The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පයබර වායට පිටකර බෙහෙත් බැඳි පාරිභෝගික අධිකාරියේ ගෑස් ගැසට්ටුව - ලසන්ත රුහුණගේ

T

The Leader Desk

June 11, 2021 • 8:05 AM

පයබර වායට පිටකර බෙහෙත් බැඳි පාරිභෝගික අධිකාරියේ ගෑස් ගැසට්ටුව - ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජුනි 09 වැනිදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය ගැන මාධ්‍ය වාර්තා පලවන්නට පටන් ගෙන ඇත.
  • වෙන විදියකට කිවහොත් පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් කර ඇති කටයුත්ත උත්කර්ෂයට නැංවීමය.
  •     ජුනි 09 දින දරන අංක 2231/8 අති විශේෂ ගැසට් පත්‍රයෙන් පාරිභෝගික අධිකාරිය ඇත්තටම සිදුකර ඇත්තේ කුමක්ද?
  •     මෙම නියෝගයේ ඇති දෙයක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ඒ බොහෝ මාධ්‍ය වාර්තාවල හරය වන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය උත්කර්ෂයට නැංවීමය. වෙන විදියකට කිවහොත් පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනයෙන් කර ඇති කටයුත්ත උත්කර්ෂයට නැංවීමය.
 
 
ජුනි 09 දින දරන අංක 2231/8 අති විශේෂ ගැසට් පත්‍රයෙන් පාරිභෝගික අධිකාරිය ඇත්තටම සිදුකර ඇත්තේ කුමක්ද? කිලෝ ග්‍රෑම් 12.5 එල් පී ගෑස් සිලින්ඩර රට පුරා ඇති අලෙවිසැල්වල විකිණීම සඳහා සියළු නිෂ්පාදකයින් හා වෙළෙන්දන් කටයුතු කළ යුතු බව නියෝග කිරීමය. 
 
 
වැඩිදුරටත් කියා ඇත්තේ එම ප්‍රමාණයේ සිලින්ඩර් සන්තකයේ ඇති හෝ භාරයේ ඇති කිසිම වෙළෙන්දකු එම සිලින්ඩර් විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී ගැනීම අධෛර්යමත් කිරීම හෝ නොකළ යුතු බවය.
 
 
මෙම නියෝගයේ ඇති දෙයක් නැත. නමුදු එහි කෙළින් කියා නැති දෙයක් ඇත. ඒ රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගම පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව වෙළඳපලට නිකුත් කළ ගෑස් ලීටර් 18ක ප්‍රමාණයක් ඇති බවට සඳහන් හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ කතාවය.
 
 
අවසර නොගත් එම සිලින්ඩරය වෙළඳපලට නිකුත් කිරීමෙන් පසු පාරිභෝගික කටයුතු අධිකාරිය මුලින් කීවේ එය වෙළඳපලෙන් ඉවත් කර ගැනීමට උපදෙස් දී ඇති බවයි. 
 
 
හොර පාරෙන් ගෑස් මිල වැඩිකිරීම සඳහා ආණ්ඩුවේ වුවමනාව මත සිදුකළ එම ක්‍රියාව ලිට්රෝ සමාගම ආපස්සට ගත්තේ නැත. 
 
 
 Lasantha Alagiyawanna 1
 
විෂය භාර අමාත්‍ය ලසන්ත අලගියවන්න කරලියට පැන ඉන්පසු කීවේ එම හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීමට යොමුකර ඇති බවත් ඉන්පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබාදෙන බවත්ය. එම පරීක්ෂණ ප්‍රතිඵලත් තීරණත් අද වනතෙක් නැත. 
 
 
විෂය භාර ඇමතිවරයාට මෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියට එම අවස්ථාවේ තීරණය කරන්නට තිබුනේ සුළු දෙයකි. ඒ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. 
 
 
 
 
පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව ආ අලුත් සිලින්ඩරයේ ඇති ගෑස් ප්‍රමාණයට ඔවුන් අයකර ඇති මිල ඒ වනවිට නියම කර ඇති මිලට සාපේක්ෂව අඩුද වැඩිද යන්න තීරණය කිරීමය. 
 
 
ඒ අනුව එම සිලින්ඩරය වෙළඳපලේ විකිණීමට දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමය.
 
 
ඇත්තටම පළමුව සිදුවිය යුතුව තිබුනේ අවසරයකින් තොරව ආ සිලින්ඩරය වහාම වෙළඳපලෙන් ඉවත් කිරීමය. දෙවන අවස්ථාව උදාවන්නේ පළමු අවස්ථාව උවමනාවෙන් හෝ ආණ්ඩුවේ බලපෑමක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය අත්හැරීම නිසාය.
 
 
0811b8bd 4398 40dd 82f0 91542a339bbc 
 
ලිට්රෝ හයිබ්‍රිඩ් ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් ඇතැයි පාරිභෝගිකයින් පැමිණිලි කළේ නැත. ඔවුන් කීවේ කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය වෙනුවට ඊට වඩා ගෑස් අඩු හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයක් ලබාදී ඇති බවත්, ඒ සඳහා අයකර ඇති මිල පවතින මිලට වඩා වැඩි බවත්ය. 
 
 
පාරිභෝගිකයින් එසේ කියන්නට බලපාන නීතිමය හේතුවක් තිබේ. ඒ එල් පී ගෑස් යනු පාරිභෝගික කටයුතු අධිකාරිය මිල නියම කර ඇති භාණ්ඩයක් වීමය. 
 
 
ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමට අවසර ලබාදී තිබෙන්නේ කොළඹදී කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 1493කට, කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 598කට හා කිලෝ 2.3 සිලින්ඩරයක් රුපියල් 289කට විකිණීම සඳහා පමණය.
 
 
ඒ අනුව ලිට්රෝ සමාලමේ හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයට තවමත් අවසර ලබාදී නැති බව පැහැදිලිය. 
 
 
එසේම එසේ වෙළඳපලට දමා ඇති හයිබ්‍රිඩ් සිලින්ඩරයේ ඇති ලීටර් 18 ගෑස් ප්‍රමාණය කිලෝවලට පරිවර්තනය කළ විට කිලෝ 9.18 ක් සටහන් වේ. එම සිලින්ඩරය සඳහා රුපියල් 1395ක් ලිට්රෝ සමාගම අය කරමින් සිටී.
 
 
ඒ අනුව එම සිලින්ඩරයෙන් ගෑස් කිලෝවක් සඳහා අය කරන මිල රුපියල් 151.96කි. 
 
 
එසේ වුවද දැනට අනුමැතිය ඇති කිලෝ 12.5 සිලින්ඩරයේ කිලෝවක මිල රුපියල් 119.44කි. 
 
 
කිලෝ 5 සිලින්ඩරයේ කිලෝවක මිල රුපියල් 119.60කි.
 
 
කිලෝ 2.5 සිලින්ඩරයේ කිලෝවක මිල රුපියල් 115.60කි. 
 
 
අනුමැතිය ලත් මේ මිල දල වශයෙන් ගෑස් කිලෝවක් සඳහා රුපියල් 120 ලෙස සැලකුවහොත් හයිබ්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ ගෑස් මිල කිලෝවකට රුපියල් 32කින් වැඩිය. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විසඳුම ආ යුත්තේ මේ හයිබ්‍රිඩ් සිලින්ඩරයටය. 
 
 
එවිට කිලෝ 12.5 සිලින්ඩරය සැංගීම හෝ එය මිලදී ගැනීම අධෛර්යමත් කිරීමේ ගැටළු පැන නඟින්නේ නැත. පාරිභෝගික කටයුතු අධිකාරියට ඉහත සඳහන් කළ ආකාරයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු වන්නේද නැත. 
 
 
එමනිසා පාරිභෝගික කටයුතු අධිකාරියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය පයබර වායට පිටකර බෙහෙත් බැන්දා ලෙස හැර වෙන ආකාරයකට හැඳින්විය නොහැකිය.■
 
 
lasantha ruhunage 
 
 
 (ලසන්ත රුහුණගේ)
  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 
 
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 

THE LEADER TV 
 
"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !
 
බැසිල් සුළඟ කරළියට... 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...