The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සීමාවන් අවශ්‍යය. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යය -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 14, 2021 • 12:55 PM

 සීමාවන් අවශ්‍යය. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යය -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසංගතවේදයට බොහෝ කලින් ඉඳන් වසංගත තියෙනවා.
  • වසංගතයට ඔරොත්තු දෙන්න බැරි අය යන්න ඕනැ.
  • පොදුබව රැකගන්න අවශ්‍යයි.    ඔබ ගෙදර සිටියත් ඔබට වැටුප ලැබෙනවා ඇති.
  •   අනෙක් කාරණය, මැරෙන්න ඉන්න අපි ජීවත්වෙන්න තියෙන දවස් ටික 100%ක් ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕනැ.    අමරණීය වෙන්න ඉන්න අය හැංගෙන්න.
අකුරු ප්‍රමාණය (Font Size):
ලෝකෙ අපි නොදන්නා බොහෝ දේ තියෙනවා. 
 
වසංගත එන්නෙ ගහණයන් පාලනය කරන්න වෙන්නත් පුළුවන්. වසංගතවලට ඔරොත්තු දෙන ජීවීන්ගෙ ජාන ඉදිරියට යනවා. 
 
මිනිස් ඉතිහාසය කියන්නෙ වසංගත ඉතිහාසයකුත් තමයි.
 
වසංගත වගේම ජාතියක් තමයි යුද්ධත්. යුද්ධ කරලා මිනිසුන් එකිනෙකා මරාගන්නවා. එකෙනුත් ජනගහණය පාලනය වෙනවා.
 
යුද්ධවලදි අපි සතුරන් මරන්න කිසිම ලෝභකමක් නැහැ නේද? එතකොට වසංගතවලින් මිනිසුන් මැරෙද්දි ඇයි මේ මෙච්චර අනේ අපොයි!
 
වසංගත සමිබන්ධ මානුෂවාදී ප්‍රවේශයන්ගෙ සීමාව තීරණය කරන්නෙ වසංගතයේ ගැඹුර විසින් මිසක් මිනිසුන් විසින් නෙමෙයි. 
 
ඒ වගේම විවිධ සමාජයන්ට වසංගත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට පුළුවන් විවිධ ආකාර තිබෙනවා. 
 
 
53723079 303 
ලංකාවට නවසීලන්තය වෙන්න බැහැ. ඒක පුරවැසියන්ගෙ රටක්. 
 
ලංකාව මිනිස් කසල ගොඩක්. 
 
දැවැන්ත පරිමාණෙන් වසංගතය පැතිරුණු ඉතාලියේ තවමත් දිළිඳු ජනයාගේ කාඩ්පතට මාසෙ කන්න විතරක් නෙමෙයි එහෙ ඉන්න ලාංකික ශ්‍රමිකයන් වගේ අයට නම් ලංකාවටත් කීයක් හරි එවන්න පුළුවන් තරමෙ මුදලක් වැටෙනවා. 
 
එක ලෙඩාටත් ලොකු ලොක්ඩවුන් දාන රටවලට විශාල විදේශ සංචිත තියෙනවා.
 
 අපට නැහැ. කාගෙ වරදද? දේශපාලකයන්ගෙ විතරද? අපි මොනවද කළේ ජනතාව විදියට.
 
 
ලංකාවෙ අවුල දේශපාලකයන්ගෙ විතරක් නෙමෙයි. ජනතාවත් අවුල් තමයි. 
 
ඒ වගේ මිනිස් කසලවලට ගැලපෙන පාලක පිරිසක් තමයි අපට ඉන්නෙ. 
 
වෙන කිසි දෙයකදි අපේ රටේ නායකයන්ටවත්, රාජ්‍ය නිලධාරීන්ටවත්, ජනතාවටවත් මානුෂීය ප්‍රවේශයන් නැහැ. 
 
ඉතින් වසංගතයකදි ඒක බලාපොරොත්තු වෙලා වැඩක් තියෙනවද?
 
සෝබන මානුෂවාදය දෙසන සෞඛ්‍ය අංශවල කට්ටිය මේ වෙලාවෙ මාස්ක්, ග්ලවුස්, පීපීඊ එහෙම පාවිච්චි කරන ආකාරය සොයල බලන්න කොයි තරම් සමාජයට, පරිසරයට ආදරයකින්ද ඒක කරන්නෙ කියලා. 
 
ඉතාම අරපිරිමැස්මකින් තොරව අප අද පරිසරයට එකතු කරන මේ දේවල් නිසා හෙට දවසේ මහා පරිසර විනාශයක් සිදුවෙනවා.
 
කවුරුවත් විවෘතව කියන්නෙ නැහැනෙ තමන් ළඟ මනුස්සකම් නැහැ කියලා. 
 
එහෙම කිව්වාම කොන්වෙයි කියලා බයයි. 
 
මං නම් බය නැහැ. මං කොහොමත් කොන්වෙලා ඉන්නෙ.
 
 මං කියන්නෙ, වසංගතය එක්ක සටන් කරන්න ඕනැ. නවීන විද්‍යාවෙන් ලැබෙන පොඩි තල්ලුවක් වන එන්නත්කරණයත් උපයෝගී කරගෙන සමූහ ප්‍රතිශක්තිය ගොඩනගාගැනීම තමයි විසඳුම.
 
ඒ වෙනුවෙන් අප සෑහෙන පිරිසකට ජීවිත දෙන්න වෙනවා. වසංගතයට ඔරොත්තු දෙන්න බැරි අය යන්න ඕනැ.
 
 මේ මට පවා ඒක අදාළයි. ඉපදෙන අපි හැමෝම මැරෙන්න ඕනැ. 
 
ඉපදිලා මැරෙනකල් අපි වැඩිදෙනෙකු කරන මහලොකු දේකුත් නැති එකේ, මේ වෙලාවෙ මැරිලා යන එක වුණත් සේවයක් වෙන්නත් පුළුවන්.
 
 
 
202101asia sri lanka covid cremation.jpg
 
අපේ ප්‍රියයන්ගෙන් වෙන්වීම අපට දුකක්. ඒ නිසා අප ඔවුන් ආරක්ෂා කරගන්නට ඕනැ. 
 
හැබැයි ඉතින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපි හැමදාමත් විඳිනවා. වසංගතයකදී ඒක වැඩිවෙනවා.
 
වසංගතයට මුහුණදෙන්නට ඕනැ. ඒකත් එක්ක සටන් කරන්න ඕනැ. හැංගිලා බේරෙන්න බැහැ. 
 
වසංගතය එක්ක සටන් කරන්නට නම් ආර්ථිකය ඉතා වැදගත්. පොදුබව රැකගන්න අවශ්‍යයි. 
 
ඔබ ගෙදර සිටියත් ඔබට වැටුප ලැබෙනවා ඇති. ඔබ ගෙදර ඉන්න. 
 
එහෙම නැති මිනිසුනුත් මේ සමාජයේ ඉන්නවා. ඔවුන් රැකියා, ව්‍යාපාර කරන්නට ඕනැ. 
 
ඒ වගේම, රටක් විදියට අපට වගකීම් තිබෙනවා. ණය ගෙවන්නට ඕනැ. සුබසාධනය පවත්වාගෙන යන්නට ඕනැ. 
 
බන්දුල ගුණවර්ධන කියනවා වගේ අපේ කර්මාන්ත නතර වෙලා අපනයන නැති වුණාම ලෙඩුන්ට බෙහෙත් ගේන්න, ඔවුන් රෝහල් ගෙනයන්න වාහනවලට ගහන්න තෙල් ගේන්න පවා විදියක් නැහැ. 
 
ඒ සඳහා වැය කරන්න ඩොලර් නැහැ. 
 
මේ ඔක්කොම කරන්න ආර්ථිකයක් පවතින්නට ඕනැ. 
 
වැඩ කළත්, නොකළත් පඩි ලැබෙන අයට මේ සරල ඇත්ත තේරෙන්නෙ නැහැ. 
 
රට වහන්න කියන අය මේවට උත්තර දෙන්නෙත් නැහැ.
 
අනෙක් කාරණය, මැරෙන්න ඉන්න අපි ජීවත්වෙන්න තියෙන දවස් ටික 100%ක් ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕනැ. 
 
අමරණීය වෙන්න ඉන්න අය හැංගෙන්න.
 
සීමාවන් අවශ්‍යයි. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යයි.
 
 
 
Ajith 14
 
(අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී
 
 
THE LEADER TV 
 
 
 

නාමල්කරණයට යටකළ එන්නත්කරණය!

 

හමුදාපතිත් නොදන්නා කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සීමාවන් අවශ්‍යය. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යය -අජිත් පැරකුම් ජයසිංහ | The Leader