The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලෝකයේ ප්‍රථම කාබනික ව්‍යාපෘතිය ඇරඹු භූටානයෙන් පාඩමක්

T

The Leader Desk

June 17, 2021 • 9:06 AM

ලෝකයේ ප්‍රථම කාබනික ව්‍යාපෘතිය ඇරඹු භූටානයෙන් පාඩමක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිමාලය කඳුකරයේ දුප්පත්, රළු කඳුකර රාජධානියක් වන භූතාන රජය 2020 වන විට
  •   වර්තමානයේ භූතානයේ කෘෂිකාර්මික ප්‍රදේශයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් කාබනික නිෂ්පාදනයේ පවතී.    කෘෂි විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් ඉහත සඳහන් කළ භූතාන රජයේ උපකල්පන අපි විශ්ලේෂණය කරමු.
  • මෙම පරිශ්‍රයන් යටතේ, මහා පරිවර්තනයෙන් පසුවද ඉහළ ගොවි ආදායම ඉහල යාමක් දක්නට නොලැබේ.    එබැවින් ගොවීන් කාබනික ගොවිතැනෙහි රදවා ගැනීම අපහසු වන අතර ගොවීන්ගේ ජන ජීවිතය ඉතා පහල මට්ටමකට ඇද වැටී ඇති බව අනාවරණය වී ඇත.
  •   කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):
සමස්ත කෘෂිකාර්මික ප්‍රදේශය කාබනික කෘෂිකර්මාන්තය (organic Agriculture ) බවට පරිවර්තනය කිරීම අපේක්ෂා කරන්නේ පරිසරය ආරක්ෂා කරමින් නිෂ්පාදන පලදායිතාව සහ ගොවීන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම සඳහායි.
 
වර්තමානයේ භූතානයේ කෘෂිකාර්මික ප්‍රදේශයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමාණයක් කාබනික නිෂ්පාදනයේ පවතී. 
 
කෘෂි විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් ඉහත සඳහන් කළ භූතාන රජයේ උපකල්පන අපි විශ්ලේෂණය කරමු.
 
අපගේ ඇස්තමේන්තු වලට අනුව, පරිවර්තනයෙන් පසු ගොවීන්ගේ ආදායම ඉහළ යනු ඇත්තේ කාබනික භෝග සාම්ප්‍රදායික භෝග වලින් අස්වැන්නක් ලබා ගන්නේ නම් හෝ ගොවීන්ට ඉහළ වෙළඳපල මිලක් ලබා ගත හැකි නම් පමණි. 
 
එහෙත් එය තුන්වන ලෝකයේ රටවල සිහිනයක් පමනි. 
 
කාබනික අස්වැන්න වර්තමාන නිෂ්පාදන පදායිතාවයෙන් ඔබ්බට අර්ධ වශයෙන් ඉහළ යා හැකි නමුත් කෘෂි රසායන භාවිතා කරන පද්ධතිවල තරම් ඉහළ නොයයි. මෙම පරිශ්‍රයන් යටතේ, මහා පරිවර්තනයෙන් පසුවද ඉහළ ගොවි ආදායම ඉහල යාමක් දක්නට නොලැබේ. 
 
එබැවින් ගොවීන් කාබනික ගොවිතැනෙහි රදවා ගැනීම අපහසු වන අතර ගොවීන්ගේ ජන ජීවිතය ඉතා පහල මට්ටමකට ඇද වැටී ඇති බව අනාවරණය වී ඇත.
 
 
FB 
 
 
ස්විට්සර්ලන්ත ජනමත විචාරණය :
 
 
කෘෂිකර්මාන්තයේ හදවත බඳු යුරෝපයේ, ස්විට්සර්ලන්තයේ කෘෂි රසායන තහනම් කල යුතුද යන්න සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති ජනමත විචාරණයේදී 61% ජනතාව සිය ඡන්දය දුන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය තහනම එපා කියන මතයත් සමඟය.
 
මෙහි වඩාත් ප්‍රබලම සාධකය වූයේ කෘෂි රසායනවලට විරෝධී එක්තරා කණ්ඩායමක් ගෙන ආ මෙම යෝජනාවට විරුද්ධව ගොවීන් සමඟ සිට ගත්තේ එරට රජයයි.
 
ඒ අන්කිසිවක් නිසා නොව එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කළ හොත් එරට ආහාර සුරක්ෂිතතාවයට එල්ලවන මරු පහර පිළිබඳ ඔවුන් හොඳින් දන්නා බැවිණි. 
 
 
යෝජනාව පරාජය වුවද රජය කියා සිටියේ වසර 10 ක් තුළ කාබණික වගාවට යොමුවීම සදහා වැඩ සටහනක් සකස් කරන ලෙසයි.
 
එම ජනමත විචාරනය සම්බන්ධයෙන් polotico.eu වෙබ් අඩවියේ පල වූ ලිපියේ සංක්ෂිප්ත සටහනක් සිංහල භාෂාවෙන් පහත පළවේ. 
 
 
 
ස්විස් ජනතාව කෘෂි රසායන තහනම එපා කියයි :
 
 
A woman throws an envelope into a box as people queue to cast their votes in a series of referendums in front of a ballot station at the Stadthaus administration building in Zurich, Switzerland June 13, 2021.  REUTERS/Arnd Wiegmann 
 
කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කිරීම සම්බන්ධයෙන් ජුනි 13 දා ස්විට්සර්ලන්තයේ පැවැති ජනමත විචාරණයෙන් අදාළ යෝජනාව අති බහුතර ඡන්දයෙන් පරාජයට පත් කිරීමට ස්විට්සර්ලන්ත ගොවි ප්‍රජාව සමත් විය. 
 
 ඒ සමග කෘත්‍රිම පළිබෝධ නාශක තහනම් කළ ලොව දෙවැනි රට (පළමු රට ලොව කුඩා නොදියුණු රටක් වන භූතානයයි) බවට පත්වීමට ස්විට්සර්ලන්ත පරිසර ක්‍රියාකාරීන් කළ සැලසුම අසාර්ථක විය.
 
කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.
 
 ජනප්‍රිය මූලාරම්භයන් සඳහා ඡන්ද දායකයින් සහ කැන්ටන් යන දෙඅංශයෙන්ම බහුතරයක් අවශ්‍ය වන නමුත් ඡන්ද දායකයින්ගෙන් සියයට 61%ක් සහ කැන්ටන් 26 න් එකක් හැර අන් සියල්ලම මෙම මුල පිරීම් ප්‍රතික්ෂේප කර ඇති බැවින් එම යෝජනා දෙකම දෙයාකාරයෙන්ම අසාර්ථක විය.
 
 
කෘෂිකාර්මික නිෂ්පාදනයේ අඩුවීමක් මගින් ආහාර මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ස්විට්සර්ලන්ත රජය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේය.
 
 
ස්විට්සර්ලන්තයේ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම, ගොවිපලවල් සහ උද්‍යානවල භාවිතය වැළැක්වීම සහ ඒවා භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය ස්විස් ජනතාවගේ මනාපය විමසා බැලීමට ජනමත විචාරණය කැදවනු ලැබ තිබිණි.
 
මෑත මාසවලදී සැලකිය යුතු සහායක් ලැබූ මෙම පියවර ප්‍රතික්ෂේප කිරීම ස්විට්සර්ලන්ත ගොවි ක්ෂේත්‍රයේ සහ රජයේ දැඩි විරෝධය පිළිබිඹු කරයි.
 
 
pesticides principale 
 
 
මෙම යෝජනා අනුමත කිරීම මඟින් ගොවිපල නිෂ්පාදනය අඩු කිරීම සහ ආහාර මිල ඉහළ යනු ඇතැයි ගොවි ප්‍රජාව කියා සිටියේය. 
 
වසර හයක් තුළ පළිබෝධනාශක භාවිතය හා සම්බන්ධ අවදානම අඩකින් අඩු කරන ප්‍රති-ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජයට පෙළඹුණි.
 
‘‘පළිබෝධ නාශක රහිත ස්විට්සර්ලන්තය සඳහා පුරවැසි කණ්ඩායමක් වන ෆියුචර් 3 – (Future 3, a citizens group that is pushing for a pesticide-free Switzerland) විසින් මෙම පියවර යෝජනා කර තිබුණි. 
 
සමූහයේ ප්‍රකාශක ඩොමිනික් වාසර් පැවසුවේ මිනිසුන්ගේ සෞඛ්‍යය හා පරිසරය ආරක්ෂා කිරීම මෙම ක්‍රියාවලියේ ප්‍රධාන අභිප්‍රාය බවයි.
 
“පළිබෝධනාශක අපගේ සෞඛ්‍යයට විශාල බලපෑමක් ඇති කරන අතර එයට මේ ආකාරයට ඉදිරියට යා නොහැකිය. රසායනික ද්‍රව්‍යවල දිගුකාලීන බලපෑම තවමත් සම්පූර්ණයෙන් අනාවරණය වී නොමැති අතර, අධ්‍යයනයන් මගින් කෘතිම පළිබෝධනාශක පාකින්සන් හා වදභාවය ඇතුළු සෞඛ්‍ය ගැටලු රාශියක් අතර සම්බන්ධතා යෝජනා කර ඇත‘‘ කෘතිම පළිබෝධනාශක ඉසීම හා සම්බන්ධ විය හැකි පාරිසරික ගැටළු ද වාසර් සඳහන් කළේය.
 
කාබනික ගොවීන්ගෙන් සැලකිය යුතු කොටසක් මෙම වැඩසටහනට පක්ෂව සිටියද ස්විට්සර්ලන්තයේ ගොවිපල 50,000 ක් පවත්වාගෙන යන ගොවීන්ගෙන් බහුතරයක් එයට තදින්ම විරුද්ධ වූහ.
 
 
 
ලංකාවේ මාධ්‍ය ස්වයං වාරණයක !
 
 
ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනාගත් මෙම ස්විට්සර්ලන්ත ජනමත විචාරණයට මෙරට ප්‍රධාන පෙළේ කිසිඳු මාධ්‍යකින් ඉඩක් ලැබී නොතිබිණ. 
 
ජනාධිපතිවරයාගේ දැඩි බලපෑම් මත කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය හා රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ශ්‍රී ලංකාව රජය පියවර ගනිමින් සිටීම එවැනි ස්වයං වාරණයක් පවත්වාගෙන යාමට හේතුවුවා විය හැක.  
 
 
 
මුලාශ්‍ර ලිපිය :
 
 
 
(විශේෂ ලියුම්කරුවකු විසිනි)
 
 
 
###########
THE LEADER TV 
 
රටම බංකොලොත්: ඉන්ධන හා ඖෂධ ගෙන්වීමත් දැඩි අවදානමක?
 
 
බැසිල් ජනපති-අගමැති එක්ක ගේමකට එන්නේ ඇයි? 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝකයේ ප්‍රථම කාබනික ව්‍යාපෘතිය ඇරඹු භූටානයෙන් පාඩමක් | The Leader