The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උඩරට අර්තාපල් වගාව හාන්සි කරන කෘෂි රසායන තහනම -රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

June 6, 2021 • 4:46 AM

උඩරට අර්තාපල් වගාව හාන්සි කරන කෘෂි රසායන තහනම -රජිත් කීර්ති තෙන්නකෝන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ පාරිභෝගිකයින්ගේ වාර්ෂික අර්තාපල් අවශ්‍යතාවය මෙ.ටොන් 228,000 කි. එයින් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ 35%කට අඩු ප්‍රමාණයකි.
  • ඒ ලංකා අර්තාපල්වල ඇති සුවිශේෂ වූ මිහිරි රසය නිසාය.
  •  ආණ්ඩුවෙන් එවන පොහොර මිටි 102 බෙදා ගන්නට බැරිව වැලිමඩ ගොවීන් ඊයේ කැප්පෙටිපොල හෙවනකුඹුරේ දී විරෝධය පළ කරන්නේ ගොවියාට පොහොර නැතිව ජීවිතයක් නැති නිසාය.
  •        කි.ග්‍රෑම් 50 බීජ ආනයනික බීජ අර්තාපල් පෙට්ටියක මිල රු.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
 2019 වසරේ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ප්‍රමුඛව හෙක්ටාර 5600 ක අර්තාපල් වගා කළ අතර මෙ.ටොන් 101,642 ක අස්වැන්නක් ලැබුණි. 
 
 නුවරඒළියේ - වැලිමඩ අර්තාපල් කිලෝවක මිල ඉන්දියානු- පකිස්ථානු අල කිලෝවකට වඩා රු. 30 ක් පමණ වැඩිය. ඒ ලංකා අර්තාපල්වල ඇති සුවිශේෂ වූ මිහිරි රසය නිසාය. අල හොද්දක්, අල බැදුමක්, අල චිප්ස් නැති කෑම පිඟානක් - සාදයක් දැන් පෙනවා පේනවා වගේය.   
 
 
පොහොර - කෘෂි රසායන නැති වානිජ්‍යමය අර්තාපල් වගාවක් පවතිය නොහැකි තරම්ය.  ආණ්ඩුවෙන් එවන පොහොර මිටි 102 බෙදා ගන්නට බැරිව වැලිමඩ ගොවීන් ඊයේ කැප්පෙටිපොල හෙවනකුඹුරේ දී විරෝධය පළ කරන්නේ ගොවියාට පොහොර නැතිව ජීවිතයක් නැති නිසාය.   
 
 
කි.ග්‍රෑම් 50 බීජ ආනයනික බීජ අර්තාපල් පෙට්ටියක මිල රු. 18,500.00 කි.  පොහොර හා රසායන, මිනිස් ශ්‍රමය ඇතුළු අතිරේක වියදම් සමඟ අර්තාපල් හොන්ඩරයක් වගා කරන්නට රු. 26,000 ක් වැය වේ. 
 
අර්තාපල් වගාවේ අස්වැන්න තීරණය වන්නේ වගා සුක්ෂමතාව මතය. 
 
අර්තාපල් සිටුවා අස්වැන්න නෙලන්නට දින 75 - 90 ක් පමණ ගතවේ.  
 
 
ගොවීන් මේ දින 90 තුල පොහොර යෙදීම, දිලීර නාශක යෙදීම, කෘමි නාශක යෙදීම කාලසටහනක් අනුව සිදු නොකරන්නේ නම් පාරිභෝගිකයාට ඔය ලස්සන, රසම රස අර්තාපල් ලැබෙන්නේ නැත.  ඉන්දියා අල මෙන් බඩ මිස දිව පිනවන්නේ නැති මොලෝ රහක් නැති පිටි ගුලියක් පමණක් ලැබෙනු ඇත.  
 
2021 වසරේ හෙක්ටයාර 7000 ක අර්තාපල් වගා කරනු ඇතැයි අපේක්ෂා කළේය.  
 
යුරියා මෙ.ටො. 2310 ක්, ටීඒස්පී ටොන් 1,890 ක්, එම්.ඕපී. 1750 ක් වශයෙන් අර්තාපල් වගාවට පොහොර ටොන් 5950 ක් අවශ්‍ය බව පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර තිබුණි. ඒ බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහාය.  
 
රසායනික පොහොර සහ කෘෂි රසායන නැතිව අල පෙට්ටියක් (කි.ග්‍රෑම් 50 ක්) හදන්නට රු. 26,000 ක් වැය කරන්නට ගොවියෙකු ඉදිරිපත් වන්නේ නම් ඔහුට මානසික ආබාධයක් තිබිය යුතුය! 
 
වැසි සමයේ දවස් දෙකක් දිලීර නාශක නැතිනම්, මීදුම හෝ මල් තුහින වැටෙන්නේ නම් අතිශයින් සංවේදී අර්තාපල් වගාව විනාශ වන්නේය. 
 
අර්තාපල් වගා වියදමෙන් 50%කට වැඩි මුදලක් බීජ අර්තාපල් මිලදී ගැනීමට වැය වන අතර පොහොර, දිලීර හා කෘෂි නාශක සඳහා 30% - 35% ක් වැය වේ. අල වගාව සුදුවක් හා සමානය. හරිගියොත් ගොවියා ගොඩය. වැරදුනොත් විනාශය. 
 
අමන - තකතීරු - මරිමෝඩ තීරණයක් :
 
ලංකාවේ කෘෂි නිෂ්පාදන ගැන මෙලෝ අවබෝධයක් නොමැතිව ගහෙන් ගෙඩි එන්නා සේ පොහොර තහනම් කිරීම අමන - තකතීරු - මරිමෝඩ තීරණයකි. රු. 350 ට දෙන පොහොර නොමිලේ ලබා ගන්නට ඡන්දය දුන් ජනතාවගේ ඉරණම දුක්ඛිත වනු ඇත.  
 
 
HHGFDH
නෝමන් ගුණතිලක ‘අල මහත්තයා’ 
 
 
 
වැලිමඩ හින්නාරංගොල්ල පන්සලේ රාජ්‍ය සේවකයෙකු වෙනුවෙන් නෙළු ගල් පිළිමයක් තිබේ. 
 
බුදුහාමුදුරුවන්,  දුටුගැමුණු රජ, මිහිඳු හිමි, සංඝමිත්තා තෙරණිය අතර රහංගල ගොවිපලේ සිට අල වගාව රටේ ව්‍යාප්ත කළ රාජ්‍ය සේවකයා නෝමන් ගුණතිලක ‘අල මහත්තයා’ කෘත ගුණ දත් ඌවේ මිනිස්සු දේවත්වයෙන් පුදන්නේය.  
 
රසායනික පොහොර තහනම මගින් විනාශ වන්නේ කෘතගුණ දත් මිනිසුන් ගේ ජීවිකාවයි.  සාම්ප්‍රදායික ගොවීන් අතර රජ ගොවියා වූ ‘අල ගොවියා’ ගේ ආදායමයි.  
 
ලංකාවේ අල වගාව හා බැදුණු සෘජු හා වක්‍ර රැකියා සංඛ්‍යාව හාර ලක්ෂ හැට දහසකට වැඩිය. මේ විනාශ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතයි. 
 
ලංකාවේ අල වගාව විනාශ කළ පසුව දේශීය පාරිභෝජනයට ඉන්දියාවෙන් - පාකිස්ථානයෙන් අල ගෙන්වන්නට සිදු වේ. පොහොරවලට නැති විදේශ විනිමය අල ගෙන්වන්නට වැය කළ යුතු වන්නේය. 
 
මේ වන විට බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවල දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක ය. වසර තුනක් තුල ලංකාවේ අර්තාපල්  අවශ්‍යතාවය දේශීයව සපුරා ගැනීම එහි ඉලක්කය යි. 
 
 දින 130 ක වගා චක්‍රයකින් වගා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. 
 
 
 
අල වගාව පිළිබඳ විශේෂඥයින් ???
 
 
නිර්දේශිත පොහොර, කෘෂි රසායන හා දිලීර නාශක හෝමෝන වර්ග 11 කි.  100% ක කාබනික අර්තාපල් වගාවක් ගැන හීන දකින පොතේ ගුරාලාගෙන් අසන්නට ඇත්තේ ලංකාවේ කෘෂි විද්‍යාවේ ඉහළම දැනුම ඇත්තන් සැලසුම් කළ මේ ව්‍යාපෘති සියල්ලට වඩා ඔබලා අල වගාව පිළිබඳ විශේෂඥයින් ද? 
 
වැවිලිකරුවන්ගේ දැඩි විරෝධය නිසා තේ වගාවට පොහොර ලබාදීම සඳහා පොහොර තහනම රිවස් කරන්නට රජය මේ වන විට සුදානම් වේ.   
 
නුවරඑළිය හා බදුල්ල අර්තාපල් වගාවේ කේන්ද්‍රය, අද කිසිදු දේශපාලන හෝ කේවල් කිරීමේ බලයක් නැති අනාථයින් පිරිසක් බවට පත්ව තිබේ. පොහොර තහනම පිළිබඳ බදුල්ලේ දේශපාලනඥයින් කට අරින්නේ නැත.  කෘෂි නිලධාරීන් කියන දේ අහන්නට කිසිවෙකුත් නැත! නුවරඑළිය - බදුල්ලේ එළවළු නැතිව කෑම මේසයට සිදු විය හැකි අහේනිය ගැන කිසිවෙකුත් කථා කරන්නේ ද නැත. 
 
පොහොර - කෘෂි රසායන තහනම ආපසු හරවන්නේ නැතිනම්, අල වගාව තවදුරටත් කෘෂිකර්මාන්තයේ මිණි කිරුළ ලෙස රැකෙන්නේ නැත. 
 
 
 
rAJITH kEERTHI(රජිත් කීර්ති තෙන්නකෝන්) 
දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර

 

 

 


 

THE LEADER TV 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

එක්ස්ප්‍රස් පර්ල් ගිල්වලා වන්දිය ගිලින්නෙ කවුද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...