The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව

T

The Leader Desk

September 7, 2021 • 6:59 AM

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල වෙන්ව ගියේ ඔහුගේ ජීවිතයේ උච්චතම අවස්ථාවක ය.
  • එදින සහ ඉන් පසුව පැවති විවිධ මාධ්‍ය සාකච්ඡාවල දී, ඔහු තමා විශ්වාස කළ සහ ඔහුට දැනුනු දේ කෙලින්ම ප්‍රකාශ කළේ.
  • කැමරා එනු ඇතැයි ඔහු කීවේය.    රැඩිකල් මධ්‍යස්ථානය දියත් කිරීමෙන් පසු ඔහුට හිමි වූ මාධ්‍ය අවධානයෙන් පෙනී ගියේ ඔහු නිවැරදි බව සහ මා වැරදි බව යි.
  •   1989-99 කාලයේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ යුද්ධය සමනය කිරීමේ කටයුතුවලදී මම ඔහු සමඟ කිට්ටුවෙන් වැඩ කළෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
පසුගිය ජුලි 25 වැනි දා, ඔහු ෆ්‍රීඩම් හබ් මාධ්‍ය සමුළුව පවත්වන ලද්දේ තරුණ ජනයා පිරිවරාගෙන ය. එදින සහ ඉන් පසුව පැවති විවිධ මාධ්‍ය සාකච්ඡාවල දී, ඔහු තමා විශ්වාස කළ සහ ඔහුට දැනුනු දේ කෙලින්ම ප්‍රකාශ කළේ.
 
2020 දී ඔහු මහ මැතිවරණයට තරඟ කිරීමෙන් ඉවත්වීමට කල්පනා කරමින් සිටියදී, ඔහු මගේද උපදෙස් විමසීය. 
 
දේශපාලනයේ නොමැති අයෙකු වෙත මාධ්‍ය කැමරා එල්ල නොවනු ඇතැයි මා ඔහුට පැවසුවා මට මතක ය. 
 
ඔහු මා සමග එකඟ නොවෙමින් කීවේ මැතිවරණ දේශපාලනයේ නොසිටියත් ඔහු දේශපාලනයේ සිටිනු ඇති බව යි. කැමරා එනු ඇතැයි ඔහු කීවේය. 
 
රැඩිකල් මධ්‍යස්ථානය දියත් කිරීමෙන් පසු ඔහුට හිමි වූ මාධ්‍ය අවධානයෙන් පෙනී ගියේ ඔහු නිවැරදි බව සහ මා වැරදි බව යි.
 
1989-99 කාලයේ ටෙලිකොම් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ යුද්ධය සමනය කිරීමේ කටයුතුවලදී මම ඔහු සමඟ කිට්ටුවෙන් වැඩ කළෙමි. දේශපාලනය යනු කළ හැකි දේ කිරීමේ කලාවය. ඔහු ප්‍රායෝගික දේශපාලනඥයෙක් විය. ඔහු වැඩ කාරයෙකි.
 
ලිබරල්වාදියකු ලෙස, ඔහු තමා සාමාජික වු සියලු අමාත්‍ය මණ්ඩලවල සහ වැඩ කළ සියලු පක්‍ෂවල සුළුතරයට අයත් විය. එහි දීල මැදුම් සම්මුතීන්ට එළඹීම අවශ්‍ය වෙයි. 
 
එසේ වුව ද, ඔහු සම්මුතිවලට එළඹුනේ අවශ්‍ය පමණට පමණකි. එක් සීමාවකින් පසු ඔහු යටත් වුයේ නැත. 
 
මෙම අවසන් මාසවල දී, ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ පක්ෂ නායකත්වයේ බහුතරය හෝ තමන්ගේ අදහස් ගැන කුමක් සිතන්නේ ද යන්න ගැන බියකින් තොරව ඔහු නිදහසේ කතා කළේ ය. එය ආහ්ලාදජනක වූවා නිසැකය.
 
මංගල ගැන හිතද්දී, බොහෝ දෙනෙකුගේ මතකයට එන්නේ ඔහු සාමය සඳහා කල මෙහෙවර සහ සුදු නෙළුම ව්‍යාපාරය ගැනයි. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් සහ බහුතරවාදී චින්තනයට එරෙහිව ඔහු අඛණ්ඩව පෙනී සිටියේ ය. 
 
 
එසේ වුව ද, එල් ටී ටී ඊ ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට කැනඩාව සහ යුරෝපා සංගමය පොළඹවා ගත් විදේශ ඇමතිවරයා වුයේ ද ඔහු ය. අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් මහතා කළ වැඩ කටයුතු තමන් ඉදිරියට ගෙන ගිය බව ඔහු නිතර ම පැවසීය. එසේ වුව ද, කාර්යය අවසන් කළේ ඔහු විසිනි. අවසන් ඇණය ගැසුවේ ඔහුය. 
 
 
ප්‍රචණ්ඩ මුරණ්ඩු එල් ටී ටී ඊ සංවිධානයට එරෙහි එම තීරණාත්මක තීන්දු දිනා ගැනීමට ඔහුට හැකි වුයේ සාමය ගොඩනැගීමේ ජනාධිපති කුමාරතුංගයන්ගේ අවංක උත්සාහයට ඔහුගේ දායකත්වයේ දිගුව දිගට ම පවත්වා ගැනීම හේතුවෙනි. ඒ තුලින් ගොඩනැගුනු විශ්වාසය නිසාය.
 
ඔහු නායකත්වය දුන් ටෙලිකොම් ප්‍රතිසංස්කරණ ගැන වසර විස්සකට පසුව ද කවුරුත් කියන්නේ හොඳ පමණි. එය කොතරම් දුෂ්කර වී ද යන්න ඒ අරගලයේ කොටස් කරුවන්වූ අපි දනිමු. 
 
එම ක්‍රියාවලිය තුළ ඇතැම් මිත්‍රයන් අහිමි වුව ද, ඔහු ස්ථිරසාර ලෙස සිටියේය. ඔහු ප්‍රතිසංස්කරණ අත්හැර දැම්මේ නැත. තම සහචරයන් සටන් බිමේ අත්හැර දමා ගියේ නැත. 
 
ඔහුගේ පසුතැවිල්ල වුයේ ටෙලිකොම් සාර්ථකත්වය සහ 1990 ගණන් අග භාගයේ සාර්ථකව සම්පූර්ණ කල වරායේ දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය සහ එයාර් ලංකා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර මගින් ගොඩ නැගූ පදනම මත තවත් ප්‍රතිසංස්කරණයන් කරන්නට නොහැකි වීම ගැනයි.
 
නාගරික සංවර්ධනය භාරව මංගල සිටි කෙටි කාලය තුළ නාගරික සංවර්ධන අධිකාරියේ සේවය කළ නිලධාරියකු මට කතා කොට ඔහුගේ තත්ත්වය විමසා ඔහුට සුවය ප්‍රාර්ථනා කළේය. නීතියට පිටින් වැඩ කරන්නන්ට එරෙහිව ඔහු ක්‍රියා කරන විට ඔහුගේ ම පක්ෂයේ නායකයින් ඔහුට එරෙහි වූ ආකාරය බොහෝ දෙනාට මතක ය. එසේ වුව ද, ඔහු ක්‍රියාත්මක කළ ව්‍යුහාත්මක දියුණු කිරීම් රාශියක් ගැන මගේ මිත්‍රයා කතා කළේ ය.
 
 
36002997 10156080167993101 8339216013534953472 n 
ඔහු මුදල් අමාත්‍යාංශය බාරගත් පසු වසර 63 කට පසුව ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කළේ ය. පොලී ගෙවීම් ඉවත් කොට රාජ්‍ය වියදමට වඩා රාජ්‍ය ආදායම වැඩියෙන් පවත්වා ගැනීම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලෙස හඳුන්වනු ලැබේ. 
 
 
එදාටත් වඩා අදට එය අදාළ ය. ඔහුගේ අයවැය කතා සමස්තයක් ලෙස ප්‍රශස්ත විය. දින 52 කුමන්ත්‍රණය මගින් බාධා කරනු ලැබුව ද, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩ සටහන්වල විශාල විභවයක් තිබු අතර බොහෝ සුළු ව්‍යවසායකයින්ට ඉන් ප්‍රතිලාභ ලැබිණි.
 
මෝස්‌තර සැලසුම් ශිල්පියකු ලෙස පුහුණුව ලබා මුදල් ඇමති වරයකු දක්වා පැමිණීම, ඔහු මනින්නේ කෙසේදැයි දෙරණ නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකදී මෑතක දී ඔහුගෙන් විමසු විට ඔහු මතක් කළේ ඔහුගේ සාර්ථකත්වය නිසා තව තවත් මෝස්‌තර සැලසුම් ශිල්පීන් මුදල් ඇමතිවරුන් විය යුතු යයි තමා ප්‍රාර්ථනා කරන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ලගාර් කළ ප්‍රකාශය යි.
 
ඔහු වැඩි දුරටත් කීවේ ටෙලිකොම් අමාත්‍යංශය ලබා දෙන විට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආකාරය හැර වෙන කිසිවක් එම විෂය ගැන තමා දැන නොසිටි බව යි. එසේ වුව ද, ඔහුට හොඳ කණ්ඩායමක් සිටි අතර මුදල් ඇමති ධුරයේ දී ද එම තත්ත්වය තිබුණ බව ඔහු කීවේය. 
 
නිවැරදි පුද්ගලයින් තෝරා ගැනීමට ඔහුට තිබු හැකියාව (එමෙන් ම තමාට ලබා දුන් අය සමග වැඩ කිරීම) සහ ඔවූන් දිරිමත් කිරීම (සහ ඔවුන් ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා කර ගැනීම) ආණ්ඩුකරණයේ දී පමණක් නොව අනෙක් සියලු කටයුතුවලදී ඔහුගේ වැඩ කිරීමේ විලාශයේ ප්‍රධාන අංගයන් වී ය.
 
මංගලගේ වියෝව හොඳින්ම නිරූපණය කළේ මෙම අවසාන මාසවල ඔහු සමග කිට්ටුවෙන් වැඩ කළ තරුණ ජනයා අතරින් කෙනෙකුගේ ෆේස්බුක් පෝස්ටුවකිනි. එය හිස් කළු කුහරයක පින්තුරයකි. මට එකතු කර ගත හැකි සියලු වචනවලට වඩා එය සත්‍ය ප්‍රකාශනයකි.
 
මා දුක් වන්නේ ඔහු වෙනුවෙන් නොව ඔහුගේ වියෝවෙන් තනිවූ අප වෙනුවෙනි. මෙම ආදරණීය දේශය අනපේක්ෂිත සහ බහුමාන අර්බුදයක වේදනාවෙන් තැලී වෙලී සිටින අවස්ථාවක, වඩාත් ප්‍රබුද්ධ, විවෘත සහ කාරුණික ශ්‍රී ලංකාවක් පිලිබඳ බලාපොරොත්තුව ඔහු අපට දුන්නේ ය.
 
එම බලාපොරොත්තු සමග අපි කුමක් කරමු ද? එම බලාපොරොත්තු සුන්වීමට ඉඩ දී බලා ඉඳිමුද?
 
 
Rohan Samarajiva LIRNEasia 1x1(මහාචාර්ය රොහාන් සමරජීව)
 
(උපුටාගැනීම - anidda.lk)
 
 

THE LEADER TV 
 
ඩොක්ටර් නිසා ස'ගෙ නිවුන්හැල්ලත් ෆේල්!
 
 
කණපිට හරවා ඇරිල්ල 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...