The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කොරෝනා ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව !

T

The Leader Desk

September 9, 2021 • 7:15 AM

කොරෝනා ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ කොරෝනා ලැව්ගින්න තවමත් බුර බුරා නැගෙමින් ජීවිත බිලිගනී. මෙම සටහන තබන සතිය තුළ පමණක් නිල වශයෙන් නව කොරෝනා රෝගීන්
  •      අද වන විට ඉතාම සාර්ථක ලෙස ප්‍රතිශක්තිකරණය කරන ලද, අවංකව දත්ත ඉදිරිපත් කරන රටක් වන, එක්සත් රාජධානියේ පුර්ණ ලෙස ප්‍රතිශක්ති කරණ ලද ප්‍රතිශතය 65.2% කි.
  • ලංකාව මෙන් තුන් ගුණයක ජනගහනයක් ඇති එක්සත් රාජධානියේ දැනට සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසය මගින් දිනකට රෝගීන් 40,000කට පමණ ප්‍රමාණයක් වාර්තා වන විට, මරණ සංඛ්‍යාව දිනකට පුද්ගලයන් 45ක් පමණ අඩු අගයක පවතියි.
  •     ප්‍රමාදය:     ( 1 )   2020 ඔක්තෝබර් මාසයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය එවකට සෞඛ්‍ය ඇමතිනිය වෙත කොරෝනා ප්‍රතිශක්තිකරණය සඳහා රට සූදානම් කරන ලෙස දන්වන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
29860 ක් සහ මරණ 1329 ක් වාර්තා වී ඇත. 
 
වසංගතයේ බිහිසුණු දුක් අඳෝනා අස්සෙන් රජයේ කොරෝනා ලොක්කන්ගේ ව්‍යාජ සංඛ්‍යාත්මක ජයඝෝෂා ඇසීමට ලැබීම අවාසනාවන්ත දෛවයේ සරදමකි. 
 
රජයේ නිල දත්ත අනුව මේ වනවිට අවුරුදු 30ට වැඩි ජනගහනයයෙන් 100% පළමු මාතාව ලබාගෙන ඇති අතර, අවුරුදු 30ට වැඩි 82% ක් සම්පූර්ණ වශයෙන් ප්‍රතිශක්තිකරණය කොට ඇත. එනමුත් අප රට තුල තවමත් දිනකට රෝගීන් 200කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වනු දැකිය හැක.
 
  
අද වන විට ඉතාම සාර්ථක ලෙස ප්‍රතිශක්තිකරණය කරන ලද, අවංකව දත්ත ඉදිරිපත් කරන රටක් වන, එක්සත් රාජධානියේ පුර්ණ ලෙස ප්‍රතිශක්ති කරණ ලද ප්‍රතිශතය 65.2% කි. ලංකාව මෙන් තුන් ගුණයක ජනගහනයක් ඇති එක්සත් රාජධානියේ දැනට සීග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසය මගින් දිනකට රෝගීන් 40,000කට පමණ ප්‍රමාණයක් වාර්තා වන විට, මරණ සංඛ්‍යාව දිනකට පුද්ගලයන් 45ක් පමණ අඩු අගයක පවතියි.
 
 
ඉතාම සාර්ථක ප්‍රතිශක්ති කරණ වැඩපිළිවෙළක් කියමින් සංඛ්‍යාත්මක වශයෙන් පාරම්බාන ලංකාවේ මරණ අනුපාතය, සාපේක්ෂව අඩු ප්‍රතිශක්තිකරණ අනුපාතයක් දක්වන එක්සත් රාජධානියේ මරණ අනුපාතයට වඩා ඉතා අධික වීම බැලූ බැල්මට උභතෝකෝටිකයකි. 
 
බොරු සංඛ්‍යාත්මක පුම්බා දැක්වීම් සෑම විටකදීම ගුණාත්මක නොවන බව ඉහත දත්ත විශ්ලේෂණය මගින් මනාවට පිළිඹිබු වේ. 
 
සැබෑ නායකත්වය යනු යම්කිසි හිතකාරී ඉලක්කයක් කරා ලඟා වීමට විශ්ලේෂණයක් තුළින් කෙරෙන අවංක ක්‍රියාවලින් සඳහා සමාජය යොමු කිරීමයි. 
 
එම ක්‍රියාවන් කළමනාකරණය කිරීමේදී ඉදිරියේ ඇති අවදානම හා ප්‍රමුඛතාවය ඉතා ගැඹුරින් සලකා බලා අප්‍රමාදව කටයුතු නොකළහොත් පෙර සඳහන් කල අයුරේ උභතෝකෝටික තත්ත්වයන්ට මුහුණ දීම නොවැළැක්විය හැක්කකි. 
 
 
ලංකාවේ මුලූ එන්නත් කරණ වැඩපිළිවෙළ තුළ ප්‍රමාදය, විද්‍යාත්මක විශ්ලේෂණයන් බැහැරව කටයුතු කිරීම, අවදානම සහ ප්‍රමුඛතාවය නොසලකා හැරීම විවිධ අවස්ථාවල දී ඉස්මතු විය.
 
 
ප්‍රමාදය:
 
 
( 1 )   2020 ඔක්තෝබර් මාසයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය එවකට සෞඛ්‍ය ඇමතිනිය වෙත කොරෝනා ප්‍රතිශක්තිකරණය සඳහා රට සූදානම් කරන ලෙස දන්වන ලදී.
 
 
( 2 )  නොවැම්බර් මස අවසාන වන විට Covax වැඩසටහන ලංකාවට අවශ්‍ය එන්නත් වලින් 20% ලබාදීමට සහතික වුණි .
 
 
( 3 )  2021 ජනවාරි අවසාන භාගයේ දී ඉන්දියාවෙන් ප්‍රථම Covishield එන්නත් තොගය ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අතර සෞඛ්‍ය අංශ මගින් එය මනා කළමනාකරණයකින් යුතුව ප්‍රථම පෙල සෞඛ්‍ය සේවකයන් සහ හමුදා නිලධාරීන් වෙත ලබා දෙන ලදී. 
 
මෙම කළමනාකරණය සෞඛ්‍ය අංශ මගින් සිදු කළ බැවින් 250000 පමණ වන පුද්ගලයන්ගේ දෙවන මාත්‍රාව නියමිත කලදී එන්නත්කරණය කිරීම සඳහා ගබඩා කිරීම දූරදර්ශීව සිදු කරන ලදී.
 
 එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයන් පූර්ණ ලෙස ප්‍රතිශක්තිකරණය වූ අතර එම ජනගහනය තුළ කොරෝනා මරණ දැකිය හැක්කේ ඉතාමත් අඩු ප්‍රතිශතයකි.
 
 
( 4 )  කොරෝනා උපදේශක ඊනියා වියතුන් අවශ්‍ය ඉතිරි එන්නත් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම, ප්‍රතිරූප පුම්බා ගැනීමට කරන කාඩ්බෝඩ් වීර ක්‍රියා මගින් ප්‍රමාද කර ගත්තේය.
 
 
( 5 )  ලංකාවට අවශ්‍ය ඉතිරි එන්නත් ප්‍රමාණය මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම ප්‍රමාද වූයේ මන්දැයි විමසා බැලිය යුතුය.
 
 එයට හේතුව එම කාලයේදී "කොරෝනාව ජයගත් ශ්‍රී ලංකාවට එන්නත් අවශ්‍ය නොවන්නේය"යැයි ප්‍රබලයන් විසින් ප්‍රසිද්ධියේ කරන ලද කතාවන්ට නැවත සවන්දීමෙන් පැහැදිලි වෙයි.
 
 
වැරදි කළමනාකරණය:
 
 
( 6)  එවකට ලැබී තිබුණ ඉතිරි ලක්ෂ 6ක පමණ Covishield මාත්‍රාවන් දේශපාලනික අවශ්‍යතා මත පදනම්ව කුඩා ළමයින් ලන්ඳේ ඇති කෙළි බිමට බීජ වපුරන සේ කළමනාකරණයකින් තොරව බෙදාහැරීමේ නිසා, ලක්ෂ 6ක පමණ ජනතාවක් අර්ධ ලෙස එන්නත් කරන ලදී. 
 
සෞඛ්‍ය අංශ සිදු කළා මෙන් එන්නත් ප්‍රමාණය ඉතා අධි අවදානම් පුද්ගලයන් තෝරා බේරාගෙන සම්පූර්ණ ලෙස ප්‍රතිශක්ති කරණ කිරීමක් සිදු කළේ නම්, ඩෙල්ටා වසංගතය මගින් ඔවුන් ඔවුන් මරණයට පත්වීම යම්කිසි තරමකට හෝ වලකා ගත හැකිව තිබිණි.
 
 
විද්‍යාවෙන් බැහැර වූ සාවද්‍ය සංකල්ප
 
 
kalagedi 
 
( 7)  2021 අප්‍රේල් මස මුල සතියේ බුරබුරා ගිණිගත් delta ලැව්ගින්න අභියස දී ද රජය කටයුතු කළේ විද්‍යාත්මක දත්ත වලින් බැහැර මිථ්‍යා මතයක් පාදක කොටගෙනය. 
 
කොරෝනා එන්නත් කිසිවක් ප්‍රතිශක්තිගත පුද්ගලයන් හට සම්පූර්ණයෙන් රෝගය පිටුදැකීමේ හැකියාවක් ලබා නොදෙන බව මනා ලෙස ස්ථාපිත විද්‍යාත්මක සාධකයකි. එන්නත මගින් රෝගය පැතිරයාම සහමුලින්ම නවත්වන්නේද නොමැත. 
 
එන්නත් මගින් සිදුවන්නේ අධි අවදානම් පුද්ගලයන් මියයෑම හා අසාධ්‍යවී රෝහල්ගත වීම, අවම වීම, බව ඉතා පැහැදිලි ලෙස විද්‍යාඥයන් ප්‍රකාශ කොට තිබිණි. 
 
එන්නත අවදානම් නොවන අයට ලබාදීම මගින් රෝගය සැගවී, අදෘශ්‍යමාන රෝග වාහකයන් ලෙස වෛරසය අධි අවදානම් පුද්ගලයන් වෙත ප්‍රචාරණය කිරීම සිදු වන බවද විද්‍යාත්මකව ඔප්පු කොට ඇත. 
 
එමනිසා බොරුකාරයන් සහ මෝඩයන් ඉහල තැන්වල නොසිටින රටවල් සංඛ්‍යාමය හෝ දේශපාලනමය ක්‍රීඩා නොයෙදී ඔවුනගේ අධි අවදානම් පුද්ගලයන් නිසිලෙස ප්‍රතිශක්තිකරණය කරන ලදී. එහි ප්‍රතිඵල එක්සත් රාජධානියේ උදාහරණයෙන් මනාව පිළිබිඹු වේ.
 
 
අවදානම සහ ප්‍රමුඛතාවය නොසලකා හැරීම:
 
 
( 8 )  විද්‍යාත්මක සාධක වලින් බැහැරව අනතුරට පත්වීමට ඉඩ ඇති අධි අවදානම් පුද්ගලයන් අමතක කොට, ආර්ථිකයට උරදෙන ජනගහනය වෙත එන්නත් ලබාදීම, රාමුවෙන් පිට සිදුකරන උත්තම ක්‍රියාවක් ලෙස පෙන්වීමට රජයේ ඊනියා genius වරුන් කටයුතු කරන ලදී. 
 
ආර්ථික ඵලදායිතාවයට උරදෙන තරුණ කොටස් එන්නත් කරණය කිරීම සිදුකළ යුතුය. එනමුදු මූලික ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ ඉදිරියේ ඇති අවදානම නිසා අනතුරට පත් වන අධි අවදානම් පුද්ගලයන් හටය. ඔවුන් ආරක්ෂා කරගත් පසු ඉතිරි ජනගහනය එන්නත් කිරීම නිසි කළමනාකරණය කින් සිදු කල යුතුය .
  
 
ලැව් ගින්නක් ඇවිලෙන විට මුලින්ම ආරක්ෂා කරගත යුත්තේ ගින්නෙන් දැවී විනාශවන පැරණි ගස් මිස අමු කොළ සහිත ගින්නට ඔරොත්තු දෙන තුරු ලතා නොවේ. තමන් සතුව ඇති ජලය ගිනි නිවීමට කොළ පැහැති තුරු ලතාවලට යෙදුවහොත් අවසානයේදී ගිනි ඇවිලී තුරුලතා ද විනාශ වනු නියතය. ලංකාව තුල කරන ලද අවිද්‍යාත්මක එන්නත් කරනයේ ප්‍රතිඵලය වූයේ ඩෙල්ටා වසංගතයට, නිසිලෙස ප්‍රතිශක්තිකරණය නොකරන ලද, අහිංසක අධි අවදානම් පුද්ගලයන් ගොදුරු වීමයි. අද ලංකාවේ ඇසෙන දුක් අඳෝනා වල හේතුව එයයි.
 
 
ප්‍රතිශක්තිකරණය සුළු වශයෙන් සිදු කළ රටවල පවා වසංගතය සීඝ්‍රයෙන් පැතිරී, මියයාහැකි අය මියගොස්, ඉතිරි අයට ස්වභාවික ප්‍රතිශක්තිය ඇතිවූ පසුව රෝග පැතිරීම මන්දගාමී වනු දැකිය හැක. ඉන්දියාව එයට ඇති හොඳම උදාහරණයයි.
 
 
දෙසැම්බර් මුල වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ක් !
 
ජෝන් හොප්කින්ස් සරසවිය මගින් කරන ගණනය අනුව ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙසැම්බර් මුල වන විට 25,000 ඉක්මවනු ඇත. ඒ එන්නත් නොදෙන්නේ නම්ය. ඉලක්කය වැරදි ගියත් කළමනාකරණයකින් තොරව කරන ප්‍රතිශක්තිකරණය නිසා එතරම් මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ සිදු නොවනු ඇත.
 
 නමුත් අපට දුක් ගෙන දෙන්නේ වනුයේ වැරදී ගිය ඉලක්කයයි. දේශපාලන සංදර්ශන අරඹයා කරන ලද මුග්ධ කළමනාකරණය නිසා සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ජනතාවගේ ශෝකලෝපයයි. 
 
මේ ශෝකාලේපය අස්සේ වර්තමානයේ අසන්නට ලැබෙන්නේ ඉතාම සාර්ථක ලෙස සිදුකළේ යැයි කියන දේශපාලන ක්‍රියාන්විතයක වහසි ප්‍රලාපයයි. ලැව් ගින්න නිවී ගිය පසු ඇසෙන දුක් අඳෝනා අතරින් මේ මෝඩයන්ගේ ජයඝෝෂා හඬ රැව් පිළිරැව් දෙනු නියතය. ඇතැම් විට මොවුන් ජයග්‍රහණය සමරා උත්සවයක්ද පවත්වා, මිනිසුන් අනතුරේ දමා මරණයට පත් කලවුන්ට, කුසලානද දෙනු ඇත. 
 
ලැව් ගින්නකින් ගම පිලිස්සුණු පසු එම ගින්නෙන් නැසීගිය අයවලුන්ගේ සිරුරු මත පිච්චී ගිය කොස් මදුළු කමින් සාද පවත්වන බොරුකාරයන්ගේ ජය ඝෝෂා ඇසීමට තරම් අප අවාසනාවන්තයන් වනු ඇත.
 
 
 
(විශේෂඥ වෛද්‍ය අනාවරක විසිනි)
 

THE LEADER TV 
 
සැප ගන්න රුසියාවට ගිය අයගෙන් අපුරු යෝජනාවක් ! 
 
 
අන්ධකාරයේ රිදී රේඛාව
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොරෝනා ලැව් ගින්නෙන් වැනසුණු ගමේ ජය ඝෝෂාව ! | The Leader