The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජාතික විමුක්ති අරගල මෙහෙයුමක් අවැසි මොහොතක් - ධම්ම දිසානායක

T

The Leader Desk

August 31, 2021 • 11:31 AM

ජාතික විමුක්ති අරගල මෙහෙයුමක් අවැසි මොහොතක්  - ධම්ම දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රට පත්වී ඇති අනතුර සුළු පටු නැත. වසනවා ද විවෘතව තබනවා ද වැසූ රට අරිනවා ද යන දෙගිඩියාව ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවේ ය. සමස්ථ
  • අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය.
  • වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත.
  • අප මේ සිටින්නේ යම් දවසක මේ අනතුරින් ගැලවුන පසුව වුවද කාලයක් යනතුරු විසඳා ගත නොහැකි දරුණු ආර්ථික, දේශපාලන, පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, සහ අනෙකුත් බොහෝ සමාජ අර්බුද රැසක් ඇතිවෙමින් තිබෙන පසුබිමක ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජයම ඒ දෙගිඩියාවේ අයිතිකරුවෝ වෙති. මේ මොහොත අතිශයින් ම බියකරු ය. හෙට දවසද එසේම ය. අනිද්දා හොඳ වෙනු ඇතැයි සිතීම පවා සැක සහිතය. වැසුවත් විවෘතව තැබුවත් වෙනසක් නැති තැනකට රට පත් වී ඇත.


විමුක්ති අරලගලයට මගක්...

අප මේ සිටින්නේ යම් දවසක මේ අනතුරින් ගැලවුන පසුව වුවද කාලයක් යනතුරු විසඳා ගත නොහැකි දරුණු ආර්ථික, දේශපාලන, පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන, සහ අනෙකුත් බොහෝ සමාජ අර්බුද රැසක් ඇතිවෙමින් තිබෙන පසුබිමක ය. එකිනෙකාට දෝෂාරෝපණය නොකරමින් මේ ව්‍යසනයෙන් මිනිස් ජීවිත බේරාගැනීමට සහ ව්‍යසනය කළමනාකරණය කර ගැනීම නග්න බල දේශපාලන ක්‍රීඩාවකට කළ නොහැකි ය. තර්කයෙන් මෙය ජයගත නොහැකිවා සේම පුරසාරම්වලින් සහ චෝදනා අපවාද මගින් ද මින් ගැලවිය නොහැකි ය.

අප පිහිටා සිටිය යුතු එකම ස්ථාවරය වන්නේ මෙය  මානව සංහතියට එරෙහි ව්‍යසනයක් සේ සලකා ඊට එරෙහිව කළ හැකි ජාතික කාර්යභාරය නිසිලෙස ඉටු කිරීමට ජාතික සම්මුතියක් මත පදනම්ව ඒකාබද්ධ ජාතික වැඩසටහනක් යටතේ වැඩ බෙදා ගෙන කටයුතු කිරීමය.

මේ ජාතික විමුක්ති අරගලයක් මෙහෙයුමක් අවැසි මොහොතක් ය. මන්ද පාර්ශවයක් නොව ජාතියම ඇත්තේ අනතුරේ ය. ජීවිතයේ අර්ථ සෙවීම නොව දිවි රැකගන්නේ කෙසේ ද යන කාරණය පළමු තැනට පත් වී ඇත. එහෙත් විරසක කම් ඉවත ලා එකමුතුව ව්‍යසනයට මුහුණ දීම සඳහා රටම පෙලගස්සවන මානුෂයීය මෙහෙයුමක් දියත් කිරීම සඳහා ජාතික පෙරමුණක් සැදිය යුතු අතිශයින් ම තීරණාත්මක මොහොතක ත් අප වැඩ කරන්නේ කුළල් කා ගනිමින් ය.


මේ ජාතික විමුක්ති අරගලයක් මෙහෙයුමක් අවැසි මොහොතක් ය. මන්ද පාර්ශවයක් නොව ජාතියම ඇත්තේ අනතුරේ ය. ජීවිතයේ අර්ථ සෙවීම නොව දිවි රැකගන්නේ කෙසේ ද යන කාරණය පළමු තැනට පත් වී ඇත. එහෙත් විරසක කම් ඉවත ලා එකමුතුව ව්‍යසනයට මුහුණ දීම සඳහා රටම පෙලගස්සවන මානුෂයීය මෙහෙයුමක් දියත් කිරීම සඳහා ජාතික පෙරමුණක් සැදිය යුතු අතිශයින් ම තීරණාත්මක මොහොතක ත් අප වැඩ කරන්නේ කුළල් කා ගනිමින් ය.

 



අතීරණයක මොහොතක්!

රට වැසීම හෝ විවෘතව තබා ගැනීම  පිලිබඳ දෙගිඩියාව සහ එකිනෙකාට චෝදනා කිරීම ගැන අප ඉතා විමසිලිමත් විය යුතු ය. දැන් උද්ගතව ඇත්තේ මඟ සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී පන්නයේ තත්ත්වයක් ය. රට වැසීම මගින් ලබා ගැනීමට තිබු හොඳ ප්‍රතිපල ලබා ගැනීමට තිබුණේ එය අප්‍රේල් මැයි මාසවල කළා නම් ය යනුවෙන් ඇති මතය වැරදි නැත. එසේ ම දැන් රට වසා තැබීමෙන් හොඳ ප්‍රතිපල ඉදිරියේ දී ලබාගැනීමට හැකියාවක් ඇතැයි යන මතය ද වැරදි නැත. එමෙන්ම රටේ සියලු දෙනා ම දැඩි ස්වයං විනයකට යා යුතු ය යන්න ද අවිවාදිත ය. නිසි සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් වලට අවනත විය යුතු ම ය.

Sri Lanka 3


රට වැසීම සඳහා විශාල බලපෑමක් තිබිය දී ආණ්ඩුව එසේ නොකළේ ආර්ථිකය කඩා වැටෙන නිසා ය. ආණ්ඩුව එසේ සිතීම සහ කිරීම තේරුම් ගත හැක්කකි. මන්ද ආණ්ඩුවක් යනු යම් පාර්ශවයකට පමණක් වග කියන ආයතනයක් නොව රටේ සියලු දෙනා ට සියලු පාර්ශවලට ඇහුන්කම් දිය යුතු සහ වගකිවයුතු සියලු දෙනාට අයිති ආයතනයක් ය.



ඒ සමඟම රට වැසීම සඳහා විශාල බලපෑමක් තිබිය දී ආණ්ඩුව එසේ නොකළේ ආර්ථිකය කඩා වැටෙන නිසා ය. ආණ්ඩුව එසේ සිතීම සහ කිරීම තේරුම් ගත හැක්කකි. මන්ද ආණ්ඩුවක් යනු යම් පාර්ශවයකට පමණක් වග කියන ආයතනයක් නොව රටේ සියලු දෙනා ට සියලු පාර්ශවලට ඇහුන්කම් දිය යුතු සහ වගකිවයුතු සියලු දෙනාට අයිති ආයතනයක් ය. අනිත් කාරණය නම් ආණ්ඩුව මේ කියන ආර්ථිකය ජන ජීවිතයේ සියලු අංශ සමඟ බැඳී තිබීම ය. අවශ්‍ය මොහොතේ රට වැසීමට නොහැකිවීම ආණ්ඩුවක ප්‍රශ්ණයකට වඩා රාජ්‍යයේ අර්බුදයක් බව අප සියලු දෙනා තේරුම් ගත යුතු ය. විශේෂයෙන් ම නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව උපුටා දක්වන අය මෙරට රාජ්‍ය අර්බුදය කෙරෙහි අවධානය යොමු කරන්නේ නැත.



සහචර ධනවාදය


මෙරට පාලකයෝ වැඩි දෙනෙක් පෙරමුණ ගත්තේ ස්වකීය බල හවුල් සහ කල්ලි ගොඩනැගීමට ය, ශක්තිමත් කිරීමට ය. බොහෝ දෙනෙකුගේ සටන් පාඨය වුණේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ යන්න ය. මාරුවෙන් මාරුවට එකිනෙකාට බැට දෙමින් තම හවුල්, පවුල්, කල්ලි දේශපාලනය නඩත්තු කළේ රාජ්‍යය ගැන වගේ වගක් නැතිව ය.



1947 න් පසු ලංකාව, රාජ්‍යය ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම පිලිබඳ අදහස ඒ තරම් වැදගත් කොට සැලකුවේ නැත. ඒ වෙනුවට මෙරට පාලකයෝ වැඩි දෙනෙක් පෙරමුණ ගත්තේ ස්වකීය බල හවුල් සහ කල්ලි ගොඩනැගීමට ය, ශක්තිමත් කිරීමට ය. බොහෝ දෙනෙකුගේ සටන් පාඨය වුණේ ‘මෙදා පොටේ දෙනව බැටේ’ යන්න ය.

1977 cabinet

1977 කැබිනට් මණ්ඩලය

 

මාරුවෙන් මාරුවට එකිනෙකාට බැට දෙමින් තම හවුල්, පවුල්, කල්ලි දේශපාලනය නඩත්තු කළේ රාජ්‍යය ගැන වගේ වගක් නැතිව ය. රාජ්‍යය ගැන යම් තරමකින් හෝ සිතා කටයුතු කළ 1956 (යම් විවේචන තිබුණද) සහ 1970 ආණ්ඩුවල වැඩපිළිවෙලවල් අලුයම ලූ කෙළ පිඩක් සේ නොවැදගත් කළේ 1977 න් පසු තීරනාත්මකව බලවත් වූ නියාමනයක් නැති ශීලාචාරකමක් නැති වෙළඳපොළ ජාවාරම්කාර ක්‍රමය සහ ඒ මත ගොඩනැගුණු අව-සංස්කෘතිය ය. ඒ ජාවාරම්කාර වෙළඳපොළ ක්‍රමය නැතහොත් තර්කනය විසින් බොහෝ රාජ්‍ය ව්‍යුහ එක්කෝ අඩපණ කළේ ය, නැතහොත් විනාශ කර දැමී ය. මගී ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මය, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩල, සන්නිවේදනය, සහ විවිධ රාජ්‍ය ප්‍රජා සේවා එසේ අඩපණ කළේ හෝ විනාශ කළේ බලයට පත් බොහෝ ආණ්ඩුවල ද සහය ඇතිවය. වෙළඳපොළ ජාවාරම ඉදිරියේ ආණ්ඩු සහ රාජ්‍ය අංශ එක්කෝ නිවට විය, නැතහොත් මේ පාර්ශව තුනම සන්ධානගත වී පොදු ජනයා නිවට කළේ ය.

මේ සන්ධාන ගත වීම ‘සහචර ධනවාදය’ යැයි මුලින් ම නම් කළේ මා විසින් ලංකාදීප ‘කිවි දා දැක්ම’ ලිපියකින් බව හොඳටම දන්නේ මා මිත්‍ර චරිත හේරත් ය. එහෙත් ගියවර ඔහුගේ ලිපියේ ඒ සංකල්පයේ  අයිතිය දී තිබුණේ ‘අපේ මිතුරන්’ යන සාර්ව නාමයකට ය.


රටේ ආර්ථිකයම ජාවාරමක් දක්වා

කෙසේ වෙතත් මේ සන්ධානගත වීම නිසා රාජ්‍යය දුර්වල විය. දුර්වල කළේ ය. රාජ්‍යමය හෘදසාක්ෂියක් නැති වෙළඳපොළ ජාවාරම් ක්‍රමය ශක්තිමත් විය. ශක්තිමත් කළේ ය. මේ ආකාරයෙන් රාජ්‍ය ව්‍යුහ දුර්වල හෝ විනාශ වූ රටක වහන්නට රාජ්‍යයක් නැති වීම ඓතිහාසිකව තේරුම් නොගෙන මේ මොහොතේ ඉන්නා ආණ්ඩු කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීම කිසිසේත් ම සාධාරණ නැත.


රාජ්‍ය ව්‍යුහ දුර්වල හෝ විනාශ වූ රටක වහන්නට රාජ්‍යයක් නැති වීම ඓතිහාසිකව තේරුම් නොගෙන මේ මොහොතේ ඉන්නා ආණ්ඩු කණ්ඩායමකට දෝෂාරෝපණය කිරීම කිසිසේත් ම සාධාරණ නැත.



කලක සිට මේ රටේ ආර්ථිකය යනු නැති බැරි අය සුඛිත මුදිත වන එකක් නොව බලපුළුවන්කාර හවුල් ගණනින් කුඩාවෙමින් බලයෙන් සහ ධනයෙන් ශක්තිමත් වන ජාවාරමක් බව අප තේරුම් ගත යුතු ය. බියක් සැකක් නැතිව වසන්නට හෝ අරින්නට හැක්කේ ශක්තිමත්ව ගොඩනගා ඇති රාජ්‍යයන් ය. ඒවා වැසුවත් ඇරියත් වෙළඳපොළට නිවට නොවන රාජ්‍ය ව්‍යුහ විසින් රාජ්‍යමය හෘදසාක්ෂියක් මත පදනම් ව ජන සමාජයට වගකියනු ඇත, වග වෙනු ඇත. එවැනි රාජ්‍යවල වෙළඳපොළ ද මේ හෘදසාක්ෂිය මඟ හැර යන්නේ නැති බව හැමදාකම මෙරට ජාවාරම් වෙළඳපොළ ක්‍රමය උත්කර්ෂයට නංවන මා පෞද්ගලික මිත්‍ර චරිත හේරත් වත් තේරුම් ගන්නේ නම් කොතරම් හොඳ ද?

මේ ව්‍යසනය අපට අත්පත් කර දෙන්නේ හුදු ජීවිත විනාශ පමණක් නොවේ ය. එය අමාරුවෙන් හෝ බේරී නඩත්තුවන රාජ්‍ය ජීවිතයේ ඉතිරි වී ඇති ව්‍යුහ ද විනාශ කරමින් පවතී. එනම් ඉතා ම සරලව කියන්නේ නම් රාජ්‍ය ජීවිතය ද විනාශ කරමින් සිටී.

 


ආකාර්ශනීයම රාජ්‍ය ව්‍යුහය

මේ කාරණය තේරුම් ගැනීම සඳහා මේ මොහොතේ අඩපණ වෙමින් යන රාජ්‍ය ව්‍යුහ වන සෞඛ්‍ය, අධ්‍යාපන, පරිපාලන යන අංශ කීපය වුවත්  උදාහරණ ලෙස ගත හැකිය. එයිනුත් මෙරට වසම් මට්ටම් දක්වා ජාලගත වී තිබෙන ප්‍රජා සෞඛ්‍ය සේවය ගැන සිතමු. මෙරට බොහෝ වසංගත මුලිනුපුටා දැමීම සහ ප්‍රජා සෞඛ්‍ය සුරක්ෂිත කිරීම සඳහා වසම් මට්ටමින් විහිදී ඇති පවුල් සෞඛ්‍ය නිලධාරී සේවය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවය කළ මැදිහත් වීම සුළුපටු නැති බව අවිවාදිත ය. එය ආකාර්ශනීයම රාජ්‍ය ව්‍යුහයක් ය. මා නිවැරදි නම් ආසියාවේ හොඳම පවුල්-ප්‍රජා සෞඛ්‍ය ව්‍යුහය ය.

 

132851 9y1a4015 1 1

නමුත් කෝවිඩ් මර්දනය සඳහා වන වැඩපිළිවෙලවල් තුළ මෙම දීප ව්‍යාප්ත රාජ්‍ය ව්‍යුහය නිසිලෙස උපයෝගී කරගන්නා බවක් පෙනෙන්නට ඇත. එන්නත් කරණය තුළ ඇතිවන තදබදය වලක්වාලීම සඳහා මෙම සෞඛ්‍ය ව්‍යුහය මනාව යොදා ගැනීම වඩාත් වැදගත් වන්නේ ඒ පිලිබඳව වූ එම අංශවල පළපුරුද්ද දීර්ඝ කාලීන එකක් නිසා පමණක් නොවේ. මේ තුලින් පවුල් සහ මහජන සෞඛ්‍ය සේවයේ තිරසාර බවද ආරක්ෂා වන නිසා ය.

වෛරසවේදය පිලිබඳ විශේෂ දැනුමක් ඇති ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ සහෝදරයා ඉදිරිපත් කළ යෝජනාවක් දෙස අවධානය යොමු කරමු. කෝවිඩ් කමිටු ග්‍රාම වසම් මට්ටමින් පිහිටුවා මේ ව්‍යසනය පිටු දැකීමට කටයුතු කරමු යන ඒ යෝජනාව ඔහු ඉදිරිපත් කරන්නේ ජන ජීවිත සුරැකීම සඳහා මෙරට සතු වසම් මට්ටමේ පවුල් සහ ප්‍රජා සෞඛ්‍ය ජාලය ගැන ඇති විශ්වාසය නිසා ය.


‘ග්‍රාම සභා’ ක්‍රමය

එසේම වෙළඳපොළ ජීවිතයට වඩා රාජ්‍ය ජීවිතය වැදගත්වන බව ඔහු දන්නා නිසා ය යන්න මගේ තවත් උපකල්පනයක් ය. 2010-15 කාලයේ රාජ්‍ය යාන්ත්‍රණයේ අවඥා මැද මා ඇතුළු කණ්ඩායමක් ග්‍රාම නිලධාරී වසම් 74 ක අත්හදා බලා සාර්ථකත්වය පෙන් වූ ‘ග්‍රාම සභා’ ක්‍රමය තුළ තිබු එක කමිටුවක් වුයේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක කමිටුව ය. එහෙත් ඒ ග්‍රාම සභා ක්‍රමයට රාජ්‍ය සහ දේශපාලන සහය ලැබුණේ නැත.

මෙරට සෑම ග්‍රාම වසමක් තුළ ම ඊට වගකියන නිලධාරීන් අවම වශයෙන් පහක ප්‍රමාණයක් සිටී. උපරිම හතකි. ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරිණී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාරක, සංවර්ධන නිලධාරී, සහ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරී යනු ඒ අය ය. තිස්ස විතාරණ සහෝදරයා කරන යෝජනාවට පක්ෂව මා යෝජනා කරන්නේ මේ නිලධාරීන් එකතු කොට කෝවිඩ් කමිටු පිහිටුවා රාජ්‍ය සංවිධාන ජාලය මේ ව්‍යසනය පිටුදැකීම හෝ කළමනාකරණය සඳහා යොදා ගත යුතු බවය. මන්ද ඒ මගින් යළි ශක්තිමත්වන රාජ්‍ය සෞඛ්‍ය සංවිධාන ජාලය කෝවිඩ් වලින් පසු සමාජයට ද ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් වන නිසා ය.



රාජ්‍ය ව්‍යුහ ගණනාවක් ම කෝවිඩ් වසංගතය තුළ නොසලකා හැරීමට ලක්ව විනාශ වෙමින් පවතී. එසේම මුල් කෝවිඩ් රැල්ලේ දී ආරම්භ වුණු අලුත් ව්‍යුහ දෙවැනි තුන්වැනි රැලි එනවිට වඩාත් සුක්ෂම සහ විධිමත් කරනු වෙනුවට අතහැර දැමිණි.


මේ ගනු ලැබුවේ උදාහරණයක් පමණි. මෙවැනි රාජ්‍ය ව්‍යුහ ගණනාවක් ම කෝවිඩ් වසංගතය තුළ නොසලකා හැරීමට ලක්ව විනාශ වෙමින් පවතී. එසේම මුල් කෝවිඩ් රැල්ලේ දී ආරම්භ වුණු අලුත් ව්‍යුහ දෙවැනි තුන්වැනි රැලි එනවිට වඩාත් සුක්ෂම සහ විධිමත් කරනු වෙනුවට අතහැර දැමිණි. වැසීමට හෝ ඇරීමට අදාළ නිවැරදි තීරණ ගැනීමට හැකි ශක්තිමත් රාජ්‍යයන් මේ මොහොතේත් තම රාජ්‍ය ව්‍යුහයන් සම සිතින් පාවිච්චි කරනවා මෙන්ම ඒවා විධිමත් සහ ශක්තිමත් කිරීම නවත්වා නැත. දශක ගණනාවක සිට ජාවාරම්කාර වෙළඳපොළ අභියෝගයන්ට මුහුණ දෙමින් පරිස්සම් වී ඇති ඉතිරි වී ඇති රාජ්‍ය ව්‍යුහයන් ආරක්ෂා කරමින් ප්‍රයෝජනයට ගනිමින් නව ව්‍යුහ ගොඩනගමින් වැඩ කළහොත් නොබියව වැසිය හැකි ඇරිය හැකි රාජ්‍යයක් අපට ද සිහිනයක් නොවනු ඇත. චරිත, ඔබත් මේ පාරෙන් එන්න.

Dhamma

 
(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
Department of political science & public policy,
University of Colombo.
 
 
 
 
 
 
(27.08.2021/කිවි දා දැක්ම/ලංකාදීප.)    

 


THE LEADER TV 
 

 

ස' SB සර්ගෙ ගණන් පංති ගිහින්! 

 

 

තොග මාසයකට : සීනිත් සලාකයට 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජාතික විමුක්ති අරගල මෙහෙයුමක් අවැසි මොහොතක් - ධම්ම දිසානායක | The Leader