The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

දුර්භික්ෂය අසිපත සහ ගිනිදැල්ල - ධම්ම දිසානායක

T

The Leader Desk

October 3, 2021 • 6:58 AM

දුර්භික්ෂය අසිපත සහ ගිනිදැල්ල - ධම්ම දිසානායක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙන්රි වෝර්ඩ් යනු ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයෙකි. 1856 වාරිමාර්ග සහ කෘෂිකර්ම පනත සම්මතකොට ගම් සභා ක්‍රමය නැවත ස්ථාපිත වීමට
  • ඒ ජීවිතයි අපේ ජීවිතයි ඇත්තේ දෙතැනක ය.
  • එය දැනුදු එසේ ම ය.    1970 සමගි පෙරමුණු ආණ්ඩුව එය වටහා ගෙන ඇතිකළ ප්‍රතිපත්තිමය සහ ප්‍රයෝගික සැලැස්ම පරාජය වුයේ මෙරට බොහෝ පාලකයින්, ජාවාරම්කාරයින්, සහ නිලධාරීන් ඒ සැලැස්ම කෙරෙහි දැක්වූ නින්දා සහගත ප්‍රතිචාර නිසා ය.
  •      මේ සියලු දේ දකිමින් කෘෂිකර්ම අමාත්‍යංශය දශක ගණනාවක් තිස්සේ කළේ ජාතික නිෂ්පාදනය තුළ කෘෂිකර්මයේ දායකත්ව ප්‍රතිශතය වැඩි කිරීම නොව විදේශීය කෘෂිකර්මයට දේශීය වෙළඳපොල සකස් කිරීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):
හේතු වූ වාරිමාර්ග කමිටු පිහිටුවා වියලි කලාපයේ වී ගොවිතැන යළි ව්‍යාප්ත කිරීමට පියවර ගත් පළමු වැන්නා ඔහු ය. 
 
ඒ ඉංග්‍රීසින් ශ්‍රී ලංකාව මුළුමනින් ම යටත්කොට ගෙන වසර හතළිස් එකකට පසුය. 
 
මැක් ඩොනල්ඩ් හමුදා ප්‍රධානියාගේ “දුර්භික්ෂය, අසිපත සහ ගිනිදැල්ල” යන තේමාව යටතේ ඉංග්‍රීසින් විසින් ඌව වෙල්ලස්සේ වගා බිම් බවභෝග ඇළ වේලි වැව් අමුණු මෙන් ම ගොවිතැන සහ ගොවි දන විනාශ කොට, එනම් 1818 විමුක්ති සටනට වසර තිස් නවයකට පසුව ය. 
 
මෙරට නුතන ආණ්ඩුක්‍රමයට පදනම දැමු 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ වලට වසර විසි තුනකට පසුව ය. 1848 උඩරට විමුක්ති සටන පරාජය කොට වසර අටකට පසුව ය. 
 
  
ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටුවන්නේ දැනට වසර අනූවකට පෙර, එනම් 1931 දී ය. අවුරුදු අනූවක් වයසැති ඒ අමාත්‍යංශය මේ දිනවල වී ගොවීන් ට සිදුකරන තර්ජනය සහ බිය වැද්දවීම මෙවර, කිවි දා දැක්ම’ සඳහා ආසන්නතම හේතුව ය. එකම හේතුව නොවේ ය. ගොවීන් වී විකුණුවේ නැත්නම් පිට රටින් සහල් ආනයනය කරනවා යනු ඒ තර්ජනය සහ බිය වැද්දීම ය.
 
 
මගේ අවබෝධයේ හැටියට කෘෂිකර්ම අමාත්‍යංශය තිබෙන්නේ සහල් හෝ වෙනත් කෘෂි භෝග ආනයනය කිරීම සඳහා නොවේය. එය පිහිටුවා ඇත්තේ වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මය ජාතික නිෂ්පාදිතයේ වැඩි දායකත්වය ලබාදෙන අංශයක් බවට පත් කිරීම සහ රට අහරින් ස්වයං පෝෂිත කිරීමටත් ඒ සඳහා ගොවිතැන සහ ගොවි ජනයාගේ ජීවිත දියුණු තියුණු කිරීමට අවශ්‍ය සහය, යටිතළ පහසුකම්, දැනුම, තාක්ෂනය, සහ වෙළඳපොළ අවස්ථා සලසා දීමටත් ය. 
 
නමුත් ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යංශයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් බොහෝ විට ක්‍රියාකොට ඇත්තේ විදේශීය බීජ කොම්පැනිවලට, පොහොර, කෘෂි රසායන, සහ පලිභෝද නාශක කොම්පැනිවලට, කෘෂි තාක්ෂණ සහ උපකරණ කොම්පැනිවලට පහසුකම් සපයන මෙරට ඒජන්තයන් ලෙස බව බොහෝ ගොවීන් කියන කතාවක් ය. 
 
එනම් ඒ කොම්පැනිවල දේශීය ඒජන්තයින් ලෙස ක්‍රියා කරන බව ය. තමන්ගේ රටේ තිබුණු රටේ දේශගුණයට ඔරොත්තු දුන් රසින් ගුණෙන් ප්‍රශස්ත ස්වදේශික පොළොවට ඓන්ද්‍රීය සම්බන්ධයක් තිබුණු බීජ දැන් අපට නැත. හැම ඇටයක් ම මැලේසියාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ජර්මනියෙන් හෝ අමෙරිකාවෙන් ඉහළ මිල ගණන්වලට ආනයනය කළ ඒවා ය. 
 
ඒවාට අවශ්‍ය සැලසුම් සකස් කරන විශේෂඥයින් වනාහි මෙරට ගොවි සහ අනෙකුත් පීඩිතයින්ගේ මුදලින් දැනුම ගත් අය ය. සම්ප්‍රදායික බීජ විනාශකිරීමට පමණක් නොව සම්ප්‍රදායික බීජ තාක්ෂනය විනාශ කිරීමටද අමාත්‍යංශයත් දෙපාර්තමේන්තුවත් ප්‍රබල දායකත්වයක් දැක්වූ බව ට ද  සමාජ මතයක් ඇත. 
 
ඒ මත සත්‍යය යැයි සිතෙන්නේ වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට ඇද දමා ඔවුන්ට චන්ඩි පාට් දමන අමාත්‍යංශයක් බවට කෘෂිකර්ම අමාත්‍යංශය පත් වී ඇති බව තහවුරු වන ප්‍රකාශ ඇහෙන පෙනෙන විට ය.
 
 
1475055756 3083891 hirunews Dambulla Protest 
 
ගොවිතැන ප්‍රවර්ධනය කළ යුත්තේ මෙරට ගොවි ජීවිත කෙතෙන් කමතෙන් ඈත් කොට ගොවීන් මහමගට ඇද දමා වෙනත් රටවල ගොවීන් ගේ නිෂ්පාදනවලට මේ රට වෙළඳපොළක් කිරීමෙන් නොවේ ය. අමාත්‍යංශය තිබිය යුත්තේ ගොවීන් සහ ගොවිතැන සඳහා මිසක දහස් ගණනින් වන කාර්ය මණ්ඩල නඩත්තු කිරීම ටත් නොවේ ය. 
 
 
නමුත් ලංකාවේ සිදුවන්නේ ඒ නොවිය යුතු දේ ය. මීට තවත් ගැලපෙන ම උදාහරණයක් ලෙස විශාල කාර්ය මණ්ඩලයක් නඩත්තු කරන එහෙත් රටේ දිළිඳු කම පිටු දැකීම සඳහා කරපු මෙහෙයක් පෙනෙන්නට නැති සමෘද්ධි ව්‍යාපාරය දැක්විය හැකිය. 
 
රාජ්‍යය සහ රාජ්‍ය ආයතන තිබිය යුත්තේ වැඩි දෙනෙකුගේ වැඩිම සතුට සහ යහපත සඳහා මිස වැඩි දෙනෙකුගේ වැඩිම අසරණභාවය ඇති කිරීම සඳහා නොවේ ය. එසේම ඒ අසරණ භාවය උඩ පිනුම් ගසන බලවතුන් සහ නිලධාරීන් ටික දෙනෙකුගේ වැඩිම සතුට සහ යහපත සඳහා නොවේ ය. 
 
නමුත් ලංකාවේ හැම රාජ්‍ය ආයතනයකම සිදුවන්නේ වැඩි දෙනෙකුගේ වැඩිම යහපත නොව ටික දෙනෙකුගේ වැඩිම සතුට සැලසීම ය. රටේ අර්බුදයේ මුල ඔන්න ඔතැන ය.
 
මේ ටික දෙනා ලෝකයේ දියුණු රටවල මහජන නියෝජිතයින් සහ නිලධාරීන් මෙන් කඩපොළේ දී හෝ බස් පොළේ දී හෝ කෝච්චියේ දී හෝ ගොවි බිමේ දී හෝ අඩුම තරමේ මෙරට පොදු ජනයා පිහිටක් සොයා යන පන්සලක දී හෝ පල්ලියක දී හෝ කෝවිලක දී හෝ අපට මුණ ගැසෙන්නේ නැත. 
 
ඒ ඔවුන් දෙවියන් වී ඇති නිසා නොව අපි මුහුනදෙන ප්‍රශ්න සහ අර්බුද ඔවුන්ගේ ජීවිතවල සතුට මිස වෙනත් කිසිම අර්බුදයක් ඇතිකොට නොමැති නිසා ය. ඒ ජීවිතයි අපේ ජීවිතයි ඇත්තේ දෙතැනක ය. මේ රටේ දේශපාලන අර්බුදයේත් මුල ඔන්න ඔතැන ය. 
 
  
වී ගොවිතැනේ, වී ගොවියාගේ, සහ බත් කන්නාගේ අර්බුදය යනු එක පැත්තකින් රාජ්‍යය අර්බුදයක් ය. ඇත්ත වශයෙන් ම එය රාජ්‍යය ගොඩනගා ගැනීමේ දී සිටගත යුතු සැබෑ පදනම තේරුම් නොගැනීම නිසා ඇති වූ අර්බුදයක් ය. 
 
 
ඉංග්‍රීසින්ගෙන් නිදහස් වූ මෙරට පාලකයින් ඉංග්‍රීසින් ගේ ආර්ථිකයේ ප්‍රධාන වෘක්ෂ ත්‍රිත්වය වන්දනා කරා මිස, එනම් තේ, පෝල්, රබර් ගස් තුනට පුදපූජා පැවැත් වූවා මිස මෙරට ආර්ථිකයේ අත්තිවාරම ගොඩ නැගිය යුත්තේ ස්වදේශීය කෘෂිකර්මය මත බව වටහා ගත්තේ නැත. 
 
එයිනුත් වී ගොවිතැන යනු ආර්ථිකයක් මෙන් ම සංස්කෘතික ආර්ථිකයක් බව මෙරට පාලකයින් සහ නිලධාරීන් වටහා ගත්තේ නැත. එක්කෝ ඊට වුවමනාවක් තිබුණේ නැත. එය දැනුදු එසේ ම ය. 
 
1970 සමගි පෙරමුණු ආණ්ඩුව එය වටහා ගෙන ඇතිකළ ප්‍රතිපත්තිමය සහ ප්‍රයෝගික සැලැස්ම පරාජය වුයේ මෙරට බොහෝ පාලකයින්, ජාවාරම්කාරයින්, සහ නිලධාරීන් ඒ සැලැස්ම කෙරෙහි දැක්වූ නින්දා සහගත ප්‍රතිචාර නිසා ය. ඊට එරෙහිව පරිභෝජන සමාජය උසි ගැන්වූ නිසා ය.
  
 
මේ සියලු දේ දකිමින් කෘෂිකර්ම අමාත්‍යංශය දශක ගණනාවක් තිස්සේ කළේ ජාතික නිෂ්පාදනය තුළ කෘෂිකර්මයේ දායකත්ව ප්‍රතිශතය වැඩි කිරීම නොව විදේශීය කෘෂිකර්මයට දේශීය වෙළඳපොල සකස් කිරීම ය. විකිණුවේ නැත්නම් පිට රටින් සහල් ආනයනය කරනවා යනු එහි වර්තමාන ප්‍රකාශණය ය.
 
 
ලංකාවේ කෘෂිකාර්මික අර්බුදයේ ප්‍රමුඛතම ප්‍රකාශණය වී ඇති වී ගොවී අර්බුදය විසඳීමට අවශ්‍ය වන්නේ පාලකයින්ගේ හිතුවක්කාරකම් නොව අර්බුදය නිසි ලෙස තේරුම් ගෙන සකසා ගත් කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලක් ය. අර්බුදය පැති කීපයකින් ගොඩනැගී ඇති එකක් ය. 
 
වී වගාවට යන පිරිවැය සහ අදායම අතර පරතරය පුළුල් වී ඇත්තේ පිරිවැයට වඩා ආදායම අඩු වෙමිනි. එසේනම් වී වගා කරන්නේ මොකටද? කියා මා මිත්‍ර චරිත හේරත් වැනි වෙළදාම කේන්ද්‍රීය උග්‍ර දක්ෂිනාංශිකයින් ප්‍රශ්න කරනු ඇත. 
 
අපි අඩු පිරිවැයකින් පිට රටින් හාල් ගෙනෙමු  කියා විසඳුමක් ද ඉදිරිපත් කරනු ඇත. 
 
මෙරට ඇත්තේ කෙත මුල්කරගත් වෙළඳපොළක් නොව කෙත කමත බැත බත මුල් කරගත් සංස්කෘතික ආර්ථිකයක් බව ඊට පිළිතුරක් ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ගොවීන් වී වගා කරන්නේ නොකර බැරි නිසාම නොව එය සංස්කෘතික සහ ජීවන පුරුද්දක් නිසා ය. 
 
 
පාලකයින් කියන්නේ මේ සංස්කෘතික සහ ජීවන පුරුද්දෙන් ගොවියා ට ඉල්ලා අස්වෙන්න කියා ද? පාලක සහ නිලධාරී සංස්කෘතියක් ආවේශ කරගත් අය කෙලින් නොකීවාට ඔවුන්ගේ යෝජනාව සහ උපක්‍රමය ඒක ය.
 
 
වී ගොවිතැනේ අනෙක් අර්බුදය විකුණන්නට වී නැති ගොවීන්ගේ ප්‍රශ්නය ය. සුළු පරිමාණ වී ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න වනුයේ ජල හිගය සහ ජල සම්පාදනයට අදාළ සුළු වාරිමාර්ග නිසි ලෙස ප්‍රතිසංස්කරණය හෝ නඩත්තු නො කිරීම ය. 
 
වරක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහලම නිලධාරියෙකු මා සමඟ කීවේ අත්හැර දමන ලද හෝ නොතකා හරින ලද කොලනි/ජනපද ලංකාවේ තිබෙන බවය. මගේ ගම වන බදුළුඔය ජනපදය එවැන්නකට ඔහු ගත් උදාහරණයක් ය. 
 
අලෙවි කරන්නට වී ඇති ගොවීන්ගේ ප්‍රශ්නය මිස විකුණන්නට වී නැති එවැනි සුළු පරිමාණ ගොවි ජනපද ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවීම වී ගොවි අර්බුදයේ තවත් භයානක පැත්තක් ය.
 
එවැනි අර්බුද බොහෝ ඇතත් ලිපිය දිගුවන නිසා සමස්ථ කෘෂිකාර්මික අර්බුදය ප්‍රකාශයට පත්වන තවත් එක කරුණක් ගැන පමණක් අවධානය යොමු කරමි. ඒ අලෙවි අර්බුදය ය. ඒ අර්බුදය තුළ නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අනතුරේ ය. 
 
  
නිෂ්පාදනය වෙළඳපොළට එන විට ඊට ඉතා අඩු මිළක් හෝ නො මිළක් තීරණය වෙද්දී ගොවීන් තම නිෂ්පාදන වීසි කරද්දී සිල්ලර වෙළඳ පොළේ කිලෝව රුපියල් දෙසීය තුන්සීය ගණන් වලට විකුනන සහ ඒවා අධික මිලට පාරිභෝගිකයාට මිල දී ගැනීමට සිදුවන අර්බුදය මෙනෙහි කරමු. 
 
 
මෙය වනාහි රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අර්බුදයකි. වඩාත් කෙටියෙන් නම් රාජ්‍ය අර්බුදයකි. මේ අර්බුදය විසඳිය නොහැකි දෙයක් නොවේ. ඊට අවශ්‍ය වන්නේ වැඩි දෙනාගේ වැඩිම යහපත සහ සතුට සැලසීමට ඇපවෙන කැපවෙන හෘදසාක්ෂියකින් කටයුතු කරන අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන ය. 
 
ජනයා සහ ඔවුන්ගේ ප්‍රශ්න සමඟ ගැවසෙන, ඒ මගින් විසඳුම් සඳහා යොමුවන නියෝජිතයින් සහ නිලධාරීන් ය. දැනට එපමණකි. 
 
 
අනේ අපි කවදාක හිනැහෙමු ද ඒ රටේ.
 
 
 
70093406 2446973602060069 5793062785176829952 n(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
Department of political science & public policy,
University of Colombo.
 
 
 
(24.9.2021/කිවි දා දැක්ම/ලංකාදීප)
 
 
 

 
THE LEADER TV 
 
අං පාරේ දෙයියංගේ ජාතික ආරක්‍ෂාව ? 
 
 
රොකට් චිචීගේ පුසී හොයමු!
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...