The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ? - කුසල් පෙරේරා

T

The Leader Desk

July 17, 2021 • 4:53 AM

දැන් මක්කටයි හතිලන්න නතර වන්නේ? - කුසල් පෙරේරා     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගුරු සංගම් නායකයින් සහ විශේෂයෙන් ගුරුවරුන් තේරුම් ගත යුතු වැදගත් කාරණාවක් ඇත.
  •   එහෙත් මේ මොහොතේ ආණ්ඩුව එළෙස පසු බැසීම, තම යුක්ති සහගත ඉල්ලීම් ලබා ගැනීමට වාසිදායක ලෙස යොදා ගන්නේ කෙසේදැයි ගුරු සේවාවේ නායකයින් ගණන් බැලිය යුත්තකි.
  • ඒ සඳහා වැදගත්ම සාධකය දෙමපියන් ඇතුළු සමාජ සහාය දිනා ගැනීමය.
  • මාර්ග ගත ඉගෙනීම සඳහා අති බහුතරයකට, අවශ්‍ය මූලික සේවා හා පහසුකම් නොමැතිවීම සහ මාසිකව, නොකඩවා ඒවා සපයා ගැනීමට දෙමාපියන්ට ඇති නොහැකියාව   2.
අකුරු ප්‍රමාණය (Font Size):
ආණ්ඩුව පසු බැස්සේ මාර්ග ගත ඉගැන්වීම් වර්ජනයට බහුතර ගුරු සංඛ්‍යාවක් හවුල් වූ නිසාම නොවේ. ආණ්ඩුව පසු බැස්සේ, 
 
 
(1) ගුරු සංගම් හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් බලහත්කාර ලෙස අනීතික නිරෝධායනයකට ලක් කිරීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉතා නිර්ලජ්ජී ලෙස විවෘතව මර්දනය කිරීමක් යැයි ඊට එරෙහිව සමාජය හමුවේ ඉතා පුළුල් ආණ්ඩු විරෝධයක් මතුවීමත් 
 
 
(2) එයට විදේශ වෘත්තීය සමිති සම්මේලන හා මානව හිමිකම් සංවිධාන සහාය දෙමින් ආණ්ඩුවට ඒ බැව් දැන්වීමත් නිසාය. 
 
 
එවැනි ජාත්‍යන්තර විරෝධයක් සමග ලංකාවට 2012 දී නැවත ලැබුණු යුරෝපා ජී.එස්.පී අධිසහන සඳහා වන සම්මුතීන් මත දෙනු ලබන වෙළඳ වාසි දැනටත් ප්‍රශ්න කරන යුරෝපා සංගමය, ඒවා අහෝසි කිරීමට මේ මර්දනය හේතුවන්නට ඉඩ ඇති බැවින්ය.
 
එහෙත් මේ මොහොතේ ආණ්ඩුව එළෙස පසු බැසීම, තම යුක්ති සහගත ඉල්ලීම් ලබා ගැනීමට වාසිදායක ලෙස යොදා ගන්නේ කෙසේදැයි ගුරු සේවාවේ නායකයින් ගණන් බැලිය යුත්තකි. ඒ සඳහා වැදගත්ම සාධකය දෙමපියන් ඇතුළු සමාජ සහාය දිනා ගැනීමය.
 
 
මාර්ග ගත ඉගැන්වීම සතු අගතීන් :
 
 
Online education AP21194196976285 696x447
 
 
මාර්ග ගත ඉගැන්වීම සතු අගතීන් ඒ වෙනුවෙන් විවෘතව සමාජය හමුවේ තැබිය යුතුය.
 
1. මාර්ග ගත ඉගෙනීම සඳහා අති බහුතරයකට, අවශ්‍ය මූලික සේවා හා පහසුකම් නොමැතිවීම සහ මාසිකව, නොකඩවා ඒවා සපයා ගැනීමට දෙමාපියන්ට ඇති නොහැකියාව
 
2. මාර්ග ගත ඉගැන්වීමට පංතිකාමරයේ ඉගැන්වීමට වඩා බෙහෙවින් වෙනස් ඉගැන්වීමේ ක්‍රම භාවිත විය යුතු අතර, ඒ සඳහා අලුතින් ගුරු අත්පොත් ලිවිය යුතු වීම
 
3. එවගේම මාර්ග ගත ඉගැන්වීම් ක්‍රම හඳුන්වා දීමක් හා ඒ සඳහා පුහුණුවක් ගුරුවරුන්ට ලබා දී නොමැති වීම.
 
4. පසුගිය වසරේත් මේ වසරේ අඩකුත් කෙරුණු අසාර්ථක, නාම මාත්‍රික ඉගැන්වීම් හෝ සියල්ලන්ට නොකෙරුණු හෙයින් 2022 හා 2023 දක්වා විෂය මාලා සංශෝධනය විය යුතුව තිබීම.
 
5. මාර්ග ගත ඉගැන්වීමට ගුරුවරුන්ද දෛනිකව අමතර වියදමක් මාසය පුරා දැරිය යුතු අතර එය අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් දැරිය යුතුවීම.
 
 
 
වැනි කාරණා සමාජයේ විවෘතව කතා කළ යුතු අතර, ඒවාට ගුරුවර ගුරුවරියන් සක්‍රීයව හවුල් වීම අනිවාර්ය වන්නකි. තම පාසලේ ළමුන්ගේ දෙමාපියන් ඒ සංවාදයට හවුල් කර ගැනීම අනිවාර්ය වන්නකි.
 
 
 
මේ කතාව සමාජයේ ආරම්භ කළ යුතු මූලිකම පදනම විය යුත්තේ, අතිකාල සේවය සඳහා අතිකාල වැටුපක් අනිවාර්ය සහ බාහිර ගමන් සඳහා කිසිදු ගෙවීමක් නොලබන එකම රජයේ සේවකයා ගුරුවරයා බැව් ආණ්ඩුවටත් දෙමාපියන්ටත් මතක් කිරීමෙනි. 
 
 
# පාසලේ බාහිර කටයුතු සඳහා ගුරුවරුන් සහභාගි විය යුතු නමුත් ඒ සඳහා කිසිදු ගෙවීමක් ගුරුවරුන් ලබන්නේ නැත. අභාග්‍ය එවැනි දේ සඳහා අතින් වියදම් කරන්නට වීමය.
 
 
# අමතර අධ්‍යාපනික හා ක්‍රීඩා කටයුතු සඳහා ළමුන් රැගෙන පාසලෙන් බැහැරව යාමට ගුරුවරුන්ට සිදුවන නමුත් වෙනත් රජයේ සේවකයින්ට මෙන් ඒ සඳහා ගමන් ගාස්තු, බටා කිසිවක් ගුරුවරුන්ට හිමි නැත. ගුරුවරුන් ඒ වියදම් තම අතින් දැරිය යුතුය.
 
 
# පංතියේ ඉගැන්වීම් කටයුතු හා විභාග කටයුතු සම්පූර්ණ කිරීමට අවශ්‍ය වැඩ කොටස් ගෙදර රැගෙන ගොස් සම්පූර්ණ කරගත යුතුය. ඒවාට වැයවන කාලය තමන්ගෙ පෞද්ගලික කාලය බැව් ගුරුවරුන් දන්නේද නැති තරමට එය නියත ලෙස විය යුත්තක් බවට සාමාන්‍යකරණය වී ඇත.
 
 
# කිසිදු ගෙවීමකින් තොරව, විශේෂ ඉල්ලීම්ද නැතිව ගුරුවරුන්ගෙන් ලැබෙන මේ "සමාජ දායකත්වය" ආණ්ඩුව පමණක් නොව, අධ්‍යාපනඥයින් හා අධ්‍යාපන බලධාරීන් ගණන් බලන්නේද නැත.
 
මෙහි ඇති බලවත්ම අසාධාරණය නම්, කිසිදු අතිකාල ගෙවීමක් හිමි නැති, කිසි විටක සේවයට පැමිණීම හා සේවයෙන් පිටව යෑමේ ලේඛනයකට අත්සන් නොතබන මාණ්ඩලික මට්ටමේ සේවා වෘත්තිකයින් වන රජයේ වෛද්‍යවරුන්ට පවා අතිකාල ගෙවීමය.
 
 
 
 එවගේම ඔවුන්ට කිසිදු ආකාරයකින් සාධාරණය කළ නොහැකි "ඩැට්" (Disturbance, Availability and Transport) නම් විශේෂ දීමනාවක්ද ගෙවනු ලැබේ. එය මසකට රු.35,000 සිට රු.50,000 දක්වා වැඩි කරන්නට කලින් පැවති යහපාලන ආණ්ඩුව 2018 ජුලි මාසයේ තීන්දු කළේය. ඔවුන්ට තවත් එවැනි දීමනා රැසක් ඇත.
 
එවැනි විට, ගුරුවරුන්ට කොපමණ නම් අතිකාල හා ගමන් වියදම් ගෙවිය යුතුද?
 
ගුරුවරුන්ට සැළකෙන එවැනි බරපතල අසාධාරණ හා රාජ්‍ය සේවාවේ විෂමතා හමුවේ, මාර්ග ගත ඉගැන්වීම් පටන් ගැනීමට ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත කිසිදු සාධාරණ ගෙවීමකින් තොරව ළමුන් හා ගුරුවරුන් කැඳවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් අධ්‍යාපන බලධාරීන්ට නැති අතර, එවැනි ඉගැන්වීම් යෝජනා කිරීමට ගුරු සමිති නායකයින්ටද අයිතියක් නැත.
 
 
ගුරුවරුන් ආණ්ඩුවෙන් කළ යුතු ඉල්ලීම් :
 
 
 
ඒ හේතු කාරණා සියල්ල සළකා මාර්ග ගත ඉගැන්වීම් යළි ආරම්භ කිරීම සඳහා ගුරුවරුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු යැයි යෝජනා කෙරෙන්නේ,
 
 
1. සියලු පාසල් ළමුන්ට අවශ්‍ය පහසුකම් හා උපකරණ නොඅඩුව හා නොකඩවා ලබා දීම සහතික කිරීමත්.
 
2.  ගුරුවරුන්ට ආරම්භයක් ලෙස දිස්ත්‍රික් මට්ටමින් මාර්ග ගත අධ්‍යාපනය ගැන අවම සතියක පුහුණුවක් ලබා දීමත්.
 
3. මාර්ග ගත ඉගැන්වීම් සඳහා ගුරුවරුන්ට මාසිකව රු.10,000 ක විශේෂ සම්පත් දීමනාවක් ගෙවීමත්ය. (එය වෛද්‍යවරුන්ට ගියත් නොගියත් ලැබෙන DAT දීමනාවෙන් පහෙන් පංගුවකටත් වඩා අඩු බැව් මතක් කළ යුතුය)
එතෙක් මාර්ග ගත ඉගැන්වීම් දෙමාපියන්ගේ සහායද ඇතිව නවතා තැබිය යුතුය.
 
 
අවධාරණයක්:
 
මීට පෙර මේ ගැන මා කතා කළ විට ඊට විරුද්ධ තර්කය වූයේ, වෛද්‍ය වෘත්තිය හා ගුරුවරුන් සැසඳිය නොහැකි බවත් වෛද්‍යවරුන් අවුරුදු 05ක විශේෂ වෘත්තීය අධ්‍යාපනයක් ලබන බවත් ගුරුවරුන්ට එවැනි විශේෂඥතාවක් නොමැති බවත්ය. 
 
සියල්ලන් අමතක කරන්නේ අවු. 05ක එවැනි විශේෂ පුහුණුවක් ලබන්න සුදුසුකම් හැදීමේ අවු.13ක පාසල් අධ්‍යාපනය අනේක විධ දුෂ්කරතා විඳින ගුරුවරුන්ගෙන් කෙරෙන බවය. එවගේම ළමුන්ට මේ කඩා වැටෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් හරියාකාරව නොලැබෙන බවත් සළකා දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා සංවාදයත් මේ මාර්ග ගත ඉගැන්වීම් ගැන සංවාදය සමග එකතු කර ගත යුතුය. වෛද්‍ය වෘත්තිය හා අනෙක් එවැනි වෘත්තීන් මෙන්ම ගුරු වෘත්තිය නැවත නම්බුකාර වෘත්තියක් ලෙස නඟා සිටුවීමත් ඒ ප්‍රතිසංස්කරණ සමගින් විය යුත්තකි.
 
 
 
Kusal 2021
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ 
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී 
 
2021 ජුලි 16
 
 
 
 
 
 
 සබැඳි විශේෂාංග :
 
 
 
THE LEADER TV
 

රාජපක්ෂ සමාගම? ජාත්‍යන්තරයට 

 
 

 

අගමැති මහින්දටත් පොහොට්ටු පක්ෂෙන් චෝදනා! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...