The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපතිතුමනි, ආරම්භය යහපත් නැත්නම් අවසානය ද යහපත් නොවේ - රසික ජයකොඩි

T

The Leader Desk

May 15, 2021 • 9:50 AM

ජනපතිතුමනි, ආරම්භය යහපත් නැත්නම් අවසානය ද යහපත් නොවේ - රසික ජයකොඩි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''හොඳ ආරම්භයක් නැතිව හොඳ අවසානයක් බලාපොරොත්තු විය නොහැකිය.''
  • ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඇඟිල්ල දිගු කළ හිටපු ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් සමග පුද්ගලිකව මට බොහෝ මතභේද ඇත.
  • ඔවුන් මේ ප්‍රශ්නයට සිරකිරීම සඳහා කරළියට ගෙනෙන ලද්දේ කුඩා දරුවෙකු වුවත් විශ්වාස නොකර විහිළු සහගත චෝදනා ය.
  • ඔහුගේ පවුලට මේ මොහොත වන විටත් ජීවත් වීමට මාර්ගයක් නැත.    එම කාරණය ම පමණක් ඔහුගේ දීර්ඝ රාජකාරි දිවියේ පවිත්‍ර බව පිළිබඳ සාධකයක් විය යුතුව තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
  
මීට වසර එකහමාරකට පමණ පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළ 69 ලක්ෂයක පිරිස පවා මේ තරම් කෙටි කාලයක් ඇතුළත එම රජය පරිහානියට පත් වෙනු ඇතැයි විශ්වාස නොකළ බව පැහැදිලි ය. 
 
වර්තමානයේ රටේ මතු වී තිබෙන අරාජික තත්ත්වය ඔවුන්ට පුදුමයකි. 
 
සත්‍ය වශයෙන් ම ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ යම් පෙරළියක් සිදු කරනු ඇතැයි සිතා ඔහු තෝරා ගත් පිරිසෙන් අති බහුතරයක් මේ වන විට බරපතළ කළකිරීමකට සහ අපේක්ෂා භංගත්වයකට පත් වී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. 
 
එතරම් විශාල ජනවරමක් සහිතව බලයට පත් වූ ආණ්ඩුවක්, එතරම් විශාල මාධ්‍ය බලයක් සහිතව බලයට පත් වූ ආණ්ඩුවක්, එතරම් විශාල බලාපොරොත්තු ගොන්නක් සමගින් බලයට පත් වූ ආණ්ඩුවක් මේ තරම් කෙටි කාලයකින් මේ තරම් විශාල පරිහානියකට ගමන් කළේ කෙසේ දැයි තේරුම් ගැනීම රටේ අනාගතය ගැන ගැඹුරින් සිතන සියලු දෙනාට ම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම අනාගතයේ දී බලයට පත්වන රජයකට වුවත් එයින් බොහෝ පාඩම් ඉගෙන ගත හැකිය. 
 
රටේ අනාගතය ගැන කිසිදු දැක්මක් නැති වීම:
 
වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් මා දකින ප්‍රධානත ම ප්‍රශ්නය වන්නේ ඔවුන්ට රටේ අනාගතය සම්බන්ධයෙන් කිසිදු දැක්මක් නැති වීමයි. 
 
ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ සෑම නායකයෙකුට ම තමන්ගේ පුද්ගලික බල අරමුණුවලින් සහ පක්ෂයේ වුවමනා එපාකම්වලින් එහාට ගිය පුළුල් දැක්මක් තිබුණි. 
 
ඔවුන් සෑම විට ම ගමන් කළේ එම පුළුල් දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණින් විනා කුමන විනාශයක් මතින් හෝ තමන් බලයට පැමිණීමේ අරමුණින් නොවේ. 
 
තමන්ගේ පුද්ගලික බල අරමුණු මත පමණක් පදනම් වී දේශපාලනය කළ කිසිම නායකයෙකුට ඉතිහාසයේ ගෞරවනීය ඉඩක් වෙන් වී නැත. වත්මන් ආණ්ඩුවට සහ එහි නායකයන්ට ද අත්වෙමින් පවතින ඉරණම එයයි.  
  
තම පුද්ගලික බල අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුවකට, තමන්ගේ පුද්ගලික බල අරමුණු වෙනුවෙන් දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් පළිගන්නා ආණ්ඩුවකට, තමන්ගේ පුද්ගලික බල අරමුණු වෙනුවෙන් රටේ අනාගතය සමග සෙල්ලම් කරන ආණ්ඩුවකට අත් වෙන පොදු ඉරණම මේ ආණ්ඩුවට ද අත් වී ඇත.
 
 නමුත් ප්‍රශ්නය වන්නේ මේ ආණ්ඩුව සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයේ ගැඹුර මේ රටේ සිවිල් සමාජය නිවැරදිව තේරුම් නොගැනීමයි. 
 
ආණ්ඩුවේ පරිහානිය මේ වන විට පොදුවේ සියලු දෙනාට ම පැහැදිලි කාරණයක් වුවත් මේ අර්බුදයේ ගැඹුර පිළිබඳව තවමත් සමාජයේ ප්‍රමාණවත් කතාබහක් පෙනෙන්නට නැත. 
 
මා ඉතා ප්‍රබලව විශ්වාස කරන සත්‍යයක් නම් අපවිත්‍ර චේතනාවෙන් අයහපත් ලෙස අරඹන ලද කිසි දෙයක් යහපත් ලෙස නිමා නොවන බව ය. එය පුද්ගලයෙකුට මෙන් ම රටක ආණ්ඩුවකටත් පොදු සනාතන සත්‍යයකි. අපිරිසිදු සිතින් අයහපත් අරමුණින් ආරම්භ කරන කිසිවකින් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ නැත.
  dfgf
"සිස්ටම් චේන්ජ්" හෙවත් ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තුවෙන්....
 
  
විශාල ජනවරමක් සමග බලයට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් බලයට පැමිණි සැණින් රටේ ගමන් මග වෙනස් කිරීම සඳහා වූ පුළුල් ප්‍රතිසංස්කරණ මාලාවකට අවතීර්ණ විය යුතුව තිබිණි. 
 
ඒ වන විටත් රටේ "සිස්ටම් චේන්ජ්" හෙවත් ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ගොඩනැගී තිබිණි.
 
 ගෝඨාභය රාජපක්ෂ මහතා කළ යුතුව තිබුණේ ඒ 'දේශපාලන මොහොත' භාවිතා කරමින් ඉතිහාසයේ නොවූ විරූ තරමේ පුළුල් ප්‍රතිසංස්කරණ මාලාවකට ගමන් කිරීම ය. යම් හෙයකින් එසේ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි මට්ටමේ දේශපාලන ශක්තියක් ඒ සමග ගොඩනගා ගත හැකිව තිබිණි. 
 
 
 
ස්විස් තානාපති කාර්‍යාල නාඩගම :
 
එහෙත් ඇත්ත වශයෙන් ම බලයට පැමිණි මුල් දින කිහිපයේ ඔවුන්ගේ කාලය ගත වුණේ කුමක් වෙනුවෙන් ද? බලයට පැමිණ මුල් දින කිහිපයේ මේ ආණ්ඩුව වැඩි ම අවධානයක් යොමු කළේ ස්විස් තානාපති කාර්‍යාල නාඩගම වෙනුවෙනි. 
 
ඉන්පසු ඔවුන්ගේ අවධානය යොමු වුණේ ශානි අබේසේකර මට්ටු කිරීම වෙනුවෙනි. මේ මොහොතේ පවා ආණ්ඩුව හැකි සෑම උත්සාහයක් ම දරන්නේ කෙසේ හෝ හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර වැනි විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට ය. 
 
ඒ අතරමැද ඔවුන් කළ බොහෝ දේ පිටුපස තිබුණේ ද එවැනි ම පටු දේශපාලන අරමුණු මිස රට පිළිබඳ දියුණු දැක්මක් නොවේ.  මේ සියල්ලක් ම ඔවුන්ගේ කෙටිකාලීන බල අරමුණු සන්තර්පණග කරගැනීම සඳහා ගසන ලද දේශපාලන ගේම් මිස අන් කිසිවක් නොවේ.
 
 Krishantha Darisha Shani
ක්‍රිෂාන්ත කුරේ - දරීෂා බැස්ටියන් -ශානි අබ්සේකර
 
  
ස්විස් තානාපති නාඩගම ගැන ගනිමු. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ඇඟිල්ල දිගු කළ හිටපු ලේක්හවුස් සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ මාධ්‍යවේදිනී දරීෂා බැස්ටියන් සමග පුද්ගලිකව මට බොහෝ මතභේද ඇත. එමනිසා ම වසර කිහිපයක සිට මා ඔවුන් සමග කිසිදු පුද්ගලික සම්බන්ධතාවක් පවත්වන්නේ ද නැත. 
 
එසේ වුවත් මෙලෙස පැහැර ගැනීමේ සිද්ධියකට ඔවුන්ගේ නම් ආඳා ඔවුන්ගෙන් පළිගන්නට උත්සාහ කිරීම ඉතා ම පිළිකුල් සහගත ක්‍රියාවක් බව ඕනෑම කෙනෙකුට පැහැදිලි විය යුතුය. ඔවුන් මේ ප්‍රශ්නයට සිරකිරීම සඳහා කරළියට ගෙනෙන ලද්දේ කුඩා දරුවෙකු වුවත් විශ්වාස නොකර විහිළු සහගත චෝදනා ය.
 
 
 
 
ශානි අබ්සේකර :
 
ශානි අබ්සේකර සම්බන්ධයෙන් ද තත්ත්වය එයයි. ශානි අබේසේකර සමග පුද්ගලික විරසකයක් තියන පුද්ගලයෙකු පවා ශානි අබේසේකර වංචනික පොලිස් නිලධාරියෙකු ලෙස පිළිගන්නේ නැත. 
 
ශ්‍රී ලංකාවේ දරුණු ම අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවා තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වූ ඔහු අත්අඩංගුවට පත්වන විටත් ජීවත් වූයේ වර්ග අඩි 550ක කුඩා නිවසක ය. ඔහුගේ පවුලට මේ මොහොත වන විටත් ජීවත් වීමට මාර්ගයක් නැත. 
 
එම කාරණය ම පමණක් ඔහුගේ දීර්ඝ රාජකාරි දිවියේ පවිත්‍ර බව පිළිබඳ සාධකයක් විය යුතුව තිබිණි. එහෙත් හෘදය සාක්ෂිය මරා දැමුණු රටකට මේ කිසිවක් වැදගත් නැත.
 
  
ක්‍රිෂාන්ත කුරේ, දරීෂා බැස්ටියන්ස් සහ ශානි අබේසේකර යන සියල්ලන් ම දඩයම් කිරීමට ලක් වූයේ ඔවුන් ගේ වෘත්තීය ජීවිතය නිසා ය. එම සිදුවීම් මෙරට වෘත්තීයවේදීන් අතර පක්ෂ භේදයකින් තොරව කම්පනයක් ඇති කළ යුතුව තිබිණි. එහෙත් අඩුම තරමේ ඔවුන්ට පුද්ගලිකව හිතවත්ව සිටි වෘත්තීයවේදීන් පවා ඒ මොහොතේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙන්නට සිතුවේ නැත.
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශිෂ්ට කතාවක් කරමින් පැවසුවේ වෘත්තීයවේදීන් දඩයම් කිරීම රටකට භයානක ප්‍රතිඵල ගෙන දෙන කාරණයක් බවයි. 
 

 
 අද සත්‍ය වී පවතින්නේ ඉරාන් වික්‍රමරත්න මහතා ගේ අනාවැකිය නොවේද? 
 
අද වෘත්තීයවේදීන් මේ පාලනය තුළ කොන් වී සිටී. කොරෝනා පළවෙනි රැල්ල පාලනය කිරීමට විශාල කාර්‍යභාරයක් කළ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය පබා පලිහවඩන සහ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වැනි වෘත්තීයවේදීන් ඉවතට අතු ගෑවී ගොස් තිබේ. 
 
කිසිදු වෘත්තිකයෙකුට ආණ්ඩුව ගැන විශ්වාස කරන්නේ නැත. කිසිදු තීරණයකට වගකීමක් ගන්නට කෙනෙක් නැත. 
 
සියලු දෙනා ම ප්‍රමුඛ කාර්‍යය ලෙස සිතන්නේ තම ඇඟ බේරා ගැනීමය. මේ නිසා සමස්ත රාජ්‍ය යන්ත්‍රණය ම බිඳ වැටී තිබේ. 
 
රට එක ම කැඳ හැළියක් බවට පත් වී තිබේ. 
 
 
 
පළිගැනීම පිළිබඳ බිය එන්නත් කිරීම:
 
ඕනෑම රටක් ඉදිරියට යාමට නම් ඒ රටේ වෘත්තීයවේදීන්ට ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කළ හැකි වටපිටාවක් නිර්මාණය කර දිය යුතුය. වෘත්තීයවේදීන් ගේ කොඳු කඩා ඔවුන් දේශපාලන හෙංචයියන් බවට පත් කළහොත් රටකට ඉතා භයානක ප්‍රතිඵල අත් විඳින්නට සිදු වේ. 
 
මේ මොහොතේ ඒ සඳහා ලෝකයේ හොඳම උදාහරණය ශ්‍රී ලංකාවයි. 
 
මේ ආණ්ඩුව වෘත්තීයවේදීන් ගේ පිටකොඳු කඩා දැමුවේ පළිගැනීම පිළිබඳ බිය ඔවුන්ට එන්නත් කිරීම හරහා ය. 
 
 
එමනිසා මේ මොහොතේ සිදු කළ යුතු ප්‍රධානත ම කාර්‍ය්‍යක් වන්නේ මේ රටේ වෘත්තීයවේදීන් ආරක්ෂා කරගැනීමයි. ඔවුන් ගේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සුරක්ෂිත කිරීම සඳහා හැකි උපරිමයෙන් මැදිහත් වීමයි. 
  
සමගි ජන බලවේගයට පමණක් නොව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයට ද ජනතා විමුක්ති පෙරමුණට ද ද්‍රවිඩ ජාතික සන්ධානයට ද සිවිල් සංවිධානවලට ද මේ සම්බන්ධයෙන් විවාදයක් තිබිය නොහැකිය. 
 
 මේ සිදුවෙන විනාශයෙන් මේ රට බේරා ගත හැකි එක ම ක්‍රමය දේශපාලන හෙංචයියන් නොවන, ප්‍රතිපත්තියක් සහිත, දක්ෂ, අවංක සහ ස්වාධීන වෘත්තීයවේදීන් වෙත රාජ්‍ය යාන්ත්‍රණය භාරකිරීමයි. 
 
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ඉතා ම කෙටිකලකින් වැඩි ම පරිහානියකට පත්වූ ආණ්ඩුවේ වසර එකහමාරක ගමන් මග අපට යළි යළිත් කියාදෙන පාඩම මෙය නොවේද?
 
 
Rasika Jayakodi(රසික ජයකොඩි)
සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් 

 

 

 


 

THE LEADER TV 

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජනපතිතුමනි, ආරම්භය යහපත් නැත්නම් අවසානය ද යහපත් නොවේ - රසික ජයකොඩි | The Leader