The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද? - අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 16, 2021 • 5:58 AM

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද? - අජිත් පැරකුම් ජයසිංහ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්.
  •   වසංගතයක් කියන්නෙ සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි.
  •   ලංකාවෙ මේ මොහොතෙ ජනප්‍රිය අදහස බව පෙනෙන්නෙ ආර්ථිකය අතහැරලා, ඇඳිරි නීති පනවලා වසංගතය පාලනය කළ යුතු බවයි.
  • ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්.
 
ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට, ගුවන් තොටුපළට, තෙල් ගබඩාවලට, මහ බැංකුවට වගේ ආර්ථික ඉලක්ක රැසකට එල්ටීටීඊ සංවිධානය පහරදුන්නා. ලංකාවෙ හමුදාව කොටින්ගේ අරමුදල් සම්පාදනයට ජාත්‍යන්තර සහයෝගයෙන් කරපු බාධා ආදියත් ආර්ථික ප්‍රහාර තමයි.
 
  
කවුරුහරි හිතනවා නම්, වසංගතයෙදි ආර්ථිකය වැදගත් නැහැ, ආර්ථිකය කඩාවැටෙන්න ඇරලා වසංගතය පාලනය කරන්නට පුළුවන්ය කියලා, එය ඉතා පටු කල්පනාවක්.
 
 
වෛද්‍ය සේවා පවත්වාගැනීම වසංගතයක් පාලනය කිරීමේදී ඉතා වැදගත්. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවන්නට ඕනැ. එන්නත්, ඖෂධ, ගිලන් රථ සේවා, මහජන සෞඛ්‍ය සේවා ආදිය පවත්වාගෙන යන්න ඕනැ. 
 
ඒවාට අවශ්‍ය ධනය ඉබේ පහළවෙන්නෙ නැහැ. ඒවා උපයන්නට අනෙක් අය වැඩකරන්නට ඕනැ. මේ අතරෙ අපි හැමෝම කන්න බොන්නත් ඕනැ. තවත් ගොඩක් දේවලුත් තියෙනවා.
 
වසංගතයක් කියන්නෙ සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. එය සමාජ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි, සෞඛ්‍ය අංශවලත් උපදෙස් ලබාගනිමින් රජයක් විසින් ඒ සම්බන්ධ තීරණ ගත යුතුව තිබෙන්නෙ. ඒ තීරණ දේශපාලනික තීරණ.
 
ලංකාවෙ මේ මොහොතෙ ජනප්‍රිය අදහස බව පෙනෙන්නෙ ආර්ථිකය අතහැරලා, ඇඳිරි නීති පනවලා වසංගතය පාලනය කළ යුතු බවයි. ජනප්‍රිය අදහස් හැමවිටම නිවැරදි නැති වෙන්න පුළුවන්.
 
image f22462a308 
 
වැඩ කළත්, නොකළත්, ගෙදර හිටියත්, තමන්ගෙ වැටුප ලැබෙන රජයේ සේවකයන් වැනි අයට ආර්ථිකය අතහරින්නට යයි සරලව කියන්නට පුළුවන්. ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.
 
අප හැමෝටම මෙහිදී වගකීමක් තියෙනවා. රජය ඇඳිරි නීති දැම්මොත් විතරක් නෙමෙයි අපට ගෙදර ඉන්න පුළුවන්. අත්‍යවශ්‍ය වැඩකට විතරක් එළියට යන්න. අනෙක් අය ගෙදර රැඳෙන්න. ඒක තමයි ප්‍රායෝගික විසඳුම.
 
 
                               (අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී
 
 
 
 
 

THE LEADER TV 
 
නාමල්කරණයට යටකළ එන්නත්කරණය!
 
 
කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...