The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මට බැහැ චීන අකුරු ඇහැට හුරුකර ගන්න...-මහේෂ් හපුගොඩ

T

The Leader Desk

May 24, 2021 • 9:38 AM

මට බැහැ චීන අකුරු ඇහැට හුරුකර ගන්න...-මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන අධිරාජ්‍යයේ ආගමනය ගැන බුකියේ දාන පෝස්ට් දැකල දැකල දැන් ඇතිවෙලා.
  • අපිට කලින් පරම්පරාවල් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ගියේ මේ අනේකත්ව පසුබිමේ ඉඳල.    අඩුම තරමින් බණ්ඩාරනායක පවා......ඒ අර දියුණුව හරි උසස් බව හරි මොකක් හරි ගැන තිබ්බ අදහසක් එක්ක.
  • උන් කියන්නේ ඇත්ත කියලත් තේරුණා.    මොනවා කිව්වත් අර සුද්දගේ අවතාරය එහෙමම තිබ්බා.
  •   මට බැහැ චීන භාෂාව දෙවන භාෂාව හැටියට ඉගෙන ගන්න හිත හදා ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
සිතුවිළි වල මොකක් හරි පැරඩයිම් ෂිෆ්ට් (paradigm shift) එකක් වගේ දෙයක් වෙමින් යනවා කියල දැනෙන්න ගත්තා. 
 
ඒ කියන්නේ කලින් හිතපු විදිය වෙනුවට, එහෙම හිතන්න පාවිච්චි කරන්න ගත්ත මෙවළම් (tools) වෙනුවට, අළුත් මෙවලම් ඕනි කියල හිතෙන්නේ මට විතරද කියල දැනෙන්න ගත්තා. සියල්ල උඩුයටිකුරු වෙමින් යනවා වගේ හැඟීමක් ආව. 
 
ඉස්සර අපි හිතුවේ බටහිර අනෙකා කරගෙන. බටහිර විදියට වෙන්න, එහෙම ජීවන ශෛලියක් ගත කරන්න, ඒ භාෂා කතා කරන්න, එහෙම ඇඳුම් අඳින්න, ඒ අධ්‍යාපනය ලබා ගන්න තිබ්බ මෝටිවේෂන් එක අපිට ආවේ (අභිප්‍රේරණය) බටහිර බව (Westernization) ගැන අපේ හිතේ තිබ්බ ෆැන්ටසි එක එක්ක. 
 
  
ඒ අනේකත්ව කතිකාවට එකඟ වෙන්න හරි එරෙහි වෙන්න හරි අපි ෆැනොන් කියෙව්වා, භාභා කියෙව්වා, ස්පිවැක් කියෙව්වා, ෆූකෝ කියෙව්වා, ඩෙරීඩා කියෙව්වා...තව හැට හුට හමාරක් කියෙව්වා. 
 
නම් සඳහන් කළත් නැතත් අපේ සිතුවිලි සඳහා බලපෑම් කළේ ඒ අය. ඒ ධාරාවන්. ෆැෂන් එකක් හැටියට හරි මිනිස්සු ඒවා කියෙව්වේ යම් අනේකත්වයක් එක්ක. 
 
 
අපි යන්න සිහින දැක්කේ නිව්යෝක්, ලස් වේගාස්, ලන්ඩන් වගේ තැන් වලට. අපිට කලින් පරම්පරාවල් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ගියේ මේ අනේකත්ව පසුබිමේ ඉඳල. 
 
අඩුම තරමින් බණ්ඩාරනායක පවා......ඒ අර දියුණුව හරි උසස් බව හරි මොකක් හරි ගැන තිබ්බ අදහසක් එක්ක. අනුකරණය කරන්න හරි එරෙහි වෙන්න හරි මොකක් හරි කරන්න අපිට අනෙකෙක් හිටියා (the Other). 
 
 
අපි බුදුන් ගැන කියෙව්වේ ඩෙරීඩා කියවලා. ඒක තමයි ඇත්ත. ඒක තමයි උරුමය.  
 
දෙවන භාෂාව හැටියට ජීවිතේ පුරා ඉංග්‍රීසි ඉගෙන ගත්තා (English as a second language). ඉස්කෝලේ ඉංග්‍රීසි ඉගැන්නුවා. විස්ස විද්‍යාලෙත් ඉගැන්නුවා. ඉංග්‍රීසි උගන්වන්න ලොකු ලොකු ප්‍රොජෙක්ට් ආවා. ඒවත් දැන් ක්‍රියාත්මක වෙනවා. 
එක කාලයක් කිව්වා සුද්දා වගේ ඉංග්‍රීසි කතා කරන්න කියල. පස්සේ කිව්වා එහෙම ඕනි නැහැ ඔයාලගේ විදියට කතා කරන්න කියල. කොහොම කතා කලත් ඒ හැම තැනකම සුද්දා හිටියා. හොල්මන් කළා. පුද්ගලිකව ගත්තොත් මම ඒ හොල්මන් සුද්දට ( Western spectre) කැමැත්තෙන් හිටියා. 
 
ඉංග්‍රීසි සිංදු ඇහුවා, ඉංග්‍රීසි ෆිල්ම් බැලුවා, ඉංග්‍රීසි නවල් කියෙව්වා, ඉංග්‍රීසි නිලංකාර චිත්‍රපට බැලුවා, ෆැෂන් ෂෝ බැලුවා....අපේ හිතේ ඉංග්‍රීසි අවතාරයක් හොල්මන් කළා. 
 
ඒකෙන් ගැළවෙන්න කියල නිර්-යටත් විජිත චින්තකයෝ කිව්වා. ඒවත් කියෙව්වා. උන් කියන්නේ ඇත්ත කියලත් තේරුණා. 
 
මොනවා කිව්වත් අර සුද්දගේ අවතාරය එහෙමම තිබ්බා. උගෙන් ගැළවෙන්න හැදුවත් ඌ ආයේ ආයෙත් ආවා. ඉදිරියට තවත් ප්‍රභලව ඒක එන්න නියමිතයි. 
  
english 
 
ඌ හදපු ආචාර ධර්ම ගැන කතිකාව, නිදහස ගැන කතිකාව, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතිකාව, දියුණුව ගැන කතිකාව, අරගලය ගැන කතිකාව, පරමාදර්ශ ගැන කතිකාව එක්ක තමයි මොනවා ගැන හරි අපිත් කතා බහ කරන්න පටන් ගත්තේ...අපි ළඟ තිබ්බ දෙයක් ගැන හරි නැවත හැරිලා බලන්න අපිට බලකලේ උගේ කතාව ඇහුවට පස්සේ. උගේ කතාවෙන් පස්සේ තමයි අපිත් කතාවක් කියන්න ඕනි කියල තීරණය කලේ. 
 
නමුත් මේ හැම එකක් එක්කම පැවති බටහිර අනේකත්වය (Western otherness) වෙනුවට දැන් දැන් චීන භාවයක් (Chinese-ness) අපි කරා එමින් පවතිනවා. චීනට සල්ලි තියන නිසා සහ අපිට සල්ලි නැති නිසා වෙන්න පුළුවන්. බටහිර දැන් අපි දිහා බලන්නේ නැති නිසා වෙන්න පුළුවන්. පෝට් සිටි හදන නිසා වෙන්න පුළුවන්. 
 
ඒත්....
 
මට බැහැ චීන භාෂාව දෙවන භාෂාව හැටියට ඉගෙන ගන්න හිත හදා ගන්න. මට බැහැ චීන නවකතා ඉංග්‍රීසි වගේ කියල හිතල ඒවා ඉගෙන ගන්න (එයින් අදහස් කරන්න නැහැ ඔවුන් විසින් ලෝක සාහිත්‍යයට කරලා තියන දේ අගය කරන්නේ නැහැ කියල). 
 
මට බැහැ චීන රොක් ඇමෙරිකන් හරි බ්‍රිටිෂ් රොක් කියල හිතාගෙන ඒවා අහන්න හිත හදා ගන්න. චීන නිලංකාර චිත්‍රපටි බලන්න හිත හදා ගන්න. චීන මොඩල්ස් ල දිහා බලාගෙන ඉන්න...
 
උන් හොඳටම වෙස්ටන් ඇති. කොච්චර වෙස්ටන් උනත් උන්ට බැහැ සුද්දා වෙන්න... උන්ට බැහැ මගේ ෆැන්ටසි එක වෙන්න....ඒක තමයි වෙනස. 
 
කවදා හරි ෆයිට් එක තියෙන්නේ එතන. ඒ ෆැන්ටසි එකට අවංක වෙන තැන. ඒක තමයි මට හිතෙන්නේ බටහිර අවතාරය තවත් ප්‍රභලව හොල්මන් කරන්න නියමිතයි කියල.  හැබැයි ඒකට ෆැන්ටසි එකක් තියන්න ඕනි. ෆැන්ටසි නැති සොම්බි මළමිනී නම් ඔහේ දෙන දෙයක් කාල ඉඳියි. 
 
මම මේ ලිව්වේ මගේ රෝග ලක්ෂණය. අනික් අය ඒකෙ පැටලෙන්න උවමනා නැහැ. ඔයාලගේ පාරේ ඔයාල යන්න...චීන අකුරු ඇහැට හුරු කර ගන්න. 
 
මේක ලියන වෙලාවෙත් අහන්නේ රොඩ් ස්ටුවට් ගේ Have I Told You Lately කියන ආදරයේ නොස්ටැල්ජික සහ බලාපොරොත්තු සහගත සිංදුව. ආදරයට ඉහලින් කිසිවක් නැහැ කියල ඒකෙ කියනවා. ඒ ආදරය ඔස්සේ මගේ වේදනාව නිවන්න කියල ඒකෙ කියනවා.  
 
 
ඔන්න ලින්කුවත් දැම්මා අහනවා නම් අහන්න.  
 

  
Image@ Bruce Springsteen (ඒ මගේ වීරයෙක්. ඔයාලගේ වීරයෙක්ගේ රූපයක් ඔයාල දාගන්න).
 
 
Mahesh Hapugodaමහේෂ් හපුගොඩ 
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


 

THE LEADER TV 

  

සබ්රිගේ මිස්ටේක් ගැන බැසිල් ඇලට් එකේ

 
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...