The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කිලී -මංගල- සුනිල් : 'රිදී රේඛාවක් පෙන්නලා ගිහින්..' - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ

T

The Leader Desk

September 9, 2021 • 3:27 AM

කිලී -මංගල- සුනිල් : 'රිදී රේඛාවක් පෙන්නලා ගිහින්..' - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල හැම උදෑසනක්ම වගේ උදා වෙන්නේ සුබ පණිවිඩ අරගෙන නෙවේ.
  •   මේ කෙටි කාලය තුළ අපේ රටේ විතරක් 10000 කට වැඩි පිරිසක් මිය ගිහින් තියෙනවා.
  •   පහුගිය දවස් කීපය තුලම අපිට ජාතික මට්ටමේ වස්තුන් අහිමි වුණා.    ඇත්තටම  ඒ හැම චරිතයක්ම, මේ රට හරි මගට ගන්න,මේ රට දැන් තියන තැනට වඩා සුන්දර තැනකට ඔසවා තබන්න සිහින දැකපු චරිත.
  •   ඇත්තටම මේ මිනිස්සු රටකට උවමනා මිනිස්සු.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
සුබ උදෑසනක් වෙනුවට අසුබ උදෑසනක, අසුබ පණිවිඩ එක්ක තමයි  දවස් ආරම්භ කරන්න වෙලා තියෙන්නෙ.
 
 ඒ තරමටම කොරෝනා ව්‍යසනයට  ජීවිත පාලනය කරන්න පුළුවන් වෙලා තියනවා.
 
මේ කෙටි කාලය තුළ අපේ රටේ විතරක් 10000 කට වැඩි පිරිසක් මිය ගිහින් තියෙනවා.
 
 119837536 13fd16b4 5047 4209 bfbc 30d9afe3228a
 
ඒ හැම මනුස්ස ජීවිතයක් ම අප්‍රමාණ විදිහට වටිනවා.
 
කිසි කෙනෙක් ජීවිතය ණයට අරගෙන ආපු අය නෙවෙයි. නමුත් ඒ අය අවාසනාවන්ත විදිහට අපෙන්  වෙන්වී ගිහින්.
 
පහුගිය දවස් කීපය තුලම අපිට ජාතික මට්ටමේ වස්තුන් අහිමි වුණා. 
 
ඇත්තටම  ඒ හැම චරිතයක්ම, මේ රට හරි මගට ගන්න,මේ රට දැන් තියන තැනට වඩා සුන්දර තැනකට ඔසවා තබන්න සිහින දැකපු චරිත.
 
ජීවිත කාලෙම ඒ ලස්සන හීනය වෙනුවෙන් අරගල කරපු චරිත.
 
පහුගිය ආසන්න සති කීපය තුළ සිරස හිමිකරු කිලී මහරාජා සමුගත්තා.ඒ එක්කම මංගල සමරවීර සමුගත්තා. ඊට පස්සේ සුනිල් පෙරේරා සමුගත්තා.
 
ඇත්තටම මේ මිනිස්සු රටකට උවමනා මිනිස්සු. එහෙම මිනිස්සු ඇයි අපිට මේ තරම් ඉක්මනට අහිමි වෙන්නේ ?.
 
රෑ දවල් නැතිව මේ ප්‍රශ්නය අපේ හිත් වලට වද දෙනවා.
 
මම මුලින් කීව චරිත තුනම හරි විශේෂයි.
 
ඒ තුන් දෙනාම සතුටින් ජිවත් වෙච්ච මිනිස්සු.
 
ඒ තුන්දෙනාම රටට යමක් කරපු මිනිස්සු .ඒ තුන්දෙනාම රටට තව බොහෝ දේවල් කරන්න හිටපු මිනිස්සු. 
 
ඒ තුන්දෙනාම බය නැති මිනිස්සු .ඒ තුන් දෙනාම තමන් විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී හිටිය මිනිස්සු .
 
ඇත්තටම මේ තුන්දෙනාම තමන්ගේ වගේම, අනුන්ගේ සතුට ගැනත් අප්‍රමාණව හිතපු මිනිස්සු.
 
ඒ තුන්දෙනාම වෛවර්ණ ලස්සන රටක් ප්‍රාර්ථනා කළා. 
 
විවිධත්වයට ගරු කරමින් ලස්සන රටක් බිහි කරන හැටි ගැන ඒ අය හීන දැක්කා.
 
එහෙම බොහොම ලස්සන හීන තිබිච්ච ඒ ජීවිත තුනම  බේරගන්න අපිට බැරි වුණා.
 
ඇත්තටම මේක රටේ අවාසනාවද ? එහෙමත් නැත්නම් ඒ අය ගෙනාපු ආයුෂ ද ?. ඒත් නැත්නම් වෛද්‍ය උපදෙස්වලට සවන් නොදී අද කොරෝනා උවදුර  පාලනය කරගන්න බැරිවීමේ වරද ද ?
 
කුමක් වුනත් වුණත් අද ඒ චරිත තුනම අපිට නැහැ.
 
නමුත් ඒ තුන් දෙනාම ඉතිහාසගත වෙනවා.
 
ඒ තුන්දෙනාම හැම මනුස්සයෙක්ටම එකසේ සලකන රටක් ගැන කතා කළා., ජාතිවාදයට විරුද්ධ වුණා. ආගම්වාදය ප්‍රතික්ෂේප කළා. අන්තවාදය පිළිකුල් කළා.
 
සිංහල, දෙමළ,මුස්ලිම්, බර්ගර් කියන හැමෝම එකම මිනිස්සු කියලා ඒ අය සැලකුවා. 
 
මිනිස්සු උස් පහත් ලෙස බෙදා වෙන් කිරීමට ඒ අය විරුද්ධ වුණා.
 
හැමෝටම ආදරය කරන්න කියලා ඒ අය ජීවිත කාලය පුරාම ආයාචනා කළා.
 
කුලයට, ජාතියට, ආගමට අනුව අවස්ථා දෙනවා වෙනුවට හැකියාවට, කුසලතාවයට අවස්ථාව දෙන රටක්  ගැන ඒ අය සිහින දැක්කා. 
 
එහෙම සුන්දර දේවල් ගැන කතා කරලා, හැම ජීවිතයකම වටිනාකමට තක්සේරුවක් දීලා, වෙන්වෙලා ජීවත් වෙන රටකට වඩා එකට එකතු වෙලා ජීවත් වෙන රටක වටිනාකම කියලා දීලා, ඒ අය තමන්ගේ ජීවිත වලට සමුදුන්නා.
 
මෙච්චර කල්  ඔවුන් කියපු දේ, ඔවුන් ජීවත්වෙලා ඉන්න කාලෙදී තේරුම් ගන්න අපේ රට ප්‍රමාද වුනා. නමුත්, ඔවුන් නිර්මාණය කරන්නට හැදූ ඒ ලස්සන රට සැබැවින්ම හදන්නට අපි තවම ප්‍රමාද වැඩි නෑ.
 
ඒ අපේක්ෂාවන්, ඔවුන්ගේ මරණයෙන් පස්සේ හරි මේ පොළොව තුළ පැල කරන්න පුළුවන් නම්, ඒක ඔවුන්ගේ මරණයට කරන ගෞරවයක් නෙවෙයි, ඒ ලස්සන රට වෙනුවෙන් මැරුණ හැම ජීවිතයකටම දෙන තේරුමක් වෙයි.
 
හැම අසුබ පණිවිඩයක්ම ගේන උදෑසනකම අපි හැමෝටම ඒ අයගේ ඒ පණිවිඩය හදවතින් අහන්න පුලුවන්නම්,
අපි ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්නත්, එකමුතුව ඉන්නත්, රටට අවංක වෙන්නත් පමා නොවිය යුතු බව කාටත් වැටහෙයි.
 
මේක අන්ධකාර කාලයක් තමයි. ඒත් ඔවුන් අපිට රිදී රේඛාවක් පෙන්නලා ගිහින්..
 
  
Krishanatha 1
 
(ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ) 
දේශපාලන හා සමාජ විශ්ලේෂක සහ ක්‍රියාකාරික 
ලේක්හවුස් හිටපු සභාපති

 

 

 

 

 


THE LEADER TV 
 
 

මෙයාලගේ දත්ත තමයි දත්ත

 

 
සැලුන් දොර වෙනුවට ලොංඩරි දොර ඇරෙයි!
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...