The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල...දැන් අපට එල්ලීමට තට්ටක්වත් නැත - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

August 18, 2021 • 3:25 PM

මංගල...දැන් අපට එල්ලීමට තට්ටක්වත් නැත - මහේෂ් හපුගොඩ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල ජීවත් විය යුතුය.
  • ජිවිතයද ෂුවර් නැත.    නැවත අපට එල්ලෙන්නට ඇමෙරිකන් තට්ටක් එන්නේ ද නැත.    ඒ ෆැන්ටසිය අප අවසන් කළ යුතුව ඇත.
  •   මංගල...ඔබේ සුව දුක් බැලීමටවත් ඇමෙරිකන් කාරයෙක් එයිදැයි සැක සහිතය.
  •     දැන් අපේ හිසට අප අත පමණය.    එයද අන් කිසිදා නොතිබූ රැඩිකල් තත්වයකි.    ඇත්තටම අවශ්‍ය නම් දැන් මෙතැනින් පටන් ගත හැක.    හිස් අවකාශයක් යනු නරකම දෙයක් නොවේය.    ඒ හිස් බව රැඩිකල් හිස් බවකි.
අකුරු ප්‍රමාණය (Font Size):
සියළු මිනිසුන් ජීවත් විය යුතුය.
 
සියළු මිනිසුන් ගේ ජීවිතය අමිලය. 
 
ඒ සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත. 
 
චන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය. 
 
කාබුල් නුවර ඇමෙරිකන් ගුවන් තට්ටේ එල්ලුන ඇෆ්ගන් කාරයාගේ පවා ජීවිතය වෙනුවෙන් අප සැමටම වගකීමක් ඇත. 
 
අප දේශපාලනය කරනවා කියන්නේ ඒ නිසාය. 
 
ඒ ජීවිත වෙනුවෙනි. 
 
ලෝකය වඩා හොඳ තැනක් කිරීම වෙනුවෙනි.  
 
 
ඒ වගේම මිනිසුන් තම ජීවිතය කැපකර දේශපාලන කරයි. 
 
ඒ අනෙක් අයගේ ජීවිත වෙනුවෙනි.
 
 අනෙකාගේ ජීවිතය වෙනුවෙනි. 
 
නිදහස වෙනුවෙනි. 
 
 
ඇමෙරිකන් ගුවන් යානා තට්ටේ එල්ලුණ මිනිසා පවා සොයන්නට ඇත්තේ නිදහස විය යුතුය. 
 
පණ එපා කියා තට්ටේ එල්ලෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය. 
 
ඇමෙරිකන් කාරයන් විසින් ම තලේබාන්කරණය කල ඇෆ්ගනිස්තානය අද ඇෆ්ගන් වැසියන් තමන්ගේ ගුවන් හමුදා ගුවන් යානයේ තට්ටේ එල්ලා ඇත. 
 
මංගල බටහිර නිදහස අගය කළ කෙනෙක් ලෙස ප්‍රකටය. 
 
නමුත් අද බටහිර අප අත් හරිමින් ඇත. ඔවුන් පසු බසිමින් ඇත.
 
 අද අපට එල්ලෙන්නට තට්ටක් නැත. වැලේ වැල් නැත. ජිවිතයද ෂුවර් නැත. 
 
නැවත අපට එල්ලෙන්නට ඇමෙරිකන් තට්ටක් එන්නේ ද නැත. 
 
ඒ ෆැන්ටසිය අප අවසන් කළ යුතුව ඇත.
 
මංගල...ඔබේ සුව දුක් බැලීමටවත් ඇමෙරිකන් කාරයෙක් එයිදැයි සැක සහිතය.  
 
දැන් අපේ හිසට අප අත පමණය. 
 
එයද අන් කිසිදා නොතිබූ රැඩිකල් තත්වයකි. 
 
ඇත්තටම අවශ්‍ය නම් දැන් මෙතැනින් පටන් ගත හැක. 
 
හිස් අවකාශයක් යනු නරකම දෙයක් නොවේය. 
 
ඒ හිස් බව රැඩිකල් හිස් බවකි. පුරවා දැමිය යුතු හිස් බවකි.  
 
 
ඇෆ්ගන් වැසියන් බටහිර ලිබරල් අත්දැකීම වෙනුවට මරණය (ජීවිත පරිත්‍යාගය - martyrdom) තෝරා ගනිමින් ඇත. 
 
එයද අප අවධානයට ලක්කළ යුතු තත්වයකි. 
 
ඉරානයේ සිදුවූ විප්ලවය ම ඇෆ්ගනිස්තානයේ සිදුවූ බව ජිජැක් කියා සිටින මුත් ඒ ගැන යමක් කීමට තව කල් වැඩිය...
 
නමුත් මෙතැන් සිට එකමුතු වුණොත් නම් යමක් ගැන සිතිය හැකිය. 
 
අලුතෙන් පටන් ගමු. 
 
සුවපත් වෙන්න. 
 
 
1441238 10201803407901417 1786301966 n
 
 
(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
THE LEADER TV 
 
 
මහින්ද දොලවත්ත ලවා ස'ගෙන් කළ ඉල්ලීම! 
 
  

 

ලංකාව අවධානමේ : ඇත්ත කියලා cid ඇවිල්ලා   

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මංගල...දැන් අපට එල්ලීමට තට්ටක්වත් නැත - මහේෂ් හපුගොඩ | The Leader