The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සරත් වීරසේකරගේ දෙකක් ගැලවීම - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 2, 2021 • 4:04 PM

සරත් වීරසේකරගේ දෙකක් ගැලවීම - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා වෙත පවරාගෙන ඇත.
  • ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස මිස වෙන කිසිවකට නොවේ.
  •   හිටපු නාවික හමුදා නිලධාරියකු හා ජාතිවාදී අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අමනෝඥ දේශපාලකයකු වන සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කර දැන් මාස අටක් ගතවී තිබේ.        මෙම කාලසීමාව තුළ ඔහු කළ දේ මොනවාද?
  • 1989 දශකයේ අගභාගයේදී හා 1990 දශකයේ මුලභාගයේදී රන්ජන් විජේරත්නට සිදුවූයේ එවැනි දෙයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මෙම ආයතන දෙක විශේෂ වැදගත්කමක් සහිත ඒවා නොවේ. බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යනු මෙලෝ වැඩක් නැති සල්ලි කන යකෙකි. ඒවා සරත් වීරසේකරගෙන් ගලවන්නේ ඔහුට දඬුවමක් ලෙස මිස වෙන කිසිවකට නොවේ.
 
හිටපු නාවික හමුදා නිලධාරියකු හා ජාතිවාදී අන්තවාදී අදහස් ප්‍රකාශ කරන අමනෝඥ දේශපාලකයකු වන සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කර දැන් මාස අටක් ගතවී තිබේ. 
 
 
 
මෙම කාලසීමාව තුළ ඔහු කළ දේ මොනවාද? කැපීපෙනෙනම දෙය නම්, විලිලැජ්ජා රහිත කෘරත්වයක් ලෝකයට ප්‍රදර්ශනය කරමින් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පවා පැහැරගෙන ගොස් පොලිසිය ලවා වෙඩිතබා මරාදැමීමයි. 
 
ශ්‍රී ලංකා පොලිසියට සිදුකළ මෙම අවමානය හැර ඔහු පොලිසියට කළ අංශු මාත්‍රයක සංවර්ධනයක් නම් රටට පෙනෙන්නේ නැත.
 
ගුරු සංගම් නායකයන් අසාධාරණ අන්දමින් අත්අඩංගුවට ගෙන, නීති විරෝධී අන්දමින් නිරෝධායනයට යවා ගුරුවරුන් උද්ඝෝෂණයට කැඳවීමට ද, රට පුරා ආණ්ඩුවට අභියෝගාත්මක උද්ඝෝෂණ රැල්ලයක් නිර්මාණය කිරීමට ද සරත් වීරසේකර දායකත්වය දැක්වූයේය.
 
 stalin lanka 
 
ඔහු වැනි අන්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, යල්පැනගිය අදහස් දරණ පුද්ගලයකුට පොලිසිය භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද බරපතලම වරදකි. ඔහුගෙන් ආයතන දෙකක් ගලවා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය.
 
සරත් වීරසේකර ලවා උද්ඝෝෂණ මර්දනය කිරීමේ අළුගෝසු කාර්යභාරය ඉටුකරවාගෙන ඔහු ඉතිහාසයේ කුණු බක්කියටම තල්ලු කර දැමීම ද ඔහු වැනි අය සම්බන්ධයෙන් එක් විසඳුමකි. 1989 දශකයේ අගභාගයේදී හා 1990 දශකයේ මුලභාගයේදී රන්ජන් විජේරත්නට සිදුවූයේ එවැනි දෙයකි.
 
හිටපු මිලිටරි නායකයන්ට ජ්‍යේෂ්ඨ රාජ්‍ය තනතුරු භාරදීමෙන් රටට වැඩක් වේද නැද්ද යන්න මේ දිනවල පරීක්ෂාවට ලක්වෙමින් තිබේ. සරත් වීරසේකර ඇතුළු කිසිදු මිලිටරි නායකයකු රාජ්‍ය නිලධාරීන් ලෙස සාර්ථක වී නැති බව අපගේ නිරීක්ෂණයයි. 
  
ඔවුන් නිසා අවසානයේදී සිදුවී තිබෙන්නේ රජයට ඉතා වැදගත් වන පරිපාලන සේවය වැනි අංශවලින් පූර්ණ සහයෝගයක් නොලැබීමයි. ඔවුන් සේවය කරන්නේ හැඟීමකින් නොව, යාන්ත්‍රික ආකාරයකින් බව ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සරලව කිව්වොත්, ‘කරල බලපල්ලකො’ යන ආකල්පයෙනි.
 
සරත් වීරසේකරගේ පොලිසියේ පවා මේ වන විට දැවැන්ත කලකිරීමක් නිර්මාණය වි තිබේ. ඔවුන් ද ක්‍රියාකරන්නේ අලස හැඟිමකින් බව පෙනේ.
 
 
Ajith Perakum(අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී

 

 


 

THE LEADER TV 
 
 
 

කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?

 

 

දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සරත් වීරසේකරගේ දෙකක් ගැලවීම - අජිත් පැරකුම් ජයසිංහ | The Leader