The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

T

The Leader Desk

September 4, 2021 • 5:36 AM

බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බාවරී ඉතිහාසයට එක් වන්නේ සුගත තථාගත සිරිත සමග බැඳී ඇති අපූරු චරිතයක් ලෙසය.
  •   මෙලෙස මහා පුරුෂත්වයහි ලක්‍ෂණ ප්‍රයෝගිකව අවබෝධ කරගත් බාවරී එහිදී භාරත සමාජයහි ජනකාන්ත වනුයේ එම නිසාමය.
  • ඒ අනුව මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසම වෙන වෙනම පිහිටි පූරුෂ සිරුරු අධ්‍යයනය කර බාවරී ඒ සියල්ල එකට කැටිවූ සිරුර වූ කලී විශ්මයක් විය හැකි බව වටහා ගත්තේය.        දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයෙකු සොයා....
  • ඒ අතර මහත් කාමරාගී කතුන් පුරුෂයන් බවාරී ප්‍රාර්ථනයේ ඔත්පල වීම නිසා බාවරීට සංස්කෘත විලංගු ද වැටුනේය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පුරුෂයකුගේ මහා පුරුෂ ලකුණු පිළිබඳ පෙරදිග විද්‍යාව හදාරමින් සිටි බාවරී සිටුවර පුත්‍රයකු ද වේ. ඔහු තෙමේ තරුණ වියට එළඹ තමන් ලද ශාස්ත්‍ර දැනුම ප්‍රයෝගිකව සෙවීමේ නිරතවිය. 
 
ඒ අනුව පෙරදිග විද්‍යාව විසින් තහවුරු පුරුෂයකු සතු විය යුතු සිරුරු ලක්‍ෂණ එකිනෙක සොයා විමසීම ඔහුගේ වෑයම විය. 
 
ඒ අනුව මෙලෙස මහා පුරුෂයකු විමේ පුරුෂ ලක්‍ෂණ ප්‍රමාණයක් දක්වයි. 
 
 
  
මහා පුරුෂ ලක්‍ඛණ සුත්‍රය:
 
 
මේ පිළිබඳ කදිම විස්තරයක් මහා පුරුෂ ලක්‍ඛණ සුත්‍රයෙහි විස්තර වේ. 
 
එමෙන්ම පුරුෂයකු තුළ කුමන ආකාරයේ හෝ මහා පුරුෂ ලක්‍ෂණයක් දිස් වන අතර ඒමඟින් ඔහු පුරුෂත්වයට උරුමත්වය ලබති. 
 
මෙලෙස මහා පුරුෂ ලක්‍ෂණ ප්‍රමාණය වැඩිවීම මත යම් පුරුෂයෙකු මහා පුරුෂත්වයට සමීප වීමට හේතු වේ. 
 
WhatsApp Image 2021 09 04 at 7.45.57 PM
 
 
ඒ අනුව ඇස, නාසය, දෑත-දෙපා වල සිට පුරුෂ සිරුරක සියළු අඟපසඟින් පූර්ණ පුරුෂත්වයෙහි අසිරිමත් පුරුෂයා ලෙස ගෞතමයාණන් වහන්සේ පහලව සිටියේය.
 
 
ඒ සමයෙහි බාවරී පුරුෂ ලක්‍ෂණ විද්‍යාව හදාරා ලද දැනුමෙන් එවන් පුරුෂයෙකු සොයමින් සිටියේය. එමෙන්ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් පරිපූර්ණ බුදු සිරුර දැක ගන්න පෙර බාවරී අපූරු නිරීක්‍ෂණයක නිරතව සිටියෙකි. 
 
එනම් ඒ ඒ මහාපුරුෂ ලක්‍ෂණ සහිත පුරුෂයන් විමසා බැලීමය. 
 
ඒ අනුව මහා පුරුෂ නෙතට අදාල පුරුෂයකු සොයා ගත් ඔහු එලෙසම දෙතිස් ලක්‍ෂණ වලින්ම ඒ ඒ අංග ලක්‍ෂණයට අදාල සිරුරු සොයා බලා විමසා දැන ගත්තේය. 
 
මෙම විමසීමේදි පුරුෂයෙකුගේ මහා පුරුෂ අංග අතරින් මහා පුරුෂ වන පුරුෂ රහසඟ සොයා බැලීම අසීරූම කරුණය. එත් බාවරී ජය ගන්නේ ඔහු සතු වූ මහා පුරුෂ ලකුණ එයම වූ බැවිණි. 
 
මේ අනුව මහා පුරුෂ ලකුණු තිස් දෙකකින් තිස් එකක්ම අන් පුරුෂයන් තුළින් වෙන වෙනම සොයා ගත් බාවරී මහා පුරුෂ ලිංගය පිළිබඳ පෙරදිග කාය විද්‍යා මිණුම තමන් තුලින්ම සනාථ කර ගත්තේය.
 
මෙලෙස මහා පුරුෂත්වයහි ලක්‍ෂණ ප්‍රයෝගිකව අවබෝධ කරගත් බාවරී එහිදී භාරත සමාජයහි ජනකාන්ත වනුයේ එම නිසාමය. එමෙන්ම බාවරී බබලන විද්‍යා දැනුමෙන් ද මනස්කාන්ත සොඳුරු දර්ශනවාද වලින් ද, පෝසත් තාර්කික යෞවනයෙකු ද විය. 
 
ඒ අනුව සමාජයෙහි මතුව තිබු බුද්ධත්වය නම් සංකල්පය තහවුරු කර ගන්නා පුරුෂයා මහා පුරුෂ වන බවට වු මතවාදය බාවරීගේ ඊලග සොයා බැලීම වුයේය. 
 
WhatsApp Image 2021 09 04 at 7.45.58 PM 2
 
සක්විති රජ පදවිය දරන්නා හෝ බුද්ධත්වය දරන්නා තුල මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසක් පිහිටන බවට මතයක් විය. ඒ අනුව මහා පුරුෂ ලක්‍ෂණ දෙතිසම වෙන වෙනම පිහිටි පූරුෂ සිරුරු අධ්‍යයනය කර බාවරී ඒ සියල්ල එකට කැටිවූ සිරුර වූ කලී විශ්මයක් විය හැකි බව වටහා ගත්තේය. 
 
 
 
දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයෙකු සොයා....
 
 
ඒ අනුව ඒ වැන්නෙක් ලොව ජිවමානව සිටින්නේද යන්න සොයා බැලීම බාවරීගේ ඒකනායන ජීවන පැතුම වන්නේය. මේ අනුව බාවරී මුළු මහත් භාරතයද අසල දේශ වලින්ද මේ ගැන තතු විමසා බලන්නේය.
 
දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයෙකු සොයා ජීවිත පර්යේෂණයට එළඹි බාවරී සම්මත තරුණයන්ගෙන් වෙනස් වුයේය. 
 
බාවරීගේ මේ අපූරු සොයා යෑම වන විට සුගත තථාගතයාණන් වහන්සේ සම්බුද්ධ පදවි ලැබ අරුමැසි සිරිතක් සේ පැතිර යමින් පැවතිණි. ඒ අනුව බාවරී ගෞතමයාණන් වහන්සේ පිළිබඳ තොරතුරු දැන ගනු ලබන්නේය. 
 
ඒ සමග ඔහු මහත් පිපාසිතාව ගෞතමයන් වහන්සේ සොයා යෑමේ ගමන අරඹන්නේය. ඔහු ඒ ගමනට පියමනින එකළ තවත් විවාදයක් පැන නැගී තිබුණේය. 
 
එනම් මහා පුරුෂ ලකුණු සියල්ල එකම මිනිසෙක් තුළ පිහිටා තිබිය නොහැකි බවය. 
 
එමෙන්ම මහා පුරුෂත්වයට අදාල මහා පුරුෂ ලිංගය පිහිටා ඇත්තා ලෙස බාවරී ලැබු මහත් ජනප්‍රියත්වය නිසාම ඔහු යන එන මග තොටපූරා උන්මාදයකින් ජනතාව පෙළ ගැසෙන්නට විය. 
 
අන් අතකින් මහත් තාර්කාන්විත විවාදයකු වු බාවරී ගෞතම බුදුන් වහන්සේ හමුවීමට පැමිණෙන ගමන් මඟදී මග දිගට දෙසුම් පවත්වමින් පැමිණේන්නට විය. ඔහු ගම් දනව් නගර සහ විවිද විද්වත් මණ්ඩප වල ආරාධනා ලද්දේය.
 
WhatsApp Image 2021 09 04 at 7.45.59 PM
තම සිරුර මහා පුරුෂ සිරුරකට නෑකම් දක්වන්නේදැයි දැන ගැනීමට සෑම පුරුෂයකුටම පීපාසාවක් විය. එමෙන්ම බොහෝ රජ කුමරුන්ට තම පුරුෂ රහසඟ මැන බලා ගැනීමට බාවරීගේ සිද්ධාන්ත උවමනා විය. ඒ අතර මහත් කාමරාගී කතුන් පුරුෂයන් බවාරී ප්‍රාර්ථනයේ ඔත්පල වීම නිසා බාවරීට සංස්කෘත විලංගු ද වැටුනේය. ඒ ඔහුගේ අපූරු මහා පුරුෂ ලක්‍ෂණය නිසාය. 
 
මෙවන් විප්ලවීය මගකින් අවුත් එක් දිනෙක බාවරී සම්බුදු පාමුල නතර විය. පුරුෂ ලක්‍ෂණ විද්‍යාව ජිවිතය සේද දාර්ශනිකව ද තාර්කවද, ප්‍රයෝගිකවද, හැදෑරූ බාවරී බුදුන් වහන්සේ දුටු විටම ඒ සිරුර තෙදිස් මහා පුරුෂ ලක්‍ෂණ තුළින් සෝබමාන බව වටහා ගත්තේය. 
 
එත් සිරුරහි ලක්‍ෂණ තිස් දෙකින් තිස් එකක් නිරාවරණව පෙනෙන නමුත් පුරුෂ රහසඟය නිරාවරණය වී නැත. එබැවින් ඒ පිළිබඳ නිශ්චිතව දැන ගත යුතු බව බවාරී සිතුවේය.
 
බාවරී තමා පිළිබඳ මහත් අභිමානයෙන් පසුවිය. ඒ පුරාණ පුරුෂ විද්‍යාව නිවැරැදිව හැදෑරූ එකමයා වීම නිසාය. දෙවනුව පුරාණ නිමිති සාස්තර අනුව මහා පුරුෂ ලිංඝයහි හිමිකාර පුරුෂයා ලෙසද ඔහු පසු වුයේ මහත් අභිමාන පෙරටු හැගීම් වලින්ය. 
 
එබැවින් භාග්‍යවතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්‍ෂණ තිස් දෙකම පියවි ඇසින් දකින තුරු උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලකුණින් විසිතුරු මහා පුරුෂයා ලෙස පිළිගැනීමට බාවරී මැළි වන්නේය. ඒ අනුව මේ මහා පුරුෂයා දෙස බාවරී තනිවී බලා හිදියේය. බුදුන් සමීපයට ගිය බාවරී මෙසේ තෙපලන්නේය. 
 
WhatsApp Image 2021 09 04 at 7.45.58 PM
භාග්‍යවත් ගෞතමයනි ඔබ මා විෂයහි 
විශිෂ්ඨ වන්නේ දෙතිස් මහා පුරුෂ විසිතුර විෂයහිය.
එය සැබෑ වේද මා ඔබ වන්දනාද කරන්නෙමි........
  
එවිට බුදුන් වහන්සේ මෙසේ වදාරාන්නට වන්නේය.
  
පින්වත් බාවරී සම්මතය බැහැර කර ඇත්තාහු
මා විෂයෙහි රහසක් නොමැත්තේය............
එසේ වේනම් ගෞතමයනි ඔබ රහසඟ සිවුරට
මුවා කොටගෙන ඇත්තේ මන්ද?................
පින්වත් බාවරී සම්මතයෙන් මිදී නිදහස් වුවද
බාහිර ලෝකය සම්මුති රාමු රටා අතරය.......
ගෞතමයනි මා සම්මතය බැහැර කර ඇත්තෙමි...........
එසේ වෙනම් පින්වත් නුඹ මා සැක කරනුයේ මන්ද?......
ගෞතමයනි මා විෂයෙහි කූටාප්ප්‍රාප්තිය විමසනු රිසිය. 
නෙතින් දුට පසක් කරගත යුතුමය.......
 
 
මෙලෙස ගෞතම බුදුන් වහන්සේගේ ලොව කිසිවෙකු නොකළ ඉල්ලීමක් බාවරී ඉල්ලා සිටියේය. ඒ මහත් දාර්ශණික පිපාසවකිනි. ඒ අනුව බුදු සිරුරහි අසිරිමත් මහා පුරුෂ ලිංගය තමා වෙත පෙන්වන ලෙස බාවරී ඉල්ලා සිටියේය. එකල්හි ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ යළිත් බාවරී අමතන්නේය.
 
 
පින්වත් බාවරී තථාගතයාණන් සකල රහස් දුරු 
කර ඇත්තේය. රහස් ශූන්‍ය වූ තැන බුද්ධත්වයය....
 
 
එලෙස වදාරමින් ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේ තම මුළු මහත් බුදු සිරුරම බාවරීට නිරාවරණය කර දිස් වන්නට සැලැස්වීය. බාවරී තෙමේ තම සැකය දුරු කර ගෙන ගෞතම පාද මුලයේ වැද වැටි ගෝතම ශ්‍රාවකයෙක් වුයේය.
 
බාවරීගේ මෙම අමුතු ඉල්ලීම නොවන්නට තෙදිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ විස්තරය සහමුලින්ම යටපත් වන්නට තිබුණි. 
 
කෙසේ නමුත් ඉන්පසු බුදු දහමේ මහත් විවාදය වන්නේ මෙම බාවරී ගැටුමය. බාවරී බුදු සිරිතෙහි පුරුෂ රහසඟ දුටුවද ඉන්පසු කිසිවෙක් මේ දසුන ජිවමානව දුටුවේ නැත. 
 
ඒ අනුව ආන්නද මහ රහතන් වහන්සේ විසින් මේ පුවත ප්‍රථම සංගායනා මොහතේ වාර්තා කරන්නේ උන්වහන්සේ විෂයෙහි පැන නැගුණ චෝදනා නිසාය.
 
 WhatsApp Image 2021 09 04 at 7.46.00 PM 1
 
ඉන්පසු බුදු දහම මහායාන සහ ථෙරවාද ලෙස මතවාද දෙකකට බෙදී යන්නේය. ඒ සඳහා ප්‍රකට නොවුන සත්‍ය හේතුවක් වන්නේද බාවරීය. 
 
 
මහා පුරුෂ ලක්‍ෂණ තිස් දෙක වෙන වෙනම විවරණය කර පහදා ගැනීමට පසු කාලිනව උවමනා වන්නේය. ඒ අනුව ගෝතම ශාසන පුත්‍රයාණන් වහන්සේලා මුහුණ පෑ ගැටළුවක් වුයේය. 
 
එනම් අසිරිමත් බුදු සිරුරහි මහා පුරුෂ ලක්‍ෂණ වලින් සුසැදී බව හා ඒ ලක්‍ෂණ කවරේදැයි විස්තර කිරීමටය. අන් සියළු මහා පුරුෂ ලක්‍ෂණ විස්තර කළ හැකි වුවද මහා පුරුෂ ලිංගය පිලිබඳ විස්තර කිරීමට ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා අපෝසත් වන්නේය. 
 
ප්‍රථම ධර්ම සංගයානාව වන විට බුදු සිරුරහි මෙම ලකුණ සජීව දැක තිබු බාවරී නික්ම ගොස් තිබුණි. 
 
ඊලග විමසා බැලීමට ඉඩ තිබූ මව වූ මහා ප්‍රජාපති තෙරණියද බුදුන් වහන්සේ ගිහි කළබිරිඳ වූ යසෝදරා තෙරණිය ද නික්ම ගොස් තිබුණි. 
 
එබැවින් ගෝතම ශ්‍රාවක මහා සඟුන් වහන්සේලාට ශේෂ වුයේ මහත් ප්‍රශ්ණයකි.
 
මෙම ප්‍රශ්ණය පසුව විවාදයක් වූ අතර විවාදය විභේදනයක් වන්නේය. ඒ අනුව මෙම බෙදීම බුදු දහම මහායාන - ථෙරවාද ලෙස බෙදී යාමට ද තුඩු දෙන්නේය.   WhatsApp Image 2021 09 04 at 7.46.01 PM
 
ඒ ගෝතම බුදු සිරුරෙහි මහා පුරුෂ ලිංගය යන්නට ථෙරවාදීන් එක් විස්තරයක් ද මහායානිකයන් තවත් විස්තරයක්ද සැපයිමෙනි. 
 
එත් දැන් අප හමුවේ ඇත්තේ ථෙර-මහායාන අන් සංකල්පද මෙලෙස අර්ථ වලින් දෙයාකාර බවය. 
 
ඒ අනුව නිවන, බුදුබව රහත් බවද, සාක්ෂාත් කර නොගෙන විවාදිත මතයන් සනාථ කර ගත නොහැක. 
 
ඒත් බුදු සිරුරහි මහා පුරුෂ නිමිත්ත පිළිබඳ මෙ දෙපිරිසිගේම මතය සාක්ෂාත් කර ගත නොහැකිය. 
 
මන්ද නිවන සාක්‍ෂාත් කළ හැකි වුවද බුදු සිරුරක මහා පුරුෂ නිමිත්ත ජිවමාන දැක බලා ගත හැක්කේ එක් භද්‍ර කල්පයකදී එක් පුරුෂයකුට පමණක් වීමය.
 
මේ භද්‍ර කල්පයේ ඒ වරම හිමි වුයේ බාවරීය. ඒ බාවරී ශාස්ත්‍ර ශික්‍ෂිත පුදුම යෞවන විද්වතෙකි. මන්ද තමන් දුටු දෙයින්ම ඔහු නිවී සැනහි ගියා මිසක දුටු තතු ලියා තබා කියා නොමැති බැවිණි. 
 
බාවරී මෙවන් ශීක්‍ෂණ තරුණ ප්‍රඥාවන්තයෙකු බව දුටු බැවින් ගෞතමයාණන් වහන්සේ තම විතරාගී පුරුෂ නිමිත්ත ඔහුට පෙන්වන්නට ඇත.  මෙයින් පසක් වන්නේ අසම සම ශාක්‍ය මූනිද්‍රයාණන් වහන්සේගේ ඉමක් කොනක් නැති මහා අරහං ගුණයය. 
 
 
 එත් බාවරී කථා පවත සඟවා තබාගෙන ඇත්තේ මන්ද යන්න විමතියකි. මේ පවත ථෙරවාද පිටකයේද මහායාන පිටකයේද ලියා තැබු බුදු සිරිතෙහි මකා නොදැමු අපූරු කථාවතය.
 
(සුජිත් අක්කරවත්ත)
 
WhatsApp Image 2021 09 04 at 3.37.38 PM
 

 
 
 
 
 
 
 
 
 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බාවරී සහ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ | The Leader