The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෘෂි කර්මාන්තයේ විප්ලවීය සංදිස්ථානයක්!

T

The Leader Desk

June 23, 2021 • 6:56 AM

කෘෂි කර්මාන්තයේ විප්ලවීය සංදිස්ථානයක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අර්බුද රාශියක් සහිතව වුවද වස විස නැති ගොවිතැනක් උදෙසා රජය විසින් ගෙන ඇති වැදගත් තීන්දුවට සහාය දැක්වීම පුරවැසියන්ගේ යුතුකමක්
  •   ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාරනා සඳහන් කර තිබේ.
  • රසායනික පොහොර යොදා ස්වාභාවික පරිසර පද්ධතියද විනාශ කරමින් විශාල ආහාර අතිරික්කයක් නිෂ්පාදනය කිරීම සහ එම නිෂ්පාදන කල් තබා ගැනීමට නොහැකි වීම ඊට හේතුව බව අපගේ විශ්වාසයයි.'' යයි එම නිවේදනයේ සඳහන් වේ.
  • එමෙන්ම එම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුරවැසියන් ලෙස අපගේ සහාය රජයට ලබා දිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):
බවත්, මෙය සාර්ථක වුවහොත් එය මෙරට කෘෂි කර්මාන්තයේ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරනු ඇති බවත් 'ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' පවසයි.
 
අහම්බයෙන් වුවද රජය වස විස නැති ගොවිතැන වෙත යාම අගය කළ යුතු බව පවසන එම පක්ෂය, එම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුරවැසියන් ලෙස මෙරට ගොවි ජනතාවගේ සහාය රජයට ලබා දිය යුතු බවත්  ඒ රජයේ පැවැත්ම තහවුරු කිරීමට නොව රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් යුතුව බවත් කියා සිටියි.
 
ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ ලේකම් තුසිත බාලසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාරනා සඳහන් කර තිබේ.
 
 
සොබාදහම විසින් ලබාදුන් ආශිර්වාදයක්:
 
 
''වස විස නැති ගොවිතැන පිළිබඳ කතිකාව අද ඊයේ ආරම්භ වු දෙයක් නොවේ. වසර ගණනාවක් තිස්සේ ඇඳි ඇඳී තිබුණු වස විස ගොවිතැන ගැන වු සංවාදය වත්මන් රජයේ රසායනික පොහොර තහනම සමඟ නැවත කරලියට පැමිණ ඇත. 
 
මීට වසර තුනකට පෙර මෙරට අස්වනු අතිරික්කයක් ඇති වන විට අප විසින් පුර්වානුමානය කළ පරිදිම අද අපට ආහාර හිඟයක් ගැන කතා කිරීමට සිදුව ඇත. රසායනික පොහොර යොදා ස්වාභාවික පරිසර පද්ධතියද විනාශ කරමින් විශාල ආහාර අතිරික්කයක් නිෂ්පාදනය කිරීම සහ එම නිෂ්පාදන කල් තබා ගැනීමට නොහැකි වීම ඊට හේතුව බව අපගේ විශ්වාසයයි.'' යයි එම නිවේදනයේ සඳහන් වේ.
 
  
වසංගත තත්වයෙන් පසුව ඇති වු නව සාමාන්‍යකරණය යටතේ රජයට රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට සිදු වීම මෙරට පුරවැසියාට සොබාදහම විසින් ලබාදුන් ආශිර්වාදයක් කරගත යුතු බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අදහසයි. 
 
 
රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමට:
 
 
''එය රජය කිසිදු ලෙසකින් අපේක්ෂා නොකළ තත්වයක්ය යන්න ඔවුන්ගේ පසුගිය මැතිවරණ පොරොන්දු දෙස බැලීමෙන්ද පෙනි යයි.
 
අහම්බයෙන් වුවද රජය වස විස නැති ගොවිතැන වෙත යාම අගය කළ යුතුය. එමෙන්ම එම වැඩසටහන සාර්ථක කර ගැනීමට පුරවැසියන් ලෙස අපගේ සහාය රජයට ලබා දිය යුතුය. ඒ රජයේ පැවැත්ම තහවුරු කිරීමට නොව රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමට ය.''
 
රසායනික පොහොර නැවැත්වීමත් සමඟ පිටරටින් සහල් ගෙන්වීමට යෝජනා වුවද මෙරට ගොවීන් කාබනික ගොවිතැනට දක්වන දායකත්වය මත එලෙස සහල් පිටරටින් ආනයනය කිරීමට උවමනා නොවනු ඇති බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අදහසයි. 
 
ඊට වී ගොවීන් දිරිමත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බව එම පක්ෂය අවධාරණය කර සිටියි.
 
එලෙස ගොවීන් කාබනික ගොවිතැනට මාරු නොවුනහොත් දිගින් දිගටම ආහාර ආනයනය කිරීමට යාමෙන් රටට සිදුවන්නේ පොහොර ආනයනයෙන් සිදු වු පාඩුවට වඩා වැඩි පාඩුවක් බව එම නිවේදනය මගින් කියා සිටියි.
 
 
021b9c5b fertilizer 1600 850x460 acf cropped  
 
 
එවැනි තත්වයක් ඇති නොවන්නට නම් විරෝධතා පවත්වමින් නොසිට කාබනික වගාව කඩිනම් කිරීමට කටයුතු කළ යුතු බව පවසන 'ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය', වස විස නැති ගොවිතැන සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන අන්තර්ජාතික හා රාජ්‍ය නොවන ආයතන ගණනාවක් ඇති බවත්,  එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැසටහනට සමගාමීව ක්‍රියාත්මක වන පළමුව ආහාර වැනි ව්‍යාපෘතිය මගින් කාබනික ගොවිතැනට අවශ්‍ය දැනුම ලබා ගත හැකි බවත් කියා සිටියි.
 
අප දැනටමත් කාබනික නිෂ්පාදන අපනයනය කරන යුරෝපා සංවිධානයට අයත් රටවල් සහ ඇමෙරිකා එක්සත් ජනපදය,  ජපානය වැනි රටවලින්ද කාබනික ගොවිතැනට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාගෙන දැනටමත් කාබනික වගාව සඳහා උපකරණ නිර්මාණය කර ඇති ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය වැනි ආයතන වැඩි දියුණු කළ යුතුය. 
 
  
අර්බුද රාශියක් සහිතව වුවද රජය විසින් ගෙන ඇති මෙම වැදගත් තීන්දුවට සහාය දැක්වීම පුරවැසියන්ගේ යුතුකමකි. මෙය සාර්ථක වුවහොත් එය මෙරට කෘෂි කර්මාන්තයේ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරනු ඇත. 
 
 
 
නිසරු බිමක රෝගීව මියගොස් වැළලෙන්නට...
 
 
එවැනි පරිවර්තනයක දී මුහුණ දීමට සිදුවන අභියෝග රාශියක් ඇති බව පවසන එම පක්ෂය,  නමුත් අසීරුවෙන් වුවද මෙවැනි කඩඉමක් පසු කළ යුතු බවත්, නැතහොත් අනාගතයේ අපට සිදුවන්නේ නිසරු බිමක රෝගීව මියගොස් වැළලෙන්නට බවත් අවදාරණය කර සිටියි.
 
මෙම සද්කාර්යය සඳහා දේශපාලකයින්, නිලධාරීන් සහ ගොවීන් පමණක් නොව පුරවැසියන් වන අපගේද කැපවීම අත්‍යාවශය බව පෙන්වාදෙන 'ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය', හුදු විරෝධතාකරුවන් නොවී රට වෙනස් කිරීමට අපගේද දායකත්වය ලබා දිය යුතු බව කියා සිටියි.
 
 
 

THE LEADER TV 
 
විමල් හොඳ වැඩේ!
 
 
 
 
 'ස' ගේ කාබනික පොහොර ටිකත් ගජමිතුරු බඩට !
 
  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...