The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දැන් ඇමෙරිකානු සරණයි....! - බන්දුල චන්ද්‍රසේකර

T

The Leader Desk

September 20, 2021 • 11:56 AM

දැන් ඇමෙරිකානු  සරණයි....! - බන්දුල චන්ද්‍රසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ට්‍රාන්ස්පෝමස් ආයතනය, පාලනය කරන, ඊට 18% ක කොටස් හිමි කෙරවලපිටියේ යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40% ක් ඇමෙරිකාවේ New
  •     ඒ සදහා වූ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
  •   ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධය මැද්දේ ගිවිසුමත්, කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගැනීමට ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවයාත් සමත් වී තිබේ.    1980 දී බිහිකළ ලංකා ට්‍රාන්ස්පෝමස් ආයතනය, සමාගම් සමූහයක එකතුවකි.
  • මෙරට පමණක් නොව, එය විදේශීය රටවල් 20 ට පමණ තම සේවා සපයන ආයතනයකි.    විදුලිබල ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය කාර්යයන්හි නිපුණත්වයක් ඇති එම සමාගම් සමූහය අතර විවිධාංකරණය වූ විදුලි ජනන සමාගම්ද ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
Fortress Energy සමාගමට ලබාදීමට මුදල් අමාත්‍යාංශය ක්‍රියාකර තිබේ.  
 
ඒ සදහා වූ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
 
ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධය මැද්දේ ගිවිසුමත්, කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගැනීමට ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවයාත් සමත් වී තිබේ. 
 
1980 දී බිහිකළ ලංකා ට්‍රාන්ස්පෝමස් ආයතනය, සමාගම් සමූහයක එකතුවකි. මෙරට පමණක් නොව, එය විදේශීය රටවල් 20 ට පමණ තම සේවා සපයන ආයතනයකි. 
 
විදුලිබල ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය කාර්යයන්හි නිපුණත්වයක් ඇති එම සමාගම් සමූහය අතර විවිධාංකරණය වූ විදුලි ජනන සමාගම්ද ඇත. ලංකා විදුලිබල මණ්ඩලයටද බහුතර කොටස් ප්‍රමාණයක් හිමි ලාභ ලබන රාජ්‍ය සමාගමකි.
 
image c03528a8bf 
2008 වර්ෂයේදී, ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් යොදවා ඉදිකළ යුගදනවි බලාගාරය, මෙගාවොට් 300 ක ධාරිතාවෙන් යුත් මෙම බලාගාරය දැවිතෙල් මෙන්ම ද්‍රවිකෘත ගෑස් මගින්ද ක්‍රියාත්මක කළ හැකි බලාගාරයකි. 
 
 
රජයේ පංගුව ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 112 ක් ආයෝජනය කරමින් ද, ඉතිරිය ණය මුදලක් ලෙස ද ගෙන ඉදිකළ මෙම බලාගාරයට ගත් මුළු ණය මුදලින් තව ගෙවීමට ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 14 ක් පමණි.  
 
  
තත්ත්වය එසේ වුවද, මෙම බලාගාරයේ මහා භාණ්ඩාගාරයට අයත් 40% කොටස් මුදල දැන් විකුණා ඇත්තේ ඩොලර් මිලියන 250 ය. එය බලාගාරයේ ඇස්තමේන්තු මුදලට වඩා ඉතා අඩු මුදලකි. කිසිදු අර්ථයකින් ආයෝජනයක් නොවන මෙය පැහැදිලිවම රාජ්‍ය දේපොළක් විදේශීය සමාගමකට විකිණීමේ දේශපාලන ගණුදෙණුවක් පමණි. 
 
 
ලංකා විදුලිබල මණ්ඩලය හා යුගදනවි බලාගාරය අතර අත්සන් කර ඇති අවුරුදු 20 ක විදුලිය මිළදී ගැනීමේ ගිවිසුමට අනුව, කාලයත් සමග ප්‍රාග්ධන වියදම ඉහළයාම අනුව ගෙවීමේ පදනමක් යෝජනා කර තිබිණ. එය අසාමාන්‍යය තත්ත්වයකි. 
 
මේ අනුව දැන් ඇමෙරිකානු සමාගමට විකුණා ඇත්තේ ප්‍රාග්ධනයෙන් කොටසක්ය. එවිට විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සදහා ඇමෙරිකානු සමාගමට ගෙවිය යුතු ප්‍රාග්ධන ගෙවීමද වැඩි වනු ඇත. විදුලි මිළ ද වැඩි වනු ඇත.
 
  
යුගදනවි බලාගාරයේ 40% ක කොටස් මිළදී ගැනීමට පමණක් නොව ද්‍රවකෘත ගෑස් භාවිතයේ සමස්ථ යටිතල පහසුකම් සංවර්ධනය ද ඇමෙරිකානු New Fortress Energy සමාගම අතට ගැනීමේ මුලික ගිවිසුමකට ලංකාව එකඟ වී අවසානය. ඒ සියල්ල සිදුවන්නේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ ටෙන්ඩර් පටිපාටිවලට පිටතින්ය.
 
 
තවත් මෙගාවොට් 300 ක ද්‍රවකෘත බලාගාරයක් “ස්වභාදනවි” නමින් කෙරවළපිටියේම ඉදිකිරීමට නියමිතය. එය ද ලංකා ට්‍රාන්ස්පෝමස් ආයතනය විසිනි. ඊට ආසියානු සංවර්ධන බැංකුව ණය ආධාර සපයයි. එම බලාගාරයේ 49% ක කොටස් මෙම ඇමෙරිකානු සමාගමටම ලබා දීමට සාකච්ඡා දැන් පැවැත්වේ. එයත් මෙම ඇමෙරිකානු සමාගමට ලබාදීම ආණ්ඩුවේ සැළැස්ම වේ.
 
මෙම ඇමෙරිකානු සමාගම ලංකාවට පැමිණෙන්නේ අප රටේ ස්වාභාවික ගෑස් කර්මාන්තය තමන් සතු කරගැනීමේ අභිලාෂයෙනි. මෙගාවොට් 300 ක බලාගාරයක 40% කොටස් හිමිකාරිත්වයක් ලබාගැනීම පමණක් තම මුලික අරමුණ නොවන බැව් විවෘතවම ප්‍රකාශකර ඇති එම සමාගම මෙගාවොට් 2000 ට සේවා සපයන තනි ඒකාධිකාරී බලයක් තමන් සතුකර ගැනීමේ අභිලාෂයෙන් සිටින බැව් නිල නිවේදනයකින්ම කියා අවසානය.
 
 මේ අනුව, දැනටමත් ගවේෂණයට බඳුන්කර ඇති ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ ඇති ඝණ මීටර් ට්‍රිලියන 9 ක ගෑස් සංචිතය තමන් සතුකර ගැනීමේ පිඹුරුපතද එකී සමාගම සතුව නොමැති යැයි කාට නම් කිව හැකිද?
 
අපේ ස්වෛරීත්වයට හෙණ හුරා හඬා නැද්ද ?
 
 
 
Bandula Chandrsekara(බන්දුල චන්ද්‍රසේකර)
හිටපු සභාපති - ලංකා විදුලි පුද්ගලික සමාගම 
 
 
 
 
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 

 
 
THE LEADER TV 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! | The Leader TV
 
 
බැසිල්ගේ චාටු කතාවලට විමල්ලා අහුවෙයි? | The Leader TV
 
 
ඇමරිකාවට පවරන්න යන බැසිල්ලගේ බූදලයක්? | The Leader TV
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...