The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

එන්නත් විරෝධී මිත්‍යා මත පිලිගන්න එපා: විශේෂඥයකුට කන් දෙන්න

T

The Leader Desk

September 28, 2021 • 11:02 AM

එන්නත් විරෝධී මිත්‍යා මත පිලිගන්න එපා: විශේෂඥයකුට කන් දෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එන්නත්කරණයට විරුද්ධව ඇතැම් පිරිස් වානිජ අරමුණු ඇතිව ප්‍රචලිත කරන මිත්‍යා දුර්මතවලට හසු නොවී ඉඩ ලද පළමුවරම කොවිඩ් මර්දන එන්නත
  •   කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කරනු පිණිස විවිධ වේදිකා ඔස්සේ ප්‍රචලිත කෙරෙන දුර්මත විද්‍යාත්මකව විභාග කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේයැයි රජය නිවේදනය කර තිබේ.
  •   රජය පවසන පරිදි සැප්තැම්බර් 26 වැනිදා වන විට  මිලියන 12කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 මර්දන  එන්නතේ මාත්‍රා දෙකමදී තිබේ.
  •   දෙවන මාත්‍රාව දීමට ඇත්තේ පළමු මාත්‍රාව දුන් පිරිසෙන් මිලියන 2.2කට ය.
අකුරු ප්‍රමාණය (Font Size):
ගන්නා ලෙස ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක් තවමත් එන්නත නොගත් තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
 
එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතාව සහ මඳ සරුභාවය ඇති වන බවට ඇතැමෙක් කරන ප්‍රකාශවලට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බව පවසන කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය මංජු වීරසිංහ අවධාරණය කරන්නේ, විද්‍යාත්මකව තහවුරු නොකළ එවැනි ප්‍රබන්ධ කතාවලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම මගින් පුද්ගලයා මෙන්ම රට ද ආරක්ෂා වන බවයි.
 
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන කඩාකප්පල් කරනු පිණිස විවිධ වේදිකා ඔස්සේ ප්‍රචලිත කෙරෙන දුර්මත විද්‍යාත්මකව විභාග කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේයැයි රජය නිවේදනය කර තිබේ.
 
 manju
 
මහාචාර්ය මංජු වීරසිංහ
 
 
එන්නත් ගැනීම නිසා වයස අවුරුදු 60 වැඩි ජනයා අතර කොවිඩ් 19 මරණ අනුපාතය අඩු කර ගැනීමට හැකි වී තිබෙන බව පෙන්වා දෙන මහාචාර්යවරයා, තරුණ ප්‍රජාවගේ ද ජීවිත රැක ගැනීමට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල අක්‍රීය නොකරන්නැයි වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමේ මුවාවෙන් දුර්මත පතුරුවන්නන්ගෙන් ඉල්ලා‌ ඇත.
 
රජය පවසන පරිදි සැප්තැම්බර් 26 වැනිදා වන විට  මිලියන 12කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් 19 මර්දන  එන්නතේ මාත්‍රා දෙකමදී තිබේ.
 
දෙවන මාත්‍රාව දීමට ඇත්තේ පළමු මාත්‍රාව දුන් පිරිසෙන් මිලියන 2.2කට ය.
 
ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම කොවිඩ් 19 පාලනයට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි රජය පවසන්නේ.
 
මහාචාර්යවරයා පෙන්වාදෙන පරිදි බෝවන රෝගවලට එරෙහිව එන්නත්කරණය පිළිබඳ පනතක් මුලින්ම ගෙන ආවේ 1853 බ්‍රිතාත්‍යයේ පාර්ලිමේන්තුව විසිනි.
 
ඒ වසූරිය රෝගය මර්දනය සඳහාය.
 
"වසර 170ක කාලයක සිට එන්නත්කරණයට එරෙහි පාර්ශව ඉදිරිපත් කරන්නේ එකම තර්ක කිහිපයකි. ඒ එන්නතින් පලක් නැති බව, සෞඛ්‍යයට අහිතකර දේවල් තිබිය හැකි බව හා බටහිර වෛද්‍ය විද්‍යාවේ අධිපතිවාදය රට භාරගත නොයුතුය වැනි අදහස් ඉන් කියැවෙයි."
 
1885 දී ජලභීතිකා රෝගයටත්, 1920 දී ගලපටලයටත් එන්නත් හඳුන්වාදුන් අතර 1949-1955 කාලය තුළ ද එන්නත් කිහිපයක් හඳුන්වාදී තිබේ.
 
එන්නත්කරණය නිසා රෝග රැසක් අවම මට්ටමකට ගෙන ඒමට හැකි වීමෙන් බෝවන රෝග සඳහා ප්‍රබලම ප්‍රතිකර්මය සහ තීරණාත්මක සාධකය එන්නත්කරණය බව ඔප්පු වී තිබේ.
 
narangoda 
 
"ප්‍රතිශක්තිය සම්පූර්ණයෙන් ඇතිවීමට එන්නත් මාත්‍රා දෙකම ගෙන මාසයක් ගතවිය යුතුය. නියමිත කාලය සම්පූර්ණ නොකළහොත් එන්නත් ගත්ත ද අසාධ්‍ය තත්ත්වයට හෝ මරණයට පත්වීමට ඉඩ තිබේ."
 
එන්නත් වර්ග අනුව වැඩි ප්‍රතිශක්තිය ලැබෙන බවට ජනතාව අතර පවතින මතය අසත්‍යයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇති එන්නත් වර්ග 08 ම එක හා සමාන ප්‍රතිශක්තියක් දෙන බවත් වෛද්‍යවරයා එහිදි පැහැදිලි කර තිබේ.
 
රජය පවසන්නේ ෆයිසර් එන්නත අනුමත කර ඇත්තේ වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන්ට පමණක් බවයි.
 
"වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට ඕනෑම එන්නතකින් එක හා සමාන ප්‍රතිශක්තියක් ලැබේ." රජය පවසයි.
 
 chithramali
 
 
"1961 වර්ෂයේදී දරුවන්ට එන්නත් දීම ආරම්භ කළ ද දීපව්‍යාප්තව සිදුකළේ 1978 වර්ෂයේදී ය."
 
දරුවන්ට කලින් කලට රෝග වැළඳීමට ඇති ඉඩකඩ පරීක්ෂා කර එයට නියමිත කාලයේදී එනනත්දීම නිසා ළදරු පමණ සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව ලැබෙන බවත් කොව්ඩ් 19 එන්නත වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය වැඩි දුරටත් සදහන් කළාය.
 
 
 
 
THE LEADER TV 
 
මහින්දට රජකමක් හදලා දෙන්න !
 
 
මහමොළකරු අතුරුදහන් ලිස්ට් එකේ ?
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

එන්නත් විරෝධී මිත්‍යා මත පිලිගන්න එපා: විශේෂඥයකුට කන් දෙන්න | The Leader