The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

රස්සාවට අශුචි කෑම : කෘෂි බිස්නස් වැලැක්වූ නිලධාරීන්ගේ කතාව -කීර්ති තෙන්නකෝන්

T

The Leader Desk

September 30, 2021 • 6:44 AM

රස්සාවට අශුචි කෑම : කෘෂි බිස්නස් වැලැක්වූ නිලධාරීන්ගේ කතාව  -කීර්ති තෙන්නකෝන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන අසූචි කාබනික පොහොර රටට ගෙන ඒමේ උත්සහය පරාජය වී ඇත. නිවේදනයට අනුව පොහොර තොගය රටට ගේන්නේ නැත. කතාව ඇත්තනම්
  • අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත.
  •   1964 හෝ ඒ ආසන්නයේ දිනක සී.පී.
  •  (එදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රනාන්දු හෝ ජිනේන්ද්‍රදාස වැනි නමක් තිබූ අයෙකි)    නිලධාරි කියන්නේ අඩි 5000 ට අඩු රහංගල අල හදන්නට බෑ කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):
නැව ආපහු හරවා යැවිය යුතුය.  
 
  
ලංකාව ‘අර්විනියා උවදුරෙන් බේරාගත් රහංගල කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ ‘ඇලිස්නෝනා‘ නම් කාන්තාවයි. ඒ මෙයට වසර  57 පෙරය. අද එය නැවත කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කර ඇත. ඇලිස්නෝනා - රස්සාවට වඩා රටට ආදරය කළ ගැහැණිය ගේ කතාව ලෝකයම කියවිය යුතුය.  
 
 
1963-64 ආසන්නයේ ආචාර්ය ඩඩ්ලි සීසර් නම් ජර්මන් (හෝ නෙදර්ලන්ත) කෘෂි විද්‍යාඥයා ලංකාවේ අඩි 5000 ට අඩු කලාපයේ (එනම් වැලිමඩ, ඌවපරණගම, බණ්ඩාරවෙල, හපුතලේ අල (අර්තාපල්) හදන්නට බැරි බව රජයට වාර්තා කළේය. 
 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි (Subject matter officer - SMO)  නෝමන් ගුණතිලක (අල මහත්තයා) ලංකාවේ අඩි 5000ට අඩු ප්‍රදේශවලත් අල හැදිය හැකි යැයි ස්ථීර මතයක විය.  අල මහත්තයා ගමේ මිනිස්සුත් එක්ක වගාව කරගෙන ගියේය. (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ධූරාවලියේ විෂයානුබද්ධ නිලධාරි යනු කෘෂිකර්ම නිලධාරි (AI මහත්තයාට) උඩ තනතුරයි.  ගැටුම කෘෂි විද්‍යාඥයායෙකු සමඟය.
 
1964 හෝ ඒ ආසන්නයේ දිනක සී.පී. ද සිල්වා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරි පිරිවරා රහංගල අල වගාව බලන්නට ආවේය.  (එදා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රනාන්දු හෝ ජිනේන්ද්‍රදාස වැනි නමක් තිබූ අයෙකි) 
 
නිලධාරි කියන්නේ අඩි 5000 ට අඩු රහංගල අල හදන්නට බෑ කියාය. ගොවිපල කම්කරුවෝ, ගොවි සංවිධාන නියෝජිතයෝ කියන්නේ අල හැදෙන බව ය.
 
ඇලිස්නෝනා ගොවිපලේ කම්කරු කාන්තාවකි.   
 
‘සර්.. එන්න මේ පැත්තත් බලන්න. ඇලිස්නෝනා කියයි.
 
ඇලිස්නෝනා ඇමතිතුමා ලිඳක් ලඟට කැදවා ගෙන යයි. ගොවිපල කළමනාකරු එක වලක්වන්නට හදයි.
 
ඇලිස්නෝනා සී.පී. ද සිල්වා ඇමතිතුමාට ලිඳ ත්, එහි පාවෙන කුණු අර්තාපල් ද පෙන්නයි.  
 
සර්.........  මේ කුණු වෙච්ච අල තියෙන වතුර අරගෙන හිටවන්න තියෙන බීජ අලවලට (බීජ අර්තාපල්) ගහන්න (ස්ප්‍රේ කරන්න) කියලා මේ සර් අපිට කිව්වා. 
 
සර් ........... ඒ වතුර ගහන අල තමයි ගොවීන්ට වගා කරන්න දෙන්නේ.  ඒවා හැදෙන්නේ නෑ. මැරිලා යනවා. 
 
සර්.......... මේ කුණු වෙච්ච අල වල තියෙන විෂ නිසා අල ගස් කුණු වෙනවා.
 
කම්කරු ගැහැණිය ඇමතිට සිද්ධිය විස්තර කර දෙයි.
 
wbRPZ8ZTJ9lgT6Cy Cover 
ඇමති සී.පී.ද සිල්වා
 
  
සී.පී.ද සිල්වා ට අර්තාපල් ආනයනයෙන් කොමිස් ගන්නට අදහසක් තියෙන්නට නැත.  ගජ මිතුරන් අර්තාපල් බිස්නස් කරන්නට ද නැතිව ඇත.  ඇමති සී.පී. ද සිල්වා එදා කොළඹ ඇවිත් පළමුවෙන්ම කළේ රහංගල ගොවිපළේ කලමනාකරු ඇතුළු පිරිසකගේ වැඩ තහනම් කිරීමය.  අල හදන්න බෑ කියූ රොත්තක්ම ඒ අතර විය.  
 
ආචාර්ය ඩඩ්ලි සීසර් ගේ අර්වීනියා වසංගතයෙන් එදා ලංකාව බේරාගත්තේ කම්කරු ගැහැණිය යි.
 
ඇලිස්නෝනා ගේ ස්වාමියා බොරලන්ද කිරියාදෝවේ  වීරසේකර මාමා ය.  මේ කතාව, හොඩියේ නැත්තම් දෙකේ දී, උදේ රැස්වීමේ මම මුලින්ම ඇසුවෙමි.  දවස, ලංකාදීප ඇතුළු පත්තර තුනක් මේ කතාව පල කර තිබුණි.  
 
අල වගාවේ සියළු වගකීම කෘෂිකර්මයේ කණිෂ්ඨ නිලධාරියෙකු වූ නෝමන් ගුණතිලක ට පැවරුනේය.  එදා පටන් රහංගල අල වගාව, සංස්කෘතියකි.  කටු මැටි ගැසූ ගෙවල්වල මිනිස්සු ගොවි මහත්වරු වූහ.  මිනිස්සු ‘අල මහත්තයාගේ ‘ ගල් පිළිරුවක් හීන්නාරංගොල්ල පන්සලේ පිහිටුවීය.  බුදුන්ට පුදන මල් සුවඳ, දෙවියන්ට පුදන දුම් සුවඳ විදිමින් අල මහත්තයා නිවන් දකිනා තුරු සැනසෙන්නේය.
 
HHGFDH
 
නෝමන් ගුණතිලක ‘අල මහත්තයා’ 
 
 
1965 එජාපය ආණ්ඩු පිහිටවූ පසුව කෘෂිකර් ඇමතිවරයා වූවේ එම්.ඩී. බණ්ඩා ය.  අගමැති ඩඩ්ලි සේනානායක ය.  වැලිමඩ මන්ත්‍රී පර්සි සමරවීය ය.  මගේ සීයා, ටී.ඇම්.මැණික්රාල, උඩුකිඳ ගම්සභාවේ සභාපති හෝ උපසභාපති ය.   ඩඩ්ලිත්, කෘෂිකර්ම ඇමති එම්.ඩී.බණ්ඩාත් අල ගලවන කාලයක උඩුකිඳ අල වගාව බලන්නට රහංගල ආවේය. 
 
රහංගල දී මල් මාලයක් දමා අගමැති පිළිගත්තේ ගොවි සමිතියේ සභාපති ඇලිස්නෝනා ය.  අල වගාව ඇගේ පවුලට ඉසුරු ගෙනවිත් තිබුණි.  වාහනයක යා නොහැකි ගොවිබිම්වල අගමැති-ඇමති පයින් ගියේය.
 
වගා කරන්න ගොවියෝ පාරක් ඉල්ලුවේය.  අගමැති තම්බපු අල සහ එළවළු කන ගමන්  ‘ඔව් ඔව් පාරක් ඕනි. මට හිතාගන්න බෑ ඔහෙලා බර උස්සාගෙන කොහොම යනවා ද කියලා.  මට මගේ ඇඟ උස්සාගෙනවත් එන්න බැරි වුනා‘ ඩඩ්ලි කියූ බව එදා එහි සිටි තරුණයෙක් කිවේය.
 
හැම තැනම ඇවිදලා ඩඩ්ලි කන්දේපුහුල්පල ගමේ KMS ලොරි ව්‍යාපාරයේ ගරාජය ලඟ කුඹුරකට සරුසාර අල වගාවට ලගාවූවේය.  ගොවියා අප්පුහාමි ය. ශූර කැරට් ගොවියෙකු වූ අප්පුහාමි ට ගමේ මිනිස්සු කිව්වේ ‘කැරට් අප්පුහාමි‘ කියා ය.  මේ කතාව මට කිව්වේ ඒ කැරට් අප්පුහාමි ම ය.
 
අගමැතිතුමා අල ගහක් පෙන්නලා මගෙන් ඇහුවා මේකේ ගෙඩි කීයක් ඇද්ද? කියලා.  මම කිව්වා මේකේ හැටියට නම් අල ගෙඩි 26 ක් වත් තියෙන්න ඕනි කියලා.  අගමැතිතුමා කැමරාව අරගෙන කුඹුරට බැහැලි ඡායාරූප ගත්තා.   මම අල පදුර ගැලෙව්වා.  ඒකේ ගෙඩි 27 ක් තිබ්බා.  අගමැතිතුමා අලත්, අපිත් එතුමාගේ කැමරාවෙන් පොටෝ ගත්තා.
 
අගමැතිතුමා හයියෙන් හිනාවෙලා කිව්වා, තමුසේ හරියටම ගාන කිව්වේ මට හොරෙන් ගලවලා බලලා නේද කියලා.‘‘ කැරට් අප්පුහාමි ගේ හිනාව මට තවමත් මතකය.
 
Dudley Senanayake
 
අගමැති ඩඩ්ලි සේනානායක 
 
 
චීන අශුචි ආනයන කතාවට කෘෂිකර්ම ලේකම් මහාචාර්ය ජයසිංහ මගේ දේශපාලනය ඈදා තිබුණි.  ගොවියාගේ දේශපාලනය තමන්ගේ දරු පවුල රැකීමය.  කැරට් අප්පුහාමි කවදාවත් එජාපයට ඡන්දය නොදුන් ගමේ හිටි හොඳම ශ්‍රී ලංකා කාරයා ය. 
 
සී.පී. නවත්තපු තැනින් ඇම්.ඩී. බණ්ඩා ද, ඩඩ්ලි ද, වැලිමඩ රාජරත්න ද අල වගාව ඉස්සරහට ගෙන ගියා මිස කොමිස් පිටුපස යන්නට ගියේ නැත. එජාපයට විරුද්ධව රාජරත්නගේ ඡන්දපොල නියෝජිතයා වුනේ ඇලිස්නෝනා ගේ ස්වාමියා ය.
 
  
මේ සිද්ධිය ලංකාවේ අල වගාවේ සුවිශේෂතම කඩඉම ය.  කොළඹ ගිය අගමැති ඩඩ්ලි-කෘෂි ඇමති බණ්ඩා ලංකාවට කෑම අල ගෙනඒම තහනම් කළේය.  ලංකාව අර්තාපල්වලින් ස්වයං පෝෂිත වූවේය. කැරට් අප්පුහාමි ලා - ඇලිස්නෝන ලා ධනවත් ගොවියෝ වූහ.
 
 
ගොවිතැන නගන්නට එදා දේශපාලනඥයින්ට උනන්දුවක් පමණක් නොව දැක්මක් ද තිබුණි. එදා ආණ්ඩුව ගොවියාට බීජ අල  හොන්ඩරයක්  රු. 28 ට දුන්නේය.  අද නම් අදහන්නටත් බැරිය. ආණ්ඩුව ගොවියාගේ අල අස්වැන්න (කන අල) හොන්ඩරය රු. 32 ගානේ මිලදී ගත්තේය. බීජ අල හොන්ඩරයකින් එක හොන්ඩරයක අස්වැන්නක් තිබුණත් රු. 4 ක් ගොවියාට ලාබය ය.  උඩුකිඳ අල ගොවියා ලංකාවේ වැඩිම ආදායම ලබන ගොවියා බවට පත්වූවේ එහෙමය.
 
අද බීජ අල හොන්ඩරයක් රු. 20,000 කි. අස්වැන්න (කන අල) හොන්ඩරයක් රු. 6000 කි.  මේ ආණ්ඩුව ඔක්තෝබර් කඳු කන්නට පොහොර නොදී, දිලීර, කෘමිනාශක නොදී විනාශ කරන්නට හදන්නේ මෙහෙම ගොඩ නැගු අල වගාවයි.
 
අද එයින් වසර 57 කට පසුව, දෙවරක් නොව තුන්වරක් පර්යේෂනාගාර පරීක්ෂණ අසමත් වූ නිසා අද චීන අශුචි ගෙන්වීම නතර විය.
 
ආචාර්ය ඩඩ්ලි සීසර් ලා අදත් එක එක වේශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටී.  2021 මැයි 10 දින පෙ.ව. 9.30 ට කොළඹ කච්චේරියේ නිල මැදුර ශ්‍රවණාගාරයේ රැස්වූ සීසර් ලා ගේ පළමු නාඩගම අද අවසන් විය.  වාසනාවකට ඇලිස්නෝන ලා ද තවමත් අඩු නැතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ත්, කෘෂිකර්ම කේෂ්ත්‍රෙය්ත් ඇත. 
 
මේ සටහන එදා - මෙදා ලංකාවේ කෘෂිකර්මාන්තය සීසර් ලාගෙන් රැකගත් ඒ උතුම් මිනිසුන් වෙනුවෙනි.
 
 
 
Rajith(රජිත් කීර්ති තෙන්නකෝන්) 
දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර
 
 


THE LEADER TV 
 
කොහොමද සර් කෑම? අති විශිෂ්ටයි !
 
 
චිචීගේ පාට්වලට දයාසිරිට මල පැනලා ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...