The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගෙදර සිට වැඩකිරීම ඔය කියන තරම් ජොලිද? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

June 10, 2021 • 5:26 PM

ගෙදර සිට වැඩකිරීම ඔය කියන තරම් ජොලිද? -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩ කිරීම ආරම්භ කළේ කොවිඩ්-19ට බොහෝ කලකට පෙරයි.
  • එසේම මානසික වශයෙන් පීඩාකාරීය.    ඔබ මුහුණ දෙන තත්වය කිසිවකු තේරුම් නොගන්නා විට ඇතිවන්නේ විෂාධ තත්වයකි.
  • ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි.    ඔවුන් ඔබ ෆේස්බුක් යනු දකිනු ඇත.
  • එහෙත්, ඔබ ෆේස්බුක් යන්නේ තිබෙන අසහනය නිසා බව ඔවුන් දන්නේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
මගේ අත්දැකීම අනුව, එය අතිශය වෙහෙසකරය. එසේම මානසික වශයෙන් පීඩාකාරීය. 
 
ඔබ මුහුණ දෙන තත්වය කිසිවකු තේරුම් නොගන්නා විට ඇතිවන්නේ විෂාධ තත්වයකි. ඔබට වැඩ ඇති බව හා ඔබ පරිගණකය ඉදිරියේ වාඩි වී කරන්නේ රැකියාව බව ඔබගේ නිවැසියන්ට තේරුම් කරදීම කළ නොහැක්කකි. 
 
ඔවුන් ඔබ ෆේස්බුක් යනු දකිනු ඇත. එහෙත්, ඔබ ෆේස්බුක් යන්නේ තිබෙන අසහනය නිසා බව ඔවුන් දන්නේ නැත. එසේම, ෆේස්බුක් මගින් සිදුවන්නේ ඔබේ අසහනය තවත් වැඩිවීමයි. ඔබට කාර්යාල කාමරයක් තිබුණ ද, ගෙදර යනු ගෙදර නිසා එය කාර්යාලය වන්නේ නැත.
 
ලංකාවේ අසල්වැසියන්ට, නෑදෑයන්ට, මිතුරන්ට නම් ඔබ ගෙදර සිට වැඩකරන බව තේරුම් කරදෙන්නට යාම තේරුමක් නැති වැඩකි. ඔබ ගෙදර නිකම් ඉන්නා කෙනෙකු ලෙස පෙනෙන නිසා ඔවුන්ගේ වැඩ ඔබේ වැඩවලට වඩා හැමවිටම ප්‍රමුඛය.
 
 Work from home
 
කොවිඩ්-19 සීමාකිරීම් හේතුවෙන් ඇතිවී තිබෙන තත්වයන් විසින් ගෙදර සිට ඇත්තටම රැකියා කරන අප වැනි අයට සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමටයි.
 
 මා මේ මොහොතේ වැඩ කන්දරාවක් ඇති, කිසිවක් සම්පූර්ණ කරගැනීමට බැරි සිරවීමක හා ඒ හේතුවෙන් ඇතිවන ආතතියක සිරවී සිටින අතර මත්පැන් ටිකක්, දුම්වැටියක් වැනි තාවකාලික සහනයක් හෝ සොයාගැනීමට පවා නැති වන විට තත්වය බරපතල වේ. (ළමයින්ගේ රණ්ඩු ආදිය ගැන කතා කර වැඩක් නැත. ඔවුන් ද සිටිනවා ඇත්තේ කෙතරම් අසහනයකද?) 
 
මේ අතර, බිරිඳ අධික වැඩ නිසා රැකියාවටම සින්න වුණ සෞඛ්‍ය සේවිකාවක වන විට හා නිරතුරුව කොවිඩ්-19 අවදානමට විවෘත වන සෞඛ්‍ය සේවක පවුලක සාමාජිකයකු ලෙස එන්නත හෝ ලබාගැනීමට ක්‍රමයක් නැති විට තත්වය සිතාගන්න. 
 
එයට අමතරව තෙත් කලාපයේ නිරන්තර වැසි කෝඩයක අව් රැල්ලක් නොමැතිව, ව්‍යායාමයකට, විනෝදයකට එළියට බහින්නට හැන්දෑවක් නොමැතිව ද සිටිමි. එවැනි තත්වයන් ලෝකයේ හැම තැනම නොතිබෙන්නට පුළුවන.
 
dfdsfdsf
 
ගෙදර සිට වැඩකිරීමට ලැබීම නව තාක්ෂණයත් සමග උදාවන මහත් භාග්‍යයකැයි බොහෝ දෙනා සිතති. පොදු ප්‍රවාහනය, ට්‍රැෆික් වැනි කරදරවලට ලක්වන්නට අවශ්‍ය නොවීම, නම්‍යශීලී වැඩ කාලයන් ආදිය නිසා බොහෝ අය ගෙදර සිට වැඩකිරීමට කැමැත්තක් දක්වති. 
 
එහෙත්, 2007 තරම් ඈත කාලයේ සිට වරින් වර අවුරුදු ගණනාවක් එසේ කර අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා නම් කියන්නේ එය බොහෝ දෙනා සිතන තරම් සොඳුරු නැති බවයි. 
 
සේවා ස්ථානයක් යනු වැඩකරන පරිසරයක සමාජ ජීවිතයකි. බොරු සෝබන කෙතරම් වුවත්, ඒවා කෙතරම් ආස්වාදජනකදැයි වැටහෙන්නේ ඒවා නොමැති පරිසරයක සිටින විටයි. 
 
සේවා ස්ථානයකට යාම සඳහා ඔබ අඳින ඇඳුම පවා කෙතරම් වැදගත් දෙයක්දැයි ඔබට වැටහෙන්නේ සරම ඇඳගෙන, ඕනෑ නම් දත්වත් නොමැද වැඩ කරන්නට තරම් ‘නිදහස්’ වැඩ පරිසරයක් ලැබුණු විටයි. 
 
වැඩවලට අමතරව තවත් බොහෝ දේ සේවා ස්ථානයක තිබේ. 
 
ගෙදර යනු වෙනත් සංදර්භයකි. එහි සමාජ ජීවිතය වෙනස් එකකි. විශේෂයෙන්ම සමාජශීලී පුද්ගලයකුට ගෙදර සිට දිගු කලක් කරන රැකියා දරාගැනීම පහසු නැත. එයින් ඇතිවන අසහනකාරී හැඟීම් නිර්මාණශීලීත්වය කුළුගන්වන්නේ නැත. එය සමස්ත ජීවිතයටම බලපාන්නට ඉඩ තිබේ.
  
fdgdfg 
 
එපමණක් නොව, ගෙදර සිට වැඩකිරීමේදී වැඩ සංවිධානය කරගැනීම ඉතා දුෂ්කරය. ගෙදරදොර කටයුතු, පවුලේ කටයුතු, අසල්වැසියන් සම්බන්ධ කටයුතු හා වෙනත් සමාජ කටයුතු මැද බොහෝවිට රාජකාරි කටයුතු කල් දැමීමට සිදුවේ. 
 
වැඩකිරීම සඳහා නිශ්චිත වේලාවක් නොමැති නිසා රාත්‍රියට, පාන්දරට වැඩකිරීමට පෙළැඹිය හැකිය. 
 
ලංකාව වැනි රටවල ඩේටා ප්‍රශ්න ද එවැනි චර්යාවලට ඔබ පොළඹවයි. එවිට අවසානයේදී ඔබ ගෙදර සිටියත් හරිහමන් නින්දක් හෝ ලබාගැනීමට බැරිවෙන්නට ඉඩ තිබේ.
 
ගෙදර සිට වැඩ කරන කාන්තාවන්ට පිරිමින්ටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදෙන්නට සිදුවේ. ස්ත්‍රී පුරුෂ සමාජ ඒකාකෘති හේතුවෙන් දරුවන් මවගෙන් වැඩි අවධානයක් බලාපොරොත්තු වීම එයට හේතුවයි.
 
ගෙදර සිට වැඩ කිරීමේ අවුරුදු ගණනක අත්දැකීම් සහිත පුද්ගලයකු ලෙස මා එය තවත් අයෙකුට නිර්දේශ කරන්නේ නැත.
 
 ශ්‍රී ලංකාව වැනි රටවල, විශේෂයෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශවල එවැනි ජීවිතයක් තුලනය කරගැනීම සඳහා අවශ්‍ය විනෝදාස්වාද ආදී පහසුකම් ද නැත. ගෙදර සිට වැඩ කිරීම හරහා සේවා ස්ථානයක වැඩ කිරීමෙන් ලබන ශ්‍රම ඵලදායිතාව ලබාගැනීම දුෂ්කරය.
 
 sdfsdtr4
 
ගෙදර සිට යම් දුරකට හෝ වැඩ කිරීමේ සංස්කෘතියකට යන්නට නම් ලංකාව තව බොහෝ සංවර්ධනය විය යුතුය. 
 
බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්බන්ධයක් තිබූ පමණින් ඒ සඳහා අවශ්‍ය සියල්ල සම්පූර්ණ වන්නේ නැත. 
 
සම්පූර්ණයෙන්ම ගෙදර සිට වැඩකිරීමේ වැඩ රටාවක් ලංකාවට නම් ගැලපෙන්නේම නැත. මා සිතන පරිදි නම්, ගැලපෙන්නේ ගෙදර සිට වැඩකිරීම සතියේ දින කීපයකට පමණක් සීමා කිරීමයි.
 
 
Ajith Parakum(අජිත් පැරකුම් ජයසිංහ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 

 

 

 

 


 

THE LEADER TV
 
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !
 
 
 
බැසිල් සුළඟ කරළියට... 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...