The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'දිගු කාලීන කොවිඩ්' යනු කුමක් ද? රෝග ලක්ෂණ මොනවා ද? ප්‍රතිකාර තිබේ ද?

T

The Leader Desk

August 20, 2021 • 8:37 AM

'දිගු කාලීන කොවිඩ්' යනු කුමක් ද? රෝග ලක්ෂණ මොනවා ද? ප්‍රතිකාර තිබේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් -19 වැළඳෙන බොහෝ දෙනා දැඩි ලෙස රෝගාතුර නොවන අතර සාපේක්ෂව ඉක්මණින් සුවය ලබති.
  •   මේ අතර, තවමත් සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අයට දිගු කාලීන ගැටලු අසමාන ලෙස බලපානු ඇතැයි යන බියක් ද පවතී.
  •     එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ අනුව දිගු කාලීන කොවිඩ් යනු වෛරසය ආසාදනය වී සති 12 කටත් වැඩි කාලයක් පවතින දරුණු හෝ මෘදු, වෙනත් හේතුවක් නිසා පැහැදිලි කළ නොහැකි රෝග ලක්‍ෂණ වේ.
  • මෙතෙක් සිදු කළ විශාලතම අධ්‍යයනය විය හැකි, ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (යූසීඑල්) විසින් දියත් කරන ලද සමීක්ෂණය මගින්, වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට වඩා, දිගු කාලීන කොවිඩ් ඇති පුද්ගලයින්ගේ අවයව පද්ධති 10 කට බලපාන රෝග ලක්‍ෂණ 200ක් හඳුනාගෙන ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
නමුත් රෝගයෙන් සුවය ලැබීමෙන් පසුවත් සැලකිය යුතු පිරිසකට දිගු කාලීන ගැටලු ඇති වී තිබේ. සමහර පුද්ගලයන් මුල් කාලයේ දී එතරම් රෝග ලක්ෂණ නොපෙන්වුවත් දිගු කාලීන ගැටලුවලට මුහුණ දී තිබේ.
 
මේ අතර, තවමත් සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අයට දිගු කාලීන ගැටලු අසමාන ලෙස බලපානු ඇතැයි යන බියක් ද පවතී.
 
 
'දිගු කාලීන කොවිඩ්' (Long Covid) රෝග ලක්‍ෂණ මොනවාද?
 
 
එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ අනුව දිගු කාලීන කොවිඩ් යනු වෛරසය ආසාදනය වී සති 12 කටත් වැඩි කාලයක් පවතින දරුණු හෝ මෘදු, වෙනත් හේතුවක් නිසා පැහැදිලි කළ නොහැකි රෝග ලක්‍ෂණ වේ.
 
 
 
 
 
රෝග ලක්ෂණ වලට ඇතුළත් වන්නේ:
  
 
# අධික තෙහෙට්ටුව
 
# හුස්ම හිරවීම, වේගවත් හෘද ස්පන්දනය, පපුවේ වේදනාව හෝ තද වීම
 
# මතකය සහ අවධානය සම්බන්ධ ගැටලු
 
# රසය හා සුවඳ වෙනස් වීම
 
# හන්දිපත් රුදාව
 
 
සමීක්ෂණ මඟින් තවත් සිය ගණනක් ලක්ෂණ හඳුනාගෙන ඇත. මෙතෙක් සිදු කළ විශාලතම අධ්‍යයනය විය හැකි, ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් (යූසීඑල්) විසින් දියත් කරන ලද සමීක්ෂණය මගින්, වෛරසයෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ට වඩා, දිගු කාලීන කොවිඩ් ඇති පුද්ගලයින්ගේ අවයව පද්ධති 10 කට බලපාන රෝග ලක්‍ෂණ 200ක් හඳුනාගෙන ඇත.
 
භ්‍රාන්තිය, නින්ද නොයාම, ඇසීම සහ පෙනීමේ වෙනස් වීම්, කෙටි කාලීන මතකය නැති වීම සහ කථන හා භාෂා ගැටලු එම ලක්ෂණවලට ඇතුළත් වේ. තවත් සමහරුන්ගේ ආමාශ-ආන්ත්‍රයික හා මුත්‍රාශයේ ගැටලු, ඔසප් වීමේ වෙනස්වීම් සහ සමේ තත්ත්වයන් වාර්තා වී ඇත.
 
මෙම සමහර රෝග ලක්‍ෂණ කෙතරම් දරුණු ද යත්, බොහෝ දෙනෙකුට ස්නානය, සාප්පු යාම සහ වචන මතක තබා ගැනීම වැනි කාර්ය කිරීමට ද නොහැකි වී ඇත.
 
 119971652 111261431 coron8 
 
දිගු කාලීන කොවිඩ් ඇතිවීමට හේතුව කුමක්ද?
 
 
අපි තවමත් නිශ්චිතව නොදනිමු.
 
එක් හේතුවක් නම් ආසාදනය සමහර පුද්ගලයින් තුළ අධික ලෙස ව්‍යාප්ත වීම නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට පමණක් නොව තමන්ගේම පටකවලට ද බලපෑම් එල්ල කිරීමය. ඉතා ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති පුද්ගලයින් තුළ එය සිදු විය හැකිය.
 
වෛරසය අපේ සෛලවලට ඇතුළු වී සිදුකරන හානි හේතුවෙන් අමතක වීම් සහ සුවඳ හා රස නැති වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවන බව පැහැදිලි කළ හැකිය. එමෙන්ම, විශේෂයෙන් රුධිර වාහිනීවලට හානි වීමෙන් හෘදය, පෙනහළු හා මොළයේ ගැටලු ඇති විය හැකිය.
 
තවත් සිද්ධාන්තයක් නම් වෛරසයේ කොටස් ශරීරය තුළ පැවතිය හැකි අතර සමහර විට ඒවා ක්‍රියා විරහිත වී නැවත සක්‍රිය විය හැකි බවය.
 
විසප්පු සහ ග්‍රන්ථි උණ ඇති කරන Epstein Barr (එප්ස්ටයින් බාර්) වෛරසය වැනි වෙනත් වෛරස්වල මෙවන් තත්වයක් දැකගත හැකිය . කෙසේ වෙතත්, මේ මොහොතේ කොවිඩ් වෛරසයට ද මෙලෙස සිදුවන බවට එතරම් සාක්ෂි නොමැත.
 
මෙවැනි පුළුල් පරාසයක ගැටලු ඇති කිරීමට විවිධ පුද්ගලයින් තුළ විවිධ දේ සිදුවෙමින් පවතින බව කිව හැකිය.
 
 
long covid 3 927x617 
 
දිගු කාලීන කොවිඩ් ඇත්තේ කාහට ද සහ එය කෙතරම් සුලභ ද?
 
 
වෛද්‍යවරුන් දිගු කාලීන කොවිඩ් නිල රෝග විනිශ්චයක් ලෙස සටහන් කර ගැනීම ආරම්භ කළා පමණක් නිසා මේ මොහොතේ මෙය තහවුරු කර ගැනීම ඇත්තෙන්ම අපහසු කාර්යයකි.
 
කෙසේ වෙතත්, සැලකිය යුතු පර්යේෂණ ගණනාවක් යෝජනා කරන්නේ පුද්ගලයෙකුගේ වයස සමඟ මෙම තත්වය වැඩි වැඩියෙන් ඇති විය හැකි අතර එය කාන්තාවන් අතර දෙගුණයක් සුලභව දැකිය හැකි බවය.
 
සමහර දිගු කාලීන කොවිඩ් රෝග ලක්‍ෂණ වඩාත් රෝගී වූ හෝ රෝහල් ගත වූ අය තුළ බහුලව දක්නට ලැබේ.
 
  
ලන්ඩන්හි කිංග්ස් කොලේජ් සිදුකරන ලද අධ්‍යයන කීපයක් සහ සෞඛ්‍ය වාර්තා දත්ත විශ්ලේෂණයන් අනුව, වෛරසය වැළඳුණ වයස අවුරුදු 60 ගණන් වල පුද්ගලයන් තුළ දිගු කාලීන කොවිඩ් ඇති වීම 5% කි. ඊට සාපේක්ෂව අවුරුදු 20 ගණන්වල පුද්ගලයින්ගෙන් 1-2% කට පමණ දිගු කාලීන කොවිඩ් වැළඳිය හැකිය.
 
 
"නමුත් දිනකට රෝගීන් 100,000 න් 1-2% ක්ම විශාල සංඛ්‍යාවක්," යැයි මෙම අධ්‍යයනයේ එක් පරීක්ෂකයෙකු වන ආචාර්ය ක්ලෙයාර් ස්ටීව්ස් පැවසීය.
 
දිගු කාලීන කොවිඩ් රෝගීන් අධ්‍යනය කරන එක්සෙටර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ඩේවිඩ් ස්ට්‍රේන් පැවසුවේ තම සායනයට යොමු කෙරෙන බොහෝ පුද්ගලයින් වයස අවුරුදු 20, 30 සහ 40 ගණන්වල පසුවන අය බවය.
 
එයට හේතුව විය හැක්කේ මෙම රෝග ලක්‍ෂණ, තරුණයන් තුළ තරමක් අඩු වුවද, ඔවුන්ට එයින් වැඩි බලපෑමක් ඇති කරන බැවිනි.
 
වැඩිහිටි පුද්ගලයන්ට සම්පූර්ණයෙන්ම කොවිඩ් මර්දන එන්නත ලබා දීමට වැඩි ඉඩක් ඇති හෙයින් ද මෙය වෙනස් විය හැකිය.
 
"අපිට බැලූ බැල්මට මෘදු ආසාදන විශාල රැල්ලකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම මෙහිදී හත් දෙනෙකුගෙන් එක් අයෙකුට දිගු කාලීන කොවිඩ් වැළදී තිබිය හැකි අතර එය තරුණයින් අතර දකින්න ලැබෙයි," ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පරීක්ෂණ වාර්තාවේ ජ්‍යෙෂ්ඨ කතෘ ආචාර්ය ඇතීනා අක්‍රාමි පැවසුවාය.
 
 
දරුවන් ගැන කුමක් කිව හැකිද?
 
 
දරුවන්ට වැඩිහිටියන්ට වඩා කොවිඩ් වැළඳීමේ හැකියාව අඩු බැවින්, දිගු කාලීන කොවිඩ් වැළඳීමේ හැකියාව අවම බවට නිර්වචනය කළ හැකිය. නමුත් සමහර දරුවන් තුළ ද දිගු කාලීන කොවිඩ් ලක්ෂණ දැකගත හැකිය.
 
ලන්ඩන්හි කිංග්ස් කොලේජ් හි අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දරුවන් බොහෝ දෙනෙකුට මෙම රෝග ලක්ෂණ කෙටි කාලීන බවය. නමුත් ළමුන්ගෙන් කොටසකට දිගුකාලීන රෝග ලක්ෂණ තිබුණත්, 98% ක් සති අටක් තුළදී සුවය ලබා ඇත.
 
එවන් රෝග ලක්ෂණ ඇත්නම් සිය වෛද්‍යවරයා හමුවීම ඉතා වැදගත්ය.
 
 
ddddd
 
 GETTY IMAGES
 
 
මට දිගු කාලීන කොවිඩ් ඇති බව දැනගන්නේ කෙසේද?
 
 
දැනට පරීක්‍ෂණයක් නොමැති අතර, ඒ වෙනුවට එය දැනට "බැහැරකිරීමේ රෝග විනිශ්චය" කිරීමක් ලෙස පවතින බව වෛද්‍ය ඩේවිඩ් ස්ට්‍රේන් පැහැදිලි කළේය. මෙහිදී පළමුව රෝග ලක්ෂණවලට හේතු වන වෙනත් කාරණා බැහැර කර වෛද්‍යවරුන් රෝග විනිශ්චයකට එළැඹෙනු ඇත.
 
රෝග විනිශ්චය ලබා දීමට පෙර දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය සහ යකඩ ඌනතාව වැනි වෙනත් ගැටලු සඳහා පරීක්ෂණ සිදු කර තහවුරු කර ගැනීමට වෛද්‍යවරු වග බලාගනිති.
 
පර්යේෂකයන්ට අනුව, දිගු කාලීන කොවිඩ් සඳහා රුධිර පරීක්‍ෂණයක් අනාගතයේදී සිදු කළ හැකිය. අවයවලට ඇතිවන හානිය හඳුනා ගැනීම සඳහා වඩාත් සංකීර්ණ මෙවලම් දැනටමත් පරීක්ෂණ මට්ටමේ භාවිත කෙරේ. නමුත් සාමාන්‍ය වෛද්‍ය හමුවීමකදී ඔබට මේවා ලබා ගත නොහැක.
 
එන්නතෙන් සහනයක් ලැබේද?
 
 
දිගු කාලීන කොවිඩ් රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් අඩකට පමණ, එන්නත ලබා ගැනීමෙන් පසු රෝග ලක්‍ෂණවල අවම වීමක් වාර්තා කර තිබේ. සමහර විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය එන්නතෙන් යථා තත්ත්වයට පත් වීමෙන් හෝ වෛරසයේ ඉතිරි වූ කොටස්වලට පහර දීමට ශරීරයට උදව් ලැබීමෙන් එසේ විය හැකි බව විශේෂඥයෝ පවසති.
 
එන්නත ලබා දීමෙන් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වෙන අතර දිගු කාලීන කොවිඩ් ඇතිවීම වැළැක්වීම ද සිදු කළ හැකිය.
 
 
ලබා ගත හැකි ප්‍රතිකාර මොනවාද?
 
 
මේ වන විට එංගලන්තයේ විශේෂඥ දිගු කාලීන කොවිඩ් මධ්‍යස්ථාන 89 ක් පිහිටුවා තිබේ. ඉදිරියේ දී එය එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වනු ඇත.
 
දැනට තහවුරු කර ඇති ඖෂධ ප්‍රතිකාර නොමැති අතර ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ රෝග ලක්‍ෂණ කළමනාකරණය කර ගැනීම සහ ක්‍රමයෙන් ප්‍රතිකාර වැඩි කර ගැනීම කෙරෙහි ය.
 
ඖෂධ ප්‍රතිකාර සඳහා විධිමත් සායනික පරීක්‍ෂණයක් ළඟදීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
 
 
(BBC සිංහල සේවය)
 

 

 

THE LEADER TV 
 
වකුගඩු රෝගීන්ට වසංගත සමයේ අවදානමෙන් මිදෙන උපදෙස් 
 
 
ජීවිත රැසක් අනතුරේ ! : කෝවිඩ් නිව්මෝනියා එන්නත් හිඟයක් 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...