The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මුකුත් නොකියා ඉන්නම් මංගල... - මහේෂ් හපුගොඩ

T

The Leader Desk

August 28, 2021 • 6:55 AM

  මුකුත් නොකියා ඉන්නම් මංගල... - මහේෂ් හපුගොඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තියරි ලියන්නේ නැතුව ඉන්නම් මංගල. දැනෙන දේ විතරක් ලියන්නම්.
  •   නිව්ස් එකක් හින්දා මේ හිස් බව මට මීට කලින් දැනුණා නම් ඒ ක්ලැරන්ස් ගිය දවසේ මංගල.    පට්ට උදේ ඇහුන ඒ නිව්ස් එකෙන් ඇඳෙන් කෙළින් වෙච්ච මම එදා දවස ගෙව්වේ කොහොමද කියන එක අදටත් හිතන්න බැරි දෙයක්.
  • ඊට පස්සේ දීප්තිගේ තාත්ත නැති වෙච්ච දවසේ.    X කියල දේශපාලනයක් තිබිල අපි ඔක්කොම යම් විදියකට එකට ගැට ගහගන්න පුළුවන් වෙච්ච හුයක් තිබ්බනම් ඒ උඹ මංගල.
  • උඹ අතිනුත් වැරදි වෙන්න ඇති.
අකුරු ප්‍රමාණය (Font Size):
බුකියේ පල්ලෙහාට යන්න බෑ මංගල. උඹට දාල තියන පෝස්ටු කන්දරාව. ලයික් දාන්නද සෑඩ් දාන්නද හාට් දාන්නද දන්නේ නැහැ. මොකක් දැම්මත් එකයි මංගල.
 
නිව්ස් එකක් හින්දා මේ හිස් බව මට මීට කලින් දැනුණා නම් ඒ ක්ලැරන්ස් ගිය දවසේ මංගල. 
 
පට්ට උදේ ඇහුන ඒ නිව්ස් එකෙන් ඇඳෙන් කෙළින් වෙච්ච මම එදා දවස ගෙව්වේ කොහොමද කියන එක අදටත් හිතන්න බැරි දෙයක්.
 
 අද මේ නිව්ස් එක මම දකිද්දී මද්දහන් වෙලා. එදාටත් වඩා අද අවුල් කියන්න පුළුවන් මංගල.
 
උඹට කොරෝන කියල අහපු දවසෙත් මම පෝස්ටුවක් දැම්ම. ඒත් ඒකත් බලන්නේ නැතුව යයි කියල හිතුවේ නැහැ.
 
ඉතිහාසේ කවදාවත් මට සිරිකොතට යන්න හේතුවක් තිබ්බේ නැහැ. හැබැයි උඹ නිසා දවස් දෙකක් යන්න උණා මංගල. ඒ ගිය දවස් දෙකේම උඹේ කාමරේටත් ගොඩ වැදුණා. රුවන් මට මුලින්ම හම්බ වෙන්නෙත් එදා. ඊට පස්සේ දීප්තිගේ තාත්ත නැති වෙච්ච දවසේ. 
 
X කියල දේශපාලනයක් තිබිල අපි ඔක්කොම යම් විදියකට එකට ගැට ගහගන්න පුළුවන් වෙච්ච හුයක් තිබ්බනම් ඒ උඹ මංගල.
 
 X දේශපාලනේ කවුරුවත් උඹ වෙනුවෙන් නෝට් එකක් ලියයි කියල මේ වෙලාවේ හිතන්න බැහැ. ඒකත් උඹේ අවුලක් වත් උන්ගේ අවුලත්වත් නෙවෙයි මංගල. ඒ මේ බිමේ හැටි. මේ බිමේ වෙනස් දෙයක් කරන්න උඹට ඕනි උණා. ඒ ජීවය තවම මේ බිමේ තියනවා මංගල. 
 
වමෙන් ලොකු ඕකේ එකක් දෙයි කියලත් හිතන්න බැහැ. මොකද උඹ වමෙක් නොවුන නිසා. 
 
දකුණෙන් ලොකු ඕකේ එකක් දෙන්නෙත් නැහැ. මොකද උඹ උන් වගේ නොවෙන නිසා. 
 
වෙන කවුරුත් ලොකු දෙයක් කියන්නෙත් නැති වෙයි මොකද ලංකාවේ මැද මාවතකුත් නැති නිසා. 
 
බුකිය උඹ ගැන අඬන්නේ අර ගොඩවල්වලට වැටෙන්නේ නැති උඹව තේරෙන එවුන් ටිකක් මේ බුකියේ සැරිසරන නිසා.
 
උඹේ නැතිවීම ලාභද පාඩුද වගේ ඒවා මේ වෙලාවේ නොකියා ඉන්නම් මංගල...
 
උඹට තේරුණු සහ දැනුණු දේවල් ටිකක් වෙනුවෙන් ඇත්තටම පෙනී හිටිය. 
 
සමාජය කියන එක ඉල්ලා සිටිය විදියටම ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ විදියකට ජීවත් උණා. 
 
ඇත්තටම තමන් කවුද කියන එක වෙනුවෙන් ලංකා පොළොවේ ජීවත් වෙච්ච් මිනිස්සු වැඩිය නැති වෙලාවක තමන්ගේ විදියට උඹ ජීවත් උණා මංගල. 
 
යම් මිනිස්සු පිරිසක් ඔයාට ආදරය කරන්න හේතුව ඒක වෙන්න ඇති මංගල. 
 
වැරදි නැති දේශපාලඥයෝ කොහේ හරි ඉන්නවද මම දන්නේ නැහැ. උඹ අතිනුත් වැරදි වෙන්න ඇති.  
 
ලොකු පිය සටහන් මේ පොළවේ සනිටුහන් කරන්න බැරි වුණත් මංගල කියල ජීවිතයක් ලාංකික පොළොවේ ඇවිදගෙන ගිහිල්ල තියනවා. මම හිතන්නේ ඒක ප්‍රමාණවත් මංගල. 
 
ඒ නිසා සුබ ගමන්වත් ආයේ හමුවෙමු වත් මේ පොළවේ නොකියා ඉන්නම් මංගල...
 
 
 
1441238 10201803407901417 1786301966 n(මහේෂ් හපුගොඩ )
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
 
 

 
THELEADER TV
 
 
ලංකාව ඇතුළෙ වට්ස් ඇප් භීතියක්!
 

 
 
ලංකාවට නොලැබුණු හොඳම ජනාධිපති !
  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...