The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක් - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

July 2, 2021 • 10:43 AM

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක් - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවකු එවකට එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද,
  •     කෙසේ වෙතත්, නීතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය 2010 අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය.    මෙම ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේ නැත.
  • සෙසු සැකකරුවන් ද පසුව නිදහස් කරන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
ජොන්ස්ටන් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවාසයේදී කොටි නායකත්වය විසින් එවන ලද සෙසු කුමන්ත්‍රණකරුවන් සමග ජනාධිපති ඝාතනය පිළිබඳ සාකච්ඡා කර ඇති බව ද, ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන එන තැන් යයි කියන ග්‍රෙගරි පාරේ හා කිරුළපන තැන් දෙකක් කුමන්ත්‍රණකරුවන්ට පෙන්වා ඇති බව ද 2010 ආසන්න වකවානුවේදී රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. 
 
රහස් පොලිසිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු හැර පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ පොලිස්පතිවරයා විසින් ම කරන ලද පැමිණිල්ලක් අනුවයි.
 
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලද අය අතර දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී හා පසුව රටින් පිට ඊලාම් පාරජාතික පාලනයේ සම්බන්ධීකාරකවරයකු වූ ජයනන්ද මූර්තිගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ ඔහුගේ බෑණා වන නඩරාජසිංහම් සුභාෂ් හෙවත් ස්ටීවන් ද සිටියේය.
 
සෙසු සැකකරුවන් වූයේ සිවරාජා, සුභා ක්‍රිෂ්ණන්, ජනූ, ලින්ටන්, සන්දිරාෂන් හා වරදරාජන් යන නම්වලින් හැඳින්වුණු අයයි.  
 
කෙසේ වෙතත්, නීතිපති උපදෙස් මත පරීක්ෂණය අවසන් කරන බව රහස් පොලිසිය 2010 අගෝස්තු 17දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ ය. 
 
මෙම ඝාතන ප්‍රයත්නය සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත්තේ නැත. සෙසු සැකකරුවන් ද පසුව නිදහස් කරන ලදී.
 
 
Daily mirror   
 
මෙවැනි පසුබිමක් සහිත පුද්ගලයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙතින් එක් කපුටකු එල්ලා තටුව එල්ලිය යුතු යයි ත්‍රස්තවාදී කතාවක් කියැවීම පිළිබඳ පුදුම විය යුතු නැත.
 
 
 
 
 
 
                               (අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා සමාජ විශ්ලේෂක 
 
 
 
 
 
මූලාශ්‍රය :
 
 
 
 
##########
THE LEADER TV 
බැසිල් එනවට ශ්‍රීලනිපයත් මනාප නැහැ ? 
 
කපුටු උපදෙස් වැඩ කරයි : අරක්කු සමාගමට රුපියල් බිලියන 1.5 ක බදු සමාවක් ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...