 
 
 
 
සබැඳි පුවත් :
 

 

 

 


 

 

 THE LEADER TV 

 
 

පවුලේ ගැටුම උග්‍ර අතට! බැසිල් කිසිවෙකුටත් නොදන්වාම රට යයි!

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...