The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අඳුර දවාලන ක්‍රිකට් රාත්‍රිය -බැට් මෑන් විසිනි

T

The Leader Desk

August 29, 2021 • 5:12 AM

අඳුර දවාලන ක්‍රිකට් රාත්‍රිය -බැට් මෑන් විසිනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට නිරෝධායන ඇඳිරි නීතියේ නමුත් ක්‍රිකට් වසන්තයක් වසංගතය පරදමින් ඉදිරියට පැමිණ ඇත.
  •      ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් මොහාන් ද සිල්වා ට අනුව ජූලියේ සිදුවූ ඉන්දියානු සංචාරයෙන් රුපවාහිනී විකාශන අලෙවියෙන් ලැබූ ආදායම ඩොලර් ලක්ෂ 145 කි.
  • ඩොලර් හිඟය නිසා අපනයනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය පවා ගෙන්වීම නැවත ඇති රටකට ඩොලර් ලක්ෂ 145 සාගරයට දිය පොදකි.
  • සීනි කිලෝව 200 පැන ඇති අවස්ථාවක දසුන් ශානක ගේ තෑගි මුදල් කොවිඩ් අරමුදලට දීම වැනි දෙයින් ජනමනස අන්න කොරොස් කිරීමට හැකිවීමද අතුරු පලයකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
අඳුර දවාලමින් රාත්‍රියේ පැවැත්වෙන දකුණු අප්‍රිකා තරග මාලාව පැවැත්වෙන්නේ සැප්තැම්බර් දෙවැනිදා සිට, දැනට දිනකට ජීවිත 200 ට අධිකව නැති වෙමින් ආරෝග්‍යශාලා උතුරවමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල උපරිම ධාරිතාවෙන් ඔබ්බට යමින් සිටින අවදියකය. 
 
යහපාලන කල ඇඳිරි නීති යටතේ ක්‍රිකට් ගැසුවා නම් සිරිසේන සහ රනිල් ගේ මෑණිවරුන් සැමරීම සිදු වීම අනිවාර්ය වනු ඇත්තේය.
 
නමුත් ක්‍රිකට් ද ආර්ථික මෙවලමකි. ඩොලර් බිලියන ගණනින් රුපවාහිනී අලෙවි උපාය මාර්ග මගින් හුවමාරු වේ. එය තවත් කර්මාන්තයකි, ව්‍යාපාරයකි. රට වැසුවාට ආර්ථිකය දිවිය යුතුය.
 
  
ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් මොහාන් ද සිල්වා ට අනුව ජූලියේ සිදුවූ ඉන්දියානු සංචාරයෙන් රුපවාහිනී විකාශන අලෙවියෙන් ලැබූ ආදායම ඩොලර් ලක්ෂ 145 කි. ඩොලර් හිඟය නිසා අපනයනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය පවා ගෙන්වීම නැවත ඇති රටකට ඩොලර් ලක්ෂ 145 සාගරයට දිය පොදකි. නමුත් කජු ඇට කොස් ඇටද නොවේ. අඳුර දවාලමින් ක්‍රිකට් ගැසිය යුත්තේ එම නිසාය. සීනි කිලෝව 200 පැන ඇති අවස්ථාවක දසුන් ශානක ගේ තෑගි මුදල් කොවිඩ් අරමුදලට දීම වැනි දෙයින් ජනමනස අන්න කොරොස් කිරීමට හැකිවීමද අතුරු පලයකි.
 
 
ඔය කාරණා කෙසේ වෙතත් එළැඹෙන  දකුණු අප්‍රිකා සංචාරය මෙරට ක්‍රීඩාවට අතිශයින් වැදගත් අවස්ථාවකි.
 
2023 එක් දින ලෝක කුසලානයට ස්වයංක්‍රීය සුදුසු කම් ලැබීමට දැනට රටවල් අතරේ 11 දරන ශ්‍රී ලංකාව පළමු 8 තුලට පැමිනිය යුතුය. ඇත්තේ සත්කාරක ඉන්දියාව බැහැර කළ විට ස්ථාන 7 පමණි. 
 
මෙය සදහා දකුණු අප්‍රිකානු සංචාරය සමග ඉතිරිව ඇත්තේ තව තරගාවලි 4 පමණි. මෙයිනුත් දිනීමට හැකි යි සිතිය හැක්කේ සිම්බාබ්වේ තරගාවලිය පමණි. 
 
සැනසීම නම් නවසීලන්ත තරගාවලිය හැරුනුකොට අනිත් 3 ම පැවැත්වෙන්නේ මෙහිම නිසාය. 
 
ක්‍රීඩා කරන්නේ මෙහිදී වුවත් ඇෆ්ගනිස්තානු කණ්ඩායම තාලිබාන් වරු කාබුලය අල්ලා ගත්තාක් මෙන් අපට පහර දෙනු නිසැකය. 
 
පළමු 7 ට ඒමට නොහැකි වුවහොත් වෙන්නේ දෙවැනි පෙළ රටවල කණ්ඩායම් 5 සමග සුදුසු කම් ලැබීමට අඩවු ඇල්ලීමටය. විලි ලැජ්ජාවකි. “එහෙනම් ගඟට පනිනවා වතුර බීල මැරෙනවා" කියා සුනිල් පෙරේරා ට අත්වැල ඇල්ලීමට සිදු වනු ඇත.
 
දකුණු අප්‍රිකාව ඇත්තේ අපිට වඩා එකක් ඉහළිනි. ඔවුනුත් ඉන්නේ යුද්දෙට ගිහින් තුවාල ලැබූ ආකාරයෙනි. පැරදවීම අපහසු නැත.
 
නමුත් ශ්‍රී ලංකා කන්ඩායමේ සූදානම?
 
බැට් මෑන් විසිනි
 

 
The Leader TV
 
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?
 
 

ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...