The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'වඳින්න එපා' මංගල කරුණක් !

T

The Leader Desk

August 25, 2021 • 1:58 PM

'වඳින්න එපා' මංගල කරුණක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේශපාලනඥයන්ට පාසල් ළමුන් වැඳ නමස්කාර කළ යුතු නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.
  •   එදින ආරාධිතයා වූ අමාත්‍යවරයාට සිසුවියක් වැඳ පිළිගැනීම මෙම ප්‍රකාශය කිරීමට හේතුව වී ඇත.
  •   ඇමැතිවරයා එහිදී දේශපාලකයන්ට වැඳීම ප්‍රතික්ෂේප කරන අතර වැඳිය යුතු අයද හඳුන්වා දී ඇත.
  • එයද බුද්ධිමත්ව බලන කල අමාත්‍යවරයා ගත් හොඳ තීන්දුවක් බව පැහැදිලිය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඔහු මේ බව සඳහන් කළේ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය සහ සිව්මහල් පංතිකාමර ගොඩනැගිල්ල විවෘත කරමිනි.

 

එදින ආරාධිතයා වූ අමාත්‍යවරයාට සිසුවියක් වැඳ පිළිගැනීම මෙම ප්‍රකාශය කිරීමට හේතුව වී ඇත.

 

ඇමැතිවරයා එහිදී දේශපාලකයන්ට වැඳීම ප්‍රතික්ෂේප කරන අතර වැඳිය යුතු අයද හඳුන්වා දී ඇත. ඒ ආගමික ශාස්තෘවරුන්, පූජ්‍ය පක්ෂය, ගුරුවරුන් හා මව්පියන්ය.

 

මංගල අමාත්‍යවරයා මීට පෙර රටේ කතාබහට ලක්වූයේ බාර් අරින වහන වේලාව වෙනස් කිරීම හා බාර්වල කාන්තාවන්ට රැකියාව ලබාදීම සහ කාන්තාවන්ට මත්පැන් ලබැගැනීමට ඉඩ සැලසීම නිසාය.

 

මෙය බොහෝ අයගේ විරෝධයට හේතුවිය. එයද බුද්ධිමත්ව බලන කල අමාත්‍යවරයා ගත් හොඳ තීන්දුවක් බව පැහැදිලිය. ඒ ගැන නොව කතා කළ යුත්තේ මේ ගැනය.

 

පොඩි එවුන් ලවා වන්දවා ගැනීමේ රෝගය:

 

සැබැවින්ම දේශපාලකයන් ළඟ වැඳ වැටෙනුයේ ඇයි? කුඩාකල සිටම පොඩි එවුන් ලවා වන්දවා ගැනීමේ රෝගය වැඩිහිටියන්ට ඇතිවූයේ ඇයි?

 

පොඩි එකාගේ සිට මහ එකා දක්වා මේ වැඳ වැටෙන ක්‍රමය කුමක්ද? එයින් සැබැවින්ම අවංක ගරුත්වයක් සිදුවේද?

 

එදා මංගල සමරවීර ඇමතිවරයාට වඳින ළමයා වඳිනුයේ අවංකවමද? විදුහල්පතිගේ උවමනාවටද? එවන් දෙයක් අට පාස් දේශපාලකයන් බලාපොරොත්තු වනම දෙයකි. අප රෙටේ බොහෝ දේශපාලකයන් මෙයට කැමතිය.

 

දේශපාලකයන් ළඟ ළමුන් වැඳ වැටෙන විට දේශපාලකයන්ද දේශපාලන නායකයන් ළඟ වැඳ වැටේ. මේ ක්‍රමය වෙන් විය යුතු නැත්ද?

 

අද බරපතලව සිතිය යුත්තක් :

 

ඇමතිවරයා තමන්ට වඳින්න එපා කියන ගමන් වැඳිය යුතු අය නම් කර තිබුණි. එහෙත් භික්ෂුන්ට හෝ ආගමික ශාස්තෘවරුන්ට වුව වඳිනුයේ ඇයි? එයද අද බරපතලව සිතිය යුත්තකි. භික්ෂූන්ට වැඳිය යුත්තේ ඇයි? ඔවුහු කුමක් කරන නිසාද?

 

සැබැවින්ම මේ වැඳීම නවතා දැමිය යුතුය. ගුරුවරුන්ට නොව මව්පියන්ට වුව වැඳීම නොකළ යුතුමය. ගරු කිරීම යනු වැඳ වැටීම ලෙස අරුත් ගැන්වීම නවතා දැමිය යුතුය. අද පෞද්ගලික ටියුෂන් ක්ලාස්වල පවා ගුරුවරුන්ට වඳින තැනට ළමුන් පුරුදු වී ඇත. මේ වැඳ වැටීම ඇයි?

 

මහින්ද රාජපක්ෂ යුගය වැඳීමේ කප් ගැසූ යුගයකි. රාජපක්ෂලා එයට බෙහෙවින් ආශා කළෝය. අදද ඔවුන් දුටු කල වැඩිහිටියෝ වැඳ වැටෙති. කලාකරුවෝ වැඳ වැටෙති. මේ දීනකම කුමක්ද?

 

මහින්ද රාජපක්ෂට වැන්ද අය පසුව නාමල් රාජපක්ෂටද වැන්දේය. බැසිල්ට, ගොඨාටද වැන්දේය. ඔවුහු සැම එය බලාපොරොත්තු වූවෝය.

 

මර්වින් සිල්වා රාජපක්ෂලා ළඟ වැඳ වැටුණේය. අදද රාජපක්ෂ මහතා ආධ්‍යාත්මික නායකයෙක් කියන සැවොම ඔහුට වඳින්නට බලාගෙන සිටින අයය.

 

මංගල ඇමති නූතන මිනිසෙකි:

 

ඒ අතින් මංගල ඇමති නූතන මිනිසෙකි. ඔහුගේ එම කතාව පිළිගන්නට වැඳ වැටෙන අය මැලිවෙති.

 

අද මේ ළමුන් දේශපාලකයන් ඉදිරිපිට වැඳ වැටෙන ලෙසටම ඒ අයගේ මව්පියෝද ඉහළ තණතුරු ළඟ වැඳ වැටෙති.

 

උපාධිධාරීන් රැකියාවට බඳවා ගැනීමේ ලිපිය ජනපති හෝ අගමැති දෙන විට එය ලබාගන්නේ වැඳ වැටීය. මේ දීනකකම කුමක්ද?

 

ජනතා ඡන්දයෙන් ජනතාව ළඟ වැඳ වැටී ඡන්දය ඉල්ලා එන මේ දේශපාලකයන් මැති ඇමතිවරු වූ පසු ජනතාව ලවා වන්දවා ගන්නේ ඇයි? ජනාධිපතිවරයා සීනි ඇතැයි මයිලෝ පෙන්න පෙන්නා කෑගැසූ මුත් වන්දවා ගැනීමට රුසියෙකි.

 

මංගල ඇමතිවරයාගේ තකාව සෙසු දේශපාලකයෝද අනුගමනය කළා නොකළා වුවද විදුහල්පතිවරු ළමුන් වැන්දවීම නතර කළ යුතුය. ළමුන් වුව දේශපාලකයන්ට නොව කාට වුව නොවැඳිය යුතුය යන්න අපගේ හැඟීමය.

 

මගේ දරුවා මට නොවැන්දයි, ආදරයේ අඩුවෙක් වේද? මගේ මවට හෝ පියාට නොවැන්දා කියා ආදරය, සෙනෙහස අඩුවීද? මේ වැඳ වැටීම වෙනුවට ඉගැන්විය යුත්තේ ගරු කිරීම්ය. දේශපාලකයා ඉන් කුමක් අපට උගන්වයිද? කතාකිරීමේ වැදගත්කම ක්‍රියාකිරීමේ වැදගත්කම ඔවුන් උගන්වයිද? වැඳීම කෙසේවෙතත් මෙරට දේශපාලකයන් ඉදිරියේ හිටගැනීමත් ගුජුප්සාජනකය.

 

රටින්ම තුරන් කළ යුතු වසංගතයක් :

 

වැඳීම අනවශ්‍යය. එය රටින්ම තුරන් කළ යුතු වසංගතයකි. ඇමතිවරයකු ලෙස ඒ කතාව මංගල කීවට හෙට ඒ තකාව කීදෙනෙක් ක්‍රියාවට නගතැයි ප්‍රශ්නය ඉතිරිය.

 

මේ වැඳීමට සැවොම කැමතිය. වඳින තාක් ඒ අයට ගරු කරන වැඳ වැටෙන අය ඇතැයි මිනිසුන් සිතති.

 

ගුරුවරු, මව්පියෝ, ආගමික නායකයන් යන සියල්ලට වැදීම නැවතීම අගනාය. එක් අතකින් වැඳ වැටීමට කියා අය සිටිත්ද? පිදිය යුත්තෝ පිදිය යුතුය.

 

ඒ වැඳ වැටී වැඳීමෙන් නම් නොවේය. ඒ අතින් මංගල සමරවීර දවසකට හරි මිනිහාය.

 

මංගලගේ මංගල කරුණු බොහෝය. එහෙත් වැඳ වැටෙන දීන එවුන් බහුල රටක ඒවා නොවැටහීම ගැන කම්පාවනු හැර කුමක් කරමුද?

 

(රාවය)

WhatsApp Image 2021 08 25 at 3.32.00 PM

 

 


The Leader TV
 

ස'ගෙ කැබිනට් මණ්ඩලේ තලේබාන් ඇමතියෙක්!

 

 

බෙහෙත් ගන්න සල්ලි නැති රටේ : කමල් ගුණරත්න තුර්කියේ ආයුද සල්පිලේ !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...