The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බැසිල් කාගේ බලාපොරොත්තුව ද? - රජිත් කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

June 30, 2021 • 6:18 AM

බැසිල් කාගේ බලාපොරොත්තුව ද? - රජිත් කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බැසිල් රාජපක්ෂ ඇමති - අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි.
  •  කිසිවක් නොකළ වියත්මග පිරිසක් තනතුරු ලබා ඔවුන් පැතු ලෝකය සංකල්පීයව ද, දාර්ශනිකව ද ප්‍රායෝගිකත්වයයෙන් ද විනාශ කර ඇතැයි ඔවුහු සිතති.
  •        2- දෙවනුව, බැසිල් තමන්ට හිතවත් පිරිසක් පසුගිය ඡන්දයෙන් පාර්ලිමේන්තු ගෙනාවේය.
  •  තවත් පිරිසකට පලාත් සභා බලාපොරොත්තු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
1- පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් වසර තුනක් දිනපතා, අඛණ්ඩව සැලසුමකට වැඩ කළේය (ධනසිරි අමතුරංග වර්ගය).  
 
එයින් බහුතරයකට අද ප්‍රතිලාභයක් තබා ඇගයීමක් හෝ ලැබී නැත.  කිසිවක් නොකළ වියත්මග පිරිසක් තනතුරු ලබා ඔවුන් පැතු ලෝකය සංකල්පීයව ද, දාර්ශනිකව ද ප්‍රායෝගිකත්වයයෙන් ද විනාශ කර ඇතැයි ඔවුහු සිතති. දකිති.  ඔවුන් සිටින්නේ දැවැන්ත බිඳවැටීමක ය. 
 
 
මේ පිරිස ‘පොහොට්ටුවේ අරටුව‘ යි.  දුෂ්කරතා හා අවමන්/නොතකා හැරීම් පමණක් ලැබූ  ඔවුහු දැන් බැසිල් ට තනතුරක් ලැබුනු පසුව තමන්ට, රටට සෙතක් වේ යැයි සිතති, පතති.   
 
 
2- දෙවනුව, බැසිල් තමන්ට හිතවත් පිරිසක් පසුගිය ඡන්දයෙන් පාර්ලිමේන්තු ගෙනාවේය.  තවත් පිරිසකට පලාත් සභා බලාපොරොත්තු ඇත. ඔවුන්ට දිස්ත්‍රික්ක මට්ටමින් දැඩි තරඟයක් ඇත. ජාතික මට්ටමින් අභියෝග රැසක් ඇත. ආණ්ඩුව තුල පිළිගැනීමක් තවම නැත. 
 
 තමන්ට ආණ්ඩුවේ බලවතුන් වන්නට කෙටිම පාර තමන් ඔසවා තැබූ බැසිල් ය. බැසිල් ඇමති -අගමැති වූ පසුව තමන් යුව රජවරුන් වෙතැයි මේ පිරිස සිතති, පතති. බලය අල්ලා ආසනයට දිස්ත්‍රික්කයට සෙතක් කළ හැකි යැයි සිතති, පතති. 
 
 
3- තෙවනුව, පලාත් සභා (හිටපු) හා ප්‍රාදේශීය සභා සභාපතිවරු, උප සභාපතිවරුන් ය.  2019 ආරම්භ යේ සිට පොහොට්ටුව පළාත් සභා ඡන්දය පවත්වන ලෙස ඉල්ලා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේය.  
 
ගෝඨාභය ප්‍රමුඛ ජාතිකවාදීන් පළාත් සභා විරෝධීන් ය.  දැන් බැසිල් ඇමති - අගමැති වූ පසුව පළාත් සභා ඡන්දය ලැබෙනු ඇතැයි ද, දැන් තමන්ට නොලැබෙන බොහෝ (සම්පත්) තමන්ට දිස්ත්‍රික්කයට ලැබෙනු ඇතැයි ද මේ පිරිස සිතති, පතති.  
 
 
4- සිව්වනුව, බැසිල් හා ගණුදෙනු කරන විපක්ෂයේ පිරිසකි. බැසිල් අගමැතිවන්නේ නම්, 2024 ජනාධිපතිවරණයට නාම යෝජනා ගත හැකි නම් තමන්ට අනාගත ආණ්ඩුවක කොටස්කරුවන් විය හැකි බව ඔවුන් සිතති, පතති.  
 
 
5- පස්වනුව, අද රජයේ ගජමිතුරු ව්‍යාපාර කරන බහුතරයක් ගෝඨාභය සමීපතමයින් ය.  සංඛ්‍යාවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් වැඩිම පිරිසක් බැසිල් හිතවතුන් ය.  දිලිත් ජයවීර, නිශ්ශංක සේනාධිපති ට අද ඇති තැන, බැසිල් ඇමති - අගමැති වූ විට තමන්ට තම සමාගමට ගන්නට පුළුවන් යැයි මේ පිරිස සිතති, පතති. 
 
 
6- හයවෙනුව, බැසිල් උතුරු - නැගෙනහිර - මැදරට දෙමළ හා මුස්ලිම් ජාතිකයින් පිරිසක් තම දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවන් කර ගත්තේය.  2/3 ලබාගන්නට, ඔවුන්ගේ සහාය ගත්තේය.  
 
 
‘සිංහල - බෞද්ධ‘ රාජ්‍යයක් යැයි කියන ජනාධිපතිවරයෙකුට යටතේ තමන්ට සමීප බැසිල් ට ඇමති - අගමැති වීම යහපත් බව, තමන්ට ද, තම වර්ගයාට ද ආරක්ෂිත බව ඔවුහු සිතති, පතති.  
 
 
7- හත්වෙනුව, රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු සඳහා යන්නට බලාපොරොත්තු වින පරිපාලන හා සමගාමී සේවාවල පිරිසක් ද, විශේෂඥයින් පිරිසක් ද බැසිල් හා සිටී.  මධ්‍යගත නියෝගදීමක් නොමැතිවීම නිසා රාජ්‍ය පරිපාලනය බිඳවැටී ඇතැයි සිතීම තාර්කික (අගමැති - ජනාධිපති කාර්යාල නිලධාරි බල අරගලය). සියළු අමාත්‍යාංශවලට මැදිහත්වීමේ බලය සහිත තැනකට බැසිල් පත් විය යුතුය සංකල්පය කරළියට පැමිණ ඇත.  
 
බැසිල් රාජ්‍ය පරිපාලනයට නියෝගදීමේ මධ්‍යගත සාධකය බවට පත්වනු ඇතැයි ද බලපෑම අතින් ජනාධිපති - අගමැති ඉක්මවන බලයක් බැසිල්ට ලැබී, ඒ තුල තමන්ට ද, රටට ද හොඳ කලක් උදාවනු ඇතැයි මේ අය සිතති, පතති.  
 
 
8- අටවෙනුව, බැසිල් ට දක්ෂ කළමනාකරුවෙකු යැයි ප්‍රතිරූපයක් තිබේ.  එය ආර්ථිකයට ද අදාල යැයි සිතන පිරිසකි. දවසකට රු.බිලියන 200 ක් අච්චු ගසන්නට වූ රටක්, බංගලිදේශයෙන් ණය ලබා ගෙන දුවන, රටවල් 4 කින් ණය අරගෙන ණය වාරික ගෙවන්නට සැලසුම් කරන රටක ආර්ථිකය බැසිල්ට ගොඩනදන්ට හැකි යැයි ඔවුන් සිතති. එහි ප්‍රතිලාභ තමන්ට - රටට ලැබෙනු ඇතැයි සිතති, පතති.  
 
 
9- නවවෙනුව, රටේ සෑම තැනකම කියන්න කෙනෛක්  - අහන්නට කෙනෙක් නැති ප්‍රශ්න රැසකි.  පොහොර ප්‍රශ්නය,  සැපයුම් ජාල බිඳවැටීම ලෙසින් ඒ ලැයිස්තුව දිගය.  මේ ප්‍රශ්න සියල්ල හෝ ටිකක් හෝ බැසිල් පැමිණ විසඳණු ඇතැයි මේ පිරිසක් සිතති, පතති. 
 
 
10- දස වෙනුව, බැසිල්ට අගමැති - ජනාධිපති තබා ඇමතිවත් නොවිය යුතු යැයි සිතන (උදා - විමල් - ගම්මන්පිල - ඩලස් - වාසුදේව) පිරිසක් හා සමාජ මාධ්‍ය යේ සිටින ඔවුන්ගේ අනුගාමිකයින් රැසකි. මේ පිරිසට තරහාකාරයෝ ද (ජවිපෙ - අලි - ටෙලිපෝන් - සිවිල්) රැසකි. 
 
සතුරාගේ - සතුරා, තමන්ගේ මිතුරා න්‍යාය අනුව බැසිල් ඇමති-අගමැති නොව ජනාධිපති වෙනවාට මේ අය කැමතිය.  තමන්ට බැරි නමුත්, කවුරුන් හෝ තම සතුරා පරදන හැටි ගැන ඔවුහු සිතති, පතති.  
 
 
මේ කණ්ඩායම් 10 ම බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගමන සිතති, පතති.  පොහොට්ටුවේ මහ ලේකම්වරයා කියන විදිහට පාවඩ එළමින්, ජය සක් බෙර සකසමින් ‘මහා මංගල්‍යයට‘ සුදානම් වෙමින් සිටින්නේ ඒ පිරිස ය. 
 
  
ජූලි මාසයේ දී මේ සිතුම් - පැතුම් ‘ඝෝෂාවක්‘ බවට පත්වනු ඇත්තේය.  රසවත්ම කොටස එන්නේ එතැන දී ය. 
 
බැසිල් ඇමතිවරයෙකු වී අගමැති - ජනපති පුටුවට යන්නේ නම් අද තමන්ට ඇති තත්වය, පිලිගැනීම, අවස්ථා අහිමි වී තමන් විනාශ වේ යැයි සිතන පිරිසක් ද වෙති. දැන් බැසිල් විරෝධය නගන්නේ ඒ පිරිසය. බැසිල් හිතවතුන් හා ගැටෙන්නේ ඒ පිරිස ය. 
 
මේ දෙපිරිසගේම හඬ දැන් දැන් ඝෝෂාවකි.  අධ්‍යාපනය, කෘෂිකර්මය, හොර කොන්ත්‍රාත්, සීනි - පොල්තෙල් වංචා, සල්ලි අච්චු ගැසීම, ණය බර, නීතියේ ආධිපත්‍යය වැනි සැබෑ ප්‍රශ්න හඬ නොඇසෙන තරමේ ඝෝෂාවකි!  දුමින්ද, කුසල් මෙන්ඩිස් - දික්වැල්ල, පියුමී හංසමාලී ද අමතක වන තරම් සැණකෙළියකි !!
 
ගෝඨාභය ජනාධිපතිතුමා පේන්නට බැරි, මේ රජය බලයට ගෙන එන්නට කටයුතු කළ භික්ෂුන්වහන්සේලා සංගායනා පවත්වන නමුත් තවම බැසිල් ගැන කතා කරන්නට පටන් ගත්තේ නැත! හෙටින් ඇරඹෙන්නේ ඒවන් සතියකි. 
 
 
 
Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු ආණ්ඩුකාර හා 
දේශපාලන විශ්ලේෂක 
 
 
 
 
 
##########
THE LEADER TV 
 
බැසිල්ට බාල්දියක් - මුදල් ඇමැතිකමත් කොටඋඩ?
 
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...