The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නීතිය අනුව බැසිල්ට පාර්ලිමේන්තු යන්න බැරිද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

July 7, 2021 • 11:08 AM

නීතිය අනුව බැසිල්ට පාර්ලිමේන්තු යන්න බැරිද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි.
  •     තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය.
  •     ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත.
  •   2007  සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම ද යහපත් නැත. එබැවින් ලියමි.  
 
තමන්ගේ ජාතික ලැයිස්තුවට පිටින් දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ වැදගත්ම  අවස්ථාව කළුතර රත්නසිරි වික්‍රමනායක ය. අනාගත ආයෝජනය චම්පික රණවක ය. නින්දිතම අවස්ථාව කරුණා ය.  විහිළුව සරත් ෆොන්සේකා ය. සුක්ෂම අවස්ථාව ඩලස් ය. බැසිල් ගේ පත් කිරීම ඔය එකක් තරම් වත් ලංකා දේශපාලනයේ තවම සුවිශේෂ වන්නේ නැත!
 
 
rathnasiri wijedasa 
රත්නසිරි වික්‍රමනායක - විජේදාස රාජපක්ෂ 
 
 
2004 මහා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ බාර දුන් නාම යෝජනා පත්‍රයක හෝ 99 ඒ වගන්තිය යටතේ බාරදුන් ජාතික ලැයිස්තුව ට හෝ රත්නසිරි වික්‍රමනායක ගේ හෝ විජේදාස රාජපක්ෂ ගේ නම තිබුණේ නැත. 
 
නමුත්, ඔවුන් දෙදෙනා පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීය.  
 
එයට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් සුනන්ද දේශප්‍රිය අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මේය.  පසුව මේ නඩුව ඉල්ලා අස්කර ගත්තේය.  
 
ජනදාස පීරිස් ඉල්ලා අස් නොවන්නට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තමන්ගේ දිගු කාලීන දේශපාලන හිතවතා හා ලෙස අගමැති රත්නසිරි පත් කර ගන්නට ලැබෙන්නේ නැත. විජේදාසට ජාතික ලැයිස්තුව ලැබුණේ මේ වැඩේට අවශ්‍ය නීති තර්කය හැදූ නිසා යැයි මම සිතමි.
 
2007  සැප්තෑම්බර් එජනිස පත්කල මන්ත්‍රී අන්වර් ඉස්මයිල් මන්ත්‍රීවරයා අභාවයට පත් වූ අතර එම පුරප්පාඩුවට පත්වුයේ බැසිල් රාජපක්ෂ ය. කතාව හැමෝම දන්නා බැවින් විස්තර නොකරමි.  
 
 
1999 දී පොදුජන පෙරමුණ (පුටුව) 99 ඒ වගන්ති ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්ට බාරදුන් ජාතික ලැයිස්තුව සංශෝධනය කළේය.  මුල් ලැයිස්තුවේ බැටී වීරකෝන් ගේ නම තිබූ අතර, දෙවැන්නේ බැටී ගේ නම තිබුණේ නැත.  බැටී වීරකෝන් කීර්තිමත් නීතිවේදියා නඩු දැම්මේය. වැඩක් වුණේ නැත.
 
 
 80419319 146314768 
සරත් ෆොන්සේකා
 
 
2015 මහා මැතිවරණයට සරත් ෆොන්සේකා ‘පන්දම‘ ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත් විය. 2016 දී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මිය ගිය පසුව (එජාප තම ලැයිස්තුවේ සිටි අසාත් සාලි වෙනුවට),  වෙනත් පක්ෂයකින් තමන්ට විරුද්ධව ඡන්දය ඉල්ලු සරත් ෆොන්සේකා ගේ නම මැතිවරණ කොමිසමට යැව්වේය.  
 
කොමිසම ඒ නම ගැසට් කර සරත් ෆොන්සේකා මන්ත්‍රී කළේය.  
 
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එදා එජාප මහ ලේකම් කබීර් හෂීම් ට විරුද්ධව අංක 54/2016 මානව හිමිකම් නඩුව දැම්මේය. නඩුව විභාගයට නොගෙන ම විසි විය. 
 
dullas alahapperuma 
 
 
ජාතික ලැයිස්තුවේ නම නොතිබුණු ඩලස් අලහප්පෙරුම 2005 පාර්ලිමේන්තුවට ගෙන ආ හැටි දැන් කවුරුත් කථා කරන්නේ නැත.  ඇමති ලක්ෂමන් කදිරගාමර් ඝාතනයෙන් පසුව ඩලස් පාර්ලිමේන්තුවට ආ හැටි තමයි හොඳම එක! ඒක හොඳටම කළේ මහින්ද රාජපක්ෂ ය.   
 
 
2008 වසන්ත සමරසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ විට එයට පත් වූවේ හොර පාස්පෝට් එකකින් ලන්ඩන් ගොස් ආපසු ලංකාවට පැමිණ සිටි විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) ය. කරුණා කළ ජාතික මෙහෙවර නිසාදෝ එදා ඔහුගේ පාර්ලිමේන්තු ආගමනය ගැන කවුරුවත් කථා කළේ නැත.
 
champikaඕමල්පේ සෝභිත හිමි -  චම්පික රණවක
 
 
හෙළ උරුමය මගින් මැතිවරණයට ඉදිරිපත් කළේ භික්ෂුන් වහන්සේලා පමණී. 
 
2006 පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වී චම්පික රණවකට පාර්ලිමේන්තුවට ඒමේ අවස්ථාව සලසා දුන්නේය. චම්පික ඒ මැතිවරණයට තරඟ කළේ හෝ ජාතික ලැයිස්තුවේ නම තිබුනේ හෝ නැත.
 
 
මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු:
 
 
මුස්ලිම් කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පත් කිරීම් හරිම අපූරුය. මාතෘකාවට කෙළින්ම සම්බන්ධ නැතත් සල්මාන්, අයි.කුද්දුස්, පුෂ්පකුමාර පමණක් නොව අසිත පෙරේරා ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ හැටි විචිත්‍ර කතාය.   ලැයිස්තුව තවත් දිගය! අවශ්‍ය කෙනෙකුට සොයා ගත හැකිය.
 
අගමැති රත්නසිරි, කරුණා අම්මාන්, ඩලස්, චම්පික, විජේදාස පාර්ලිමේන්තුවේ කැපි පෙනුනු චරිත ය.
 
බැසිල් රාජපක්ෂගේ පත්වීම ඒ සියල්ලට වඩා අවශේෂ හෝ සුවිශේෂ වන්නේ පත්වීමේ නීත්‍යානුකූල භාවය නිසා නම් නොවේ.  විපක්ෂය එය බාර ගන්නා ආකාරය අනුවය.
 
 
Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්)
හිටපු ආණ්ඩුකාර 
 
 
 
 
 
 
 
 
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත්කරගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය මෙන්න 
 
  
BR Gazette  
 
##########
THE LEADER TV 
 
බැඳුම්කර අරක්කු බ්ලොක් කලේ අධිකරණය හරහා නිත්‍යානුකුල කරන්නද ?
 
 
බැසිල්ට මුදල් : ගැසට් එක සූදානම් - මන්ත්‍රී වෙන්න පෙර ඇමතිකම 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...