The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටම බංකොලොත් කරන ගෑස් අර්බුදය - කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

August 4, 2021 • 8:53 AM

රටම බංකොලොත් කරන ගෑස් අර්බුදය - කීර්ති තෙන්නකෝන් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක වෙළෙඳපොලෙන් වැඩි මිලට ගෑස් මිලදී රටේ ජනගහනයෙන් භාගයට අඩු මිලට ගෑස් සපයා රටේ ම මිනිස්සුන්ට එහි බදු බර දැරිය යුතු යැයි රජය තීරණය කර ඇත.
  • 12.5 ක් ගෑස් සිලින්ඩරයක් රු.
  • 1500 ක් වන විට ඉන්දියාවේ රු.
  • සාමාන්‍ය යෙන් ඉන්ධන සමාගම් පාඩු නොලබන්නේය යන පිළිගැනීමක් ඇතත් ලාෆ්ස් බංකොළොත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
දකුණු ආසියාවේ අඩුම ගෘහස්ත ගෑස් මිල ලංකාවේ ය.  ලංකාවේ ගෑස් කි.ග්. 12.5 ක් ගෑස් සිලින්ඩරයක් රු. 1500 ක් වන විට ඉන්දියාවේ රු. 1900 කි. ඇෆ්ගනිස්ථානයේ රු. 1965, නේපාලනයේ රු. 2088, බංගලිදේශයේ රු. 2177, මාලදිවයිනේ රු. 3,176 ක් ද වේ.  
 
දැන් සමාගම් දෙකක් පාඩු ලබමින් ගෑස් විකුණයි. සාමාන්‍ය යෙන් ඉන්ධන සමාගම් පාඩු නොලබන්නේය යන පිළිගැනීමක් ඇතත් ලාෆ්ස් බංකොළොත්ය. ලිට්රෝ පාඩු ලබයි.  
 
රටේම බදු සල්ලිවලින් රටෙන් භාගයකට ගෑස් දීම ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටීම ඉක්මන් කරනු ඇත.
 
 
ලිට්රෝ බංකොලොත් වෙයි ද?
 
 
ලාෆ්ස් හා ලිට්රෝ සමාගම් ජූලි මස ගෑස් මෙ.ටො. එකක් මෙරටට ගෙන්වීමට පිළිවෙලින් ඩොලර් 719 හා 725 බැගින් වැය කළේය.  (රාජ්‍ය අංශයේ වියදම් වැඩිය) අගෝස්තු නව ගෑස් අනුව එය ඩොලර් 755 හා 761.50 බැගින් වේ. (තව මාස දෙකකින් උතුරු අර්ධ ගෝලයේ ශීත කාලය සමඟ මිල තවත් ඉහළ යනු ඇත.)
 
ලිට්රෝ මාසයකට රු. බිලියන 1.2 ක පාඩුවක් ලබයි. (2021 මුල් මාස 3 හි පාඩුව රු. මිලියන 3800  ක් හෙවත් බිලියන 3.8 කි. )  
 
ලාෆ්ස් ගෑස් නොමැති බැවින් එහි පරිභෝගිකයින් ලක්ෂ 19 න් කොටසක් ලිට්රෝ වෙත ඇදෙයි. ඉදිරියේ ලිට්රෝ මාසික පාඩුව රු. බිලියන 1.4 – 1.5 වනු ඇත. අවම වශයෙන් ලිට්රෝ වසරක රු. බිලියන 16 ක් පාඩු ලබනු ඇත. 
 
පුද්ගලික ලාෆ්ස් සමාගම වසර 5 ක් තුල ලැබූ පාඩුව රු. බිලියන 18 කි. (ලිට්රෝ 2020 වසරේ බදු ගෙවීමට පෙර රු. මිලියන 1,436 ක් ලාභ ලැබීය)
 
 
රජයට පවරා ගන්නා විට ලාබ ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, (කෝප් වාර්තා අනුව) දැන් ඇ.ඩො. මිලියන 900 ක් පාඩු ලබා ඇත.  ඔවුන් ජාත්‍යන්තර බැඳුම්කරවලට තවත් ඩොලර් මිලියන 175 ක් ණය ය.  (සම්පූර්ණ ණය ඩොලර් බිලියන 1.1 කි)   
 
ලංකා බැංකුවට (ඩොලර් මිලියන 225) ක් ද, මහජන බැංකුවට (ඩො.මි. 200) ක් ද ආසන්නව ණය ය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 275 ක් ණය ය. 2019 වසරේ පාඩුව රු. බිලියන 44.02 කි. රටේ එක් පුරවැසියෙකු ශ්‍රී ලංකන් නිසා රු. පනස් දහසක් ණයය.
 
පාඩු ලබන ආයතන ලැයිස්තුවේ ඉහළින්ම සිටින විදුලි බල මණ්ඩලය 2019 රු. මිලියන 85,412 ක් ද, 2020 රු. මිලියන 62,561 ද පාඩු ලැබීය.  
 
එක් වසරකට ගෑස් සමාගමේ අපෙක්ෂිත පාඩුව එයින් ¼ ක් 1/5 ක් තරම් ය.  
 
 
ගෑස් හා විදුලිය දෙකම නැති හල්දුමුල්ලේ, රිදිමාලියද්දේ, ගිරාදුරුකෝට්ටේ අන්ත අසරණ මිනිසුන් මේ පාඩුව පියවා ගන්නට බදු ගෙවිය යුත්තේ කුමන නම් පාපයකටද?
 
 
ලිට්රෝ සමාගමේ ඇත්තේ මහජන මුදල් ය.  ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එහි ප්‍රධානම කොටස් හිමියා ය. ඒ දෙකම ජනතාවගේ ය. දැන් ගෑස් නිසා ශ්‍රී ලංකන් ඉරණම අභියසට ඔවුන් පැමිණ තිබේ.
 
ගෑස් ගෙන්වන්නට ලිට්රෝ සමාගම (මසකට ඩොලර් මිලියන 23 ක් පමණ) ලබාගත්තේ  ස්ටෑන්ඩර්ඩ් චාටර්ස් බැංකුවෙනි.  
 
ගෑස් මිල ඉහළයාම හා ලිට්රෝ ඉල්ලුම වැඩිවීම නිසා එය ඩොලර් මිලියන 30 හෝ එයට ආසන්න ප්‍රමාණයක ලබන මාසය වන විට ඉහළ යනු ඇත. ලිට්රෝ දැන් රජයේ බැංකු (මහජන /ලංකා) සමඟ ණයවර ලිපි විවෘත කිරීමට සැලසුම් කරයි.
 
මහජන සහ ලංකා බැංකු කඩා වැටීමට විශාල ආයතන (Too big to Fall) ලෙස විශ්වාසය තිබේ. අවසානයේ එය කඩා වැටෙනු ඇත්තේ රටේ සමස්ත ආර්ථිකය ද සමඟය.
 
Sri Lanka Insurance 
 
ලිට්රෝ පාඩුව අවසානයේ රක්ෂණ සංස්ථාව දරා ගැනීමට සිදුවේ. එයින් ඔවුන්ට කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීමට නොහැකි තත්වයක් දක්වා වර්ධනය විය හැකිය. අර්බුදය තවදුරටත් උග්‍ර වන්නේ නම් රක්ෂණ හිමියන්ට කල්පිරීමේ දී මුදල් ගෙවීමට නොහැකි වේ. මෙය ඇතිවිය හැකි නරකම තත්වය පිළිබඳ පූර්වකථනයයි.  
 
 
 
නමුත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන විට එය මේ රටේ එක් වැසියෙකු රු. පනස් දහසක ණයකරුවෙකු කරනු ඇතැයි ද, එය දවසෙන් දවස ඉහළ යනු ඇතැයි ද එදා කිසිවෙකුත් පූර්ව කථනය කළේ නැත.  
 
 
පිළියම කුමක් ද?
 
රාජ්‍ය ව්‍යාපාරයක් ලාභයක් නැතත් පාඩු නොලැබිය යුතුය. මෙරට ගෑස් මිල ජාත්‍යන්තර ගෑස් මිලට අනුව සංශෝධනය විය යුතුය. රුපියල් සීයක් අතින් අරගෙන කොළඹ පැමිණි ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයෙකු ගොඩ නැගු ලාෆ්ස් සමාගමට අත් වූ ඉරණම මහජන මුදල්වලට (රක්ෂණ, රජයේ බැංකු) ද උරුම නොකළ යුතුය.  
 
ගෑස් මිල වැඩි වූ විට පාරිභෝජනය පහත වැටේ. ගෑස් මිලදී ගත හැකි පිරිස පමණක් එවිට ගෑස් ලබා ගනු ඇත. එය රටට ඩොලර් ඉතිරි කරනු ඇත.
 
ශ්‍රී ලංකන්, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් කාලයෙන් කාලයට බලයේ සිටි රජයන් ගත් වැරදි තීරණ නිසා ජනතා මුදල් කාබාසිනියා කරන ආයතන බවට පත්ව ඇත.  
 
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු විජිත හේරත් සහ ලිට්රෝ  සමගමේ තරුණ සභාපති තෙෂාර ජයසිංහ ට හිමි තැන ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.
 
Basil Rajapaksa PM Media  
‘මුදල් නැති මුදල් ඇමතිකම‘ ලැබුණු බැසිල් 
 
 
1970 පසු දැවැන්තම ආර්ථික අර්බුදයේ ගිලෙමින් සිටින මොහොතක ‘මුදල් නැති මුදල් ඇමතිකම‘  ලැබුණු බැසිල් රාජපක්ෂ සිටින්නේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ ද?, නොකරන්නේද? යන දෙගිඩියාවකය.  ගෑස් මිල වැඩි කරන්නටත් බැරිය.  කරන්නට ද බැරිය.
 
 ‘මිලට ඉලක්කම් ඇත. වටිනාකමට, ඉලක්කම් නැත‘. කාලයක් ශ්‍රී ලාංකිය අභිමානය වූ ශ්‍රී ලන්කන්, බහුජාතික තෙල් ඒකාධිකාරයට බිය නොවී ගොඩ නැඟු තෙල් සංස්ථාව, ටී.බී.ඉලංගරත්න ගේ ‘මහජන බැංකුව‘ ට අත්වී ඇති ඉරණම රක්ෂණ - ලිට්රෝ සමාගම්වලට උරුමවනු ඇත.
 
අනෙක් අතට, මේ රටේ අන්ත දිළිදු පිරිසක් ගෑස් පරිභෝජනය කරන පිරිස් වෙනුවෙන් බදු ගෙවිය යුතු නැත. සමාගම් බිඳ වැටුණාට කමක් නෑ යැයි සිතමින් රටම බංකොලොත් කිරීම එයටත් වඩා අපරාධයකි.
 
 
Rajith
 
(රජිත් කීර්ති තෙන්නකෝන් ) 
දකුණු පාලාත් හිටපු ආණ්ඩුකාර
 
2021 අගෝස්තු 4
 
 
  

 
THE LEADER TV 
 
ගුරු නායකයන්ට කොටි ලේබල් අලවා දඩයමකට සැරසේ !
 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටම බංකොලොත් කරන ගෑස් අර්බුදය - කීර්ති තෙන්නකෝන් | The Leader