The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ලිංගික අපයෝජන සිදුවීමකින් පසු ගැබ් ගැනීම නිසා මානසිකව කඩා වැටුණා' - ලේඩි ගාගා

T

The Leader Desk

May 22, 2021 • 4:13 AM

 'ලිංගික අපයෝජන සිදුවීමකින් පසු ගැබ් ගැනීම නිසා මානසිකව කඩා වැටුණා' - ලේඩි ගාගා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමන් ගැබ් ගැන්වූ ලිංගික අපයෝජන සිදුවීමක ප්‍රතිපලයක් ලෙස පසුකාලීනව බරපතල මානසික බිඳ වැටීමකට ලක් වූ බව ජනප්‍රිය ගායන ශිල්පිනි ලේඩි ගාගා හෙළි කර තිබෙනවා.
  • ඔහු එතනින් නැවතුනේ නෑ."   "මගෙන් අහන එක නැවැත්තුවේ නෑ, මම ගල් ගැහුණා, මම .....
  • මට මතකවත් නැහැ."     කෙසේ වෙතත්, අපයෝජකයාගේ නම කෙදිනක හෝ හෙළි නොකරන බව ලේඩි ගාගා කියා සිටියා ය.    "#MeToo ව්‍යාපාරය ගැන මම දන්නවා, සමහරුන්ට ඒකෙන් ලොකු සැනසීමක් ලැබෙනවා කියන එකත් මම දන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):
ඇඳුම් උනා දැමුවේ නැතිනම් ඇයගේ සංගීත නිර්මාණ පුළුස්සා දමන බවට තර්ජනය කොට සංගීත නිෂ්පාදකවරයෙක් විසින් ඇය ලිංගික අතවරයට ලක්කර තිබුණේ වයස අවුරුදු 19 දී ය. 
 
ටෙලි වැඩසටහන් නිෂ්පාදිකා ඔප්රා වින්ෆ්‍රේ සහ හැරී කුමරු විසින් මෙහෙයවන The Me You Can't See නම් සාකච්ඡා වැඩසටහනේ පළමු කතාංගයට එක්වෙමින් ලේඩි ගාගා මේ බව කියා තිබුණි. 
 
සැබෑ නාමය ස්ටෙෆනි ජොඈන් ඇන්ජලිනා ගර්මනොටා නම් වන 35 හැවිරිදි මේ තරුව අදාළ සිදුවීමෙන් පසු පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පීඩා විඳින බව පළමු වරට හෙළි කළේ 2016 දී පමණ ය.
 
"එතකොට මට අවුරුදු 19ක්, මම ක්ෂේත්‍රයේ වැඩ කරමින් හිටියේ, නිෂ්පාදකවරයෙක් "ඇඳුම් ගලවන්න," කියලා මට කිව්වා. "මම බැහැ කියලා එතනින් ගියා, මගේ සංගීත නිර්මාණ ඔක්කොම පුච්චනවා කියලා ඔහු මට කිව්වා. ඔහු එතනින් නැවතුනේ නෑ."
 
"මගෙන් අහන එක නැවැත්තුවේ නෑ, මම ගල් ගැහුණා, මම ..... මට මතකවත් නැහැ."  
 
කෙසේ වෙතත්, අපයෝජකයාගේ නම කෙදිනක හෝ හෙළි නොකරන බව ලේඩි ගාගා කියා සිටියා ය. 
 
"#MeToo ව්‍යාපාරය ගැන මම දන්නවා, සමහරුන්ට ඒකෙන් ලොකු සැනසීමක් ලැබෙනවා කියන එකත් මම දන්නවා. ඒත් මට එහෙම නෑ. මට ආයේ කවදාවත් ඔහුගේ මූණට මුලිච්චි වෙන්න වත් උවමනාවක් නෑ."
 
තමන් මානසික බිඳ වැටීමකට මුහුණ දුන්නේ අපයෝජන සිදුවීමෙන් වසර කිහිපයකට පසුව බව ඇය කියයි. 
 
සිරුරේ දැඩි වේදනාවක් සහ පණ නැති ස්වභාවයක් නිසා රෝහල් ගත කිරීමෙන් පසු මනෝ වෛද්‍යවරයෙක් වෙත ඇය යොමු කර තිබුණි. 
 
"අවුරුදු කිහිපයක් යනකන් මගේ ඇතුලේ හිටියේ කලින් හිටපු මම නෙවෙයි. අපයෝජනය කළාට පස්සේ දැනුණු වේදනාව තමයි මට වේදනාවක් විදියට දැනිලා තිබුණේ." 
 
යථා තත්වයට පැමිණීමට ඇයට වසර දෙක හමාරක් ගත වී තිබුණු අතර වසර ගණනාවක උත්සාහයෙන් පසු එතනින් එළියට පැමිණීමට හැකි සියලු ක්‍රම තමන් උගත් බවත් සියලු දේ ඉන්පසුව හොඳ ආකාරයට වෙනස් වීමට පටන් ගත් බවත් ඇය කියයි. 
 

 
යම් සිදුවීමක් සම්බන්ධයෙන් ඔබ මානසිකව පීඩා විඳින්නේ නම්, එවැනි අවස්ථාවකදී පහත සඳහන් හදිසි උපකාර අංකයන් ඇමතීම ඔස්සේ අවශ්‍ය උපකාර ලබාගැනීමට ඔබට හැකියාව තිබේ, 
 
CCC line : 1333
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය : 1926 
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ : 0112696666 
 
(අවාරා)
 
 
###############
THE LEADER TV 
 
 
මහා ජීවිත විනාශක් අතළඟයි : දැන්වත් කියන දේ අහන්න
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
     
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'ලිංගික අපයෝජන සිදුවීමකින් පසු ගැබ් ගැනීම නිසා මානසිකව කඩා වැටුණා' - ලේඩි ගාගා | The Leader