The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල : අළුත් ගමන මග නවතා නො එන ගමන් ගිය සොඳුරු මිනිසා -ග්‍රේෂන් ඒ. පීරිස්

T

The Leader Desk

September 1, 2021 • 12:51 PM

මංගල : අළුත් ගමන මග නවතා නො එන ගමන් ගිය සොඳුරු මිනිසා -ග්‍රේෂන් ඒ. පීරිස් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1971- 72 දෙ වසර තුල රාජකීය විදුහලේ නමවන සහ දහවන ශ්‍රේණි වල උගෙනුම ලබද්දී මංගල මට මුල් වරට හමු විය.
  •     එම විෂයන් අතර ඉංග්‍රීසි සාහිත්‍යය ඔහු සිත් ගත් විෂයක් වූ බවක් මතකයේ ඇත.
  • ඔහුට පාසැලෙන් ලබා දී තිබූ එම නිදහස උපරිමයෙන් වින්ද බවට නම් සැකයක් නැත.    බෙන්ස් ලකුණට බොහෝ සමාන එවක ඉතාම ජනප්‍රිය 'සාමයේ ලකුණ' පෙන්නඩයක් කළු නුලක ඔහු ගෙල මත රැඳුනි.
  • ඇය මංගලගේ විලාසිතා නිරූපිකාවක ලෙස කොළඹ සිටිය දී  කටයුතු කල අතර, ඔහුගේ සුවිශේෂී හැකියාව සහ මනුස්සකම ගැන කතා කලේ ප්‍රසන්න මතකයන් අවදි කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 10 වන පන්තියේ (සාමාන්‍යය පෙළ) දී මංගල සිටියේ මගේ පේලියට පසු පේලියේ හරියටම මට පිටුපස අසුනක බව මතකය. 
 
එක ළඟ වාඩි වී සිටින පන්තියේ මිතුරන් අතර ඇති සුහදතාවයට අමතරව, අප එකම කල්ලියේ ගැවසෙන මිතුරන් නොවූ නිසා ම, අප අතර ලොකු අන්‍යොන්‍ය දැණුමක් නොවුන අතර, කිසිම කලක අප කුළුපඟ මිතුරන් ද නො වුනෙමු.  
 
මංගල අප කල විෂයන් සියල්ල ම නොකළ නිසා, වෙනත් විෂයයන් සඳහා අදාළ අන් පන්තිවලට යාමට ඔහුට අප කාට  හෝ නැති නිදහසක් පාසැලෙන් ලබා දී තිබුණි.  
 
එම විෂයන් අතර ඉංග්‍රීසි සාහිත්‍යය ඔහු සිත් ගත් විෂයක් වූ බවක් මතකයේ ඇත. ඔහුට පාසැලෙන් ලබා දී තිබූ එම නිදහස උපරිමයෙන් වින්ද බවට නම් සැකයක් නැත. 
 
බෙන්ස් ලකුණට බොහෝ සමාන එවක ඉතාම ජනප්‍රිය 'සාමයේ ලකුණ' පෙන්නඩයක් කළු නුලක ඔහු ගෙල මත රැඳුනි.
 
 එය තනිවම නොව වෙනත් නොයෙක් කෑලි බෑලි ගොන්නක් හා පැළඳි ඔහු මගේ මතකයට එනුයේ අත් කොට කමිසයේ උඩ බොත්තම ඇර, පාසලෙන් අනුමත පමණ යම් තරමකට ඉක්මවා යමින් කොණ්ඩය වවා සිටි ප්‍රසන්න ගතිගුණැති, 'ට්‍රෙන්ඩි  පොරක්' ලෙසය. 
 
ආ පසු හැරී බලද්දී අමුතු ආරක, අමුතු පාරක ගිය සාමකාමී සොඳුරු චරිතයක් ලෙස විකාශිත චරිත ලක්ෂණ ඔහු තුල එවකට ද විද්‍යාමාන වූ බවක් මට හැඟේ.  
 
අමුතු ලතාවකට සිංහල හා ඉංග්‍රීසි බස් වහරේ යෙදුනු, ඔහුටම ආවේනික සුවිශේෂී ගැස්සෙන කට හඬින් බස හසුරුවන මෙම සමකාලීනයා ගැන මගේ මතකය නැවත අලුත් වනුයේ 1990 ගණන් වලය. 
 
ඒ වන විට මංගල විලාසිතා ලොව යන්නට ගිය ගමන අතර මග නවතා දේශපාලන ගමනක නිරතව සිටියේය. 
 
1993 දී පමණ ඕස්ට්‍රේලියාවේ දී මංගල ගේ විලාසිතා නිරූපනය සඳහා සහභාගී වූ රුසියානු ජාතික ලඳක් මට හමු වූයේ මගේ මිතුරෙකුගේ බිරිය ලෙසය. ඇය මංගලගේ විලාසිතා නිරූපිකාවක ලෙස කොළඹ සිටිය දී  කටයුතු කල අතර, ඔහුගේ සුවිශේෂී හැකියාව සහ මනුස්සකම ගැන කතා කලේ ප්‍රසන්න මතකයන් අවදි කරමිනි.
 
WhatsApp Image 2021 09 01 at 4.04.06 PM 
 
ඉන් පසු මට මංගල හමු වනුයේ 2000 - 2001 වසර දී ය. එවකට ඔහු නගර සංවර්ධන අමාත්‍යයවරයාව පෙරළිකාර ගමනක නිරතව සිටි අතර, මම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතනයක ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස ව්‍යාපෘතියක් සඳහා තරඟකාරී ටෙන්ඩරයක් භාරව කටයුතු කලෙමි. 
 
අප හමු වූයේ හුදෙක්ම රාජකාරිමය වපසරියක නිසා කිසිම විටක අතීතාවර්ජනයකට හෝ සුහද කතා බහකට ඉඩ කඩක් නොතිබිණ.
 
ඉන් පසු අප හමු වනුයේ තවත් අවුරුදු දෙකකට පසු සුනාමියෙන් රටම පීඩාවට පත්ව ඇති මොහොතකය. එවකට ඔහු නැවතත් ඇමතිවරයෙක් ව සිටි අතර මම ශ්‍රී ලංකා රාජ්‍යය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කලෙමි. 
 
අප හමුවුනේ මාතර සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සැලසුම් කිරීම සඳහා පැවති සාකච්චා වට කිහිපයක දී ය. 
 
 
WhatsApp Image 2021 09 01 at 6.06.27 PM
ප්‍රතිසංස්කරණයෙන් එහා ගිය, නගරයේ තදබදය මග හැර, නව ප්‍රවේශයකින් මාතර දිවයිනේ ඉදිරි පෙළ නගරයක් කිරීම මංගලගේ දැක්ම විය. ඒ අනුව නව රෝහල්, පාලම්, යනාදිය සහිත වඩා පුළුල්  සැලැස්මක් මත නගරයට අවශ්‍ය පහසුකම් සහ නව අංගෝපාංග අනුගත කරමින් සැලසුම් පිළියෙළ විය. එම සැලසුම් සඳහා එක් එක් රටවල ආධාර ලබා ගැනීමට ද ඔහුට හැකි විය. 
 
 
එසේ යම්තාක් දුරකට එක්ව වැඩ කළ ද, අප පෙර ලෙසම අපට ආවේනික එක් එක් වෙනස් මාවතේ 'දරු රට' වෙනුවෙන් වන අපගේ කාර්යයන් හැකිතාක් හොඳින් කළෙමු. 
 
මංගලගේ දේශපාලන දර්ශනය, ඔහුගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ පලදායීතාවය, ඔහු රටට කල මෙහෙය සහ ඔහුගෙන් රට නොගත් මෙහෙය ගැන සාකච්චාවකට මම අවතීර්ණ නොවෙමි. එය මගේ විෂය පථය ද නොවේ. 
 
මංගල නියම නිර්මාණකරුවෙකි. මංගලට ඔහුගේම නිර්මාණ කඩා බිඳ දමා අලුත් නිර්මාණ කරා යාමට අවශ්‍ය ආත්ම ශක්තිය විය. ඒ සඳහා වන අවදානම දැරීමට හැකියාව තිබිණ. කැපවීම ඉහල තලයක සෑම විටම තිබිණ. 
 
විවිධ මත, විවේචන ඉවසීමට පමණක් නොව ඒවා අන්තර්ග්‍රහණය කර සිය අදහස් වෙනස් කිරීමට තරම් නිහතමානී බුද්ධියක් ද ඔහුට විය. මව් පෙම සිය මවට මෙන්ම මාතෘ භූමියට ද එක සේ විය. එය වෙන කිසිවකට දෙවෙනි නොවීය. 
 
 
මෙම කවි පන්තිය මංගල සමරවීරයන් ගැන මා අතින් ලියැවුනේ ඔහු ශ්‍රී ලංකා දේශපාලනයේ නව දිශාවක් සලකුණු කල හැකි අතලොස්සක් පුද්ගලයන් අතරෙන් එක් අයෙක් වූ නිසාත්, ඔහුගේ වියෝව අප රට එළඹ ඇති මේ තීරණාත්මක මොහොතේ පියවිය හැක්කක් නොවන නිසාත්, ඔහුගේ අඩුව හුවා දක්වා එම අඩුව පිරවීමට පනස් හයේ පරපුරට සහ නව තරුණ පරපුරට ආරාධනා කිරීමටය. 
 
ඔහු ඇරඹි 'මැද රැඩිකලය' වම් ඉවුරට බරව දේශපාලන ප්‍රවාහයේ වේගයෙන් ඉදිරියට යන බලවේගයක් විය යුතු බව මගේ අදහසයි.
 
මංගල කල කී සෑම දෙයක් ම නිවැරදි නොවන බව ගැන විවාදයක් නැතිවා සේම, ඒ හැමෙක තුල ආත්මාර්ථකාමී, පටු වාසි අන්තර්ගත නොවුන බව ගැන ද විවාදයක් නොමැත.
 
මංගලගේ දේශ මාමක යොමුව 2007 දී තවත් වසර 08 ක් හෝ 13 ක් හෝ රජයන්නට සිටි මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව  හැර දා, එහි උදහසට ලක් වෙමින් විරුද්ධ පක්ෂයට එක්ව, 2015 දී එම ආණ්ඩුව පෙරලීමට කටයුතු කිරීම තුලින් ම මොනවට ඔප්පු වේ. 
 
එය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ සිදු වුනු ඉතා දුලබ ධනාත්මක රට වෙනුවෙන් ම කල අරගලයකි. 
 
 
unnamed 35 
 
මංගල දෙවෙනි පෙළ සිට පළමු පෙළ කළමනාකරණය කිරීමේ සුවිශේෂී හැකියාවක් දැක්වීය. වෙනස් මත සඳහා ඔහු දැක් වූ ගරුත්වය, විවිධ මත දරන කණ්ඩායම් සමග සුහදතාවයෙන් සිටීමට සහ ඔවුන්ගේ සහය අවශ්‍ය විට ඒකරාශී කිරීමට ඔහුට බෙහෙවින් උපකාරී විය. 
 
නමුත්, මංගලට පළමු පෙල දේශපාලනයට ඒමට අවශ්‍යතාවක් නොතිබිණි ද, නැතහොත්  ඒ සඳහා ශක්‍යතාවක් නොතිබිණි ද යන්න මම නොදනිමි. 
 
මංගලගේ දේශපාලන ගමන, එහි දිශානතියේ වෙනස් වීම, එහි පලදායීතාවය, ඔහුට බල පෑ සීමා බාධක, ඔහුගේ භූමිකාව රටේ වර්තමාන තත්ත්වය ඇති කිරීමට කෙසේ බලපෑවේ ද යනාදිය පිලිබඳ ගැඹුරු විග්‍රහයක් ඉතා ප්‍රයෝජනවත් බව මගේ අදහසයි.
 
ප්‍රතිපත්තිගරුක, දේශප්‍රේමී, නිර්මාණශීලී, සුහදශීලී මානවය, ඔබට සුබ ගමන්! 
 
 
 
 
 
WhatsApp Image 2021 09 01 at 4.38.40 PMඉංජිනේරු ග්‍රේෂන් ඒ. පීරිස්  
මෙල්බෝර්න් නුවර සිට  
 (රාජකීය 1970 කණ්ඩායම)
 
 
 
 

THE LEADER TV 
 
මංගල කියන්නේ සරසවියක් 
 
 
මංගලට කළ හැකි ලොකුම දේ ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...