The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අත්අඩංගුවට ගනිද්දී හිනැහුණ පලස්තීන තරුණිය

T

The Leader Desk

May 23, 2021 • 5:18 PM

අත්අඩංගුවට ගනිද්දී හිනැහුණ පලස්තීන තරුණිය 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවීමට ප්‍රථම දින 11ක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 232 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූහ. කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිති.
  •   හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකරන ලද දහස් ගණන් රොකට් ප්‍රහාර හේතුවෙන් 12 දෙනෙක් මරුමුවට පත්වූහ.
  •   ගාසා තීරයේ ගැටුම් හටගත්තේ, නැගෙනහිර ජෙරුසෙලමේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ තිබෙන ප්‍රදේශයක සති කිහිපයක් තුළ පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් අතර පැවති උණුසුම ගැටුම්කාරී තත්ත්වයක් බවට පරිවර්තනය වීමෙන් අනතුරුවය.
  •   පසුගිය මැයි 08 වෙනි දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවත් ඇය සොල්දාදුවාගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටියාය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඊශ්‍රායලය පවසන්නේ, ඒ අතරින් 150 කට වැඩි පිරිසක් හමාස් කැරලිකරුවන් බවය.
 
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ලකරන ලද දහස් ගණන් රොකට් ප්‍රහාර හේතුවෙන් 12 දෙනෙක් මරුමුවට පත්වූහ. දරුවන් දෙදෙනෙක් ද ඒ අතර සිටිති.
 
ගාසා තීරයේ ගැටුම් හටගත්තේ, නැගෙනහිර ජෙරුසෙලමේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ තිබෙන ප්‍රදේශයක සති කිහිපයක් තුළ පලස්තීන සහ ඊශ්‍රායල ජාතිකයන් අතර පැවති උණුසුම ගැටුම්කාරී තත්ත්වයක් බවට පරිවර්තනය වීමෙන් අනතුරුවය.
 
මේ අතර, ජෙරුසෙලමේ ෂෙයික් ජරා (Sheikh Jarrah) ප්‍රදේශයේ දී පලස්තීන ජාතිකයන් උද්ඝෝෂණයක නිරතව සිටියදී ඊශ්‍රායල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියක් කිසිදු චකිතයකින් තොරව හිනැහෙමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් විශාල පිරිසක් විසින් හුවමාරු කරගනු ලැබ තිබුණි.
 
පසුගිය මැයි 08 වෙනි දින අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවත් ඇය සොල්දාදුවාගෙන් දැඩිව ප්‍රශ්න කරමින් සිටියාය.
 

 
 
මරියම් අෆිෆි නම් එම 26 හැවිරිදි තරුණිය ජෙරුසෙලමේ වාසය කරන සංගීත ශිල්පිණියකි.
 
"ජෙරුසෙලමේ දියණියෝ" (Daughters of Jerusalem) නම් සංගීත කණ්ඩායමේ 'ඩබල් බේස්' වාදන ශිල්පිනිය වන ඇය "පලස්තීන තරුණ වාද්‍ය වෘන්දය" (Palestine Youth Orchestra) සංගීත සමූහයේ ද සාමාජිකාවකි.
 
"මාව ඇදගෙන ගිහිල්ල, පහරදීල ඒ සොල්දාදුවා උත්සහ කළේ එයාට බලයක් තියෙනව කියල පෙන්නන්න," මරියම් අෆිෆි පැවසීය.
 
ඇය බීබීසී සමඟ අදහස් දැක්වූයේ අත්අඩංගුවට ගැනීමෙන් දිනකට පසුව අධිකරණය විසින් ඇය නිදහස් කරනු ලැබීමෙන් අනතුරුවය.
 
 
 
"ප්‍රචණ්ඩත්වය කියන්නේ දුර්වල කමේ සංකේතයක්"
 
"මම හිනාවුනේ, දුර්වලයෙක් නොවෙයි නම් කිසිම කෙනෙක් ප්‍රචණ්ඩත්වයට යොමුවෙන්නේ නැති නිසා."
 
නිදහස් වී ජෙරුසෙලමේ සිය දෙමාපියන් සමඟ වෙසෙන මහල් නිවාසයට පැමිණ සිටින අතරවාරයේ බීබීසී සමඟ අදහස් දැක්වූ මරියම් අෆිෆි (Maryam Afifi) කියා සිටියේ, පහරදීම සහ රාත්‍රියක් සිර කුටියක ගතකිරීම හේතුවෙන් ඒ වනවිටත් සිය සිරුර කකියන බවය.
 
"ප්‍රචණ්ඩත්වය කියන්නේ දුර්වලකමේ සංකේතයක්. මම හිනාවුනේ ඒ බව ඒ සොල්දාදුවාට පෙන්නන්න."
 
 ddf
 ඡායාරූප මූලාශ්‍රය, HANDOUT
 
 
තමන් දිගටම රඳවා ගැනීමට ඊශ්‍රායල පොලිසියට අවශ්‍යව තිබුණ ද, සිය නීතිවේදීන්ගේ උත්සාහය හේතුවෙන් ඉක්මණින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදු වූ බව තරුණ සංගීත ශිල්පිනිය කියා සිටියාය.
 
"මාව අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි කියල මගේ නීතිඥයා තර්ක කළා."
 
එය අනුමත කළ අධිකරණය ඇය නිදොස් කොට නිදහස් කළේය.
 
ඇය අත්අඩංගුවට ගනු ලැබුණේ ජෙරුසෙලම නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටියදී පහර දීමට ලක් වූ තවත් තරුණියක බේරාගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
 
"මොකක්ද මම කරපු වරද? පහරකමින් හිටපු තරුණියක් ආරක්ෂා කරන්න හදපු එකද?," යනුවෙන් ඇය දිගින් දිගටම සොල්දාදුවාගෙන් ප්‍රශ්න කරනු වීඩියෝ පටයේ සටහන්ව තිබේ.
 
"තරුණියක් කලන්තේ දාල බිම වැටිලා හිටිය. කවුරුවත් එයාට උදවු කරන්න ආවේ නෑ. සොල්දාදුවෝ එයාට පහර දීල, එයාව අත්අඩංගුවට ගන්න උත්සහ කළා. ඒ වෙලාවේ තමයි මම එයාට උදවු කරන්න හැදුවේ," මරියම් බීබීසී සමඟ විස්තර කළාය.
 
ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිල ගියේ ඉන් දින කිහිපයකට පසුවය.
 
 
(සරෝජ් පතිරණ -BBC සිංහල සේවය)
 

 

 

 


 

THE LEADER TV 
 
සබ්රිගේ මිස්ටේක් ගැන බැසිල් ඇලට් එකේ

ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අත්අඩංගුවට ගනිද්දී හිනැහුණ පලස්තීන තරුණිය | The Leader