The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

දරුවන්ට නොබියව එන්නත ලබාදෙන්න - ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

T

The Leader Desk

September 28, 2021 • 7:00 AM

දරුවන්ට නොබියව එන්නත ලබාදෙන්න - ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
  • ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම මේ දිනවල ආරම්භවී පවතී.    මුලින්ම තෝරා ගත් රෝග සහිත දරුවන්ට ප්‍රමුඛත්වය දී, ඉන්පසු එම වයස් කාණ්ඩයේ සියලුම දරුවන්ට එන්නත් කෙරෙනු ඇත.
  •   එනමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් දරන මතය එතරම් සුබවාදී නොවේ.
  • හේතුව, මෙම එන්නත්කරණයෙහි අතුරු ඵල ලෙසින් අනාගතයේදී  විවිධ ගැටලු මතුවීමට ඉඩ ඇතැයි යන විශ්වාසයයි.    එන්නත්කරණයෙහි  ප්‍රතිඵලයක් ලෙස බරපතල අසාත්මිකතාවයන්ට ලක් වීමට  සිදුවිය හැකිය යන්න ඔවුන් දක්වන පළමු  කරුණ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
වසර එක හමාරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින දරුවන්ට නැවත පාසල් විවර කර දීමට සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම මේ දිනවල ආරම්භවී පවතී. 
 
මුලින්ම තෝරා ගත් රෝග සහිත දරුවන්ට ප්‍රමුඛත්වය දී, ඉන්පසු එම වයස් කාණ්ඩයේ සියලුම දරුවන්ට එන්නත් කෙරෙනු ඇත.
 
එනමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් දරන මතය එතරම් සුබවාදී නොවේ. හේතුව, මෙම එන්නත්කරණයෙහි අතුරු ඵල ලෙසින් අනාගතයේදී  විවිධ ගැටලු මතුවීමට ඉඩ ඇතැයි යන විශ්වාසයයි. 
 
එන්නත්කරණයෙහි  ප්‍රතිඵලයක් ලෙස බරපතල අසාත්මිකතාවයන්ට ලක් වීමට  සිදුවිය හැකිය යන්න ඔවුන් දක්වන පළමු  කරුණ වේ. එසේම වෙනත් යම් යම් දේවල් වලට  අසාත්මිකතාවයන් දක්වන අය  එන්නත් ලබා ගැනීම සුදුසු නැත යනුවෙන්ද  ඔවුහු වැඩිදුරටත් මත පළ කරති. 
 
  
මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක්, යම්  ඖෂධයක්, කෘමියකු වැනි සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා අසාත්මිකතාවයක් ඇති වූයේ නම් සහ  එය සුළු අසාත්මිකතාවයක් නම්  ඔබට කොරෝනා එන්නත ලබා ගැනීමට එය බාධාවක් වන්නේ නැත.
 
 
සුළු  අසාත්මිකතාවය යනු කුමක්ද ?
 
 
සුළු  අසාත්මිකතාවය යනු කුමක්ද යන්න මෙහිදී ඔබට ගැටලුවක් ගැටළුවක්  වීමට පුලුවන. සුළු අසාත්මිකතා ගණයට අයත් වන්නේ පහත දැක්වෙන රෝග ලක්ෂණයි. 
 
 
# සමේ පළු නැගීමක් හෝ  කැසීමක්,
 
# ඇස් කැසීමක් හෝ රතු වීමක්,
 
# මුඛය කැසීමක්, 
 
# බඩ රිදීමක් හෝ පාචන තත්වයක්,
 
# නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක්,
 
# සුළු වියළි කැස්සක්, 
 
# උණක් හෝ ශරීරයේ ඉදිමීමක් ඇති වූයේ නම් එන්නත ලබා ගැනීමට එය බාධාවක් වන්නේ නැත. 
 
 
 
මෙයට පෙර යම් ආහාරයක්, එන්නතක්, ඖෂධයක්, කෘමි සතකු හෝ පරිසරයේ දුහුවිලි නිසා එලෙස ඇති වූ අසාත්මික රෝග ලක්ෂණ බරපතළ වූයේ නම් ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. 
 
 
මෙහි දී බරපතළ අසාත්මිකතාවයන් ලෙස සලකන්නේ,
 
 
# රුධිර පීඩනය අඩු වී anaphylaxis රෝග තත්ත්වය ඇති වීම, 
 
# හුස්ම ගැනීමේ අපහසුතාවය,
 
# මුළු ශරීරයම ඉදිමීම,
 
# උගුර මුඛය ඉදිමී ආහාර සහ 
 
# හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම, සිහිමූර්ඡා වීම වැනි රෝග ලක්ෂණයි. 
 
එන්නත ලබා නොගැනීමට  වෛද්‍ය උපදෙස් නොමැතිව තීරණය නොකළ යුතුය.    
 
child vaccin 2021.09.24
 
''දරුවන්ට නොබියව එන්නත ලබාදෙන්න. එය ඔවුනුත්, රටත් සුරකිනු ඇත.'' 
 
 
කෝවිඩ්  එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අධෛර්යමත් කරවන කරුණු සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම අන්තර්ජාලයේද බොහෝ විට දැක ගත හැකිය. 
 
  
එන්නත් නිසා ආඝාත තත්වයන්, ජාන විකෘති වීම්, හෘදයාබාධ, ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් හැදීමේ දී විවිධ ගැටලු ඇතිවීම වැනි බොහෝ සංකූලතාවයන් ඇති වන බවට ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මෙලෙස පවසන්නේ, එන්නත් විරෝධී කණ්ඩායම් ය. මේ බොහොමයක් කරුණු විද්‍යාත්මක නොවේ. 
 
 
බටහිර රටවල එන්නත් විරෝධී කණ්ඩායම් සිටිති. මේ කණ්ඩායම් කෝවිඩ් එන්නතට පමණක් නොව ඕනෑම එන්නතක ට විරුද්ධ ය. මෙවැනි මත අන්තර්ජාලය හරහා පතුරවා හරින්නේ එවැනි අයයි. 
 
මේ අතරතුරට කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව එන්නතට විරුද්ධව කරුණු ප්‍රකාශ කරන බටහිර වෛද්‍ය වරුන් කෙනෙක් දෙදෙනක් ලංකාවේ පහලවී තිබේ. මේවා පොදු වෛද්‍යවරුන් හෝ වෛද්‍ය සංගම් දක්වන අදහස් නොවේ. 
 
පදනමකින් තොරව ප්‍රකාශ නිකුත් කරන මෙවන් වෛද්‍යවරුන්  සම්බන්ධව නිසි පරීක්ෂණයන් පවත්වා ඔවුන්ගේ ලියාපදිංචිය වහාම අහෝසි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වගකීමයි. එවිට ඔවුන්ට බටහිර වෛද්‍යවරයෙක් ලෙස නොව, සාමාන්‍ය පුරවැසියෙක් ලෙස එන්නත පිළිබඳව තම අදහස් ප්‍රකාශ කිරීමට පුර්ණ නිදහස ලැබෙනු ඇත. 
 
  
ලෝකයේ දැනට පර්යේෂණ මගින් සනාථ වී ඇති ආකාරයට කෝවිඩ් එන්නත ලබාගත් අයට පසු කලෙක කෝවිඩ් වැළඳුණත් එම රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මිය යාම් අඩු වේ. එනිසා එන්නත ලබා ගැනීම කලයුත්තේ අපේම යහපත උදෙසාය.
 
 
අනෙක් අතින් විට කෝවිඩ් සඳහා ස්ථිර ඖෂධයක් තවම සොයාගෙන නොමැති  නිසාද එන්නත ලබා ගැනීම වැදගත් වේ. රෝගය පැතිරයාමේ අඩුවක්ද එන්නත්කරණයෙන් සිදුවේ. 
 
රෝග වලට ඖෂධ සොයා ගන්නට පෙර එන්නත් මගින්ම ලෝකයෙන් එම රෝගය තුරන් කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය  වසූරිය යි. එමෙන්ම පෝලියෝ රෝගය ද දැන් දක්නට ලැබෙන්නේ නැති තරම්ය. එන්නත්කරණය යනු රෝග වැළැක්වීමට තිබෙන ලෝකයම පිළිගත්  ක්‍රමයකි. 
 
අපේ රටේ වයස අවුරුදු 60 න් ඉහළ සියලුම ජනතාවටද, ඉන් පහල සංකුලතාවයන් ඇති ජනතාවටද එන්නත ලබා දීම තවම 100% ක් ම සම්පූර්ණ කර නැති බව සැබෑය. එසේම වයස 29 - 30 කාණ්ඩයට ද තවම එන්නත් ලබා දෙමින් පවතී. 
 
ඒ තත්ත්වය මත වයස අවුරුදු 12 - 19 කාණ්ඩයට එන්නත් ලබාදීම  සුදුසුද යන්න පිළිබඳව සංවාදයක් ඇති වී තිබේ. කුමණ කාණ්ඩයකට කලින් ලබා දුන්නත්, පසුව ලබා දුන්නත්, එන්නතෙහි විශ්වසනීයත්වය පිළිබඳ ව සැකයක් හෝ ගැටළුවක් නැත. 
 
 
එන්නන් වර්ග අතර යම් යම් වෙනස්කම් තිබිය හැකිය. නමුත් ලැබෙන පළමු එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු පියවරයි. 
 
 
වඩා හොඳ එන්නතක් එනතුරු බලා හිඳ, අන් කිසිම එන්නතක් නොගැනීම නිසා, කෝවිඩ් රෝගය වැළඳී මිය ගිය අය පිළිබඳවත්, අපේ සමාජය තුළින් අසන්නට ලැබේ.
 
එබැවින් අවස්ථාව ලැබුණු විගස, තමන්ට ලැබෙන්නේ කුමන කෝවිඩ් එන්නත වුවද එම එන්නත ලබා ගැනීමට ඔබ දරුවන් පොළඹවන්න. මෙම කරුණු දරුවන්ද දැනගත යුතුමය.  
 
 
 
ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ 
වෛද්‍ය අජිත් අමරසිංහ 
 
සාකච්චා කලේ - ඉන්දු පෙරේරා
 
 
 
සබැඳි පුවත් :
 
 
 

 
 
THE LEADER TV 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 
 
විමල්ලා පන්නා ජාතික ආණ්ඩුවකට සුදානම් !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...