The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොවිඩ් රෝගීන් පවා අපකීර්තියට ලක්කරන ආණ්ඩුවක් !

T

The Leader Desk

August 9, 2021 • 11:35 AM

කොවිඩ් රෝගීන් පවා අපකීර්තියට ලක්කරන ආණ්ඩුවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු
  •   ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
  • රෝගීන් අපකීර්තියට ලක්කිරීම නින්දිත ක්‍රියාවක් බව තවමත් ආණ්ඩුව තේරුම්ගෙන නැත.
  •     පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී කොවිඩ් රෝගී සිරකරුවන් 11දෙනෙකු මරාදමන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
 
පසුගිය අගෝස්තු 5දා කොවිඩ්-19 හේතුවෙන් මියගිය සෙල්වරාජා ශාන්තිමලර් ගුරුතුමිය ජුලි 30දා බණ්ඩාරවෙලදී පැවැත්වුණු ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම නිසා ඇයට කොවිඩ් වැළඳුණු බවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී පැවසීය.  
 
ඒ වන විට එම ගුරුවරිය ස්වයං නිරෝධායනයට ලක්ව නිවසේ සිටි බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.
 
ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ගුරු සංගමය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ශාන්තිලතා නම් ගුරු උපදේශිකාවකට කොවිඩ් වැළඳුණේ ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම නිසා බව පැවසීය. 
 
එය වැරදි බව එම ගුරු උපදේශිකාව දුරකථනයෙන් දැනුම් දී තිබේ.
 
කෙසේ වෙතත්, මේ වන විට ගුරු සංගම් විසින් සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත උද්ඝෝෂණ තාවකාලිකව නතර කර තිබේ. එහෙත්, ආණ්ඩුව උද්ඝෝෂණ සිදුකළ සිසුන් හා ගුරුවරුන් ගණනාවක්ම පොලිසිය ලවා පැහැරගෙන ගියේය.
 
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
 
 
# කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම
 
# රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම
 
 
මෙය එතරම් හොඳ තත්වයක් නොවන බව අප ඒ කාලයේමත් පෙන්වා දුන්නෙමු. 
  
බොහෝ කලකට පසුව ද ආණ්ඩුව වෙනස් වී නැති බව පෙනේ. රෝගීන් අපකීර්තියට ලක්කිරීම නින්දිත ක්‍රියාවක් බව තවමත් ආණ්ඩුව තේරුම්ගෙන නැත.
 
 
පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී කොවිඩ් රෝගී සිරකරුවන් 11දෙනෙකු මරාදමන ලදී. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයකි.
 
ආණ්ඩුවෙන් පරිස්සම් වන්න.
 
 
                               (අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී
praja.lk
 
 
 

 
 
THE LEADER TV 
 
රිෂාඩ් ගේ චැනල් එක බැසිල් අරන් ? නිලේන්ද්‍රත් හවුල් !
 
 
මැදගොඩ හිමි දෙසූ මරණ මංචකේ සැනසිල්ල ද මේ ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...