The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද? -අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

August 17, 2021 • 2:36 PM

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද? -අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් ආසාදිතව මියගිය අය 5222ක පිරිස අතරින් 5022දෙනෙකු කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
  •   පසුගිය වසරක පමණ දත්ත විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද ඒකකය විසින් අගෝස්තු මුලදී නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් අතරින් 77%ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි.
  • මරණවලින් 15%ක් පමණ සිදුවන්නේ නිවාසවලම බව ද වාර්තාවේ දැක්වෙන අතර මෙම පිරිසෙන් ද බහුතරය වැඩිහිටියෝය.
  • එම ප්‍රතිපත්ති ගරුකත්වය නොමැතිව, විවිධ අයථා ක්‍රමවලින් එන්නත සොරකම් කරගත් සියලු දෙනාගේ දෑත්වල නිසි කලට එන්නත නොලැබීම නිසා මියගිය වැඩිහිටියන්ගේ හා බහුවිධ රෝගාබාධ ඇති අයගේ ලේ ගෑවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අගෝස්තු 10දා පැවසීය. 

මියගොස් තිබෙන අය අතරින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන්නේ 23දෙනෙකු බව ද ඔහු සඳහන් කළේය. 
 
මෙලෙස එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය පුද්ගලයන්ට වෙනත් රෝගාබාධ රැසක් තිබූ බවද ඔහු පැවසීය.
 
පසුගිය වසරක පමණ දත්ත විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද ඒකකය විසින් අගෝස්තු මුලදී නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් අතරින් 77%ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි. මරණවලින් 15%ක් පමණ සිදුවන්නේ නිවාසවලම බව ද වාර්තාවේ දැක්වෙන අතර මෙම පිරිසෙන් ද බහුතරය වැඩිහිටියෝය.
 
 
එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධාන‍යේ එන්නත්කරන උපදේශක විශේෂඥ කණ්ඩායම (SAGE) විසින් ජනගහන ප්‍රමුඛතාකරණය සම්බන්ධ නිර්දේශ ප්‍රතිපත්තියක් නිකුත් කරන ලදී. 
 
එයට පාදක වන්නේ කෝවිඩ්-19 වසංගතය තුළ හඳුනාගත් සාක්ෂිය. 
 
සෞඛ්‍ය හා අනෙකුත් ඉදිරිපෙළ සේවකයන්ට, වැඩිහිටි ජනයාට හා නොයෙක්  රෝග සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතාව ලබාදෙන්නැයි SAGE නිර්දේශ කළේය. 
 
තාර්කික හා හදිසි යයි හැඟේ නම්, මූලික අදියරේදීම ආවරණය කිරීම සඳහා වඩා අධි අවදානමක් තිබෙන කණ්ඩායම් නිර්දේශ කිරීමේ හැකියාව රටවලට තිබිණි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් වසංගත ප්‍රතිකාර හා නිවාරණ එන්නත් ආදිය සාධාරණ අන්දමින් ලොව පුරා රටවලට ලබාගැනීමේ පහසුකම සැපයීමේ COVAX වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%ක එන්නත් ලබාදීමට නියමිත අතර එයින් කොටසක් දැනටම ලැබී තිබේ. 
 
ශ්‍රී ලංකාවේ රජය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශානුකූලව කටයුතු කළ යුතුව තිබුණු අතර, එසේ කටයුතු කරන්නේදැයි සොයාබලන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයට ද වගකීමක් තිබිණි. මේ එන්නත් ලෝක ජනතාවගේ පොදු සම්පතකි.
 
 
 

 
එහෙත්, සිදුවූයේ කුමක්ද? ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. 
 
එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. 
 
වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. 
 
  
එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. 
 
 
මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.
 
වයස අවුරුදු 60ට වැඩි අයට හා බහුවිධ රෝග තිබුණු අයට ප්‍රමුඛතා පදනමින් දෙන්නට තිබුණු එන්නත බලපුළුවන්කාරකම පාවිච්චි කරමින් සොරකම් කරගැනීමට සමාජයේ ප්‍රගතිශීලී යයි කියන කොටස් පවා ඉතාම ලජ්ජා විරහිත අන්දමින් කටයුතු කළහ. 
 
  
අප පුරවැසියන් නම්, දේශපාලකයන්ට පෙර අප ප්‍රතිපත්තිගරුක විය යුතුය. එම ප්‍රතිපත්ති ගරුකත්වය නොමැතිව, විවිධ අයථා ක්‍රමවලින් එන්නත සොරකම් කරගත් සියලු දෙනාගේ දෑත්වල නිසි කලට එන්නත නොලැබීම නිසා මියගිය වැඩිහිටියන්ගේ හා බහුවිධ රෝගාබාධ ඇති අයගේ ලේ ගෑවී තිබේ.
 
 
එන්නත් සොරකම පවා කෙතරම් අවිධිමත් වීද යත්, ඇස්ට්‍රා සෙනකා පළමු මාත්‍රාව ගසාගෙන ගසාගෙන ගොස් හැරී බලන කල දෙවන මාත්‍රාව නැත. දෙවන මාත්‍රාව දුන්නේ මාස ගණනක් ප්‍රමාද වෙලාය.
 
ඕනෑම ඖෂධයක් ඵලදායී වන්නේ නියමිත මාත්‍රාව නිසි කලට ලබාගැනීමෙන් බව මෙතෙක් අප දැන සිටි විද්‍යාවයි. ලංකාවේ සෞඛ්‍ය අංශ එය ද බොරු කළහ. ඇත්තෙන්ම සිදු වූයේ දෙවන මාත්‍රාව පමාවී ලබාදුන් එන්නත්වල මාත්‍රා දෙකම නාස්ති වී යාම විය හැකිය.
 
වයස අවුරුදු 60ට වැඩි ජනතාවට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තේ බොහෝ පමා වී පසුගිය ජූනි මාසයේය. ඒ වන විට පමා වී වැඩිය.
 
 2020 වසරේ ජුලි මාසයේ සිට පමණ දත්ත විශ්ලේෂණය කර බැලුවා නම්, අඩුම තරමේ මාස කීපයකට පෙර ගන්නට තිබිණි. මෙම වැරදි තීරණ නිසා දහස් ගණනක් අහිංසක ජීවිත අහිමි විය. 
 
මෙය නොසැලකිල්ල නිසා සිදුකරන ලද අපරාධයකි.
 
  
කෝවිඩ්-19 සම්බන්ධයෙන් වත්මන් රජය කටයුතු කරන ආකාරය ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට පැවති රජය කටයුතු කළ ආකාරයට බොහෝ සමානය. මේ නොසැලකිලිමත්කම නිසා සිදුවන මරණවලට ඔවුන් වගකියනවාද?
 
 
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මිනී මැරීම හා 300 වගන්තිය යටතේ මිනී මැරීමට තැත් කිරීම පිළිබඳ චෝදනා ගොනුකර තිබේ. 
 
රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම, වගකීම් පැහැරහැරීම හා වැරදි සිදුවීමට ඉඩදීම සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ලකිරීම යහපත් ප්‍රවණතාවකි. 
 
මෙම නීති වත්මන් පාලකයන්ට හා විශේෂයෙන්ම, කොවිඩ් පාලන ජනාධිපති කාර්යසාධක බලකායට ද අදාළ විය හැකිය.
 
 
                               (අජිත් පැරකුම් ජයසිංහ )
දේශපාලන හා විචාරක හා මාධ්‍යවේදී
praja.lk
 
(පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-08-14)
 
  

  
THE LEADER TV 
 
ස'ගේ ආණ්ඩුවේ ගමන්මග තීරකයා පවිත්‍රාද?
 
 
ඇම්බියලන්ස් ගුවන් යානයෙන් ඇත්තටම සිංගප්පූරු ගියේ කවුද?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...