The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

T

The Leader Desk

May 14, 2021 • 4:23 AM

අසාත්මික (ඇලර්ජි ) සහ කොරෝනා එන්නත්කරණය -විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන්ට අසාත්මික (ඇලර්ජි ) තත්වයක් ඇත්නම් කොරෝන එන්නත ලබා ගත හැකිද යන්න අද බොහෝ දෙනා හට ප්‍රශ්නයක්ව පවතී.
  • ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි.
  •   මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවුවක් විය හැක.
  • එය සුළු අසාත්මික(ඇලර්ජි) තත්වයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගත හැක.    මෙහිදී සුළු අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මෙම ප්‍රශ්නය නිසා කොරෝනා එන්නත ලබා නොගැනීමට ඇතැමුන් පෙළඹී තිබේ. ඔබට ඇති යැයි ඔබ සිතන අසාත්මික(ඇලර්ජි ) තත්වය නිසා කොරෝනා එන්නත ලබා ගත නොහැකිද යන්න පැහැදිළි මෙම කෙටි ලිපියේ අරමුණයි.
 
මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) තත්වය යම් ආහාරයක්, එන්නතක් ,ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවුවක් විය හැක. එය සුළු අසාත්මික(ඇලර්ජි) තත්වයක් නම් ඔබට කොරෝනා එන්නත ලබා ගත හැක. 
 
මෙහිදී සුළු අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.
 
 
-කිසිදු ඖෂධයකින් තොරව නැතිවී ගිය සමෙහි සුළු පලු නැගීමක් හෝ කැසීමක් 
 
 
-ඇස් කැසීමක් හෝ රතුවීමක්
 
 
-කට කැසීමක්, බඩ රිදුමක් හෝ පාචනයක් 
 
 
-නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක් 
 
 
-සුළු වියලි කැස්සක්
 
 
-උණක් හෝ ඇඟ රිදුමක් 
 
 
මෙයට පෙර ඔබට තිබුණු අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය මෙවැන්නක් නම් ඔබට කිසිදු සැකයකින් තොරව එන්නත ලබාගත හැක. ඔබේ පවුලේ අයෙකුට යම් අසාත්මිකතාවයක් ඇතිවීම එන්නත ලබාගැනීමට කිසිදු බාධාවක් නොවේ. 
 
එනමුත් ඔබට මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක්, ඖෂධයක්, කෘමියෙක්, සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා ඇතිවූ අසාත්මික(ඇලර්ජි) රෝග ලක්ෂණය බරපතල නම්, ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. 
 
මෙහිදී බරපතල අසාත්මික තත්වයන් ගණයට අයිති වන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයි.
 
-රුධිර පීඩනය අඩුවී අනෆිලකසිස් නම් රෝග තත්වය ඇතිවීම.
 
-හුස්ම ගැනීමේ අපහසුතාවය
 
-මුළු ශරීරයම ඉදිමීම
 
-උගුර, මුඛය ඉදිමී ආහාර සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇතිවීම 
 
-සිහි මුර්චා වීමක් 
 
  
මෙවන් රෝග ලක්ෂණයක් මින් පෙර ඔබට ඇතිවී නම් ඔබට එන්නත ලබා දියයුතුද , නැද්ද යන්න ඔබ ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් පසු, එන්නත්කරන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. 
 
ඇතැම් විට ඔහු ඔබ වැඩිදුර විමසීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කරනු ඇත.
 
 
 
dr ajith amarasinghe.1අසාත්මිකතාවයන් පිලිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
MBBS, DCH, MD (Sri Lanka),
MRCP, MRCPCH(U.K),
P.G Dip in Asthma & Allergy (CMC-Vellore),
MBA-Health Care (Manipal)
 

 

 


 

THE LEADER TV 

 

පොලිසියේ 'ඝාතන අධිකරණයට ' එරෙහිව නීතිඥ සංගමය දැඩි තීන්දුවකට.!

 

 

ගෝඨාට මහින්දට නොකියා රට ගිය බැසිල් සුරේන්ට කිවූ රහස?

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...