The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොරපාරෙන් ඉන්ජෙක්ෂන් එකක්වත් ගහගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? - ආචාර්ය ප්‍රදීප් වීරසිංහ

T

The Leader Desk

May 30, 2021 • 1:09 PM

හොරපාරෙන් ඉන්ජෙක්ෂන් එකක්වත් ගහගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? - ආචාර්ය ප්‍රදීප් වීරසිංහ    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (ජේ .ආර් ගේ ජොබ් කාඩ් එකේ ඉදලා සමන්ලාල් ප්‍රනාන්දුගේ ඉන්ජෙක්ෂන් චිට් එක දක්වා)
  •    මම 1994 ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ප්‍රචාරය කරන්න ගුවන්විදුලි වැඩසටහනක් නිෂ්පාදනය කළා.
  • 2005, 2009, 2015, 2019 ආණ්ඩු මාරු වීමෙන් පස්සේ  වුණෙත් මේ ටිකම තමයි.
  • ඒ සදහා වන දැක්ම සහ මාර්ග සිතියම මැතිවරණයේදී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
  
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු තම ඡන්දදායකයන්ට හොර පාරෙන් ඉන්ජෙක්ෂන් ගහගන්න චිට් එක දුන්න එක ගැන හැමෝම ඔහුට ඔරවන්න පටන් අරගෙන. එහෙම කරනකොට ඔහුගේ චිට් එක අරගෙන හොරපාරෙන් ඉන්ජෙක්ෂන් එක ගහගන්න ගිය ඔහුගේ ඡන්දදායකයෝ ගැන අපිට අමතක වෙනවා. 
 
මට මතක විදිහට අපේ රටේ ඡන්දදායකයෝ වැඩිපුරම දේශපාලනඥයෝ පස්සේ ගිහිල්ලා හොරපාරෙන් වරප්‍රසාද ගන්න පටන් ගත්තේ 1977 ජේ ආර් ගේ ආණ්ඩුව දුන්න ජොබ් කාඩ් ක්‍රමයත් එක්ක.  
 
එදා ජොබ් කාඩ් එකෙන් පටන් ගත්ත හොර පාරෙන් වරප්‍රසාද ලබා ගැනීමේ කලාව, …. ජනසවිය, සමෘද්ධි, නිවසක්, ඉඩම් කෑල්ලක් ලබා ගැනීම, ආණ්ඩුවේ රස්සාවක් ලබා ගැනීම, උසස් වීමක් ලබා ගැනීම, මාරුවක් ලබා ගැනීම, ගමට පාරක් හදා ගැනීම, ළමයා ඉස්කෝලෙට දමා ගැනීම, වරදක් කරලා පොලිසියෙන් අල්ල ගත්තම බේරීම, ආණ්ඩුවේ  කන්තෝරුවකින් ඉක්මනින් වැඩක් කර ගැනීම, බාර් ලයිසන් එකක් ගැනීම, රූපවාහිනී මධ්‍යස්ථානයක් පටන් ගන්න ලයිසන් එකක් ගැනීම, ඉන්ජෙක්ෂන් එකක් ගසා ගැනීම වගේ ඇක්සයිස් පොතක් පිරෙන්න ලියන්න පුළුවන් දිග ලැයිස්තුවක්.
 
 
ඉන්ජෙක්ෂන් චිට් එක දුන්නේ ඡන්ද පොරොන්දු ඉටුකිරීමක් විදිහට:
 

186508133 6077920415555098 6637893930570503503 n

 
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන මූලික ලක්ෂණ තමයි කාලෙන් කාලෙට පවත්වන මැතිවරණයේදී ජයග්‍රහණය කරන පක්ෂයට රටේ පොදු දේපළ පාලනය කිරීමේ බලය ලබාදීම, සමානාත්මතාවය, විවෘතභාවය, වගවීම, පුද්ගල නිදහස වගේ කාරණා.
 
එතකොට මැතිවරණයකදී අපි වගේ රටවල මිනිස්සු කාට හරි ඡන්දෙ දෙන්නේ ඇයි?
 
 මම 1994 ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ප්‍රචාරය කරන්න ගුවන්විදුලි වැඩසටහනක් නිෂ්පාදනය කළා.
 
මම පටිගත කිරීමේ යන්ත්‍රය අරගෙන පාරට බැහැලා ඔය ප්‍රශ්නය මිනිසුන් ගෙන් ඇහුවා. ඔබ ඡන්දය දුන්නේ ඇයි? ඔබ බලයට පත් කරන ආණ්ඩුවෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මම පාරේ යන එන අයගෙන් ඇහුවා. 
 
මිනිස්සු දීල තිබුණ වොයිස් කට් වල වැඩියක්ම තිබුණේ අර ඉහලින් තියෙන ලයිස්තුවේ තියෙන උවමනාවන්. ඒ කියන්නේ මිනිස්සු ඡන්දයෙන් තෝරා ගත්ත මොරටුව නගරාධිපතිවරයා ඡන්දදායකයාට දීපු පොරොන්දුව හරියටම ඉෂ්ට කරලා තියෙනවා. 
  
ඊලඟට මම දුරකථන අරගෙන නගරයේ ජීවත්වන ප්‍රභූවරුන් ගෙන් ඒ කියන්නේ නීතිඥයන්, සිවිල් ක්‍රියාකාරිකයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය සමිති නායකයින් වගේ අයගෙන් අර ප්‍රශ්න ඇහුවා. 
 
ඒගොල්ලො කිව්වේ අර මොරටුව නගරාධිපතිවරයාට ඔරවලා පොස්ට් දාන අය කියන දේවල්. සමානාත්මතාවය, මානව අයිතීන් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, වගවීම, කම්කරු අයිතීන් රැකීම, දුෂණ වංචා නැති කිරීම වගේ වචන තමයි නාගරික ප්‍රභූන් පාවිච්චි කලේ . 
 
එහෙම කියපු ප්‍රභූන්ගෙන් බහුතරය ටික දවසකින් බලයට පත්වෙච්ච ආන්ඩුවේ රජයේ ආයතන වල අධ්‍යක්ෂවරුන්, සභාපතිවරුන්, ලයිසන් හිමියන්, උපදේශකවරු, ටෙන්ඩර් හිමියන්, රාජ්‍ය නොවන සංවිධාන  අරමුදල් හිමිකරුවන් වීමේ වරප්‍රසාදය හොර පාරෙන් අරගත්තා. 
 
කන්ඩලම වැව් තාවුල්ලේ හෝටලයක් හදන එකට විරුද්ධව පොරොන්දු දුන්න චන්ද්‍රිකා, සුනේත්‍රා, එස් බී වගේ අය, කණ්ඩලම හෝටලයට විවේකය ගත කරන්න යාම පුරුද්දක් කරගත්තා. 
 
ඉරණවිල ඇමරිකන් හඬ ඉවත් කිරීම ගැන ඊට පස්සේ අහන්න ලැබුණේ නැහැ. 2005, 2009, 2015, 2019 ආණ්ඩු මාරු වීමෙන් පස්සේ  වුණෙත් මේ ටිකම තමයි.
 
 
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන නියෝජිත භූමිකාව:
 
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කාලයෙන් කාලයට පැවැත්වෙන මැතිවරණ වලින් ජනතාව තෝරා පත්කර ගන්නා පාලකයන්ගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ එම පාලකයන් මැතිවරණයේදී ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන එක. 
  
ඒ වෙනුවෙන් නීති, අණපනත්, රෙගුලාසි, ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ආයතන ව්‍යුහයන් ගොඩනැගීම. මහජන නියෝජිතයින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, නගර සභාවට යන්නේ ඒකට. ඒ සදහා වන දැක්ම සහ මාර්ග සිතියම මැතිවරණයේදී ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා.
 
ඒත් අපේ රටේ කාලෙන් කාලෙට බලය ලබාගන්නා මහජන නියෝජිතයන් කරන්නේ තමන්ට පැවරිලා තියෙන මේ රාජකාරිය නොකර මුලින් කිව්ව ලයිස්තුවේ තියෙන දේවල් කරන එක.
 
 
 
 
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඡන්දදායක භූමිකාව:
 
fdfhg 
 
සක්‍රිය ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටකනම් මැතිවරණයේදී ඡන්දය දෙන්නෙ කාටද කියල ඡන්දදායකයා තීරණය කරන්නේ පක්ෂය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය දිහා බලලා. 
 
නමුත් අපි වගේ රටවල ඡන්දදායකයා ඡන්දය දෙන්නෙ කාටද කියලා තීරණය කරන්නේ අර මුලින් කියපු ලයිස්තුවේ දිග වැඩි බව, ඒ ලයිස්තුවේ තියෙන දේවල් ඉටු කරනවා කියලා ලස්සනට (ඇතැම්විට රහසින් පෞද්ගලිකව) කියන්නේ කවුද කියලා බලලා.
 
 
 
ඡන්දයක් නැති කාලේ ඡන්දදායක භූමිකාව:
 
ඡන්දයක් නැති කාලේ ඡන්දදායකයාගේ භූමිකාව වෙන්න ඕන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන දේවල් තමන් බලයට පත් කරපු මහජන නියෝජිතයෝ ඉටු කරනවා ද කියලා සුපරීක්ෂණය කරන එක. 
 
jgfhj
 
ඒත් අපේ රටේ ඡන්දදායකයන් කරන්නෙ අර ලයිස්තුවේ තියෙන දේවල් ඉටු කරනවද කියලා වග බලා ගන්න එක. 
එහෙම කළේ නැත්නම් ඊළඟ ඡන්දෙදි අර මහජන නියෝජිතයා ගෙදර යවනවා. ඒ අර්ථයෙන් ගත්තම මොරටුව නගරාධිපති හරිම ප්‍රායෝගික දේශපාලකයෙක්.
 
 
 
 
පොදු දේපල වරප්‍රසාදයක් කරගැනීම:
 
පස්ස දොරෙන් ලබාගන්නා වරප්‍රසාද ලයිස්තුව හැදෙන්නේ පොදු දේපළ පරිහරණය කරද්දී. රටේ රජයට අයිති සම්පත් කියන්නේ මහජනතාව සතු පොදු දේපලක්. ඒ දේපොළ මහජනතාව වෙනුවෙන් කළමනාකරණය කරන්න තමයි ආණ්ඩු බලයට පත් කර ගන්නේ. 
 
මේ පොදු දේපල බොහෝවිට සීමිත සම්පතක්. මේ සීමිත සම්පත් උපරිම මහජන යහපත වෙනුවෙන් සමාජයේ සියලු පුරවැසියන්ට සමාන ප්‍රතිලාභ ලැබෙන විදිහට කළමනාකරණය කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් සහිත ආණ්ඩුවක කාර්යභාරය වෙන්නේ.
 
උදාහරණයක් විදිහට කොහේ හරි මැණික් පතලක් අලුතින් හොයා ගත්තා කියලා හිතමු. එතකොට ඒක රජය සතු පොදු දේපලක් වෙනවා. හරි නම් ඒ මැණික් පතලෙන් ලැබෙන ප්‍රතිලාභ රටේ සියලුම පුරවැසියන් අතර සමානව බෙදී යන්න ඕන. ඒත් අපේ රටේ සිද්ධවෙන්නේ ඒ මැණික් පතලෙන් සමස්ත ජනතාවට ලැබෙන්න ඕන ප්‍රතිලාභ බලයේ ඉන්න ආන්ඩුවේ ගජ මිතුරෙකු අයිතිකර ගන්න එක.
 
අර ලයිස්තුවේ තියෙන විදිහට පස්ස දොරෙන් වැඩ කරගන්න ක්‍රමයට මහජන නියෝජිතයො, ඡන්දදායකයෝ, ප්‍රභූවරුන්, උගතුන්, ව්‍යාපාරිකයෝ මේ හැමෝම කැමතියි. හොර පාරෙන් වැඩ කරගන්න එක හරි ලේසියි. අන්තිමේට එහෙම කරගන්න බැරි වෙන අය කෑ ගහනවා. මුහුණු පොතේ ලියනවා .තමන්ගේ ආණ්ඩුවක් ඇවිල්ලා එහෙම පස්සෙ පස්ස දොරෙන් ඒ වැඩ කරගන්න විදිහ ගැන හීන දකිනවා.
 
බලය තියෙන අය එක්ක සම්බන්ධකම් ඇතිකර ගන්නේ නැතුව ආණ්ඩුවෙන් කිසිම දෙයක් කරගන්න බැහැ කියන එක දැන් අපේ ඇගටම කාවැදිලා.
 
fgdfgdf
 
මහජන නියෝජිතයන්ගේ සහ ඡන්දදායකයන්ගේ මේ හැසිරීම වෙනස් කරන්න දැක්මක් සහ මාර්ග සිතියමක් මීළඟට රටේ නායකත්ව ලබා ගැනීමේ ව්‍යාපෘති දියත් කරලා තියෙන මංගලට, සජිත්ට, පාඨලීට, හෝ බැසිල්ට තියෙන බවක් පේන්නෙ නැහැ. ඔවුන් කරන්නෙත් සමන්ලාල් ප්‍රනාන්දු සිදුවීම වගේ සිදුවීම් ඇති උනාම ඒවාට ප්‍රතිචාර දැක්වීම විතරයි. එහෙම කරලා ඔවුන් කරන්නේත් මේ ක්‍රමයම නඩත්තු කරන එකයි. 
 
 
 
Pradeep N(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 
කොළඹ විශ්වවිද්‍යාලය.

 

 

 

 


 

THE LEADER TV 
 

කුරුණෑගල හොඳටම කළේ ජොනී

 

සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...